කාම සූත්‍රය සිංහලෙන් – 31 වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 29 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 30 කොටස

 

එහෙමනම් ඔන්න ඉතින් අපි අද කාම සූත්‍රයේ අලුත් ප්‍රකරණයක් කියවන්නයි යන්නේ. මේ ප්‍රකරණය වත්ස්‍යායන පඬිතුමා හඳුන්වලා තියෙන්නේ “වරණ විධාන සම්බන්ධ නිශ්චය ප්‍රකරණය” කියලා. මේ ප්‍රකරණය තුළ කතාබහට ලක් වෙන්නේ ගැලපෙන විවාහයක් කර ගන්නේ කොහොමද කියන එක ගැන සහ ඒ සඳහා සුදුසු  කන්‍යාවක් සොයාගන්නේ කොහොමද කියන එක.

වත්ස්‍යායන පඬිතුමා මෙතැනදී මූලිකවම කියන දේ තමයි විවාහය සඳහා තමන්ට සමාන කුලයේ කන්‍යාවක් සොයා ගත යුතුයි කියන එක. ඒ කාලේ දී ඉන්දියාව ඇතුළේ අදටත් වඩා කුල ක්‍රමය බලවත් වෙලා තිබ්බ හින්දා මේ කතාව කිවුවා කියලා අපිට හිතන්න පුළුවන්.

විවාහය සඳහා සුදුසු කන්‍යාවක් සොයද්දී මෙන්න මේ කරුණු ගැන හිතන්න කියලා ඔහු වැඩිදුරටත් උපදෙස් දෙනවා.

  • අවම වශයෙන් තමාට වඩා වසර තුනක් වත් බාල කෙනෙක් විය යුතුයි. 
  • උසස් ගති පැවැතුම් ඇති තැනැත්තියක් විය යුතුයි 
  • ධනවත් තැනැත්තියක් විය යුතුයි. 
  • තමන්ට සම්බන්ධ අයට ආදර ගෞරව දක්වන තැනැත්තියක් විය යුතුයි. 
  • සමාජ සම්බන්ධතා සහිත නෑදෑයින්, මිතුරන් සිටින පවුලක උපත ලැබූ තැනැත්තියක් විය යුතුයි. 
  • පළුදු රහිත දත්, නිය, කණ, කෙස්, ඇස් සහ පියයුරු ඇති තැනැත්තියක් විය යුතුයි. 
  • නිරෝගී තැනැත්තියක් විය යුතුයි.

 

යම් ස්ත්‍රියකට සමාන තත්ත්වයෙන් පසුවන අසල්වාසීන් විසින් ඇයට නින්දා අපහාස කරනවා නම් එවැනි ස්ත්‍රියක් සරණපාවා ගැනීම නොකළ යුතුයි කියලා ඝෝටමුඛ පඬිතුමා සඳහන් කරලා තියෙනවා කියලත් වත්ස්‍යායන කියනවා.

යම් තරුණියක් කෙරෙහි අදහසක් ඇති වුණාම ඒ බව මුලින් තම හිතමිතුරන් ලවා තමන්ගේ දෙමව්පියන්ට කියලා, ඊට පස්සේ ඔවුන් හරහා ඇගේ දෙමව්පියන්ටත් කියලා තමන්ගේ අදහස සපුරාගන්න ඔවුන් උනන්දු කරවා ගත යුතු වෙනවා.

මේ සඳහා යොදාගන්න පිරිස් විසින්, ඒ තරුණිය ප්‍රාර්ථනා කරන තවත් තරුණයෝ ඉන්නවනම් ඒ අයගේ අඩුපාඩු තරුණියගේ දෙමාපියන්ට දැන්විය යුතු වෙනවා. ඒ අවස්ථාවේදී ශාරීරික දුබලතා පවා මතු කර පෙන්වීමේ වරදක් නැහැයි කියලා වත්ස්‍යායන කියනවා. එසේම තම හිතවතාගේ කුලවත් බව, දැන උගත්කම් ආදිය ගැන තරුණියගේ මව සහ පියාගේ හිතේ පැහැදීමක් හටගන්නා ආකාරයට විස්තර කළ  යුතු වෙනවා.

