රැකියාවට යන බිසී ඔබට ඊසි බ්‍රෙක්ෆස්ට් ‍රෙසිපි 7ක්

අපි කොයි කවුරුත් රැකියාවට යන කාර්‍යබහුල අයනේ… ඉතින් හැමවෙලේම හොයන්නෙ ලේසි දේවල්. අද ඔයාලට අපි ගෙනාවේ ඉක්මණින් ලේසියෙන් හදාගන්න පුළුවන් බ්‍රෙක්ෆස්ට් රෙසිපි ටිකක්. ඉක්මණට ලේසියෙන් හදාගත්තට අවශ්‍ය පෝෂණය අඩු නැතුව ගන්නත් අමතක කරන්න බෑනෙ. බබාලා එක්ක බිසී ශෙඩූල් එකකට වැඩ කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන රෙසිපි ටිකක්. මේවයින් කීපයක් කලින් හදල තියාගන්නත් පුළුවන් ඒවා. ට්‍රයි කරලා බලන්නකො.

 

1. ටෙක්සාස් ටෝස්ට් (Texas Toast) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පෙති කිහිපයක් 
  2. බිත්තර 7
  3. කිරි කෝප්ප 1 
  4. මෙල්ට් ක‍රගත් බටර් මේස හැඳි 3
  5. වැනිලා තේ හැඳි 1 
  6. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  7. සීනි මේස හැඳි 2 
  8. ලුණු කුඩු ස්වල්පයක් 
  • බෝල් එකකට බිත්තර, කිරි, බටර්, වැනිලා, කුරුඳු පොතු, සීනි, ලුණු කුඩු දාලා හොඳින් මික්ස් කරන්න. දැන් හදා ගත්ත බැටර් එකේ පාන් පෙති පොඟවගන්න. ඊළඟට සෙල්සියස් 180°ට විනාඩි 20 ක් බේක් කරගන්න. නිවුණට පස්සෙ විනාඩි 10 ක් විතර ෆ්‍රීස්වෙන්න තියන්න. 
  • ඒක සිප් ලොක් බෑග් වලට එක වේලකට අවශ්‍ය ප්‍රමාණ වෙන වෙනම දාලා අවශ්‍ය වෙලාවට ෆ්‍රීසර් එකෙන් අර ගෙන 180’c යටතේ විනාඩි 12 -15 ක් විතර බේක් කරගන්න. 
  • මයික්‍රොවේව් අවන් එකක නම් තත්පර 45 – 60 අතර ප්‍රමාණයට මයික්‍රොවේව් කරගන්න. දවස් තුන හතරකට සෑහෙන්න මෙහෙම හදල තියාගන්න පුළුවන්. 
  • එවලෙම හදලා කනවා නම්, පාන් පෙති දෙකකට බිත්තර එකක ප්‍රමාණයට අරගෙන හදන්න මේකට ගත වෙන්නෙත් විනාඩි තුන හතරක්. පෑන් එකේ දෙපැත්ත ෆ්‍රයි කරල කන්න ගන්න පුළුවන්.  

 

2. ස්ට්‍රෝබෙරි චීස් කේක් පෑන්කේක් (Strawberry Cheesecake Pancake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෑන්කේක් මික්ස් කෝප්ප 4
  2. කිරි කෝප්ප 2 
  3. බිත්තර 4
  4. ක්‍රීම් චීස් 
  5. ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් 

 

  • බෝල් එකකට පෑන්කේක් මික්ස් එක දාලා ඒකටම කිරි, බිත්තර දාලා හොඳින් මික්ස් කරන්න. දැන් ඒ බැටර් එක බටර් තවරාගත් බේකින් ට්‍රේ එකකට දාගන්න. ඊළඟට ඒකට උඩින් ක්‍රීම් චීස් කෑලි හා ස්ට්‍රෝබෙරි අතුරා ගන්න. 
  • සෙල්සියස් 180°ට විනාඩි 15 ක් විතර බේක් කරගන්න. අවශ්‍ය ගාණට කොටු කපලා නිවුණම සිප්ලොක් බෑග් වල දාලා ෆ්‍රීස් කරන්න. 
  • අවශ්‍ය වෙලාවට විනාඩි 10ක් සෙල්සියස් 180°ට බේක් කරගන්න හෝ විනාඩියක් මයික්‍රොවේව් කරගන්න. 
  • එවලෙම හදල කෑමට ගත්තත් මේක මික්ස් කරගන්න යන්නෙ විනාඩි දෙක තුනක් නිසා මේ විදියට මික්ස් එක හදලා පෑන් එකේ පෑන් කේක් එක හදාගන්නත් පුළුවන්. 

 

3. ෆ්‍රෙන්ච් ටෝස්ට් සිනමන් රෝල් අප් (French toast cinnamon roll up) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් මේස හැඳි 3
  2. දුඹුරු සීනි මේස හැඳි 3
  3. කුරුඳු කුඩු පින්ච් එකක්
  4. පාන් පෙති කිහිපයක් 
  5. බිත්තර 4ක් විතර

 

  • බෝල් එකකට බටර්, දුඹුරු සීනි, කුරුඳු කුඩු දාලා හොඳින් කලවම් කරන්න. පාන් පෙති කිහිපයක් ගෙන කලින් සාදා ගත් මික්ස් එක පාන් පෙති වලට ගා ගෙන පාන් පෙත්ත රෝල් කරන්න. 
  • ඒක ගසාගත් බිත්තර වල දවට ගෙන පෑන් එකක් ලිපේ තියලා බටර් පොඩ්ඩක් දාලා, හදාගත්තු රෝල් එකේ කෙළවර පෑන් එකේ යටට හිටින්න තියල බැදගන්න. රෝල් එක සෙට් වුණාම වටේම හොඳට බැදගන්න.

