මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
ඔන්න ඉතින් අපි අද කියවන්න යන්නේ කාම සූත්‍රය අලුත්ම ප්‍රකරණයක්. මේ ප්‍රකරණය නම් කරලා තියෙන්නේ “කන්‍යා විඝ්‍රම්භණ” ප්‍රකරණය කියලා. මේ තුළ කතාවෙන දේවල් නම් අද සමාජයට එතරම් ගැළපෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේවා මේ විදිහට කරන්න උත්සාහ කළා කියලත් වැරද්දක් නැහැ කියලයි අපි හිතන්නේ.
වත්ස්‍යායන පඬිතුමා කියන විදිහට විවාහයෙන් පස්සේ තුන් දවසක් යනකල් සංසර්ගයේ යෙදීම කළ යුතු වන්නේ නැහැ. බිම එලන ලද පැදුරක හෝ පලසක නිදා ගත යුතු වෙනවා. කිරි හා ලවණ මුසු ආහාර විදිහට අරගෙන හත් දවසක් වගේ යනකල් නැටුම් වැයුම් ගැයුම් ආදිය සිදුකරමින් කල් ගත කළ යුතු වෙනවා. ඒ වගේම නිවසට පැමිණෙන ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමත් සිදු කළ යුතුයි.
ඔන්න ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නේ, ඒ රාත්‍රීන් තුන ගෙවුණට පස්සේ මනමාලයා කන්‍යාවව පොළඹවගන්න වැඩේ පටන් ගන්නවා. මේ සඳහන කරලා තියෙන්නේ ඉන්දීය සමාජය තුළ එකිනෙකාව නොදන්න දෙන්නෙක්ට විවාහ වෙන්න තිබ්බ අවස්ථාව වැඩි හින්ද වෙන්න පුළුවන්.
හැබැයි බාභ්‍රවීයය පඬිතුමා කියන්නේ සංසර්ගයෙන් තොරව පැත්තකට වෙලා ඉන්න මනමාලයව දකින මනාලිය ඒ කාලය තුළ දුක්වෙනවා වගේම මනමාලයාට හිතින් බණිනවා කියලා.
නමුත් වත්ස්‍යායන පඬිතුමා නම් කියන්නෙ ඒ කොහොම කිව්වත් පළමු දවස් තුනේ දී සංසර්ගයේ යෙදීම කළ යුතු වන්නේ නැහැ කියලා.
ටිකෙන් ටික කතාබහ කරලා විශ්වාසය දිනාගන්න කටයුතු කළත්, ඇයගේ අකැමැත්තට හේතු වන කිසිම දෙයක් නොකළ යුතුයි කියලා වත්ස්‍යායන පඬිතුමා විශේෂයෙන් සඳහන් කරනවා.
බොළඳ තරුණියින් මල් වලට උපමා කරන වත්ස්‍යායන පඬිතුමා ඔවුන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කළ යුතුයි කියලා කියනවා. ඒකට හේතුව විදිහට ඔහු සඳහන් කරන්නේ යම් විදිහකින් එවැනි දේවල් බලහත්කාරයෙන් සිදු වුණොත් ඇය සංසර්ගයට අප්‍රිය කරන තැනැත්තියක් බවට වුණත් පත් වෙන්න පුළුවන් කියලා.
ඒ වගේම අවස්ථානුකූලව කටයුතු කරන්න ඕන කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා. එතනදී ඔහු කියන්නේ ඒ වෙද්දි මනාලියගේ යෙහෙළියන් සිටිනවා නම් ඒ අය සමග සෙල්ලම් කරන අවස්ථාවල දී මනාලිය සමග කුළුපග විය යුතුයි කියලා.
මනාලයාගේ මේ සිප වැළඳ ගැනීම්වලට ඇය දක්වන ප්‍රතිචාර (ඇතැම් විට ඍණාත්මක නම්) ගැන පසුබට නොවී දිගටම උත්සාහ කළ යුතු වෙනවා.
මුල් අවස්ථාවේදී සිප වැළඳ ගැනීම් සහ ස්පර්ශය උඩුකයට පමණක් සීමා කළ යුතු වෙනවා. මනාලිය නොදන්නා තරුණියක් නම් සයනාගාරය අඳුරේ ගිලුන විටදී මේ සියල්ල කළ යුතු වන අතර මනාලිය දන්නා හඳුනන තරුණියක් නම් ආලෝක සහිත අවස්ථාවකදී වුවත් මෙවැනි දෑ කිරීම වරදක් නැහැයි කියලා කියවෙනවා.
යම් කිසි විදිහකින් මනාලිය ආලිංගනයට විරුද්ධත්වය පළ නොකරයි නම් ඒ අවස්ථාවේදී ඇයට බුලත් විටක් පිරිනැමිය යුතු වෙනවා. ඇය එය ප්‍රතික්ෂේප කරයි නම් ඇයව නළවමින්, සිත් සතුටු කරන ආකාරයේ ඉල්ලීම් කරමින් දිගටම උත්සාහ කළ යුතු වෙනවා. දිගින් දිගටම ඇය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඇගේ පාමුල වැතිරී හෝ එය පිළිගන්නා ලෙස ඉල්ලිය යුතු වෙනවා. බොහෝවිට මේ වගේ අවස්ථාවලදී මනාලයාගේ ඉල්ලීම ගැන කනකට නොගන්නා ආකාරයෙන් සිටීම කාන්තා ලෝකයේ ස්වභාවයක් කියලා වත්ස්‍යායන පඬිතුමා කියනවා.
මේ විදිහට ටිකක් වෙලා උත්සාහ කරලා ආපහු බුලත්විට දෙන්න වගේ ගිහිල්ලා ඇගේ මුහුණ සිප ගෙන බැලිය යුතු වෙනවා. ඊට ඇය අකමැත්තක් පළ කරන්නෙ නැත්තම් කතාබහ ආරම්භ කළ යුතු වෙනවා.
මනාලයා ඇසූ ප්‍රශ්නයට මනාලිය යම් විදිහකින් කෙටි පිළිතුරක් ලබා දුන්නේ නම් ඇය කියපු දේ නෑසුණු විලසින් “මොකද්ද කිව්වේ?” කියා නැවතත් ප්‍රශ්න කළ යුතු වෙනවා.
එයටත් පිළිතුරු නොදී ඉන්නවා නම් නැවත නැවතත් ඒ ආකාරයටම ප්‍රශ්න අසමින් ඇය පිළිතුරු දෙන තෙක් ඇය සමඟ කතා කළ යුතු වෙනවා.
ඝෝටමුඛ පඬිතුමා නම් කියන්නේ සියලුම මනාලියෝ මේ ආකාරයට තමන්ගේ මනාලයා කියන දේවල් අහගෙන හිටියට තමන්ගේ අදහස් පළ වෙන ආකාරයේ කිසිම දෙයක් කියන්නේ නැහැයි කියලා.
මේ ආකාරයට ම පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එක දිගට ප්‍රශ්න අසන විට ඇය හිස සෙලවීමෙන් පිළිතුරු දෙන්න පටන් ගන්නවා. ඒත් කේන්තියෙන් ඉන්නවනම් එහෙම වත් පිළිතුරු දෙන්නේ නැහැ
“මට කැමතිද?” කියන ප්‍රශ්නයම මනාලයා විසින් ඇහුවත් මනාලිය දැඩි ලෙස නිහඬව ඉන්නවා කියලයි වත්ස්‍යායන පඬිතුමා කියන්නෙ. නමුත් කිසිම හේතුවක් හින්දා උත්සාහය අත්හරින්න එපා කියලා ඔහු කියනවා
එහෙමනම් ඉතින් වෙනදා වගේම තැන් තැන්වල මේ ආටිකල් එක ගැන කතා කරන්නත් අමතක කරන්න එපා. ලබන සතියේ අපි මේ ප්‍රකරණය කියවලා ඉවර කරමු.
Leave a Reply