එදිනෙදා උයන පිහන වැඩ වලට අපි පොල්කිරි ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් මේ පොල්කිරි වලින් අපි අතුරුපස හෝ රසකැවිලි හදන්නෙ ගොඩක් අඩුවෙන්නෙ.. ඉතින් ඔන්න අද අපි කියලා දෙන්න යන්නෙ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පොල්කිරි දාලා කොහොමද රස ඩෙසර්ට් ටිකක් හදාගන්නෙ කියලා. මේ කාලේ ෆ්‍රෙශ් මිල්ක් උනත් හරිම ගනන් නේ.. ඉතින් ස්වභාවික පොල්කිරි වලින් මෙන්න මේ විදියට හදලා බලන්න කොහොමද කියලා..
01. Chocolate Mousse
අවශ්‍ය ද්‍රව්‍ය:-
මිටිකිරි කෝප්ප 1/4
කොකෝවා පව්ඩර් මේසහැඳි 2
පෙති කපාගත් කෙසෙල් ගෙඩි 3
මෙල්ට් කරගත් ඩාක් චොක්ලට් මේසහැඳි 2
- මිටිකිරි වලට කොකෝවා පව්ඩර් දාලා හොඳට විස්ක් කරගන්න.
- කිරි මදිනම් තව ටිකක් දාගන්න.
- තික් වෙනකල් විස්ක් කරගන්න.
- මේකට ඩාක් චොක්ලට් ටිකත් දාලා හොඳට විස්ක් කරගන්න.
- විස්ක් එකක් නැතිනම් බීට් කරගන්න.
- කෙසෙල් වලින් බාගයක් හොඳට මෑශ් කරගන්න.
- දැන් ඩෙසර්ට් ග්ලාස් එකක් අරන් මූස් වලින් ටිකක් දාලා ඊලඟට මෑශ් කරගත් කෙසෙල් ලේයර් එකක් දාලා ආයෙ මූස් ටිකක් දාගන්න.
- උඩින් පෙති කපාගත් කෙසෙල් ටිකක් අතුරගන්න.
02. Coconut Bread Pudding
අවශ්‍ය ද්‍රව්‍ය:-
මිටිකිරි කෝප්ප 2
සීනි මේසහැඳි 3
බටර් මේසහැඳි 2
බිත්තර 4
කුරුඳු කුඩු ස්වල්පයක්
වැනිලා ස්වල්පයක්
ලුණු පින්චක්
කපාගත් පොල් කෝප්ප 1/2
ගාගත් පොල් කෝප්ප 1/2
කෑලි කපාගත් පාන් කෝප්ප 1
- බෝල් එකකට සීනි, බිත්තර හා මිටිකිරි දාලා විස්ක් කරගන්න.
- මේකට ලුණු, කුරුඳුකුඩු හා වැනිලා ටිකත් දාගන්න.
- ගාගත් පොල් හාපොල් කෑලි දාලා හොඳට කලවම් කරගන්න.
- දැන් මේකට පාන් කෑලි දාලා හොඳට කෝට් කරගන්න.
- බටර් ගාගත් ට්‍රේ එකකට මේ ටික දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 20-25ක් බේක් කරගන්න.
- උඩින් ගාගත් පොල් ටිකක් ඉහලා කෑමට ගන්න.
03. Ice-cream
අවශ්‍ය ද්‍රව්‍ය:-
මිටිකිරි කෝප්ප 1
සීනි මේසහැඳි 3
- මිටිකිරි වලට සීනි දාලා විස්ක් කරගන්න.
- කැමතිනම් බීට් කරගන්නත් පුලුවන්.
- මේකට පුලුවන් තරම් උකු කිරි ගන්න.
- දැන් මේක ටිකක් තික් උනාම ප්ලාස්ටික් කන්ටේනර් එකකට දාලා පැය 2ක් ෆ්‍රීස් කරගන්න.
- ආයෙ මේක විනාඩි 5ක් බීට් කරගන්න.
- දැන් මේක ආයෙ පැය 6ක් ෆ්‍රීස් කරගන්න.
- රස අයිස්ක්‍රීම් එකක් ලේසියෙන් හදලා කන්න පුලුවන්.
04. Caramel Pudding
අවශ්‍ය ද්‍රව්‍ය:-
කැරමල් එකට:-
සීනි මේසහැඳි 3
වතුර මේසහැඳි 1
පුඩින් එකට:-
උකු පොල්කිරි කෝප්ප 1
කෝන්ෆ්ලා මේසහැඳි 2
වැනිලා ස්වල්පයක්
සීනි මේසහැඳි 2
- පෑන් එකකට සීනි හා වතුර දාලා ලිපේ තියන්න.
- රන්වන්පාට වෙනකොට හැඳිගාලා වතුර මදි වගේනම් තව ටිකක් දාලා කැරමල් එක හදාගන්න.
- දැන් මේක පුඩින් හදන බෝල් එකට දාගන්න.
- කෝන්ෆ්ලා වලට වතුර ටිකක් දාලා දියකරගන්න.
- පොල්කිරි ටික පෑන් එකකට දාගන්න.
- මේකට වැනිලා හා කෝන්ෆ්ලා මිශ්‍රණය එක්ක සීනි දාලා ලිපේ තියන්න.
- හොඳට හැඳිගාන්න.
- මිශ්‍රණය ටික් ටික තික් වෙයි.
- අඩිය අල්ලන්න නොදී දිගටම හැඳිගාන්න.
- බුබුළු දානකොට ලිප නිවාගන්න.
- දැන් මේක පුඩින් බෝල් එකට දාලා ෆොයිල් එකකින් වහලා.
- විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න.
- කූරක් ගහලා ස්ටීම් වෙලා ඇතිනම් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකට දාගන්න.
05. Coconut Milk Cake
අවශ්‍ය ද්‍රව්‍ය:-
මිටිකිරි කෝප්ප 1/2
බිත්තර 3
වැනිලා ස්වල්පයක්
සීනි ග්‍රෑම් 100
එළවළු තෙල් කෝප්ප 1/4
කේක් පිටි කෝප්ප 1
බේකින් පව්ඩර් තේහැඳි 1
පොල්පිටි කෝප්ප 1/4
ගාගත් පොල් කෝප්ප 1
- බෝල් එකකට බිත්තර ටික දාලා හොඳට බීට් කරගන්න.
- මේකට වැනිලා ටිකත් එකතු කරන්න.
- ඊලඟට සීනි ටික ටික දාලා හොඳට බීට් කරගන්න.
- දැන් තෙල් හා මිටිකිරි ටික දාගන්න.
- හොඳට බීට් කරගන්න.
- කේක්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලලා මේකට එකතු කරන්න.
- ස්පැචූලා එකෙන් හොඳට කලවම් කරගන්න.
- ඊලඟට මේකට පොල්පිටි ටික දාලා කලවම් කරගන්න.
- බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාලා බැටර් එක දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් බේක් කරගන්න.
- ගාගත් පොල් ටික පෑන් එකකට දාලා රන්වන්පාට වෙනකල් රෝස්ට් කරගන්න.
- මේක කේක් එකට උඩින් ඉසගන්න.
06. Coconut Sago Pudding
අවශ්‍ය ද්‍රව්‍ය :-
උකු පොල්කිරි කෝප්ප 2
සෝදාගත් පෙඟෙන්න තැබූ සව් කෝප්ප 1/4
සීනි කෝප්ප 1/4
කපාගත් හකුරු කෑලි 3-4
කජු ස්වල්පයක්
මුද්දරස්පලම් ස්වල්පයක්
ඩෙසිකේටඩ් කොකනට් ස්වල්පයක්
- පොල්කිරි ටික ලිපේ තියලා නටනකොට සව් ටික දාගන්න.
- දැන් අඩිය අල්ලන්න නොදී දිගටම හැඳිගාන්න.
- මේකට සීනි ටිකත් දාලා හොඳට හැඳිගාන්න.
- සීනි දියවෙනකොට හකුරු, මුද්දරස්පලම් වලින් කොටසක් හා කජු ටිකක් දාගන්න.
- මිශ්‍රණය බුබුළු දානකොට ලිපෙන් බාගන්න.
- ඩෙසර්ට් කප්ස් වලට දාලා උඩින් කජු හා මුද්දරස්පලම් ටිකක් දාලා ඩෙසිකේටඩ් කොකනට් ඉසගන්න.
07. Coconut Pudding
අවශ්‍ය ද්‍රව්‍ය:-
උකු පොල්කිරි කෝප්ප 2
කෝන්ෆ්ලා කෝප්ප 1/4
සීනි කෝප්ප 1/2
- පොල්කිරි වලින් කාලක් වෙන් කරලා ඒකට කෝන්ෆ්ලා දාලා දියකරන්න.
- ඉතුරු කිරි ටික පෑන් එකට දාලා සීනි දාලා ලිපේ තියන්න.
- මදගින්නෙ හැඳිගාන්න.
- කිරි ටික නටනකොට ගින්දර අඩු කරගන්න.
- දැන් මේකට කෝන්ෆ්ලා මික්ස් එක දාලා හොඳට හැඳිගාන්න.
- හොඳට තික් උනාම ලිපෙන් බාලා බටර් ගාගත් මෝල්ඩ් එකකට දාගන්න.
- නිවෙන්න තියලා පැය 2-3ක් ෆ්‍රිජ් එකේ තියලාකෑමට ගන්න.
* විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම රෙසිපි එකකටම පොල්කිරි ගන්නකොට හොඳට උකු පොල්කිරි ගන්න ඕනේ.නැතිනම් අපි හදන කෑම හරියට එන්නෙ නැතිවෙයි.
Leave a Reply