 

4. ෆ්‍රෙන්ච් ටෝස්ට් සොසේජ් රෝල් අප් (French toast sausage roll up) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සොසේජස් කිහිපයක් 
  2. පාන් පෙති කිහිපයක් 
  3. බිත්තර 5ක්
  4. ලුණු ස්වල්පයක් 

 

  • පාන්පෙත්තක කෙළවරට සොසේජස් එකක් තියලා රෝල් කරන්න. බිත්තර වලට ලුණු ටිකක් දාලා බීට් කරගන්න. 
  • හදාගත්ත රෝල්ස් බිත්තර මිශ්‍රණයේ දවටන්න. 
  • පෑන් එකක බටර් පොඩ්ඩක් රත් වෙන්න තියලා, පාන්පෙත්ත රෝල් කරගත්ත එකේ කෙළවර පෑන් එකේ යටට තියලා රෝල් එක සෙට් වෙන්න බැදගන්න. 
  • ඊටපස්සෙ වටේම හොඳට බැදගන්න. මිනිත්තු තුනකින් උදේ කෑම ලෑස්තියි.

 

5. බෙරි ඕට්ස්මීල් කප් (Berry oatmeal Cup) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 1 
  2. මේපල් සිරප් කෝප්ප 1/2
  3. බිත්තර 2
  4. වැනිලා තේ හැඳි 1
  5. ඕට්ස් කෝප්ප 1 1/2
  6. ග්‍රැනෝලා මික්ස් කෝප්ප 1 (අත්‍යාවශ්‍ය නෑ)
  7. බේකින් පවුඩර් තේ හැඳි 1
  8. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  9. ස්ට්‍රෝබෙරි ස්වල්පයක් 
  10. බ්ලූබෙරි ස්වල්පයක් 

 

  • බෝල් එකකට කිරි, මේපල් සිරප්, බිත්තර, වැනිලා දාලා හොඳින් කලවම් කරන්න. 
  • ඒකට ඕට්ස්, ග්‍රැනෝලා, බේකින් පවුඩර්, කුරුඳු කුඩු දාලා හොඳින් කලවම් කරන්න. 
  • ඊළඟට කප් කේක් සාදන ට්‍රේ එකකට ඒ මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් දා ගන්න. ඒකට උඩින් ස්ට්‍රෝබෙරි හා බ්ලූබෙරි තියාගන්න. ඒක සෙල්සියස් 180°ට විනාඩි 25ක් විතර බේක් කරගන්න. 

 

6. ස්පැනිෂ් ඔම්ලට් (Spanish Omelet) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චොප්කරගත් අල ගෙඩි 2
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. ලුණු හා ගම්මිරිස්කුඩු 
  4. බිත්තර 5
  5. චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් 
  6. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  7. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1

 

  • පෑන් එකට තෙල් ටිකක් දාලා අල ටික දාලා අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්න. මේකට ළූණු ටිකත් දාගන්න. ළූණු ටික තැම්බුනාම ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න. විනාඩි 3-4ක් වහලා තම්බගන්න. ඊළඟට ලිපෙන් බාගන්න. 
  • බිත්තර වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා බීට් කරගන්න. 
  • මේකට ළූණු කොළ හා කොත්තමල්ලි කොළ දාලා, ෆ්‍රයි කරගත් අල මිශ්‍රණය දාලා කලවම් කරන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මේ බිත්තර මිශ්‍රණයෙන් භාගයක් දාලා ඊට උඩින් මොසරැල්ලා චීස් ටික දාගන්න. ඊළඟට උඩින් ඉතුරු බිත්තර මිශ්‍රණය දාලා වහලා විනාඩි 4ක් පිසගන්න. 

 

7. චීස් ක්‍රේප්ස් (Cheese Crepes) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. කෝන්ෆ්ලා මේස හැඳි 1
  3. චොප් කර ගත් තක්කාලි ගෙඩි 1 
  4. චොප් කර ගත් ළූණු ගෙඩි මේස හැඳි 2
  5. අමු මිරිස් කරල් 1
  6. කොත්තමල්ලි කොළ ස්වල්පයක් 
  7. ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක් 
  8. වතුර කෝප්ප 1 ¼
  9. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්

 

  • බෝල් එකකට පාන්පිටි, කෝන්ෆ්ලා, චොප් කර ගත් තක්කාලි, චොප් කර ගත් ලුණු, හීනියට කපා ගත් අමුමිරිස්, කොත්තමල්ලි ස්වල්පයක්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, වතුර දාලා හොඳින් කලවම් කරන්න. 
  • දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වෙන්න තියන්න. ඊළඟට කලින් සාදා ගත් බැටර් එක දාලා ඕම්ලට් එකක් හදගන්න. ඒකට උඩින් මොසරැල්ලා චීස් දාගෙන විනාඩි 3 -4 ක් මධ්‍යම ගින්නෙන් පිසගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *