ආයෙමත් දවසක – 11 කොටස

10 කොටස මෙතනින් කියවන්න

11 කොටස

අදාළ තැනටම ගිය නදික බෙල් කරපු ගමන් දොර ඇරෙද්දිම කොටියෙක් වගේ අශිනිගෙ ඇඟට පැන්නා. අශිනි නදික දීපු බ්‍රා එකට උඩින් තවත් ඇඳුම් තුනක් ඇඳලා හිටියා. එනිසා ඒ මොහොත තවත් නොඉවසිලිවන්ත වුනා. එක් වචනයක් හුවමාරු නොවී සිද්ධ වෙච්ච පැයකටත් අධික වෙහෙසකාරී ආලිංගනයට පස්සෙ නදිකට කෙලින් වෙන්න බැරි වුනා. අශිනි හෙලවුනේවත් නැහැ. කෝල් කරලා කෑම ඕඩර් කරපු නදික සෝෆා එක උඩ වැතිරිලා හිටපු අශිනි ගාවට ඇදුනා. නදික අශිනිගෙ ඔලුව අතගෑවා. අශිනි මුලින්ම කතා කළේ ඒ වෙලාවෙ.

“ඔයා ඕඩර් කළාට මට දැන් කන්න බෑ.”

“මං කවන්නං”

“හා”

“තාමත් ආදරේද මට?”

“දැන් ආදරේ වැඩියි. මට?”

“ආසාවයි ආදරෙයි පැටලිලා”

“බොරු!”

“ඇයි?”

“කොල්ලො වැඩේ කළාට පස්සෙ ආදරේ කරන්නෙ නෑ”

“මට ආදරේ හිතුනා”

“හ්ම්ම්ම්…”

“මට ආසයි මෙහෙමම ඉන්න”

“මටත්…”

“ආයෙ එන්නද?”

“ඉන්න දැන් කෑම එයි”

“හා!”

“පුදුම හදිස්සියක්නෙ මේ කොල්ලට තියෙන්නෙ”

“හරි… හරි…”

“හවස යද්දි මං මැරිලා ඉඳියි.”

“එහෙනං ඔයා ඕන දේ කරගන්න. මං මොකුත් කරන්නෙ නෑ.”

“අපෝ කේන්තිය”

“එහෙම තමයි”

අශිනි පිටිපස්සෙන් අත්දෙක දාලා නදිකගෙ බෙල්ල බදාගත්තා. නදිකට දැනුනා ලොකු උණුසුමක්. ඒකෙ අනුරාගයට එහා ගිය දේවල් තිබුනා. ආදරයක්, රැකවරණයක්, ඕනම මොහොතක කරදරයක් නොවී ඉන්න පුළුවන් කියලා හැඟෙන ආරක්ෂිත හැඟීමක්. ඒ හැඟීම වහල් වෙන තරං ලස්සන හැඟීමක්. කියාගන්න තේරෙන්නෙ නෑ. හැබැයි නදික ඒක අශිනිට කියන්න ගියේ නෑ. ඒකට හේතු කීපයක්ම තිබුනා.

නදිකට බය හිතුනා මේ හෂිනි නැති වෙච්ච නිසා හිතේ දුකට හිතිච්ච දෙයක් කියලා. ඒ වගේම නදිකට බය හිතුනා නදික පස්සෙ සීරියස් නැතිවෙද්දි අශිනි මේක සීරියස් බවින් අතාරින්නෙ නැතිවේවි කියලා. ඒ වගේම නදිකට බය හිතුනා මේ ලෙංගතුකම නිසා නදික ඔෆිස් එකට හංගන සැබෑ ජීවිතය උඩ ඒවි කියලා. කන්න බෑ කියලා හිතුවත් දෙන්නම හිතත් බඩත් පිරෙන්න කෑවා. හොඳ නින්දකට පස්සෙ ගත්තු දිග ෂවර් එක නිසා ආයෙත් පෙරේත වෙච්ච ඇඟවල් දෙක අනවරත​ව සිවුවෙනි වතාවටත් යහන්ගත වුනාට පස්සෙ වෙන්වෙන්න හිත හදාගත්තා. නදික ගෙදර ආවෙ සුන්දර මතකයන් එක්ක වුනත් දැඩි අපහසුවකින්. මුළු ඇඟ පුරාම තිබුණු සීරුම් පහරවල් ඒ මොහොත තවතවත් උද්වේගකර කළාට මේ වෙද්දි රිදෙන්න අරගෙන තිබුනා. නදිකට හෂිනිව මතක් වුනේවත් නැහැ. හෙට වැඩට යන්නෙ නෑ කියල ඒ මොහොතෙම හිතාගත්තත්, අශිනි ගන්න තීරණය අනුව ඒක සලකා බලන්න නදික තීරණය කළා. නැත්තං මේක කටකතාවක් විදියට හරි ඔෆිස් එක පුරා පැතිරෙන්න ඉඩ තියෙන විත්තිය නදිකට ඉවෙන් වගේ දැනුනා.

