යාළුවෝ කාලෙකින් සෙට් වුනාම කන්න බොන්න පුළුවන් දේවල් 5ක්

කොල්ලො සෙට් එකක් කාලෙකින් සෙට් වෙලා කන්නෙ මොන රටේද කියලද මුලින්ම හිතුනෙ? පුදුම වෙන්නෙපා ඔය කරන කියන කොයි දේ කරලා ඉවර වුනත් ආයෙ බඩ කට පිරෙන්න කන්න එපැයි. අන්න එහෙම කන එක නිකං ඔහේ ආවට ගියාට කරන්න ඕන දෙයක් නෙමෙයි. යාළුවො ටික සෙට් වෙන්නෙත් කාලෙකින් නං, දැනෙන බඩගින්නත් වැඩියි නං, දිවට දැවිල්ලක් ඕනෙත් නං කොල්ලො සෙට් එක මතක හිටින කෑමක් කන්න ඕන. අපිට ඒ විදියට මතක හිටින්න කොල්ලො හතර පස්දෙනෙකුගෙ සෙට් එකකට කන්න කියලා තියෙන්නෙ කෑම ජාති අතලොස්සක් වුනත් ඒ අතලොස්ස හරි හිතට දැනෙන්න කන්න කියලයි පුරාණ සෘෂිවරු ලියලා තියෙන්නෙ.

 

1. ෆුල් කොත්තුවක්

කොල්ලො සෙට් එක සෙට් වුනාට පස්සෙ කොත්තු නොකා ගියෙ මොන රටේද මහත්තයො. මහගොඩක් කන්නත් බැරි මූඩ් එකක් තියෙන්නෙ. ඒ වුනත් දැවිල්ලට මස් ටිකක් කන්නත් ඕන. හැමෝටම කන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕන. ගෝල්ෆේස් එකෙන් හරි කොත්තුවලට ප්‍රසිද්ධ කඩේකින් හැඳි හතරක් ගහලා ලොකුවට (ෆුල් කොත්තුවට වඩා ලැබෙනවා) දාපු කොත්තුවක් කිවුවනං හතර පස්දෙනාටම මදි නොකියන්න කන්න පුළුවන්. ​පොඩ්ඩක් කෑවත් බඩත් පිරෙන නිසා මහා අවුලකුත් නැහැ. පිපිඤ්ඤා පෙත්තක් හප හප කට දිව කූල් කරගන්න කෝක් එකක් බිබී කන්නත් පුළුවන්නෙ.

 

2. කකුළුවොයි පොල් සම්බෝලයි රෝස්ට්පානුයි

දැන් මාළු රසට උයන්න ප්‍රසිද්ධ බොහෝමයක් මුහුදු ආහාර තියෙන අවන්හල්වල රසටම උයන, ලෙසටම විකිණෙන කෑමක් තමයි යාපනේ රසට හදාපු කකුළුවො කියන්නෙ. හොඳට කුක් වෙලා වගේම ස්පයිසස් වැදිලා නිසා මේක නියම පදමට බොරට එන හොද්දක් එක්කයි ලැබෙන්නෙ. දැන් ඒ හැම අවන්හලම වගේ පොල් සම්බෝල සහ රෝස්ට් පාන් එක්ක මේක සුප්‍රීම් මීල් එකක් විදියට පිළිගන්වනවා. කකුළුවො උෂ්ණයි කියලා හිතෙනවානං කන්න මාංශ වර්ග එක්කත් මේ සුප්‍රීම් ඩිෂ් එක පිළිගන්වනවා. යාළුවො එක්ක පැය ගණං කයිය ගගහා කටු සූප්පු කර කර කන්න පුළුවන් කෑමක් තමයි මේ.

 

3. බර්ගර් ප්ලැටර්ස්

අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය බොහෝමයක් ෆුඩ් ෆ්‍රැන්චයිසස් කාලෙන් කාලෙට ෆුඩ් ප්ලැටර්ස් හඳුන්වාදෙන අතරේ ඒවයෙ තියෙන බොහෝදෙනෙක් ආසා කරන ප්ලැටර් එකක් තමයි බර්ගර් ප්ලැටර්ස් කියන්නෙ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. නිකංම මස් ගොඩක් නෙමෙයි වීම තමයි ප්‍රධානම හේතුව. අනික බර්ගර්ස් කද්දි ෆුල් බර්ගර් එක විදියට වගේම ඕනනං බන් එකයි පැටී එකයි වෙනමත් කන්න පුළුවන්නෙ. ඉතිං බඩගිනිකාර යාලුවො ටිකක් සෙට් වුනාම චීසි බර්ගර්ස් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කකා, කෝප්පෙ දාපු කෝක් එකක් සිප් කරන එක තමයි කික් එක.

 

4. සවාන්

සවාන් කියන්නෙ මුස්ලිම් ජාතිකයන්ගෙ කෑම ක්‍රමයක් වුනාට සවාන්වල කෑම කන්න කොයි කවුරුත් ආසයි. බිරියානි විතරක් නෙමෙයි, කිඩු රයිස් ඇතුළු කෑම ජාති බොහෝමයක් සවාන්වල දාලා ලැබෙනවා. ඒවාට වෙනම සයිඩ් ඩිෂස්, රෝස්ට් චිකන් වගේම අතුරුපසත් ලැබෙන නිසා මේක නං හත් අට දෙනෙකුගෙ වුනත් අලි කුසගිනි එකපාර තුරන් කරවන්න සමත් කෑමක්. අනික මේක තමයි යාලුවො සෙට් එකකගෙ නියම එකමුතුකම පෙන්වන කෑම ක්‍රමය. අපි හැමෝම එක පතේ බත්කෑවෙ ඉස්කෝලෙදි පොර කකා වුනාට මේක වැඩුණු අපිට නැවත ඒ අත්දැකීම මතක් කරන නියම ඩිෂ් එකක්.

 

5. එක්ස්ට්‍රා ලාජ් පීට්සා

ෆුඩ් ෆ්‍රැන්චයිස්වල පීට්සා වර්ගනං ලාජ් එකෙන් ලොකුවට යන්න අදිමදි කරනවා දකින්න පුළුවන්. එහෙම තියෙන තැනුත් නැතුව නෙමෙයි. කොහොම වුනත් ලංකාවෙ ඇතුළෙ දැන් ප්‍රසිද්ධ වේගන යන ලංකාවෙන්ම බිහිවුන පීට්සා අවන්හල්නම් මේ වැඩේට ප්‍රසිද්ධයි. එයාලා ගාව තියෙනවා යාලුවො ගොඩකට වුනත් කන්න පුළුවන් කොටු හැඩේ පීට්සා වුනත්. ඉතිං ඇයි ලතවෙන්නෙ. යාලුවො සෙට් එකට තනි කෑම එකක් කන ගමන් පරණ කාලෙ පරණ තාලෙ නොස්ටැල්ජියා ලෝකෙට යන්න බැරියැ. ඒ කාලෙ අම්මලා උයපු කෑම පොර කකා කාපු කොල්ලො දැන් තරමක වැඩිහිටියො වෙලා පිළිවෙලකට ඉතාලි කාරයොන්ගෙ පීට්සා කන හැටි මතක් කරලා හිනාවෙන්නවත් බැරියැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *