කවදත් රසට කෑම හදන චීන්නුන්ගෙ තවත් රස කෑම සෙට් එකක්ම අරගෙනයි අද ආවේ. අපේ බීෆ් ෆෑන්ල්ස්ලාට ඔන්න අද අපි රසම රස බීෆ් රෙසිපි ටිකක් ගෙනාවා ට්‍රයි කරලා බලන්නකෝ.
1. සෙෂුවාන් බීෆ් (Szechuan Beef)
අවශ්‍ය ද්‍රව්‍ය
- බීෆ් ග්‍රෑම් 200
- කුකින් වයින් මේස හැඳි 2
- සෝයාසෝස් මේස හැඳි 1/2
- ලුණු
- කුකින් ඔයිල් මේස හැඳි 1
- චයිනීස් සෙලරි හෝ ළූණු කොළ ග්‍රෑම් 50
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
- චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
- කෑලි මිරිස් මේස හැඳි 1/2
- සෝයාසෝස් මේස හැඳි 1
- සීනි මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි 1
- බීෆ් ටික පොඩි කෑලි කපාගන්න. මේකට කුකින් වයින් මේස හැන්දක්, සෝයාසෝස් හා ලුණු එකතු කරගන්න. කුකින් ඔයිල් ටිකත් දාගන්න. හොඳට කළවම් කරලා පැයක් මැරිනේට් වෙන්න තියන්න.
- සෙලරි ටික තරමක කෑලි කපාගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සෙලරි ටික දාලා ෆ්‍රයි කරගන්න. හොඳට තෙලෙන් තැම්බුනාම ඉතිරි කුකින් වයින් දාගන්න.
- මේ ටික වෙනම භාජනයකට අස් කරලා මේ පෑන් එකටම ආයෙ තෙල් දාලා බීෆ් ටික දාලා හොඳට ෆ්‍රයි කරගන්න. මේකට චොප්කරගත් සුදුළූණු, ඉඟුරු, කෑලි මිරිස්, සෝයාසෝස් සහ විනාකිරි දාගෙන හොඳට කළවම් කරගන්න. අන්තිමට සෙලරි ටික දාලා කළවම් කරගන්න.
2. බීෆ් ස්ටර් ෆ්‍රයි (Beef Stir Fry)
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින් පෙති කපාගත් බීෆ් ග්‍රෑම් 200
- ගම්මිරිස්කුඩු
- සෝයාසෝස්
- බිත්තර 1
- කෝන්ෆ්ලා ටිකක්
- කුකින් ඔයිල් මේස හැඳි 1
- කැරට් අල 1
- බ්‍රොකොලි ග්‍රෑම් 100
- සුදුළූණු බික් 3-4
- ඉඟුරු පොඩි කෑල්ලක්
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1/2
- සීනි මේස හැඳි 1
- දෙහි බෑයක යුෂ
- බීෆ් ටික තරමක කෑලි කපාගන්න. මේකට ගම්මිරිස්කුඩු දාගන්න. සෝයාසෝස් මේස හැඳි 1, කෝන්ෆ්ලා මේස හැඳි 1/2, කුකින් ඔයිල් දාලා බිත්තරය එකතු කරගෙන හොඳට කළවම් කරගන්න.
- කැරට් පෙති කපාගන්න. බ්‍රොකොලි ටිකත් තරමක කෑලි කපාගන්න. සුදුළූණු හා ඉඟුරු ටික පෙති කපාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා බීෆ් ටික දාගන්න. බීෆ් ටික හොඳට ෆ්‍රයි උනාම පෑන් එකෙන් බීෆ් අයින් කරල ඒ පෑන් එකටම වතුර කෝප්ප 1 1/2 දාගන්න.
- මේකට බ්‍රොකොලි හා කැරට් ටික දාගන්න. හොඳට තැම්බුනාම එළවළු ටික එක්කම වතුර අයින් කරලා පෑන් එකට ඔයිල් ටිකක් දාලා කපාගත් සුදුළූණු හා ඉඟුරු, සෝයාසෝස් මේස හැඳි 1ක්, ඔයිස්ටර් සෝස්, සීනි හා වතුර මේස හැඳි 2ක් වගේ දාලා පිසගන්න.
- මේකටම තම්බාගත් එළවළු හා බීෆ් ටික එකතුකරන්න. කෝන්ෆ්ලා මේස හැන්දක් වතුර ටිකක දිය කරලා මේකට එකතු කරන්න. දෙහි යුෂ ටිකක් දාගන්න. ටිකක් උකු වෙනකම් හැඳිගාලා ලිපෙන් බාගන්න.
3. චිලි බීෆ් (Chilli Beef Recipe)
අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් බීෆ් ග්‍රෑම් 200
- විනාකිරි මේස හැඳි 1
- රතු මිරිස් කරල් 2
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- බිත්තර සුදුමද 1
- කපාගත් ඉඟුරු හා සුදුළූණු ස්වල්පයක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- සෝයාසෝස්
- සීනි මේස හැඳි 1
- කපාගත් ළූණු ගෙඩි 1
- චිලී පේස්ට් මේස හැඳි 1
- ටොමැටෝ කෙචප් මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තල තෙල් ස්වල්පයක්
- චිකන් ස්ටොක් මිලි ලීටර් 200
- බීෆ් වලට ලුණු, ගම්මිරිස්කුඩු හා සෝයාසෝස් එක්ක වතුර කෝප්ප 1 ක් දාලා කළවම් කරගන්න. මේක ප්‍රෙශර් කුකර් එකේ හෝ සාමාන්‍ය භාජනයක තම්බගන්න.
- වෙනම බෝල් එකකට ඉඟුරු සුදුළූණු පේස්ට්, සෝයාසෝස් මේස හැඳි 1ක්, චිලී පේස්ට් හා විනාකිරි ටික දාලා ඔක්කොම කළවම් කරන්න. බිත්තර සුදුමදය ටිකක් විස්ක් කරලා මේකට එකතු කරන්න. ඒකටම කෝන්ෆ්ලා මේස හැන්දක් දාගන්න. කැට නැති වෙනකල් දියකරගන්න.
- පිසගත් බීෆ් ටික අරගෙන නිවුනට පස්සෙ හදාගත්තු බැටර් එකට දාගන්න. හොඳට කෝට් වෙන්න කළවම් කරගන්න.
- පෑන් එකට තෙල් කෝප්ප 2 දාලා රත්වෙනකොට බීෆ් ටික දාලා බැදගන්න. රන්වන් පාට වෙනකම් බැදගෙන තෙල් බේරෙන්න තියන්න.
- වෙනම පෑන් එකකට තල තෙල් ටිකක් දාලා චොප්කරගත් මිරිස් ටික දාගන්න. ඊලඟට කපාගත් ඉඟුරු, සුදුළූණු සහ ළූණු ටික එකතු කරන්න. ළූණු මැලවෙනකල් විනාඩි 4-5ක් පිසගන්න.
- මේකට සෝයාසෝස් හා චිලීපේස්ට් මේස හැඳි 1 බැගින් දාගන්න. ටොමැටෝ කේචප් ටික දාගන්න. හොඳට කළවම් කරලා ෆ්‍රයි කරගත් බීෆ් ටික දාගන්න. චිකන් ස්ටොක් එක දාගන්න. රස අනුව ලුණු හා සීනි දාගන්න. නටනකොට වතුරෙ දියකරගත් ඉතිරි කෝන්ෆ්ලා එකතු කරන්න. තවත් විනාඩි 2ක් වගේ තියලා ලිපෙන් බාගන්න.
4. චයිනීස් බීෆ් ස්ටූ (Chinese Beef Stew)
අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 200
- ඔලිව්තෙල් ස්වල්පයක්
- චොප්කරගත් ළූණු කොළ ග්‍රෑම් 100
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ටොමැටෝ පේස්ට් මේස හැඳි 3
- වූශ්ටර්ශයර් සෝස් මේස හැඳි 2
- චොප්කරගත් සුදුළූණු බික් 2
- පාන්පිටි මේස හැඳි 2
- බීෆ් ස්ටොක් ලීටර් 1/2
- බේ ලීව්ස් 2
- කපාගත් කැරට් අල 2
- කපාගත් අල ගෙඩි 1
- පෑන් එකකට ඔලිව්තෙල් ටිකක් දාලා බීෆ් ටික දාල ෆ්‍රයි කරගන්න. හොඳට තෙලෙන් තෙම්බුනාම ලිපෙන් බාගන්න.
- ඒ පෑන් එකටම චොප්කරගත් ළූණු හා ළූණු කොළ ටික දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ඒකට බීෆ්, ටොමැටෝ පේස්ට්, වූශ්ටර්ශයර් සෝස්, සුදුළූණු, පාන්පිටි ටික දාගෙන කළවම් කරන්න.
- මේකට බීෆ් ස්ටොක් ටික දාගන්න. බේ ලීව්ස් එකතු කරන්න. කපාගත් කැරට් හා අල දාලා අඩු ගින්දරේ පැයක් විතරවහලා පිසගන්න.
5. චයිනීස් පෙපර් බීෆ් ස්ටේක් (Chinese Pepper Beef Steak)
අවශ්‍ය ද්‍රව්‍ය
- බීෆ් ග්‍රෑම් 200
- කපාගත් බෙල්පෙපර් කෝප්ප 2 (පාට 3න්)
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- කපාගත් සුදුළූණු හා ඉඟුරු ස්වල්පයක්
- කපාගත් ළූණු ගෙඩි 1
- සෝයාසෝස් මේස හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 2
සෝස් එකට
- බීෆ් බ්‍රොත් කෝප්ප 2
- සෝයාසෝස් මේස හැඳි 1
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1
- සෙසමි ඔයිල් මේස හැඳි 1
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- බීෆ් පෙති කපාගන්න. කපාගත් බීෆ් වලට ලුණු හා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. සෝයාසෝස් හා කෝන්ෆ්ලා එකතු කරන්න. හොඳට කළවම් කරලා පැය 2ක් මැරිනේට් කරගන්න.
- සෝස් එක හදාගන්න ඕනෙ ඔක්කොම කළවම් කරලා සෝස් එක හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට බීෆ් ටික දාලා ෆ්‍රයි කරගන්න. බීෆ් ටික ෆ්‍රයි උනාම ඒ ටික අයින් කරලා තව තෙල් ටිකක් දාලා ළූණු හා බෙල්පෙපර් ටික දාගන්න.
- කපාගත් ඉඟුරු හා සුදුළූණු ටික එකතු කරන්න. මේකට බීෆ් ටික දාලා කළවම් කරලා හදාගත්තු සෝස් එක දාගන්න. තව විනාඩි 5ක් වගේ තියලා ලිපෙන් බාගන්න.
Leave a Reply