තාමත් මගේ ඇඟ ඇතුළෙ ඔයා ඉන්නව වගේ…

මේ අශිනිගෙ ස්ටේටස් එකක්. ඒක දැකලා නදික අශිනිට එස්එම්එස් එකක් ටයිප් කළා.

Heta yanawada?

Ba patiyo

Mama yanawa

Amaru nadda?

Amarui

Hmmm…

ඒ ගමන්ම නදික හෂිනිගෙ මොබයිල් එකටත් තනි වචනෙක එස්එම්එස් එකක් තිබ්බා.

Sorry

“ඒ මොහොතෙම නදිකට හෂිනිගෙන් කෝල් එකක් ආවා. “

“ඔයා තාමත් මං ගැන හිතනවද?”

“ඔවු”

“මං හිතුවෙ නෑ”

“ඇයි?”

“ඒ ඔයාගෙ හැටි නෙමෙයිනෙ”

“අනිත් අයට එහෙම නෙමෙයි වුනාට ඔයාට එහෙම තමයි”

“හ්ම්ම්ම්… දැන් තේරෙනවද?”

“මොකද්ද?”

“ඔයා කියපු දේ වැරදියි කියල”

“ඔවු. ඒකයි සොරි කිවුවෙ”

“මං දැන් එනව ඔයාව බලන්න ගෙදර”

“ඇයි? “

“ඔයා ඔච්චරටම මං ගාව කවදාවත් අසරණ වෙලා නෑ”

“ඉතිං?”

“මට දුකයි ඔයා ගැන”

“දැන් එන්න එපා!”

“නෑ මං එනව!”

හෂිනි ​කෝල් එක කට් කරා. නදික හෂිනිට එන්න එපා කිවුවෙ එයා ගැන දුක හිතිලා නෙමෙයි. හෂිනි දැන් ආවොත් මේ නියපොතු පාරවල් ටික දැක්ක ගමන් සිද්ධ වෙලා තියෙන සෙල්ලම දැනගන්නවා. නදික බොරුවක් ප්ලෑන් කළා. අප්පුට කිවුව නදිකට උණ අරගෙන විත්තිය. කවදාවත් නැතුව මුළු ඇඟම වැහෙන්න දිග පජාමා සූට් එක ඇන්ද නදික ඇඳේ වැටිලා ඉහේ ඉඳන් පෙරවගෙන හිටියා. දැන් හෂිනි ආවත් කමක් නෑ. ඒ ගමන්ම නදික අශිනිට කෝල් එකක් දුන්නා.

“අක්කා පොඩි අවුලක්”

“ඒ මොකද්ද පැටියො”

“මමයි ඔයයි අපාට්මන්ට් එකෙන් එලියට එනව නැන්දගෙ දුව දැකලා”

“නෑ”

“නෑ නෙමෙයි ඔවු”

“දැන් මොකද කරන්නෙ?”

“මට කෝල් කරලා ඔයා ගැන ඇහුවා.”

“ඉතිං”

“වැඩිමල් කෙල්ලෙක් එක්ක යාලු වෙලා කියල මට බැන්නා”

“අනේ…”

“දැන් එයා මෙහෙ එනවලු”

“එතකොට?”

“දන්නෙ නෑ මොනව වෙයිද කියල. ඔයා කෝල් කරන්නෙපා හෙට උදේ වෙනකං.”

“හරි”

“මං හෙට ඔෆිස් ගිහින් ගන්නං”

“උනේ මොකද්ද කියල රෑටවත් කියනවද?”

“හොරෙන් ටෙක්ස්ට් එකක් දාන්නං”

“හරි”

ගේට්ටුවෙ ස්පීකර් එක, අප්පු ඉස්සරහ දොර අරින සද්දෙ, කතා කරන ගැහැණු කටහඬ එක්ක කාමරේ පැත්තට ඇවිදගෙන එන සද්දෙ එද්දිම නදික ලයිට් නිවලා, පොරෝනාවකින් ඔලුවේ ඉඳන් වහගෙන ඇස් පියාගත්තා.

“නදික…”

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *