හුඟක් අයට හොඳ යාළුවෙක් ඉන්නව. හොඳ යාළුවෙක් බොහෝ කාරණා නිසා අපේ ජීවිතේට වටිනවා. හොඳ යාළුවෙක් එක්ක අපේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් වගේම අපි අපේ ජීවිතේට හොඳම යාළුවා විදියට ළං කරගන්නෙ අද ඊයෙ හම්බුනු කෙනෙක් නොවෙන නිසා හොඳම යාළුවාටත් අපි ගැන හොඳ දැනීමක් තියෙනවා. ඒකත් හොඳම යාළුවෙකුගේ තියෙන ලොකු වාසියක්. ඒ වගේම හොඳම යාළුවෙක් ඉස්සරහා අපිට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ සහ පෙම්වතිය ඉස්සරහා කතා කරනවාට වඩා විවෘතව අදහස් දක්වන්නත් පුළුවන්. අන්න ඒ නිසා හොඳම යාළුවෙක් කියන්නෙ මිල කරන්න බැරි සම්බන්ධතාවයක්. හැබැයි අපි මේ කියන්නෙ මේ කතාවෙ වෙනිං පැත්තක්. ඒ තමයි හොඳම යාළුවා ගැහැණු ළමයෙක් වුනොත් කොල්ලොන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන වාසි සහ අවාසියි.
වාසි
1. ස්ත්‍රී සිත් පෙන්වූවා…

Source – mensxp.com
ඔන්න පුතෝ මේක ඇත්තටම සම වයසක තරුණියක් මිතුරියක් බවට පත්වුනාම තියෙන ලොකුම වාසිය. ආයෙ ඉතිං ගෑණු පිළිබඳ ඕන ප්‍රශ්නෙකට පට් පට් ගාලා උත්තර. කෙල්ල අහක බැලුවෙ ඇයි? ෆෝන් එකට නිතර එන කෝල්? මේ විදියට බනින්නෙ ඇයි? අද මට කවදාවත් නැතුව තෑග්ගක් අරන් ආවෙ ඇයි? වැනි බුද්ධි අංශ ප්‍රශ්නවලට වගේම, මට එයාව යාළු කරගන්න ඕන, මට එයා හිතං ඉන්න විදිය වැරදියි කියල පෙන්නන්න ඕන, මට ඒ සම්බන්ධෙ තවත් කල් කරගෙන යන්න බෑ කියල හිත රිදෙන්නෙ නැති වෙන්න කියන්න ඕනෙ වැනි අවස්ථාවලටත් ක්ෂණික පිළිතුරු එයා සතුයි. සම වයස් සහෝදරියකගෙන් ඔවුව අහන්න බෑ උන් ගිහින් රට හැමතැනම කියන නිසා. ඉතිං හොඳම යාළුවෙක් තරම් වෙන කවුද?
2. ඇස්දෙක වාගේ රැකගන්නම්… රජෙකුට වාගේ සළකන්නම්…

Source – mensxp.com
කොල්ලෙක් හොඳම යාළුවා වුනා කියල කීයටවත් රජෙකුට වගේ සැළකිලි බලාපොරොත්තු වෙන්න බෑ. නාලා ඇඳගෙන ඉන්න තුවායත් ඇදගෙන යනව ඕකුන්. අන්න ඒකටයි කෙල්ලෙක් ඉන්න ඕන හොඳම යාළුවා විදියට. සාමාන්‍යයෙන් අපිට හිතේ අමාරුවක් ඇති වෙන ප්‍රශ්නෙකදි කොල්ලෙක් හොඳම යාළුවා විදියට දෙන උත්තරේ තමයි අඩියක් ගහමුද කියන එක. හැබැයි කෙල්ලෙක් නං ඕකෙ අනිත් පැත්ත. ඇත්තටම එයාලා ඇතුළෙම තියෙන ආදරණීය ගතිය ඒ වෙලාවට අවුල් ගිහින් ඉන්න හිතකට හරිම ප්‍රයෝජනවත්. ඒ වගේම එයාලා ඔය කෑම බීම හදන වැඩවලටත් සෙට් වෙන නිසා අලුත් අලුත් කෑම වර්ග බීම වර්ගත් රස බලන්න පුළුවන්.
3. එක ගලකින්

Source – bookmyshow.com
නරක අදහසක් ගන්න එපා. මේ කියන්නෙ නං අවංකවම වාසියක් ගැන. සාමාන්‍යයෙන් තමුංගෙ හොඳම යහළුවා ගැන අනිත් යාළුවො ඉස්සරහදිත් පොඩ්ඩක් කතා වෙනවනෙ. එතකොට ඒ අයගෙත් මතකෙ අපි ගැන පොඩි පොඩි අදහස් ඇතිවෙනවා. අන්න එතකොට යම් වාසියක් උදා කරගන්න පුළුවන්. තමුංගෙ හොඳම යාළුවාව හම්බෙන්න යද්දි එයාගෙ අනිත් යාළුවොත් එයා ගාව ඉන්න වෙලාවල් බලල ගියාම හීනියට ලවු එකක් මූට්ටු කරගන්න බැරි නෑ. එ වගේම ඒ විදිහෙ ආරම්භයක් ගත්තම හොඳම යාළුවා ගැන දෙන රෙකමන්ඩේෂන් එක කෙල්ලෙක්ගෙ කටිම්ම එන හින්දා වැඩේ තවත් සාර්ථකයි. අන්න ඒ වාසිය කොල්ලෙක්ව හොඳම යාළුවා විදියට තියාගෙන ගන්න අමාරුයි. ඊටපස්සෙ ඉතිං හොඳම යාළුවයි ප්‍රේමවන්තියයි දෙන්නම කිට්ටුවෙන් ඉන්න නිසා කෙල්ලව හදිස්සියකට ගෙදරින් පන්නගන්න, පණිවිඩයක් දෙන්න කිසිම අමාරුවක් නෑ.
4. සිල්ලර වාසි

Source – aol.com
කෙල්ලෙක් හොඳම යාළුවා වීමේ සිල්ලර වාසි බොහෝමයක් තියෙනවා. තමුංගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට තෑග්ගක් ගද්දි ඒක හරිම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. ආයෙ තේරිලි බැලිලි නෑ. සල්ලි දීලා කඩේට යවන්න විතරයි තියෙන්නෙ. ඒ වගේම ඉතිං කොල්ලො ගොඩක් වෙලාවට එක එකාට බයිට් දෙන හින්දා කෙල්ලෙක් හොඳම යාළුවා විදියට ඉද්දි කට්ටියට බයිටක් දෙන එක ඊටත් ලේසියි. අම්මලා ඉතිං කවදත් බයෙන්නෙ ඉන්නෙ තමුංගෙ කොල්ල පුංචි කාලෙම අරක්කු බොයි, ඉස්කෝලෙ කාලෙම ගෑණු එක්ක නිදියයි කියල. හොඳම යාළුවා විදියට කෙල්ලෙක්ව ගෙදරට හඳුන්වලා දුන්නම අම්මලාගෙ උනත් හිතට පොඩි සැහැල්ලුවක් එනවා. මූ ෂේප් එකේ ඉඳීවි කියල. අන්න ඒ වගේ සිල්ලර වාසි රැසක් කෙල්ලෙක් හොඳම යාළුවා වීමෙන් තියෙනවා.
අවාසි
1. මැණිකක් රකිනා

Source – youtube.com
හම්බෝ ලොකුම අවාසිය තමයි මේක. හොඳම යාළුවා කෙල්ලෙක් වුනැයි කියල කොල්ලො යාළුවො නොවී තියෙන්නෙ නැහැනෙ. උන් එක්ක බොන්න ඕන. උන් එක්ක ඇවිදින්න ඕන. උන් එක්ක වල බහින්න ඕන. ඒ අස්සෙ කතා වෙද්දි හොඳම යාළුවා ගැන ඔන්න කොල්ලො ටික මුලින්ම විහිළු කරනවා උඹ හොඳම යාළුවා කියල බොරු කියල ඒකි එක්ක සීන් එක නේද කියල. පස්සෙන් පහු එහෙම සීන් එකක් නෑ කියල තේරුනාම ඔන්න සෙට් එක පටන් ගන්නව කෙල්ලට පැණි පෙරන්න. එතන ඉඳන් ඉතින් එයාව රකින්න ඕන. හපෝ ගෑණු රකිනව කියන එක මාර වාත කේස් එකක්. ගර්ල්ෆ්‍රෙන්ඩ් රකිනවට හපන් හොඳම යාළුවව රකින්න ගියාම
2. ඇස් දහසක් අප වෙත යොමුවී

Source – verywell.mind
ඔන්න ප්‍රශ්නයක්. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පාරෙ යන්නෙ කොහොමද? අතින් අල්ලගෙන. හොඳම යාළුවා එක්ක පාරෙ යන්නෙ කොහොමද? කරේ අත දාගෙන. ඉඩක් තිබුනෙ නැත්තං හොඳම යාළුවා උකුලෙ හරි වාඩිවෙනවා. මහ රෑ වෙනකං දෙන්න එකට ඉන්නව. හොරාට කුටු කුටු ගානව. මුල් කාලෙදි අම්ම අප්ප උනත් සැක කරනවා. ඒ මදිවට යාළුවො සැක කරනවා. කොල්ලගෙ පෙම්වතියත් කෙල්ලගෙ පෙම්වතාත් සැක කරනවා. ඉස්කෝලවලදිනං කාඩ් වදිනවා. හෙන ප්‍රශ්න. අපේ හිතේ කැමැත්තක් තියෙන වෙනිං කට්ටිය උනත් අපි ගැන සැක හිතලා වැරදි වැටහීම් ඇති කරගන්න ඉඩ හොඳටම තියෙනවා.
3. නොමග නොයන් පුතේ

Source – scarymommy.com
ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට ඉඳිද්දි කෙල්ලෙක් කියෝන කියවිල්ල අපිට බැහැර කරන්න පුළුවන්. හැබැයි හොඳම යාළුවා කියන එකට ගැහැණු පිරිමි අදාළ නෑ. එනිසා මේ කතාව ගැහැණියක් විසින් අපිට කියන දෙයක් කියල අපිට හිතෙන්නෙ නැහැ. ඒ වුනත් මේ කතා කරන්නෙ ඇත්තටම ලංකාවෙ ගෑණියෙක්. ඉතිං එන්නෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ අදහස් ටිකම තමයි. අන්න ඒ නිසා කෙල්ලෙක් බෙස්ට්ෆ්‍රෙන්ඩ් තනතුරේ තියාගෙන ඉඳිද්දි වෙනස් නොවී ඉඳීමත් පට්ට අමාරුයි. ඒ වගේම තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට උත්තරයක් දුන්නත් හොඳම යාළුවට උත්තරයක් දීල බේරෙන්න අමාරුයි.
Cover Image Source – jayprimrose.com
Leave a Reply