ඒ වගේ ම ලග්න පලාපල, ග්‍රහ යෝග, හස්ත රේඛා ආදියෙන් තම හිතවතාගේ ඉදිරිය තව තවත් සාර්ථක වෙන බව මව්පියන්ට දැනුම් දිය යුතු වෙනවා.

අහවල් අහවල් ප්‍රදේශයේ තරුණියෝ තම හිතවතා ගැන හිතාගෙන ඉන්නවා කියන එකත් ඒ අවස්ථාවේ දී මතු කළ යුතු වෙනවා.

විවාහයට පෙර ජ්‍යොතිෂඥයෙකු ගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා වත්ස්‍යායන සඳහන් කරනවා.

ඝෝටමුඛ පඬිතුමා සඳහන් කරලා තියෙන්නේ, විවාහය කියන්නේ සමාජ සම්බන්ධතාවයක ආරම්භයක් නිසා දෙදෙනාගේ සතුට පමණක් නොව ඔවුන් සම්බන්ධ පවුල් දෙකේ අනුමැතියත් ඒ විවාහය සඳහා ලබා ගත යුතුවෙනවා කියලායි.

ඊළඟට වත්ස්‍යායන පඬිතුමා විස්තර කරන්නේ විවාහ කර ගැනීම සඳහා සුදුසු නොවන ස්ත්‍රීන් පිළිබඳව

යම්කිසි ස්ත්‍රියක් විවාහ කර ගැනීමට නියමිත වුණත් විවාහ කර ගන්නා අවස්ථාවේ දී යම් හෙයකින් ඇය නිදාගෙන ඉන්නව නම්, අඬනවනම්, ගෙයින් බැහැරට යන්න තැත් කරනවා නම් එවැනි ස්ත්‍රියක් සමග විවාහ නොවිය යුතුයි කියලා ඔහු කියනවා. එවැනි විවාහ අඩු ආයුෂ වලින් යුතු විවාහ වෙනවා කියලා ඔහු මතයක් ඉදිරිපත් කරනවා.

මීට අමතර ව මෙවැනි ලක්ෂණ සහිත ස්ත්‍රියක් විවාහය සඳහා සුදුසු නැහැ කියලා ඔහු කියනවා.

  • අශෝභන ගමන් විලාසයක් සහිත තැනැත්තිය. 
  • නිතර නිතර සැඟවී මුළුගැන්වී සිටින තැනැත්තිය. 
  • අන් පුද්ගලයෙකු සමග සමීප සබඳතාවයක් පවත්වා ගෙන තිබූ තැනැත්තිය. 
  • තඹ වන් පැහැති කෙස් සහිත තැනැත්තිය. 
  • සුදු ලප ඇති තැනැත්තිය. 
  • පිරිමියෙකු බඳු දේහ විලාශයක් ඇති තැනැත්තිය. 
  • පිට ඇද තැනැත්තිය. 
  • කෙට්ටු කලවා යුවළක් සහිත තැනැත්තිය. 
  • පමණට වඩා පළල් නාසයක් ඇති තැනැත්තිය. 
  • වෙනත් පුරුෂයන් අතින් දූෂණයට ලක්ව කන්‍යාභාවය නැති කරගත් තැනැත්තිය.
  • ගොළු තැනැත්තිය. 
  • කුඩා කාලයේ පටන් දැන හඳුනාගත් මිතුරියක් වැනි තැනැත්තිය. 
  • පුරුෂයාට වඩා අවුරුදු තුනක් වත් බාල නොවන තැනැත්තිය. 
  • අතුල් පතුල් වලින් නිතර දහඩිය ගලන තැනැත්තිය.

ඒ වගේම වත්ස්‍යායන පඬිතුමා මේ වගේ නම් තියෙන අයත් විවාහය සඳහා නුසුදුසුයි කියලා කියනවා. 

  • නැකත්වල, ගංගාවල, ගස්වල නම් සහිත තැනැත්තිය 
  • නමෙහි අවසන් අකුර ‘ර’ හෝ ‘ල’ වන තැනැත්තිය

එහෙමනම් අපි ලබන සතියේ මේ ප්‍රකරණය කියවල ඉවර කරමු. පුළුවන් අය මේ ආටිකල් එක ශෙයා කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම ප්‍රසිද්ධියේ කරන්න ලැජ්ජයි නම් සීක්‍රට් ගෘප්වල ෂෙයාර් කරාට කිසි අවුලක් නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *