ඉස්සර ලංකාවෙ කොටු දාලා පෙන්නපු, දැන් වැඩි භේදයක් නැති, ඒත් අපිට නිතර ඇහෙන මුත් දකින්න නැති දෙයක් තමයි මේ මත්ද්‍රව්‍ය කියන්නෙ. අපි දන්න ප්‍රකටම දෙක මත්පැන් සහ දුම්වැටි වුවත්, ඊටවඩා හානිකර සහ ඇබ්බැහි වෙන සුළු මෙන්ම අධික මත් වීමක් හිසට ගෙන දෙන මත්ද්‍රව්‍ය තියෙනවා. ඒවා අල්ලන බව අපට මාධ්‍යයෙන් අහන්න ලැබෙනවා. ඒ අය සිර භාරයට ගත් බව, මත් කුඩු පිළිස්සූ බව ඇහුනත් ආයෙත්, ආයෙ ආයෙත් ලංකාවට මත් කුඩු එනවා. හැබැයි මේ කියන මත් ද්‍රව්‍ය ඇතැමක් ලංකාවට එන්නෙත් නැති තරම්. මේ ලෝකයේ හානිකරම මත්ද්‍රව්‍ය ගැනයි.
1. ක්‍රොකඩිල්

Source – content.animalnewyork.com
නමේම තියෙනවනෙ පොඩි කිඹුල් ගතියක්. නම වගේම තමයි. මේවයින් සිද්ධ වෙන හානියෙන් හම කුණු වෙලා කිඹුල් ලුක් එකක් එනවා. රුසියාවේ මිලියනයක් පමණ ඇබ්බැහි වී සිටින මෙම මත්ද්‍රව්‍ය අතිශය හානිකරයි. එයට ඇබ්බැහි වීමේ මූලිකම හේතුව වෙන්නේ එය අනෙක් හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට වඩා මිලෙන් තුන් ගුණයක් පමණ අඩු වීම. එය මිලෙන් අඩු වීමට හේතුව වෙන්නේ එය නිවෙස්වලත් සෑදීම. පේන් කිලර්ස් ටිකක්, අයඩින්, ගිනිගන්නා සුළු අම්ල සහ පිරිසුදු කාරක භාවිතයෙන් ගෙවල් ඇතුළෙම මේවා හැදෙනවා.
2. වූන්ගා

Source – huffpost.com
වූන්ගාවලත් බෙහෙත් ජාති වගේම විස ජාතිවල කවලමක් දකින්න පුළුවන්. එච්අයිවී රෝගයට ලබාදෙන බෙහෙත් වර්ග වගේම විෂ වර්ග සහ පිරිසුදු කාරක මේ වෙනුවෙන් යොදාගන්නවා. මෙම මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්ම දකින්න පුළුවන් වෙන්නෙ දකුණු අප්‍රිකාවේයි. එයට එක් හේතුවක් විදියට දකුණු අප්‍රිකාවේ උත්සන්නව ඇති එච් අයිවී තත්ත්වය පෙන්විය හැකියි. මෙය මරණයට හේතුවිය හැකියි. ඊට පෙර අභ්‍යන්තරික ලේ ගැලීම් සිදුවීම වැනි හානි මෙයින් ඇතිකරවනවා.
3. බාත් සෝල්ට්ස්

Source – jamanetwork.com
නම ටිකක් මත්ද්‍රව්‍යයක් විදියට ප්‍රසිද්ධියක් උසුලන්නක්. මේකෙ මත්ද්‍රව්‍යයක් නොවන දේකුත් තියෙනවා. ඒක ඉතින් නාද්දි බාත් ටබ් එකට දාගන්න පුළුවන්. ක්ලෙන්සර් එකක් විදියට හෝ ස්ක්‍රබ් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් මේ අපි කියන්නෙ ඇමරිකාවෙ වඩා ප්‍රසිද්ධ බාත් සෝල්ට්ස් කියන මත්ද්‍රව්‍ය ගැනයි. මේක ගැන ඇතිවෙච්ච ලොකුම කතාව තමයි මේකට ඇබ්බැහි වුනු අයගෙ සොම්බි හැසිරීම් පහළ වෙන වග. ඇඟේ උෂ්ණත්වය ඉහළ යන්න වගේම හාට් ඇටෑක් එන්නත් පුළුවන්. ඒ වගේම ලොකුවටම අපි කලින් කියපු සොම්බි පිස්සුව වගේ දේවල් දකින්න පුළුවන්.
4. ෆ්ලැකා

Source – usatoday.net
ඇම්ෆටමයින් කියන බාත් සෝල්ට්ස්වල අඩංගු වෙන මත්ද්‍රව්‍යට හුරු ගතියක් මේ ෆ්ලැකාවල තියෙනවා. ඩ්‍රග් එක මාකට් වෙන්නෙ එක්ස්ටසි පෙත්තෙ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක විදියට. හැබැයි සිද්ධ වෙන දේ එක්ස්ටසි පිල් එකෙන් සිද්ධ වෙනවට වඩා වෙනස්. හෘද ස්පන්දනය ඉහළ යෑම, අතිශයින් ඉමෝෂනල් වීම වගේම ගිලුනු ටිකක් දිරෙවුවොත් එහෙම පිස්සුවක් වෙන්නත් පුළුවන්. අතිවිශාල මනෝ ව්‍යාධියක් ඇති කරන්න මේ ඩ්‍රග් එකට පුළුවන්කමක් තියෙනවා.
5. AH-7921

Source – independent.co.uk
බැලූබැල්මට සිරා ප්ලේන් එකක කෝඩ් නේම් එකක් වගේ වුනාට මේක වෙනිං දෙයක්. මේක හඳුන්වන්නෙ ලීගල් හෙරොයින් කියලා. 2015 ජනවාරිවල අති භයානක ඩ්‍රග් එකක් බවට ලේබල් වෙන්න කිලන් මේක අන්තර්ජාලය හරහා ගෙදරටම ගෙන්වාගන්නට පුළුවන් වුනු ඩ්‍රග් එකක්. මෙහි සියයට අසූවක්ම තියෙන්නෙ මෝෆීන්. එක්සත් රාජධානියේ අතිශය ප්‍රසිද්ධ මේ මත්ද්‍රව්‍යයෙන් තාම වාර්තා වෙන්නෙ එක් පුද්ගල මරණයක් පමණක් වුනත් අතිශය භයානක මෙන්ම ක්‍රොකඩිල්වල ලක්ෂණත් අඩංගු මත්ද්‍රව්‍යක් බව කිව යුතුමයි.
6. ක්‍රිස්ටල් මෙත්

Source – fthmb.tqn.com
ඔන්න තවත් අහල තියෙන නමක්. මේව ෆේමස් වෙන්න වෝල්ටර් වයිට් මහත්තයාත් හේතු වුනා. මුලින්ම හදල තියෙන්නෙ 1887දි. අතිශය භයානකයි. සිද්ධ වෙලා තියෙන හානි සුළු පටු නැහැ. යුද්ධ සෙබළු ඇහැරවලා තියාගන්න දෙවැනි ලෝක යුද්ධ කාලෙදි දෙපැත්තටම ක්‍රිස්ටල් මෙත් දීලා තියෙනවා. කතාවල හැටියට ජපන්නු කමිකසේ පයිලට්ලට මරාගෙන මැරෙන මිෂන්වලට කලින් මේවා ගස්සලා යවල තියෙන්නෙ. 1970 වෙනකංම ලීගල් පිට තිබුනට මෙක්සිකන් අයියල බිස්නස් එකට අත ගහලා වැඩේ වන කළා. කෙටි කාලීනවත් දිගු කාලීනවත් මනසට හානි කරන මේ මත් ද්‍රව්‍ය අතිශය භයානක බව සිතේ තබාගත යුතුමයි.
7. ක්‍රැක් කොකේන්

Source – oxywatchdog.com
ක්‍රුක් කොකේන් 1980දි විතර කරලියට එන්නෙ මත් ලෝකෙ කොකෝන් අතිශය ජනප්‍රියත්වයක් උසුලද්දියි. කොකේන් අති ප්‍රසිද්ධියත් සමගනිපැයුම අඩු වීම සහ මිළ වැඩිවීම කියන දේ සිද්ධ වෙනවා. මේකත් එක්ක මත් ජාවාරම්කරුවන් කොකේන් ගල් කරන විදියක් හොයාගන්නවා. ඒ බේකින් සෝඩා එක්ක ඩිස්ටිඩිඩිං කරල. ඒකට හේතුව වෙන්නෙ මෙහෙම ඩිස්ටිඩිඩිං කරලා කොකේන් ගලක් විකුණද්දි අඩු කොකේන් ගානක් වැඩි දෙනෙකුට බෙදන්න පුළුවන් වීමයි. මේක අතිශය ප්‍රසිද්ධ වෙනවා. ඒකෙන් ලෝකෙය් වැඩි දෙනෙක් ක්‍රැක් කොකේන් භාවිතය අරඹනවා. වකුගඩු, ආමාශ සහ පෙනහළුවලට තමයි ලොකුම හානිය. ලේ ගමන් කරවන නාලවලට කෙළවීම, පපුවෙ අමාරු, වගේම ඩොහ් ගා මරණයට හේතු වෙනවා.
සැයු – අපි මේ සටහන ලියන්නෙ ඔයාලට මත්ද්‍රව්‍යට පෙළඹවීමේ කිසිඳු අදහසකින් නෙමෙයි. අපි විශ්වාස කරනවා බුද්ධිමත් ජනතාවට තමුන්ගෙ කැමැත්ත අකමැත්ත ගැන තීරණයක් ගන්නට උවමනා තරම් හැකියාව තියෙන වග. මෙය හුදෙක් ආකර්ෂණය, දැන ගැනීම සහ ඔබව යම් කිසි පෙළැඹවීමකට ලක් වුවහොත් එයින් මුදවන්නට තබන සටහනක් පමණයි.
Cover Image Source – vox.com / michaelshouse.com / drugfreekidscanada.org
[…] තහනම් කරන්නට හැකි දේ මොනවාද? මත්ද්‍රව්‍ය වැනි මිනිස් ජීවිතයට අතිශය අහිතකර දෑ […]