මුහුද යට තියෙන ලොවක් වසඟ කල හෝටල් 7ක්

Worlds under sea hotels

කුඩා කල සිටම අපේ කුතුහලය ඇවිස්සු තැන් වලින් එකක් තමයි මුහුදු පත්ල කියල කියන්නේ. මුහුද යට ජීවත් වීම කොයිවගේද කියලා ඔබත් හිතලා ඇති. හැබැයි අද නවීන ඉංජිනේරු හා විද්‍යා තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න ඒක යතාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. අපි මේ කතා කරන්න යන්නේ එවැනි අද්විතීය එක්ස්පීරියස් එකක් තමන්ගේ අමුත්තන්ට ලබාදෙන අරුම පුදුම හෝටල් 7 ක් ගැන.

01. සිංගප්පූරුවේ Resorts World Sentosa නිවාඩු නිකේතනය

Worlds under sea hotels
සිංගප්පූරුවේ සෙන්ටෝසා දුපතෙහි පිහිටි Resorts World Sentosa නිවාඩු නිකේතනය දෙමහල් නිවාස ලෙස ඉදිකරන ලද Ocean Suites එකොළහකින් සමන්විතයි. උඩු මහල ගොඩබිමෙහි පිහිටන අතර විසිත්ත කාමරයකින් සමන්විතයි. පහළ මහල පිහිටලා තියෙන්නෙ වතුර යට. නිදන කාමර තියෙන්නෙ මේ වතුර යට කොටසේ. උඩු මහල කෑම කාමරයකින් සහ ජැකුසි සහිත එළිමහන් පැටියෝවකින් යුතුයි. වායු සමීකරණ, නොමිලේ Wi-Fi, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් වැනි තවත් බොහෝ නවීන පහසුකම් මෙම නිකේතනය තම අමුත්තන්ට ලබා දෙනවා. ඔබටම වෙන්වුණු පුද්ගලික බට්ලර් වරයෙකු සිටීමද විශේෂත්වයක්.

02. චීනයේ Intercontinental Shanghai Wonderland හෝටලය

Worlds under sea hotels

2018 දී මහජනයාට විවෘත වුනු මේ හොටෙල් එක හදන්න විතරක් අවුරුදු 10 ක් ගිහින් තියෙනවා. චීනයේ ෂැන්හයි නගරයේ පිහිටි මේ අධි සුකොපබොගී හෝටලය under-water රූම්ස්, under-water රෙස්ටුරන්ට්, under-water ස්විමින් පූල් සහ under-water ස්පා වගේ අරුම පුදුම අත්දැකීම් වලට ප්‍රසිද්දයි. ඒවගේම පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න එහි under-water ක්‍රීඩා පිටියකුත් තියෙනවා.

03. ටැන්සානියාවෙහි Manta Resort පාවෙන හෝටලය

Worlds under sea hotels

ටැන්සානියාවෙහි සැන්සිබාර් දූපත් සමූහයට ඔබ්බෙන් පිහිටි Manta Resort කියන්නෙ පාවෙන හොටෙල් එකක්. මෙහි සෑම රූම් එකක්ම මුහුදු මට්ටමේ සිට අඩි 13ක් පමණ ගැඹුරින් තියෙන නිසා, ඉන්දීය සාගරයේ දර්ශනීය දසුන් සමඟ අමුත්තනට විවේක ගන්න පුළුවන්. දිය යටට වෙන්න රූම්ස් හතරක් තියෙනවා. මේවා හතර පැත්තේම වීදුරු සහිත පෙට්ටි වල හැඩය එන විදියට තමයි හදල තියෙන්නෙ. එතුල සිට ඔබට මුහුදු පතුලේ මාළුන් සහ කොරල්පර නැරඹන්න පුළුවන්.

04. ස්වීඩනයෙහි Utter Inn තානායම

Worlds under sea hotels

ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ආසන්නව වාස්ටෙරාස් විල මැද පිහිටි Utter Inn පාවෙන හොටෙල් එක මේ ලිස්ට් එකේ තියෙන තරමක් අයවැය-හිතකාමී දිය යට හෝටලයක්. පිටතින් බැලූ විට Utter Inn එක, වැවක් මැද පාවෙන ස්වීඩන් නිවසක් වගේ. හැබැයි ඇතුළත නිදන කාමරය ජල මතුපිටට අඩි 10 ක් පමණ ගැබුරින් තියෙන්නේ.

මේ අද්විතීය අත්දැකීම ආරම්භ වන්නේ වාස්ටෙරාස් වරායෙන් වන අතර එහිදී කාර්ය මණ්ඩලය සමඟ බෝට්ටු සවාරියක් ඔබව තානායමට රැගෙන යනවා. ඊට පසු තමයි නිදහසේ තානායමේ සුඛෝපභෝගී අත්දැකීම භුක්ති විඳින්න වෙන්නේ. තානායමේ උඩු මහල මුළුතැන්ගෙයකින්, එළිමහන් ටෙරස් එකකින් සහ කුඩා කෑම කාමරයකින් සමන්විතයි. පහළ මහළට ඉනිමගකින් බැස ගිය විට ඔබ එන්න වෙන්නේ ජලජ ජීවීන්ගේ දසුනින් වටවුණු නිදන කාමරයට. මේ තානායම නගරයේ කඩිමුඩියෙන් මිදී නිස්කලංක වැකේෂන් එකක් ගත කරන්න කැමති කෙනෙක්ට ගැලපෙනම ඩෙස්ටිනේෂන් එකක්.

05. මාලදිවයිනෙහි The Muraka, Conrad Maldives Rangali Island Resort නිවාඩු නිකේතනය

Worlds under sea hotels

මුහුදු මට්ටමේ සිට අඩි 16 කට වඩා ගැඹුරින්, මාලදිවයිනෙහි රන්ගාලි දුපතෙහි පිහිටි මෙම නිවාඩු නිකේතනය තමයි ලොව පළමු under-water villa එක. මහල් දෙකකින් සහ කාමර නවයකින් සමවිත මේ තරු පහේ නිවාඩු නිකේතනයේ, floor-to-ceiling ජනේල වලින් එහි අමුත්තන්ට ඉන්දියනු සාගරයේ විවිධ මුහුදු ජීවීන්ගේ දර්ශනීය විවේකීය දසුන් නරඹන්න පුළුවන්. මේ හොටෙල් එකේ තවත් විශේෂයක් වෙන්නේ එහි සම්පුර්ණයෙන්ම විදුරු වලින් සෑදුනු සුප්‍රසිද්ධ under-water රේස්ටුරන්ට් එකක් වන Ithaa අවන්හල පිහිටා තිබීම වගේම සම්මාන ලාබී under-water ස්පා දෙකක්ම පිහිටා තිබීම.

06. ඕස්ට්රේලියාවෙහි Reefsuites හොටෙල් එක

Worlds under sea hotels

ඕස්ට්‍රේලියාවේ පළමු දිය යට නවාතැන තමයි මේක. මේ හොටෙල් එක තියෙන්නේ ලෝක උරුමයක් වන මහාබාධක කොරල් පරයේ ආශ්‍රිතව පිහිටි Reefworld නම් බෝට්ටුවකයි. ඒක නිසා මේ හොටෙල් එකේ අමුත්තන්ට කොරල් පර නරබන්න scuba diving කට්ටල පවා ලැබෙනවා. මෙහි සුඛෝපභෝගී දිය යට කාමරයක ලොව විශාලතම කොරල් පර එකතුවෙහි දසුන් නරබමින් විවේක ගන්න අමුත්තන්ට, ගැඹුරු මුහුදෙහි සබ්මැරීන් සංචාරයන්ද අත්දකින්න පුළුවන්!

07. ඩුබායි හි Atlantis The Palm under-water හෝටලය

Worlds under sea hotels

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි මෙම තරු පහේ දිය යට හෝටලයේදී ඔබට මුහුදු ජීවීන්ගේ දර්ශන නරඹමින් උදේට අවදි වෙන්න පුළුවන්. මේ Atlantis The Palm, පුද්ගලික වෙරළක් සහිත, මින්මැදුරක පිහිටි සුඛෝපභෝගී හෝටලයක් සහ නිවාඩු නිකේතනයක් වෙනවා.

මේ හොටෙල් එකේ දිය යට ස්වීට්ස් දෙකක් තියෙනවා. ඒවා නම්කර ඇත්තේ ග්‍ර්‍රීක හා රෝම පුරාවෘත්තවල මුහුදට අධිපති දෙවියන්ගේ නම් වන Poseidon සහ Neptune නමිනුයි. මෙහි කාමර ඇත්තට මුහුද යට නොතිබුණට, ඒවා 65,000 කට අධික ජලජ ජීවීන්ගේ නවාතැනක් වන දැවැන්ත මින්මැදුරකින් වටවෙලයි තියෙන්නේ. මේ හොටෙල් එකේ විශේෂත්වයක් වන්නේ under-water රෙස්ටුරන්ට් එකක් වන ලෝක ප්‍රසිද්ද Ossiano අවන්හල මෙහි පිහිට තිබීම යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *