ශරීරයට හිතකර ඇට වර්ග වලින් වෙනස් රෙසිපි ටිකක්

ඩයට් කරන අය, ලස්සනට ඉන්න කැමති අය, ඇඟ ගැන හිතන උදවිය ගොඩක් පාවිච්චි කරන ඇට වර්ග කිහිපයක් තමයි මේ ගෙනාවෙ. ඒවයින් හදගන්න පුළුවන් පොඩි පොඩි ස්නැක්ස්, බ්‍රෙක්ෆස්ට් අයිඩියාස් ඩයට් කරන අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ වගේ කෑම බබාලා උනත් ආසාවෙන් කනවා. එහෙනම් බලලා හදන්නකෝ. 

 

1. පම්කින් සීඩ් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මදය සමඟ සූරාගත් නැවුම් වට්ටක්කා ඇට කෝප්ප 1
  2. තෙල් මේස හැඳි 1
  3. කඩල පරිප්පු කෝප්ප 1/4
  4. උඳු ඇට ග්‍රෑම් 30
  5. ගම්මිරිස් ඇට මේස හැඳි 1/2
  6. වියළි මිරිස් කරල් 3
  7. සියඹලා යුෂ මේස හැඳි 1
  8. ලුණු ස්වල්පයක්

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා කඩල පරිප්පු, උඳු, වියළි මිරිස් හා ගම්මිරිස් ඇට  දාගන්න. මේක හොඳට තෙම්පරාදු උනාම වට්ටක්කා ඇට මිශ්‍ර මද සහ සියඹලා ටික එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. 
  • තෙල් හිඳෙනකම් ලිපේ තියාගෙන ඊට පස්සෙ මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. කෑමට පිළිගන්වන්න. 

 

2. චියා සීඩ් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චියා සීඩ්ස් මේස හැඳි 2
  2. ආමන්ඩ් කිරි කෝප්ප 1/2
  3. පැණි තේ හැඳි 1

 

ටොපින් එකට

 

  1. රාස්ප්බෙරි හා බ්ලූබෙරි ස්වල්පයක්

 

  • ග්ලාස් එකකට චියා සීඩ්ස් ටික දාලා කිරි එකතු කරගන්න. මේකට පැණි ටිකත් දාලා හොඳට කළවම් කරලා රැයක් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • කෑමට ගන්නකොට උඩින් රාස්ප්බෙරි හා බ්ලූබෙරි දාලා කන්න. ඩයට් කරන අයට උදේ ආහාරයට නියමයි. 

 

3. ෆ්ලැක්ස් සීඩ් ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ෆ්ලැක්ස් සීඩ් කෝප්ප 3/4
  2. ගී 3/4
  3. ආමන්ඩ් ස්වල්පයක්
  4. කජු ස්වල්පයක්
  5. ආමන්ඩ් ගම් කෝප්ප 1/4
  6. පාන්පිටි කෝප්ප 3/4
  7. සීනි කෝප්ප 3/4

 

  • ෆ්ලැක්ස් සීඩ්ස් ටික කබලේ බැදගන්න. 
  • පෑන් එකකට ගී ටික දාලා කජු හා ආමන්ඩ් ටික දාගන්න. හොඳට බැදෙන්න අරින්න. ඒ ටික අයින් කරලා මේකට ආමන්ඩ් ගම් ටික දාගන්න. රන්වන්පාට වෙනකල් බැදගන්න. 
  • ඒ ටිකත් අයින් කරලා පාන්පිටි ටික දාගන්න. මේක ලා දුඹුරු පාට වෙනකම් බැදුනම මිශ්‍රණය වෙන භාජනයකට දාගන්න. 
  • ෆ්ලැක්ස් සීඩ් ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඊළඟට බැදගත් ආමන්ඩ් හා කජු හා ආමන්ඩ් ගම් ටිකත් ග්‍රයින්ඩ් කරගන්න. 
  • වෙනම භාජනයකට වතුර කෝප්ප 1/2ක් දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න. මේකට සීනි ටික දාගන්න. සීනි දියවෙලා මිශ්‍රණය උතුරනකොට  ගී මිශ්‍ර පාන්පිටි ටික දාගන්න. දිගටම හැඳිගාන්න. 
  • ග්‍රයින්ඩ් කරගත් ෆ්ලැක්ස් සීඩ් හා කුඩුකරගත් ආමන්ඩ් ටික එකතු කරන්න. ටික ටික මිශ්‍රණය ගුළියක් වගේ හැදෙයි. දැන් භාජනයෙන් වෙන් වෙලා එක ගුලියට ඇවිත් මිශ්‍රණය වේලෙන ගතියට ආවම ලිපෙන් බාගන්න. දැන් මේකෙන් තරමක බෝල හදාගන්න. 

 

4. සෙසමි සීඩ් ඩ්‍රින්ක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තල ඇට කෝප්ප 1
  2. හකුරු කෝප්ප 1/2
  3. කරදමුංගු ඇට 1
  4. රස අනුව ලුණු

 

  • තල ඇට ටික කබලෙ බැදගන්න. දැන් මේකට හකුරු, කරදමුංගු හා වතුර කෝප්ප 1ක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • මේක තික් වැඩි නිසා තව වතුර කෝප්ප 2ක් දාලා කළවම් කරගන්න. දැන් මිශ්‍රණය පෙරලා රස අනුව ලුණු දාලා බොන්න. 

 

5. සන්ෆ්ලවර් සීඩ්ස් බටර් (සන්බටර්)

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සන්ෆ්ලවර් සීඩ් කෝප්ප  2
  2. පොල්තෙල් මේස හැඳි 2
  3. වැනිලා තේ හැඳි 1
  4. පැණි තේ හැඳි 1

 

  • සන්ෆ්ලවර් සීඩ්ස් ටික මුලින්ම හොඳට ග්‍රයින්ඩ් කරගන්න. ඊළඟට මේකට පොල්තෙල් ටික දාලා නැවත ග්‍රයින්ඩ් කරගන්න. 
  • අන්තිමට වැනිලා හා පැණි දාලා ස්මූත් වෙනකල්ම ග්‍රයින්ඩ් කරලා බටර් එක හදාගන්න. වැනිලා දාලා තව විනාඩි 2ක්වත් හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 

 

6. බැසිල් සීඩ්ස් ශර්බට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බැසිල් සීඩ්ස් මේස හැඳි 2
  2. සීනි කෝප්ප 1/2
  3. කරදමුංගු කුඩු තේ හැඳි 1/2
  4. කිරි කෝප්ප 3

 

  • බැසිල් සීඩ්ස් ටික වතුර කෝප්ප 1/4ක පෙඟෙන්න තියන්න. ඊළඟට මේක පෙරාගන්න. දැන් මේක වෙනම බෝල් එකකට දාලා වතුර කෝප්ප 1ක් දාලා විනාඩි 5ක් තියන්න. 
  • මේකට සීනි හා කරදමුංගු කුඩු එකතු කරන්න. ඒකට කිරිටික දාලා සීනි දියවෙනකල් කළවම් කරලා කූල් කරලා බොන්න. 

 

7. ආමන්ඩ් ක්‍රැකර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුඩුකරගත් ආමන්ඩ් කෝප්ප 1
  2. කුඩුකරගත් ෆ්ලැක්ස් සීඩ් මේස හැඳි 1
  3. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
  4. ඩ්‍රයි ඔරිගානෝ ස්වල්පයක්
  5. ඔලිව්තෙල් මේස හැඳි 1
  6. අයිස්වතුර මේස හැඳි 2
  7. සෙසමි සීඩ්ස් ස්වල්පයක්
  8. චියා සීඩ්ස් ස්වල්පයක්

 

  • ආමන්ඩ්, ෆ්ලැක්ස් සීඩ්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කළවම් කරගන්න. මේකට ඔලිව්තෙල් හා ඔරිගානෝ ටික දාගන්න. හොඳටම කළවම් කරලා අයිස්වතුර දාගන්න. ආයෙ හොඳට කළවම් කරලා ඩෝ එක හදාගන්න. 
  • දැන් මේක හොඳට තුනීකරගන්න. උඩින් චියා සීඩ්ස් හා සෙසමි සීඩ්ස් ඉහලා ආයෙ ටිකක් රෝලින් පින් එකෙන් තලාගෙන සෙල්සියස් 180°ට විනාඩි 19ක් බේක් කරගන්න. 
  • එළියට අරන් අනික් පැත්ත හරවලා තව විනාඩි 8ක් වගේ බේක් කරගන්න. මේක ක්‍රැකර් එකේ තික්නස් එක අනුව තමා වෙනස් වෙන්නෙ. බේක් උනාම කැමති විදියට කෑලි කඩාගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *