හිමි අහිමි – 29 කොට​ස

“නොකියම ආවට සමාවෙන්න ඕන ජයන්ත මහත්මයා.. ඔබතුමාගෙ නම කිව්වෙ අපේ දුව” නිතාරගෙ තාත්තා විමංගගේ පිටට තට්ටුවක් දාන ගමන් හිනහවෙමින් එහෙම කිව්වේ ජයන්ත සුරවීර දිහාට හැරිලා.

“නෑ නෑ.. ඒකට කමක් නැහැ. ඉඳගන්න.. මට සුරේ කිව්වම ඇති. ඔබතුමාගෙ නම? සුරේ හිනාවකින්ම පිළිතුරු දීලා තව ප්‍රශ්නයක් යොමුකලා.

“නමනම් සමන්ත.. විජේ කියන්නකො. කිසිම දැනුම් දීමක් නැතුවම ආවෙ මේ විමංග පුතා හින්දමයි සුරේ. දුව මට අද උදේ තමයි කිව්වෙ කොල්ල මෙහෙම ගමනක් තනියම ආපු බව. දුවට විතරක් නෙමෙයි, මගෙත් හිතට හරි නැහැ ඒක මතක් වෙද්දි. ඒ නිසයි කලබලේ ආවෙ. පුතා ලොකේශන් වට්සැප් කරල තිබ්බනෙ උදේ” නිතූගේ තාත්තා කියපු විස්තරයෙන් විමංගගෙ හිතේ තිබුණ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලැබුණා. 

“මට ඇත්තටම සතුටුයි පුතා ගැන එහෙම දුවල පැනල හොයල බලන්න කෙනෙක් ඉන්න එක ගැන. කොල්ල මට කිව්වෙ නම් විජේ මේ සම්බන්දෙට කැමැත්තක් නැහැ කියලයි හැබැයි. නැත්තම් මම මුලදිම කිව්වෙ දුවත් එක්කගෙනම එන්න කියලයි” කුතුහලය පිරුණු මුහුණකින් සුරවීර එහෙම කිව්වේ නිතාරගෙ තාත්තගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන්.

පිළිතුරක් වෙනුවට මුලින්ම ඔහුගෙන් ලැබුණේ ලොකු හිනාවක්. 

“කැමතිනම් නෑ තමයි තාමත්” එහෙම කියලා ඔහු ආයෙමත් හයියෙන් හිනාවුණා.

“මම කිව්ව ඉතින් ඉගෙන ගන්න වැඩ ඉවර කරන්න කියල. කොහොමත් මෙතන ප්‍රශ්න ගොඩක්නෙ. මට දැන දැන මගෙ චූටි කෙල්ලව ප්‍රශ්න ගොඩකට තල්ලු කරන්න බැහැ. අනික මේ දරුවා දැන් රට යන්නත් ඉන්නෙ කිව්වනෙ” 

“නෑ අන්කල්, මේ..” ඒ කතාවට ක්ශණිකව පිළිතුරු දෙන්න විමංග ඉදිරිපත් වුණත් සුරේ එපා කියන සංඥාව අතින් පෙන්වලින් ඔහුව වැලැක්වුවා..

“ඉන්නකො පුතා. ප්‍රශ්න ටිකනම් අද විසඳෙයි විජේ. හැබැයි මට කොල්ලගෙ කැමැත්ත ඕන ඔයාල ඉන්න තැන මේ හැමදේම කියන්න. මොකද පුතා කියන්නෙ?” සුරේ කෙලින්ම ප්‍රශ්නය යොමුකලේ විමංගට.

නිතාරා නිශ්ශබ්දව මේ හැමදේම බලාගෙන හිටියා.

“මට මීට වඩා වෙන නෑයො නෑ අන්කල්” විමංග ඒ කොටස කිව්වේ බිම බලාගෙන.

“හරි. එහෙනම් එච්චරයි. කොහෙන්ද පුතා අපි නතර කලේ?”

“අම්ම මගේ නෙමෙයි කියල අන්කල්” විමංග නැවත කතාව මතක් කලා.

“හරි විජේ, දුව.. ඔයාල ඔක්කොටම දැන් තියෙන්නෙ අහන් ඉන්න. මම කියාගෙන යන්නම්. මේව ජයේ ජීවිත කාලයක් දරුවගෙ සතුට වෙනුවෙන්ම එයාගෙන් හංඟපු දේවල්. හැබැයි දැන් එයාගෙ සතුට වෙනුවෙන්ම මට එයාට කියන්න වෙන දේවල්”

“විමංග දැනගෙන හිටපු ඒ අම්මා ඔයාගෙ නෙමෙයි තමයි පුතේ. හැබැයි අප්පච්චි ඔයාගෙ. ඒ වගේම අප්පච්චිගෙ එකම පුතත් ඔයා. මම මෙහෙම කියද්දි ඔයාට හුඟක් දේවල් ගැන ප්‍රශ්න හිතට එයි. හෙමීට ලෙහාගමු. හරිද?” 

විමංග හිස වනමින් කැමැත්ත ප්‍රකාශ කලා.

“ජයේ මගේ පුංචි කාලෙ ඉඳලම යාළුවා. අපි ඉස්කෝලෙ ගියෙ එකට. කැම්පස් ගියේ එකට. ජයේ කියපු විදිහට මට හමුදා උණ හැදුන නිසා වෙන්වුණා මිසක් අපි දෙන්නා එකටම බිස්නස් කරන්නත් තිබුණා. කොහොමහරි ජයේ කොළබ ජොබ් කරපු කාලෙ වගේම බිස්නස් පටන් ගත්ත මුල්ම කාලෙ වුණත් නිතර ගමේ ආව ගියා. එයාට මෙහේ අපි හැමෝම ඉස්සර ඉඳලම දන්න ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ජයේගෙ ගෙදරින් තදින්ම විරුද්ධ වුණා සම්බන්ධෙට. මොකද අනෝජා ඒ කිව්වෙ විමංග පුතාගෙ අම්මා ගමේ තරමක් දුප්පත් පවුලක කෙනෙක් නිසා”

බිම බලාගෙන කතාවට සවන්දීපු විමංග ඒ කොටස කියපු ගමන් ක්ශණිකව ඔළුව උස්සලා සුරේ දිහා බැලුවා. ඔහු දිගටම කතාකලා.

“දෙන්නා හොරෙන් කොළඹ ගිහින් කසාද බැන්දා. ඊට පස්සෙත් අනෝජා හිටියෙ ගමේ. මොකද ජයේ එතකොටත් නැවතිලා හිටියෙ කොළඹ නෑදෑ ගෙදරක. ඔය අතරේ තමයි අනෝජා ප්‍රෙග්නන්ට් කියල අපි දැනගන්නෙ. එතනින් පස්සේ ජීවිතේ අපි කාට කොහොමවුණත් අනෝජට ලේසි වුණේ නෑ පුතේ. ජයේ හිටියේ දුර. අනෝජගෙ අම්මලානම් මේ හැමදෙයක්ම දැනගෙන හිටියා. මේක තව දුරටත් රහසක් නොවෙද්දී ජයේගෙ මහගෙදරින් අනෝජටයි එයාගෙ පවුලටයි ලොකු පීඩනයක් එල්ලවුණා. කොහොමහරි පුතා ඉපදුනා. කොල්ලා ටිකක් ලොකුවෙද්දි අනෝජා දරාගන්න බැරිම තැන ජීවිතේ දාල යන්න තීරණය කරලා තිබුණා” 

සුරේ කතාව මොහොතකට නතර කරද්දි විමංග වගේම නිතාරත් හිටියේ කදුළු පිරුණු ඇස්වලින්. නිතාරගෙ තාත්තා හිටපු තැනින් නැගිටලා විමංග ළඟින් ඉඳගත්තේ ඔහුගේ පිටට තට්ටුවක් දමමින්. 

“විජේ, මට අහන්න බැරිවුණානෙ. තේ එකක් බීල ඉමුද? නැත්තම් කූල් මොනවහරි? ලලිතා.. ” විජේගෙන් පිළිතුරක් ලැබෙන්න කලින්ම ඔහු සේවිකාවට කතාකලා. 

“නෑ නෑ.. අපි කතාව අහල ඉමු” විජේ අතින් සන් කරමින් කිව්වා. 

“අනෝජා මැරිලා තිබුණෙ ගඟේ පැනලා. පුතාට මේව අහන්න අමාරුබව මම දන්නවා. ඒත් ඔයා හිස්තැන් නැතුව කතාව දැනගන්න ඕන පුතේ. ජයේ මේව ඔයාගෙන් හැංඟුවේ ඔයාගෙම යහපතට. හැබැයි එයාම දවසක මේ දේවල් ඔයාට කියන්න හිතාගෙන හිටියා. ජයේ කලින් ගිය නිසයි මට කියන්න වුණේ” ඔහු ඈත බලාගෙන සුසුමක් හෙලමින් කියලා සුළු මොහොතක් කල්පනාවට වැටුණා.

“අනෝජා මැරුණ එක ජයේ කොහොම දරාගත්තද කියල මට අදටත් හිතාගන්න බැහැ. ඒ තරමටම උන් දෙන්නා ආදරේ කලා. ඔය කතන්දරේ බලන් ඉඳලමද කොහෙද මම ආදර කතන්දර වලට බයවුණේ” එහෙම කියද්දි ඔහුගේ මුහුනේ මතුවුණේ මද සිනහවක්.

“ඌ එදා අඬපු හැටි මට මැරෙනකම්ම අමතක වෙන්නෙ නෑ. ඒ කාලෙ තමා ජයේගෙ බිස්නස් ගොඩයමින් තිබ්බෙ. කොල්ලගෙ වාසනාව කියල ජයේ හරියට සතුටුවුණා. මිනිහා ඉස්සර පුළුවන් හැමවෙලාවෙම ගෙදරට හොරෙන් හැංඟි හැංඟි ගමේ ඇවිල්ලා අනෝජයි පුතයි බලල ගියා. එහෙම ඇවිල්ලා ගිය හුඟක් දවස්වල පහුවදාට මොකෙක්හරි එකෙකුගේ කේලමකට ජයේගෙ අම්මා අනෝජගෙ ගේ ඉස්සරහා කෑගහන්න තියාගත්තා. ඔය ඔක්කොම හේතු බලපාන්න ඇති අනෝජට ඇතියි කියල හිතෙන්න”

හැමෝම අතරේ තිබුණේ ලොකු නිශ්ශබ්දතාවයක්. විමංග හිටියේ දනහිස් උඩ තියාගත්ත අත්දෙකට හිස වාරුකරගෙන. 

“විජේ, තේ එකක් බීල ඉමු. කොල්ල ටිකක් දුව එක්ක කතා කරපුදෙන්. අපි යමුද මිදුලට?” සුරවීර එහෙම යෝජනාවක් කලා.

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

හිමි අහිමි – 9 කොටස

හිමි අහිමි – 10 කොට​ස

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

හිමි අහිමි – 17 කොට​ස

හිමි අහිමි – 18 කොට​ස

හිමි අහිමි – 19 කොට​ස

හිමි අහිමි – 20 කොට​ස

හිමි අහිමි – 21 කොට​ස

හිමි අහිමි – 22 කොට​ස

හිමි අහිමි – 23 කොට​ස

හිමි අහිමි – 24 කොට​ස

හිමි අහිමි – 25 කොට​ස

හිමි අහිමි – 26 කොට​ස

හිමි අහිමි – 27 කොට​ස

හිමි අහිමි – 28 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *