මීට්බෝල්ස් යොදාගෙන හදාගන්න පුළුවන් විවිධ කෑම වර්ග කීපයක​ට රෙසිපි

මීට්බෝල්ස් ලොකු කුඩා කවුරුත් කන්න ආස කෑමක්නේ. ගෙදරදි හැමදාම මීට්බෝල්ස් කරියක් විදිහට හදලා කනවට වඩා වෙනස්ම විදියකට කන්න රෙසිපි ගොන්නක් අරගෙන අපි ආවා ඔන්න වෙනදා වගේම.

කඩෙන් මීට් බෝල්ස් ගන්න අකමැති අයට ගෙදරදිම මීට්බෝල්ස් හදාගන්න හැටි දැනගන්න පුළුවන් පහත ලින්ක් එකෙන්.

 

සොසේජස් සහ මීට් බෝල්ස් ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න! 

 

 

1. චීසි බේක්ඩ් මීට්බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මීට්බෝල්ස් 24 පැකට් එකක්
  2. ටොමැටෝ පියුරි
  3. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්

 

  • මීට්බෝල්ස් ටික පෑන් එකේ ෆ්‍රයි කරගන්න. බේකින් ට්‍රේ එකකට ටොමැටෝ පියුරි දමා ඊට උඩින් ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක් දමා මීට්බෝල්ස් අතුරන්න.
  • ඉන්පසු නැවතත් ටෝමැටො පියුරි  දමා එයට උඩින් නැවත මොසරැල්ලා චීස් ටිකක් ග්‍රේට් කර, ෆොයිල් පේපර් එකකින් කවර් කරලා 220°C උෂ්ණත්වය​ට  මිනිත්තු 25 ක් බේක් කරන්න. 

 

2. මීට්බෝල්ස් විත් ස්පැගටි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මීට්බෝල්ස් පැකට් 2 
  2. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
  3. චිකන් ස්ටොක් කෝප්ප 1
  4. ලුණු
  5. ගම්මිරිස්කුඩු
  6. තම්බාගත් ස්පැගටි පැකට් එකක්
  7. පාමසාන් චීස් කෝප්ප 1
  8. පාස්ලි 1/2

 

  • මීට්බෝල්ස් සහ චිකන් ස්ටොක් ලිපේ තබා එය උතුරන විට කිරි කෝප්ප 2ක් ද එයට එක් කරන්න. එයට ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර මද වේලාවකින් ස්පැගටි එක් කරන්න. දැන් පාමසාන් චීස් එකතු කරන්න.
  • ඉන්පසු එයට පාස්ලි කෝප්ප 1/2 ක් එක් කරන්න. හොඳට කලවම් කරලා තෙත ගතිය අඩු වෙනකොට ලිපෙන් බාගන්න.

 

3. ගාලික් බ්‍රෙඩ් මීට්බෝල් රින්ග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මීට්බෝල්ස් 
  2. පාන්පිටි 
  3. තක්කාලි ​කෙචප්
  4. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
  5. මෙල්ට් කරගත් බටර් ටිකක්
  6. චොප්කරගත් පාස්ලි ටිකක්
  7. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2

 

මුලින්ම පාන්පිටි ඩෝ එක සාදා ගනිමු.

  • පාන්පිටි කෝප්ප 1කට ලුණු ටිකක් සහ වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් අනාගෙන පැත්තකින් තියන්න.

 

  • මීට්බෝල්ස් ටිකක් පෑන් ෆ්‍රයි කරගන්න. දැන් ඩෝ එක තුනී කරලා රවුම් කපාගෙන එක එක රවුමේ ​කෙචප් ටිකක් ගාලා, මොසරැල්ලා චීස් ටිකක් දාලා මීට් බෝල් එකක් තියලා ඔතාගන්න.
  • මේක බේකින් පෑන් එකේ එක ලඟ එකට ඇලෙන විදි​හට රවුමට අතුරගන්න.
  • මෙල්ට් කරගත්ත බටර් වලට පාස්ලි හා සුදුළූණු කලවම් කරලා බ්‍රශ් එකකින් හදපු රින්ග් එකේ උඩ ගාගන්න. දැන් මේක 180°Cට විනාඩි 20ක් බේක් කරගන්න.

 

4. BBQ මීට්බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. මීට්බෝල්ස්
  2. චොප් කරපු ළූණු කෝප්ප 1/2
  3. සුදුළූණු මේස හැඳි 2
  4. මී පැණි කෝප්ප 1/2
  5. ටෝමැටො ​කෙචප් කෝප්ප 1
  6. දූඹුරු සීනි කෝප්ප 1 /4
  7. ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1/2
  8. අබ ක්‍රීම් මේස හැඳි 1
  9. සෝයාසෝස් මේස හැඳි 2

 

  • මීට්බෝල්ස් ටික මිනිත්තු 15ක් පමණ බේක් කරන්න. 
  • භාජනයක් ගෙන එයට තෙල් ටිකක් දාලා ලිපේ තියන්න, රත්වෙනකොට ළූණු කෝප්ප 1/2 සහ සුදුළූණු  එක්කර තෙම්පරාදු කරගන්න. 
  • මද වේලාවකින් එයට ඇපල් සයිඩර් විනාකිරි, කෙචප්, අබ ක්‍රීම්, මී පැණි සහ දුඹුරු සීනි කලවම් කරගන්න.
  • හදාගත්ත මේ පේස්ට් එකට බේක් කරගත්ත මීට්බෝල්ස් ටික දාලා කලවම් කරගන්න.

 

5. මීට්බෝල්ස් විත් වයිට් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මීට්බෝල්ස් පැකට් 2
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2

 

වයිට් සෝස් එකට

 

  1. බටර් මේස හැඳි 1
  2. පාන්පිටි මේස හැඳි 2
  3. හෙවි ක්‍රීම් කෝප්ප 1/2
  4. ගම්මිරිස්කුඩු 
  5. සුදු ගම්මිරිස්කුඩු 
  6. ලුණු පින්ච් එකක්
  7. චිකන් ස්ටොක් මේස හැඳි 2
  8. මස්ටර්ඩ් ක්‍රීම් මේස හැඳි 1
  9. චොප්කරගත් පාස්ලි ටිකක්
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු හා සුදුළූණු ටික තෙම්පරාදු කරගන්න.
  • මීට්බෝල්ස් ටික එකතු කරන් විනාඩි 2ක් වගේ ෆ්‍රයි කරගෙන පැත්තකින් තියන්න.
  • දැන් වයිට් සෝස් එක හදාගන්න වෙනම පෑන් එකක් රත්වෙන්න තියල බටර් දාලා දියවෙනකොට පාන්පිටි මේස හැන්දක් දාගන්න.
  • හොඳට හැඳි ගාලා කැටි නැතිවෙන තරමට ක්‍රීම් එකක් වගේ හැදුනම හෙවි ක්‍රීම් එකතු කරගන්න. උකුගතිය මදිනම් විතරක් ඉතිරි පිටි මේස හැන්ද දාගන්න.
  • මේකට සුදු ගම්මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, ලුණු එකතු කරගන්න.
  • හොඳට කලවම් කරලා චිකන් ස්ටොක් මේස හැඳි 2ක් දාගන්න. දැන් මස්ටර්ඩ් ක්‍රීම් එකතු කරගන්න. හොඳට හැඳි ගාගන්න.
  • සෝස් එක උකුවෙනකොට මීට්බෝල්ස් ටික එකතු කරලා උඩින් චොප්කරගත් පාස්ලි ටිකක් ඉසගන්න. ගාලික් බ්‍රෙඩ්, පාස්තා, ස්පැගති, නූඩ්ල්ස් වගේ ඕනම දෙයක් එක්ක මේක මැච් වෙනව. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *