ගෙනාපු ගමන් කන්න පුළුවන් අයිස්ක්‍රීම් වලින් තව තව කෑම හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? නැත්තන් ඔන්න බලාගන්න අයිස්ක්‍රීම් වලින් හදාගන්න පුළුවන් රසම රස කෑම ටිකක් තමයි අපි මේ අරන් ආවෙ.
1. එග්ලස් අයිස්ක්‍රීම් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- වැනිලා හෝ චොක්ලට් අයිස්ක්‍රීම් කෝප්ප 2
- පාන්පිටි කෝප්ප 1 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 2
- ලුණු පින්ච් එකක්
- අයිස්ක්‍රීම් ටික ස්වභාවිකව මෙල්ට් වෙන්න එළියෙන් තියන්න.
- මෙල්ට් උන අයිස්ක්‍රීම් එකට අනිත් දේවල් ටික එකතු කරල හොඳට බීට් කරලා බේකින් ට්‍රේ එකකට දාගන්න.
- ප්‍රී හීට් කරගත් අවන් එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් වගේ බේක් කරගන්න.
2. ඩීප් ෆ්‍රයිඩ් අයිස්ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස්ක්‍රීම්
- කුඩු කරගත් කෝන්ෆ්ලේක්ස් ටිකක්
- පාන්පිටි කෝප්ප 1/2
- ලුණු
- අයිස්ක්‍රීම් ටික ස්කූප් එකෙන් රවුම් කරගෙන අරන් ප්ලේට් එකකට දාගන්න. මේක පැය 2ක් ෆ්‍රීස් කරගන්න.
- පාන්පිටි වලට වතුර හා ලුණු ටිකක් දාලා තික් බැටර් එකක් හදාගන්න.
- දැන් ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තු ගමන් අයිස්ක්‍රීම් බෝල ටික බැටර් එකේ දාලා කෝන්ෆ්ලේක්ස් කුඩු තවරගන්න.
- ආයෙ විනාඩි 30ක් විතර ෆ්‍රීසර් එකේ තියලා ගත්ත ගමන් ගැඹුරු තෙලේ තප්පර 10ක් විතර බැදගන්න. චොක්ලට් සෝස් උඩින් දාලා උණුවෙන්ම කෑමට ගන්න.
3. අයිස්ක්‍රීම් මග් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- මෙල්ට් කරගත් වැනිලා අයිස්ක්‍රීම් මේස හැඳි 6
- පාන්පිටි මේස හැඳි 3
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- කුඩුකරගත් කජු ටිකක්
- මේ ඔක්කොම හොඳට කලවම් කරලා තික් බැටර් එකක් හදාගන්න.
- උඩින් කුඩු කරගත් කජු ටිකක් ඉසගන්න. මයික්‍රොවේව් මග්ස් වලට දාලා විනාඩි 1 1/2ක් වගේ මයික්‍රොවේව් කරගන්න.
4. අයිස්ක්‍රීම් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස්ක්‍රීම් කෝප්ප 2
- කපාගත් කජු ස්වල්පයක්
- මුද්දරස්පලම් ස්වල්පයක්
- කපාගත් ආමන්ඩ් ඇට ස්වල්පයක්
- පෙති කපාගත් බටර් කේක් ග්‍රෑම් 500
- චොක්ලට් සෝස්
- කෑලි කරගත් ඔරියෝ බිස්කට් ටිකක්
- මුලින්ම පුඩින් බෝල් එක අරගෙන අයිස්ක්‍රීම් ලේයර් එකක් දාගන්න. මේකට ඔයාලා කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්.
- ඊලඟට කුඩු කරගත් කජු හා ආමන්ඩ් ඉසගන්න. ඊලඟට ඔරියො ලේයර් එකක් දාගන්න. ඊලඟට කේක් ලේයර් එකක් දාගෙන අයිස්ක්‍රීම් ආයෙත් දාගන්න.
- උඩින් කජු, ආමන්ඩ්, මුද්දරස්පලම් ඉහගෙන චොක්ලට් සෝස් වක්කරගන්න.
- පැයක් වගේ ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.
5. අයිස්ක්‍රීම් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
කුකී ඩෝ එක සඳහා
- පාන්පිටි කෝප්ප 1
- බේකින් පව්ඩර් තේ හැඳි 2
- ලුණු පින්ච් එකක්
- මෙල්ට් කරගත් බටර් මේස හැඳි 3
- රතු සීනි මේස හැඳි 2
- සුදු සීනි මේස හැඳි 2
- බිත්තර 1
- වැනිලා ස්වල්පයක්
- චොක්ලට් චිප්ස් ටිකක්
අයිස්ක්‍රීම් ලේයර් එක සඳහා
- අයිස්ක්‍රීම් කෝප්ප 2
චොක්ලට් සෝස් එක සඳහා
- චොක්ලට් චිප්ස් කෝප්ප 1
- චොප්කරගත් ආමන්ඩ් ඇට ටිකක්
- කුකී ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම කලවම් කරලා ඩෝ එකක් හදාගන්න.
- ට්‍රේ එකක තුනී කරන් සෙල්සියස් 175°ට විනාඩි 15ක් බේක් කරගන්න. දැන් මේක ලොකු කෑලි 6කට වගේ කපාගන්න.
- ට්‍රේ එකකට අයිස්ක්‍රීම් ටික ස්මූත් කරගන්න. පැය 2ක් ෆ්‍රීස් කරලා ඩෝ එකේ කෑලි ගාණටම ඒ සයිස් එකෙන්ම කපාගන්න.
- සෝස් එක හදාගන්න චොක්ලට් චිප්ස් ටික මයික්‍රොවේව් කරගන්න. මේකට ආමන්ඩ් ටික දාලා කලවම් කරගන්න.
- දැන් කුකී ඩෝ එකෙන් කපාගත් කෑලි උඩින් අයිස්ක්‍රීම් කියුබ් එකක් තියල උඩින් තව කුකී ඩෝ එකක් තියාගෙන චොක්ලට් සෝස් දවටගන්න. මේක පැය භාගයක් ෆ්‍රීස් කරලා කෑමට පිළිගන්වන්න.
Leave a Reply