කාම සූත්‍රය සිංහලෙන් – හතළිස් පස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 31 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 32 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 33 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 34 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 35 කොටස

කාස සූත්‍රය සිංහලෙන් 36 කොට​ස

කා​ම සූත්‍රය සිංහලෙන් 37 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 38 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 39 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 40 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 41 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 42 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 43 ​කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 44 ​කොට​ස

 

හරි එහෙමනම් අපි අද ගිය සති​යේ නවත්තපු සපත්නීෂු ජේෂ්ඨාධිවෘත්ත ප්‍රකරණයේ ඉතිරි කොටස කියවන්න පටන් ගමු!

මීළඟට වත්ස්‍යා​යන පඬිතුමා කියන්නේ බහු භාර්යාවන් සිටින සැමියකු සමග ලිංගිකව එක්වීමේ දී භාර්යාවක් සැලකිය යුතු කරුණු පිළිබඳව. එම කාලය තුළදී සැමියාව උපරිමයෙන් තෘප්තියට පත් කිරීමටත් ඔහුට උපස්ථාන කිරීමටත් වග බලා ගත යුතු වෙනවා. එසේම මේ කාලය තුළදී අනෙකුත් බිරින්දෑවරුන්ගෙන් තමන්ට සිදුවන කරදර පීඩා ආදිය පිළිබඳව සැමියාට දැන්වීමෙන් වැළකිය යුතුයි. නමුත් සැමියා මුසපත් කර ගැනීමෙන් අනතුරුව ඔහු ලවා අනෙකුත් භාර්යාවන්ට වඩා විශේෂ සැ​ළකිලි සහ අමතර දේවල් ලබා ගැනීමට ඔහුව පො​ළඹවා ගත යුතු වෙනවා.

නමුත් කිසිම අවස්ථාවක තමන් ලබන මේ වැඩි සැ​ළකිලි පිළිබඳව අනෙකුත් භාර්යාවන්ට දැන්වීමෙන් වැළකිය යුතුයි. විශේෂයෙන්ම පුරසාරම් විදිහට හෝ එසේත් නැතිනම් කෝපයට පත් වුණු අවස්ථාවක් හෝ ඒ පිළිබඳ ව පැවසීමට ක්‍රියා නොකළ යුත්තේ එමඟින් එම රහස් හෙළි වී සැමියාගේ කෝපයට සහ පිළිකුළට ඇයව භාජනය විය හැකි නිසායි.

එසේම ප්‍රධාන භාර්යාවගෙන් පරිස්සම් විය යුතු නිසා මේ ආකාරයෙන් වැඩි සැ​ළකිලි ඉල්ලීමේදී අතිශයින් පරෙස්සම් විය යුතු බව ගෝණාර්දීය පඬිතුමාද පවසා තිබෙනවා.

යම් හෙයකින්  ප්‍රධාන භාර්යාව දරුවන් නොලබන තැනැත්තියක් නම් ඇය කෙරෙහි දයාව දැක්විය යුතු අතර සැමියාවද ඇය කෙරෙහි කරුණාවෙන් සැලකීමට උනන්දු කළ යුතු වෙනවා. එසේම එවැනි අවස්ථාවක දී දෙවැනි බිරියට ඒක චාරණී වෘත්ත ප්‍රකරණයේ සඳහන් කළ ආකාරයෙන් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.

යම් කිසි වැන්දඹුවක් තවත් පුද්ගලයෙකු සමග විවාහ වෙයි නම් ඇයව පුනර්භූ ලෙස හැඳින්වෙන බව කාම සූත්‍රය සඳහන් කරනවා

මෙවැනි පුනර්භූ තැනැත්තියක් සිය සැමියාට දෙවියකු ලෙස සලකන අතර ඔවුන්​ට ලැබෙන ධනය නිසි ආකාරයෙන් කළමනාකරණය කරනු ලබනවා. එසේම බොහෝ විට එවැනි තැනැත්තියන් තමන්ට ලැබුණු ධනයෙන් තම වැඩ කටයුතු සිදු කර ගන්නවා.

නමුත් යම් කිසි ස්ත්‍රියක් විවාහ වී සිටින තම සැමියා හැර දමා තවත් අයෙක් වෙත යයි නම් ඇය ගුණ හීන කාන්තාවක් බවත්, ඒ ආකාරයෙන්ම ඇය තවත් තැනැත්තෙක් වෙත යෑමට වැඩි ඉඩ කඩක් ඇති බව ගෝනාර්දීය පඬිතුමා සඳහන් කරනවා. වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ මෙවැනි කාන්තාවන් තමන්ට වැඩි වශයෙන් වාසි සපයන සහ වෙනත් සම්පත් ලබාදෙන පුද්ගලයෙකු වෙත ආකර්ෂණය වන බවයි. නමුත් වත්ස්‍යා​යන පඬිතුමන් නම් කියන්නේ එවැනි තැනැත්තියක් දකින දකින පුද්ගලයා සමග වුවත් යෑමටත් දෙවරක් නොසිතන බවයි.

යම්කිසි ස්ත්‍රියක් තමන් විවාහ වුණු ගෘහය හැර දමා යෑමට සිය කැමැත්තෙන් පෙ​ළඹෙයි නම් සැමියා විසින් ඇයට ලබාදුන් තෑගි බෝග හැර ඇයට උරුම සියල්ල රැගෙන යාමට අවසර දිය යුතු වෙනවා. කෙසේ වෙතත් යම් කිසි ස්ත්‍රියක් ව සැමියා විසින් පන්නා දමනු ලබන්නේ නම් ඔහු සතුව ඇති කිසිදු දෙයක් ඇයට ලබා දීමෙන් වැළකිය යුතුයි.

ඉන් පසුව යමෙකුගේ බිරිඳක් වී ඔහුගේ නිවසට ගිය පසු එම ගෘහයේ පාලනය තමන්ගේ අතට ගත යුතුයි. එසේම ඔහුගේ පැරණි බිරින්දෑවරුන් සමග යහපත් සබඳතාවයක් පවත්වාගැනීමට වග බලා ගත යුතු වෙනවා. එම නිවසේ සේවක සේවිකාවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම​ද, සැමියාගේ මිත්‍රයින් සමග හොඳ හිත පවත්වා ගැනීමටද උත්සුක විය යුතුයි. එසේම යම් යම් අ​ඬදබර ඇති වන අවස්ථාවේදී පසුනොබා එකට එක කීමටත් නො මැළි විය යුතුයි.

සූසැට කලාවන් පිළිබඳව තමන්ගේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් සැමියාව තමන්ට නතු කර ගැනීමට කටයුතු කළ යුතු අතර සැමියාගේ අනිත් බිරින්දෑවරුන්ට සෑම අවස්ථාවේදීම උදව් කළ යුතු වෙනවා. එසේම එම බිරින්දෑවරුන් ගේ දරුවන්ට ආභරණ කෙළි සෙල්ලම් බඩු ආදිය ලබා දී සතුටු කළ යුතුයි.

පටන් ගනිද්දි කිව්වට මේ ප්‍රකරණය අද කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ලබන සතියටත් අපිට මේ ප්‍රකරණ ඉතිරි කොටස කියවන්න වෙනවා. එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ඕගොල්ලෝ දන්න කියන්න සීක්‍රට් ගෘප්වල ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *