හිමි අහිමි – 31 කොට​ස

“කොහොමවුණත් ඔයා ඒ අම්මටත් වෛර කරන්න එපා පුතා. එයා බැලුවේ එයාගෙ දරුවගෙ අනාගතේ ශක්තිමත් කරගන්න. කොල්ල ඔයා වගේ ඉගෙනගන්නවත් දක්ෂ නෑනෙ. කොයි අම්මත් ඔහොම තමයි. අනෝජා හිටියනම් කොයිතරම් කැපවෙයිද ඔයා වෙනුවෙන්” එහෙම කියලා ලොකු සුසුමල් හෙලපු සුරවීර ඈත බලාගෙන ටික වෙලාවක් කල්පනා කලා. 

“අනෝජා හරි හොඳ ගැහැණු කෙනෙක් පුතා. ඉස්සර අපි ආපු ගියපු ට්‍රිප් වල පින්තූර ඇති මගේ ළඟ. ජයේගෙ පරණ ඇල්බම් ටිකත් මෙහෙ. ඔයාට කවදහරි මේ දේවල් කියනකං ඔයා ඒව දකිනවට එයා බයවුණා. අපි හෙමිහිට බලමු ඒවා. කාල බීල එහෙම හවසට නේද යන්නෙ?” සුරේ ඒ ප්‍රශ්නය කෙලින්ම ඇහුවේ නිතාරගේ තාත්තගෙන්. 

“පුතාගෙ කැමැත්තක්. අපිනම් ගෙදරට කියලම ආවෙ හවස්වෙයි කියල” විජේ විමංග දිහා බලාගෙන කිව්වා. 

කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී අරමුණක් නැති තැනකට ඇස් යොමුකරගෙන හිටපු විමංග දෙතුන් දෙනාගෙන මුහුණු දිහා බලලා හිනාවකින්ම පිළිතුරු දුන්නා. 

“කමක් නැහැ අන්කල්. මට ගැටළුවක් නැහැ වෙලාව” ඔහුගේ හඬේ තවමත් තිබුණේ අසරණ බවක්.

“අන්කල්” විමංග ඒ කතා කලේ සුරවීරට

“මගේ අප්පච්චි දුකෙන්ද ජීවත් වුණේ?”

සුරවීර පිළිතුරු දෙන්න කලින්ම මහ සද්දෙන් හිනාවුණා

“අනේ නැහැ පුතා. මිනිහට දුකක් නොතිබ්බා නෙමෙයි. ඒ අනෝජා ගැන. ජයේ මැරෙනකම්ම අනෝජා වෙනුවෙන් පින් දහම් කලා. ඒත් එයා එයාගෙ මැරේජ් ලයිෆ් එක ඇතුලේ තව අනෝජා කෙනෙක් බලාපොරොත්තු නොවුණ නිසා එයා සතුටින් හිටියෙ නැහැ කියන්න බැහැ. ජයේ සතුටු වුණේ ඔයා ලොකු වෙන හැටි බලලා.”කොල්ලටත් තියෙන්නෙ අනෝජට වගේම උණුවෙන හිතක්”, “කොල්ලගෙ ඇස්දෙක අනෝජ වගේමයි සුරේ” වගේ කතා නිතර මාත් එක්ක කිව්වා. ජයේ ඔයාගෙ මල්ලිටත් ආදරේ නොකලා කියන්න බැහැ. යුතුකම් හැමදේම ඒ විදිහටම කලා. ඒත් එයාලට ඒ මදිවුණා. ඔයාට තරම්ම එයාගෙ පුතාටත් දෙන්න ඕන කියල අම්මට හිතෙන්න ඇති.”

“ඒ ඇරුණම හොඳ මැරේජ් ලයිෆ් එකක් නැහැ කියලනම් ජයේට දුකක් තිබුණෙ නෑ පුතා. එයාට සතුටු වෙන්න කොයි තරම් හේතු තිබුණද? මිනිහ මේ රටේ අංක එකේ බිස්නස් මන් කෙනෙක්. ඔයා හොඳ දක්ෂ, ගුණ යහපත් දරුවෙක්” 

හුඟ වෙලාවකට පස්සේ විමංගගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා හැමෝම දැක්කා. ඇත්තටම විමංග ඒ කතාවෙන් පස්සෙ හිටියෙ සතුටින්. කවදාවත්ම නොදැකපු අම්මා ගැන දුකක් දැනුනත් ඊට වඩා අප්පච්චි දුකින් හිටියාදෝ කියන කාරණාව විමංගගෙ හිතට වදදෙමින් තිබුණා. 

“දැන් අපි අළුත් කතාවට යමු පුතා. ඉතින් පරණ විස්තරේ පැහැදිලිනෙ. ජයේට එයාගෙ බිස්නස් ගැන තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඔයාව ඒවට සම්බන්ධ කරගන්න එක. ඒකමයි එයා ඔයාගෙ ඩිග්‍රි එක ඉක්මන් කෙරෙව්වෙත්. මල්ලිට දෙන්න ඕන ප්‍රොපටීස් ඔක්කොම ජයේ කලින්ම වෙන්කලා. ඔය ඉන්න ගේ අයිති එයාලට පුතා. ඒකයි ජයේ ඔයාට කලින්ම අපාර්ට්මන්ට් එක අරන් දැම්මෙ. තව කොළඹ ඉඩම්, ගෙවල් කීපයක් අම්මටයි, මල්ලිටයි තියෙනවා. හැබැයි බිස්නස් එක, ඒකට අයිති ප්‍රොපටීස් ඔක්කොම ජයේගෙන් පස්සෙ ඔයාට ලැබෙන විදිහටයි ඔක්කොම වැඩ කෙරිලා තියෙන්නෙ. ඒක ඔයාගෙ අම්ම තාම දන්නෙ නැහැ. ඔය විස්තර දැනගන්න තමයි මගේ පණිවිඩයට එයාල කතා කරන්න ට්‍රයි කලේ.”

“ජයේගෙ ලෝයර් දිනයක් ඉල්ලනවා ලාස්ට් විල් එක කියවන්න. ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැති නිසයි මම කල් ඉල්ලුවෙ. දැන් අපිට පුළුවන් දවසක් දාගෙන මේ වැඩේ ඉවර කරන්න. මේක දැනගත්තට පස්සෙ අම්ම නිකං ඉදීම කියල හිතන්නත් බැහැ පුතා. එයාට ලොකුවට කන්ටැක්ට්ස් නැහැ. ඒත් මේක හරවන්න ට්‍රයි කරයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඔයාට කරදර වගේ දැනෙනවනම් ඔයාට පුළුවන් ටික කාලයක් පුංචි ළඟට ගිහිල්ල ඉන්න. මේ දරුවගෙ අකමැත්තකුත් නැත්තම්” සුරේ අවසාන කොටස කිව්වෙ නිතාර දිහා බලමින්. නිතාරා ලැජ්ජාවෙන් බිම බලාගන්නවත් එක්කම නිතාරගේ තාත්ත හයියෙන් හිනාවුණා.

“හරි. බලමු අන්කල්. මට පුංචි එක්ක කතා කරන්න බැරිද?” විමංග පැනයක් මතුකලා.

“අපෝ පුළුවන් පුතා. එයත් හරි ආසාවෙන් ඉන්නෙ. දැන් එහෙට හවස. අපි කාල බීල කෝල් කරන වෙලාවට එයාල ගෙදර ඉන්න වෙලාව. හවසට ගමු”

“තව දෙයක් පුතා” සුරවීර නැවත බැරෑරුම් හඬකින් කතාකලා.

“ජයේ ඒ කාලෙම පුතාගෙ පුංචි නමට මේ කුරුණාගල ඉඩම් කිහිපයක්ම ලිව්වා. හැබැයි එයා රට ගිය අළුත ඒ ඔක්කොම ආයෙ පුතාගෙ නමට හැරෙව්වා. ඒක ජයේ දන්නෙත් නැහැ. ඒ ඩීඩ්ස් ඔක්කොම මගේ ළඟ තියෙන්නෙ. ඔන්න ඒකත් මතක්වුණ වෙලාවෙ කිව්ව” 

“අනේ මම කොහොමද අන්කල් ඔච්චර ඉඩම් ගොඩක් බලාගන්නෙ”. විමංග කිව්වෙ ඇත්තටම ප්‍රශ්නාර්ථය පිරුණු මුහුණකින්.

“ඕවගෙ මොනව බලාගන්නද පුතා. ඔය මෙච්චර කලුත් තිබුණෙ. ඔයා බිස්නස් එක බලාගන්නකො. ජයේට ඕනකලේ ඒක. මේ කෙල්ල ආවම ඕව බලාගනී. ඔය ඇඹරි ඇඹරි හිටියය ගෑණු ඕවට දක්ශයි” ඒ කතාවට නිතාර හැර අනික් හැමදෙනාම හිනාවුණා. 

“එහෙනම් තේ එකක් බීල ඉමු නේ? අපි යමුද විජේ එලියට?”

“හරි. යමු” සේවිකාවට අණකරලා රෝද පුටුව තල්ලු කරගෙන එලියට ගිය සුරවීරගේ පිටුපසින් නිතාරගේ තාත්තත් මිදුලට ගියා. 

විසිත්ත කාමරයේ හිටියේ විමංගයි නිතාරයි විතරක් වුණත් දෙන්නා අතර වචනයක්වත් හුවමාරු නොවී තප්පර කිහිපයක්ම ගතවුණා. නිශ්ශබ්දතාවය බිදුණේ සේවිකාවගේ හඬින්. 

“සර් තේ..” 

“ඔහොම තියලා යන්න” ඔළුව උස්සලා සේවිකාව දිහා බැලුවත් පිළිතුරක් නොදුන් විමංග තවමත් ඉන්නේ කල්පනා ලෝකයේ බව තේරුම් ගත්ත නිතාරා කිව්වා.

“විමංග” නිතාරා කතා කලේ විමංගට ලන්වෙමින් ඔහුගේ අතක් උඩ ඇගේ අත තබමින්මයි. තියපු සැණින් ඒ අත තදින් අල්ලා ගත්ත විමංග හැඟීම් විරහිත බැල්මකින් නිතාරා දිහා බැලුවා.

“ඔයා දුකින්ද බබා?” නැවතත් ඇහුවේ නිතාරා..

“නැහැ. ඇත්තටම සතුටින්. ඒත් කියාගන්න නොතේරෙන මොකක්දෝ හිතෙනවා නිතූ”

“හ්ම්ම්.. මේ ඔක්කොම ඔයාගෙ ඔළුවට බර වැඩී. හෙමීට ලෙහාගමු විමංග..”

“ඔයා රට යනවද?” මොහොතක් නිශ්ශබ්දව හිටපු නිතාර ඇගේ හිතට වදදීපු ලොකුම ප්‍රශ්නය විමංගට යොමුකලා. 

ඒ වතාවේ නම් විමංග නිතාරා දිහා බැලුවේ මුහුණේ ලස්සන හිනාවක් එක්ක.

“බයවුණානේ කෙල්ල?” 

“නැහැ.. ඉතින්.. ” නිතාරා පිළිතුර අවසන් කරන්න කලින් විමංග දෑතින්ම නිතාරගේ අත තදින් අල්ල ගත්තා.

“යන්නෙ නෑ බබා.. මොනව උණත් මම මට අයිති දේවල් නැති කරගන්නෙනෑ අනිත් අයට බයේ. අප්පච්චි කරපු ඒ එකම මෝඩ වැඩේ මම කරන්නෙ නෑ. යනවනම් ඔයත් එක්කම තමයි. අපි මේ දේවල් වලට මූණ දෙමු” 

“පහුගිය දවස්වල ආපු ප්‍රශ්නත් එක්ක මට ජීවිතේ මොනදේ අහිමි වුණත් ඔයා ඉන්නවා කියන විශ්වාසය මට තිබුණා නිතූ.. දැන් මේ හැමදේම හම්බුණත් මට හයියට ඉන්නෙ ඔයා තමයි. ඒ නිසා අපි මේවට හෙමීට මූණදෙමු. ලේසි වෙන එකක් නැහැ. ඒත් ඔයා ඉන්නව නේද මාත් එක්ක?”

කම්මුල දිගේ කඳුලු පේලි දෙකක් ගලාගෙන යද්දී නිතූ ලස්සන හිනාවක් මුහුණේ රඳවගෙන විමංගගේ ඇස් දිහා බැලුවා.. 

 

                                                – නිමි –

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

හිමි අහිමි – 9 කොටස

හිමි අහිමි – 10 කොට​ස

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

හිමි අහිමි – 17 කොට​ස

හිමි අහිමි – 18 කොට​ස

හිමි අහිමි – 19 කොට​ස

හිමි අහිමි – 20 කොට​ස

හිමි අහිමි – 21 කොට​ස

හිමි අහිමි – 22 කොට​ස

හිමි අහිමි – 23 කොට​ස

හිමි අහිමි – 24 කොට​ස

හිමි අහිමි – 25 කොට​ස

හිමි අහිමි – 26 කොට​ස

හිමි අහිමි – 27 කොට​ස

හිමි අහිමි – 28 කොට​ස

හිමි අහිමි – 29 කොට​ස

හිමි අහිමි – 30 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *