මිල්ක්මේඩ් වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත්ම කෑම

milkmaid recipes

කන්ඩෙන්ස්ඩ් මිල්ක් එහෙමත් නැත්නම් උකු කළ කිරි එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න නමින් කිව්වොත් මිල්ක්මේඩ් වලින් හදන්න පුළුවන් රස කෑම ටිකක් තමා අද අරගෙන ආවෙ. හැමදාම හදන කිරි ටොපියයි කැරමල් පුඩින් එකටයි එහා ගිය අළුත්ම ඩෙසර්ට්ස් ටිකක් තමයි මේ ගෙනාවෙ. හදල රස බලල අපිටත් කියන්න ඕන හොඳද 🙂

 

1. කොෆි ෆජ්

milkmaid recipes

Source – dutchiebaking.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බටර් තේ හැඳි 1ක් සහ වෙනම මේස හැඳි 2ක්
  2. වයිට් චොකලට් හෝ මිල්ක් චොකලට් 680g
  3. මිල්ක්මේඩ් කප් 1
  4. ටෝස්ට්/රෝස්ට් කරගත් කජු කප් 1/2
  5. කිරි නොදා තරමක් උකුවට සාදාගත් ක්ෂණික කෝපි කප් 1/3

 

  • අඟල් 9×9 තැටියකට ෆොයිල් පේපර් එකක් දාගෙන, ඒකට බටර් තේ හැන්දක් දාල හොඳින් ආලේප කරගෙන පැත්තකින් තියාගන්න.
  • සාස්පානක් ලිප තබා ඒකට චොකලට්, මිල්ක්මේඩ් සහ බටර් මේස හැඳි 2 එක් කරගෙන අඩුම ගින්දරේ හැඳිගාමින් චොකලට් ටික මෙල්ට් කරගන්න. ලිපෙන් ඉවත් කර කෝපි සහ කජු එක් කරගන්න.
  • කලින් සූදානම් කළ ට්‍රේ එකට දමා නිවෙන්නට හැර, පැය දෙකක් හෝ රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.

 

2. චොකලට් කුකීස්

milkmaid recipes

Source – cooking.nytimes.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් 250g
  2. සීනි 110g
  3. මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක්
  4. පිටි 375g
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1
  6. චොප් කරගත් කුකින් චොකලට් 100g
  7. අවශ්‍ය නම් වියලි මිදි ටිකක්

 

  • බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. එයට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්දකින් මිශ්‍ර කරගන්න.
  • අනාගත් ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න. සෙල්සියස් 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

 

3. ස්පයිසි අයිස්ඩ් කොෆි

milkmaid recipes

Source – multivu.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ක්ෂණික කෝපි 25g
  2. සෙන්ටිමීටර් 3ක ඉඟුරු කෑල්ලක්
  3. සෙන්ටිමීටර් 7ක කුරුඳු කෑල්ලක්
  4. කරාබු නැටි
  5. උණුවතුර කප් 5ක්
  6. මිල්ක්මේඩ් කප් 1

 

  • උණුවතුරට කෝපි, ඉඟුරු, කරාබුනැටි සහ කුරුඳු එක් කර වසා නිවෙන්නට තියන්න.
  • එය හොඳින් නිවුණු පසු වෙනත් බඳුනකට පෙරාගෙන, එයට මිල්ක්මේඩ් එක් කරගන්න. ශීතකරණයේ තබා, කුඩු කරගත් අයිස් එක් කළ වීදුරු වලට පුරවා පිලිගන්වන්න.

 

4. කොකනට් අයිස්

milkmaid recipes

Source – cafe.wisecicada.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මිල්ක්මේඩ් පොඩි කෑන් 1
  2. අයිසින් සීනි කප් 2
  3. ඩෙසිකේටඩ් කොකනට් කප් 3 1/2
  4. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 1/4
  5. වැනිලා තේ හැඳි 1/2
  6. කැමති ෆුඩ් කලරින් එකක් හෝ දෙකක්

 

  • සෙන්ටිමීටර් 18×18 සයිස් හතරැස් ට්‍රේ එකක් අරන් බටර් තවරල ඔයිල් පේපර්ස් දාල ලයින් කරගෙන පැත්තකින් තියාගන්න.
  • අයිසින් සීනි සහ ක්‍රීම් ඔෆ් ටාටාර් එකට හලාගෙන, ඒක ලොකු බෝල් එකකට දාගෙන, ඒ බෝල් එකටම වැනිලා, මිල්ක්මේඩ් සහ පොල් එකතු කරන් හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයෙන් භාගයක් වෙනත් බඳුනකට දාගෙන කැමති පාටකින් ෆුඩ් කලරින් එකතු කරගෙන හොඳින් අතින් අනාගන්න.
  • දැන් ට්‍රේ එකට එක වර්ණයක මිශ්‍රණය දාගෙන සමාන්තරව අතින් හෝ පැතලි හැන්දකින් තුනී කරගන්න. එයට උඩින් අනිත් වර්ණය දමාගන්න. ලන්ච් ශීට් එකකින් හෝ ක්ලින්ග් රැප් එකකින් හොඳින් ආවරණය කරල පැය තුනක් හෝ ඊට වැඩියෙන් ශීතකරණයක තබා කෑලි කපාගන්න.

 

5. ඩබල් චොකලට් කැරමල් ස්ලයිස්

milkmaid recipes

Source – taste.com.au

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ක්‍රීම් ඉවත් කරගත් හෝ ක්‍රීම් රහිත චොකලට් බිස්කට් 250g
  2. මෙල්ට් කරගත් බටර් 100gක් සහ වෙනම බටර් 30g
  3. පොඩි මිල්ක්මේඩ් ටින් 1
  4. ගෝල්ඩන් සිරප් මේස හැඳි 2
  5. ඩාර්ක් කුකින් චොකලට් 200g
  6. එළවළු තෙල් මේස හැන්දක්

 

  • සෙන්ටිමීටර් 28×18ක ට්‍රේ එකක් බටර් ගා ඔයිල් පේපර් අලවා පසෙකින් තියාගන්න. බිස්කට් ටික හොඳින් කුඩු කරගන්න. එයට බටර් 100g එක්කර හොඳින් මිශ්‍ර කරගෙන ට්‍රේ එකට දමා හැන්දකින් තද කරමින් ලේයර් එකක් දමාගෙන ශීතකරණයේ තබාගන්න.
    මිල්ක්මේඩ්, ඉතිරි බටර් 30g සහ ගෝල්ඩන් සිරප් ටික භාජනයකට දමා මද ගින්දරේ ලිප තබා විනාඩි අටක් හෝ පැහැය වෙනස් වෙන තුරු හැඳිගාමින් රත් කරගන්න.
  • එය ශීතකරගත් බිස්කට් ලේයර් එක මතට දමා ප්‍රවේසමෙන් තුනී කරගෙන සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.
  • සම්පූර්ණයෙන්ම නිවෙන්නට හරින්න. ඩාක් චොකලට් සහ එළවළු තෙල් ඩබල් බොයිල් කර දිය කරගෙන, නිවාගත් කැරමල් ලේයර් එකට උඩින් වත් කර තුනී කරගන්න. ශීතකරණයට දමා පැය කීපයක් ශීත කර කෑලි කපාගන්න.

Cover Image Source – homeepicure.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *