ගාල්ල පැත්තේ බලන්නම ඕනෙ තැන් 7ක්

ගාල්ල කියන්නේ ලංකාවෙ සංචාරකයන් අතර ඉතාම ජනප්‍රිය පුරවරයක්නෙ. ඉතින් අපි හිතුවා ගාලු යන ගමනකදි ගාලු කොටුවට විතරක් සීමා වෙන්නෙ නැතිව ඒ අහල පහල පිහිටලා තියන තවත් තැන් කීපයකත් සංචාරය කරන්න ඔයාලව දැනුවත් කරන්න. බලන්න මේ තැන් වලින් කීයකට ඔයා ගිහින් තියනවද කියලා.

 

1. තල්මස්සු බලන්න යන්න

Image Source – whalewatching.navy.lk

ඒක ඇත්තටම විනෝදජනක ක්‍රියාවක්. මොකද අපි එහෙම කියන්නේ ලංකාව කියන්නෙ මුහුදෙන් වටවුණු දූපතක්නේ. ඉතින් මුහුදු ක්ෂීරපායින් ගොඩක් අපි වටේටම ඉන්නවා. ගාල්ලෙ ගියොත් අනිවා මිරිස්ස බීච් එකෙන් හරි නාවික වරායෙන් නැත්තන් දෙවුන්දර තුඩුවට ගියාම තල්මස්සු බලන්න පුළුවන්. ගාල්ලෙ ගොඩක් හොටෙල්ස් වල නිවාඩු කාලෙට මේ එක්ස්පීරියන්ස් එක ගන්න ගෙස්ට්ස්ලාට අවස්ථාව දීලා තියෙනවා. බෝට්ටුවෙ නැගලා මුහුද මැද්දට ගිහිල්ලා ලාර්ජ් සයිස් තල්මස්සු ටිකකට හායි කියලා එන්න අමතකම කරන්න එපා ගාලු යන අයනම්. ගොඩක්ම තල්මසුන් බලන්න පුළුවන් වෙන්නෙ අප්‍රේල් – නොවැම්බර් අතර කාලෙදි තමයි. වෙනම යන කෙනෙක්ට නම් මේකට රුපියල් 3500-6000ක් අතර මුදලක් වැය කරන්න වෙනවා. ඔන්න අමතක නොකර බයිනොකියුලර් එක ගෙනියන්න. තල්මස්සු වගේම ඔයාලට ඩොල්ෆින්ලා, නිල් තල්මසුන් බලාගන්නත් සමහර විට පුළුවන් වෙනවා. ඒ වගේම මුහුද මැද්දෙ අසනීප වුනොත් ඒවට තියෙන ඖෂධ අරගෙන යන්නත් අමතක කරන්න එපා.

 

2. සිංහරාජ සෆාරි

Image Source – bluelankatours.com

අපේ ලෝක උරුමයක් වන සිංහරාජ අඩවිය බලන්න යන්නත් අමතක කරන්න එපා. මේක ස්වභාවික වනජීවින්ගෙ, කුරුල්ලන්ගෙ පාරාදීසයක් කිව්වොත් නිවැරදියි. සිංහරාජ අඩවියේ ගාල්ල පැත්තට වෙන්න තියෙන කොටසෙ සෆාරි එකක් යන්න ඔයාලටත් පුළුවන් ඔන්න. ගාල්ලෙ ඉඳලා ගාල්ල – දෙණියාය – මාදම්පේ හයිවේ එකේ පැය දෙකක වගේ ගමනකින් සිංහරාජ වනාන්තරේ දකුණු කොටසට ඇතුල් වෙන්න පුළුවන්. උදේ 6.30 ඉඳලා හවස 6 වෙනකල් සෆාරි වලට අවසර දීලා තියෙනවා. ඒ වගේම එක්කෙනෙක්ට රු 600-1160ක වගේ ගාණක් යනවා මේකට. විදේශිකයන් අතර නම් බොහොම ජනප්‍රිය තැනක් තමයි මේ.

 

3. ජන්ගල් බීච්/රූමස්සල

රූමස්සල කියන්නෙ ගාල්ල ප්‍රදේශයේ තියෙන ලස්සනම කැළෑ රොදක් කිව්වොත් නිවැරදියි. ලංකාවෙ තියෙන බොහොමයක් බෙහෙත් ශාක මේ ප්‍රදේශයේ තියෙනවා. රූමස්සල කිව්වම ගොඩක්ම ජනප්‍රිය වෙන්නෙ අර ලස්සනම ලස්සන වෙරළ තීරය. අපි ජන්ගල් බීච් කියලත් කියනවා. ගියාම එන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන මුහුදු තීරයක් තමයි ඒ. ඒකට යන්න ඕනෙ කැළෑ රොද තමයි රූමස්සල කැළේ කියන්නෙ. ඒක මැද්දෙන් බීච් යන ගමන ඇත්තටම හරිම විනෝදජනකයි. යාලුවොත් එක්ක වැල් වල එල්ලීගෙන, ගස් ගල් වලින් පැන පැන තමා යන්න තියෙන්නෙ. ඒ අත්දැකීම ගන්නම් ඉතින් එහෙ යන්නම වෙනවා.

 

4. ගාල්ල ලන්දේසි බලකොටුව/ ප්‍රදීපාගාරය

දහසය වන ශතවර්ෂයේ ලංකාවට පැමිණි පෘතුගීසින් නිර්මාණය කරපු මේ බලකොටුව තව විශාල විදියට සකස් කළේ ලංදේසීන් ඇවිල්ල. ලංකාවෙ ඉතිහාසය ගැන අපූර්ව අර්ථකථනයක් දෙන මේ බලකොටුව නම් ගාල්ලෙ යන ඕන කෙනෙක් නොවරදවාම යන තැනක්. මේකට නොගියොත් අර වෙඩිමක ගිහින් කාලා ආවේ නෑ වගේනෙ නෙහ්. අදටත් එදා වගේම තේජසින් තියෙන මේ බලකොටුවේ යම් යම් පරිපාලන ගොඩනැගිලි අවශේෂ බලාගන්නත් පුළුවන්. පැය 24 පුරාම කිසිම බාධාවකින් තොරව බලන්න පුළුවන් තැනක් වගේම මේ අවට ඇවිදිමින් කාලය ගත කරන්න, අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය ගැන අවබෝධයක් ගන්නත්, ජාතික සමුද්‍ර කෞතුකාගාරය නරඹන්නත් මේ අවටින් පුළුවනි. ඒ වගේම ගාල්ල ලයිට් හවුස් එක නාවිකයන්ට සංඥා ලබාදීමට 1939 විතර ඉදිකරපු ලයිට් හවුස් එක බලන්න යන එකත් ගාලු යන කෙනෙක්ට හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්.

මේක තමා ලංකාවේ පැරණිම ප්‍රදීපාගාරය. නිස්කලංක පරිසරයක ඇවිදින ගමන් ඕන වෙලාවක ලයිට් හවුස් එක බලන්නත් පුළුවන්. ඒකෙ මුදුනටම යන්න බැරි උනත් ඒ අවට ලස්සන මුහුදු තීරය වගේම අලංකාර ගල් වැටිය දිගේ චැට් එකක් දාගෙන යන්න කියාපුම ප්ලේස් එක

 

5. උණවටුන බීච් එක

Image Source – thecommonwanderer.com

විදේශිකයන් මෙන්ම අපේ රටේ අයත් ගොඩක් යන්න ආස කරන තැනක් තමයි මේ. උණවටුන ටවුන් එකේ ඉඳලා විනාඩි 15-20 වගේ ගමනකින් බීච් එකට ලඟා වෙන්න පුළුවන්. එතන්ට ගියාම මේ ලංකාවේ බීච් එකක්ද කියලා හිතාගන්න බැරි තරමෙ ලස්සනක් තමයි දකින්න වෙන්නෙ. වාරකන් නැති කාලෙට සර්ෆින් වලට නියම තැන. ජීවිතාරක්ෂාව සපයන කට්ටියත් රෙඩි වෙලා ඉන්නෙ.

 

6. මාදු ගඟේ බෝට්ටු සවාරි

ඔයාලා කොච්චර බෝට්ටු සවාරි ගියත් මේක අමතක නොවෙන සවාරියක් වෙනවා නොඅනුමානයි. මොකද අපි එහෙම කියන්නෙ? ගොඩක් ලස්සන මාදු ගඟේ බෝට්ටුවක නැගලා යනකොට ඔයාලටම තේරෙයි ඒක. හෙක්ටයාර 990ක වගේ තෙත්බිමකින් වටවුණු හෙක්ටයාර 770ක් පුරාවට විහිදිලා තියෙන මාදු ගඟ දූපත් 64කින් සමන්විත හරි අපූරු තැනක්. ගස්කොළන් වලින් වට වෙලා තියෙන ගං තීරයක නිදහසේ පාවෙවී ඉන්න පුළුවන් වගේම තෙත් කලාපීය ශාක ගොඩක් බලාගන්නත් පුළුවන්. මාදු ගඟේ බෝට්ටු සවාරි යන අයට දෙන තවත් පහසුකමක් වෙන්නෙ ෆිශ් තෙරපි අවස්ථායි. මේකට තමයි බොහොමයක් දෙනා මාදු ගඟේ යන්නෙ. මාළු සීයකට අධික ප්‍රමාණයක් ඇවිල්ලා කකුල් වටකරගෙන කොටන අත්දැකීම ගන්න නම් එහෙ යන්නම වෙනවා. ඒවට වෙනම සකස්කරපු මාළු කොටු තියෙනවා. එක්කෙනෙක්ට රුපියල් 100ක් වගේ සුළු මුදලකට මේ අත්දැකීම ගන්න පුළුවන් එකත් ඇත්තටම හරි අපූරුයි.

 

7. කන්නෙලිය

කන්නෙලිය නාකියාදෙණිය ගමේ තියෙන දකුණු පළාතෙ ලස්සනම වන රක්ෂිතයක් තමයි මේ. මේ ප්‍රදේශය දකුණු ආසියාවෙන්ම වඩාත්ම ශාකමය වශයෙන් පෝසත් ප්‍රදේශයක් විදියට සැලකෙනවා. සිංහරාජය හැරුණම ශ්‍රී ලංකාවේ ඉතිරි වෙලා තියෙන විශාලම වැසි වනාන්තරයත් මේකම තමයි. මෙහෙට ගියාම බලන්න පුළුවන් ඔයාලට මේ රක්ෂිතය කොච්චර ලස්සන එකක්ද කියලා. ස්වාභාවික දියඇලි, සතුන් ප්‍රභේද, සර්ප විශේෂ ගොඩක් වගේම විවිධ ශාක ගොන්නකුත් බලාගන්න පුළුවනි. ගාල්ල නගරයේ ඉඳලා කි. මි.35ක් විතර වයඹ දෙසට වෙන්නට, ඒ කියන්නෙ හිනිදුම පැත්තට වෙන්න තමයි මේක තියෙන්නෙ. මේ රක්ෂිතයට ගිංගඟ හා නිල්වලා ගඟත් සම්බන්ධයි. ඒ වගේම අනගිමලේ ඇල්ල බලන්න යන්නත් පුළුවන්. හයිකින් වලට නම් නියම තැනක්. ඒ වගේම ස්වභාවික පිහිනුම් තටාක කීපයකුත් කන්නෙලියෙ  පිහිටලා තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *