8 කොටස
7 කොටස මෙතනින් කියවන්න
“හෂිනි”
“ඔවු මං”
“මං කිවුවනෙ කතා කරන්නෙපා කියල”
“එහෙම බෑ”
“ඇයි?”
“මෙච්චරකල් එකට ඉඳලා නවත්තලා දාපු එක නෙමෙයි දුක”
“එහෙනං?”
“ඒක මෙහෙම කියන්න බෑ”
“ඇතුළට එන්න”
හෂිනි වාඩි වෙද්දිත් අප්පු දෙහි වීදුරු දෙකක් හදාගෙන ඇවිත් ඉවරයි. අප්පුගෙ මූණෙ පොඩි බේබිගෙ වැඩ ගැන හීනි හිනාවක්. උදේ එක ළමිස්සියෙක්. දවල්ට වෙනිං කෙනෙක්. හවසට තව කෙනෙක් එයිද දන්නෑ. කියල තමයි ඒ හිනාවෙ තිබුනෙ. නදික ඒ දිහා නොබලම හෂිනි දිහා බලං හිටියා.
“ඒ වචන ඇතුළෙ මං කවදාවත් නොහිතපු දෙයක් තිබුනා නදික”
“ඒ මොකද්ද?”
“මං ඇත්තම කියන්නං”
“හා”
“කෙලින්ම කියන්න ඔයා අවුල් ගන්නෑ නේද?”
“නෑ”
“ඒ වචන ඇතුළෙ ඔයා මට ආදරෙයි කියල හිතුන නදික”
“හ්ම්ම්ම්”
“එහෙනං ඒක ඇත්ත. මං මෙච්චරකල් හිතාගෙන හිටියෙ ඔයයි මායි මේ පිස්සුවෙන් දුවන්නෙ ආදරයක් නැති ගමනක් කියල”
“ඔයා මට ආදරේ නැද්ද?”
“ආදරෙයි දෙයියනේ”
“එහෙනං නොකිවුවෙ?”
“ඔයා එහෙම බලාපොරොත්තුවකින් නෙමෙයිනෙ මාත් එක්ක හිටියෙ”
“හ්ම්ම්ම්… හරි මං ආදරෙයි කියල දැනිච්ච එකද අවුල?”
“ඔවු”
“ඇයි?”
“ඇයි කියන්නෙ මනුස්සයො කොහොමද මං ඒක විශ්වාස කරගෙනත් නිදහසේ නිදාගන්නෙ?”
“හ්ම්ම්ම්”
“ඔයා හ්ම්ම්ම් හ්ම්ම්ම් ගගා ඉන්නෙපා. මට උත්තරයක් ඕන”
“මොකද්ද?”
“ඇයි ආදරේ නං මාව අතාරින්නෙ?”
“මං කවදාවත් කසාද බඳින මිනිහෙක් නෙමෙයි. මට ඔයාට ආදරේ හිතුනා. මං ඔයාට ආසාවෙන් නැතුව ආදරෙන් බැඳෙන්න පටන්ගත්තම ගැලවෙන්න බෑ. මං වගේ බඳින්නෙ නැති පිස්සෙක් එක්ක ඉඳලා ඔයා විනාස වෙන්න ඕනෙත් නෑ. ඉතිං මං අයින් වුනා.”
“ඔයාට දුක නැද්ද?”
“දුකයි හොඳටම.”
“මං ගැන?”
“නෑ මං ගැන”
“ඒ ඇයි?”
“ඇයි මමනෙ මම ආදරේ කරන කෙල්ලව අතෑරියෙ. මටනෙ දුක”
“හ්ම්ම්ම්… ඒත් කමක් නෑ. අපි මේ විදියටම ඉමු.”
“බෑ”
“ඇයි?”
“මම තීරණය කරල ඉවරයි.”
“මොකද්ද දැන් තීරණේ?”
“තව මාස දෙකක් යනකං අපි දෙන්න කතා නෑ. ඊටපස්සෙ යාලුවො විදියට විතරක් කතා කරනව. ඔයා කොල්ලෙක් එක්ක යාලුවෙන්න. මං කෙල්ලෙක් එක්ක යාලුවෙන්නං.”
“හ්ම්ම්ම්…”
“දැන් යන්න හෂිනි. මට ඔයා දිහා බලං ඉන්න අමාරුයි.”
“මට ඔයා නැතිවුනාට දුකයි නදික. හැබැයි ඔයා මට ආදරේ නිසා සතුටුයි.”
සොරි! කියල නදික හෂිනිගෙ නළල ඉම්බා. හෂිනිගෙ ඇස්වල කඳුළු තිබ්බෙ නෑ. නදික ගිහින් ෆෝන් ඔන් කළා.
එස්එම්එස් කීපයක්ම තිබුණා. යාලුවො අඩියක් ගහන්න කතා කරලා තිබුණ. ට්‍රිෂ්, ස්ටිල් ෆීලිං යූ කියල එවල තිබුණා. මිස්ඩ් කෝල් ඇලර්ට්ස් ගොඩක් තිබුණා. ඩයලොග් එකෙනුයි මොබිටෙල් එකෙනුයිත් මෙසේජ් ඇවිත් තිබුණා. අශිනිගෙ වැළපිලි ගොන්නක් තිබුණා. ඒවා එකින් එක කියෙවුව. ඒවයෙ අන්තිම සාරාංශය.
හෙටත් ඔෆිස් නාවොත් එයා පර්සනල් ෆයිල් එකෙන් බලලා ගෙදර හොයාගෙන එනවා කියලයි, එයා නදික එක්ක අෆයා එකක් පටන් ගන්න කැමතියි කියලයි, ඒක සීරියස් එකක් කියලා එයාගෙ හිතට දැනෙනව කියලයි.
ඇඳ එහා පැත්තෙ තියෙන ජින් ෂොට් එකෙන් ටිකක් උගුරට හලාගෙන නදික අශිනි මතක් කරගෙන ඇඳේ ඇලවුනා. ඇලවෙලාම අශිනිට කෝල් එකක් ගත්ත.
“දැන්ද මතක් වුනේ?”
“මතක් වුනා නෙමෙයි”
“එහෙනං?”
“ආදරෙයි කියල දැනගත්තම කතා නොකර බැරිවුනා”
“අම්මෝ… පුදුම හොරෙක්”
“මං හොරෙක් තමයි”
“මං නොදන්නවැ”
“කොහෙද ඉන්නෙ?”
“ගෙදර ආපු ගමන් අනේ”
“මොකද්ද ඇඳලා ඉන්නෙ?”
“ඔෆිස් ගිය ඇඳුමමයි. තාම ගැලෙවුවෙ නෑ”
“මං ගලවන්නද?”
“මේ ඩිංගට මෙයා බලන්නකො”
“ළඟ හිටියනං ඔයාට බලාගෙන විතරයි ඉන්න වෙන්නෙ”
“හිටියනං මොකද කරන්නෙ?”
“හිටියනං දැන් මං ඔයාගෙ උඩ ඇඳුමෙ බොත්තං ටික හෙමීට ගලවන ගමන්”
“හිතං ඇති. මං ඔයාට ඒවට ඉඩක් දෙයි කියලද හිතුවෙ?”
“ඔවු ඔයා අත්දෙකෙන් මගේ ඔලුව ඔයාගෙ ඇඟට තද කරගන්න හදනව”
“මල්ලි මොනවද මේ කියවන්නෙ?”
“ඇයි අක්ක ආසා නැද්ද?”
අශිනි ෆෝන් එක කට් කරා. එයා හිතුවෙ එයා කරපු විදියටම නදිකත් දැන් දැන් එයාට කෝල් කරයි කියල. ඒත් නදික ෆෝන් ඕෆ් කරලා යාලුවො එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න ගියා. රෑ ඇවිල්ල බලද්දි ආයෙත් මිස්ඩ් කෝල් ගොඩයි. අශිනි එස්එම්එස් එකකුත් දාලා.
Man gawata awilla thurul wenna
පහුවෙනිදා උදේම වෙරි මතත් තියාගෙනම වුනත් වෙනදටත් කලින් ට්‍රිෂ් දාලා ගිය ලස්සන වස්තුවත් අරගෙන නදික ඔෆිස් ගිහින් ඒක කීබෝඩ් එක උඩින් තියන්න අශිනි එනකං බලාගෙන හිටියා. ඈත අශිනි එද්දිම නදික හිනා වෙලා එයා දිහා බලං හිටියා.
[…] 8 කොටස මෙතනින් කියවන්න […]