චොකලට් කේක් කන්න අකමැති අය ඉන්නව නම් ඒ බොහොම ස්වල්ප දෙනෙක් විතරයි. ඒ අය ඇරුණම බහුතරයක් ඉන්නෙ චොකලට් කේක් වලට පෙරේතයො. ඒත් කඩෙන් ගන්න චොකලට් කේක් හුඟක් වෙලාවට වියලි ගතියෙන් යුක්ත කේක්. කඩෙන් නොගෙන ගෙදරම රසම රසට චොකලට් කේක් හදාගන්න විදි දෙක තුනක් කියල දෙන්නයි මේ හදන්නෙ. මේ චොකලට් කේක් වලට ගන්න චොකලට් ෆ්‍රොස්ටින් එක ගැන අපි මීට කලින් ලිපියක ලිව්ව. අවන් නැති කෙනෙක්ට උනත් කේක් එකක් බේක් කරගන්න හැටිත් අපි කලින් කතා කළා. අවන් නැතුවත් මේ කේක් හදාගන්න බැරි නෑ ඔන්න.
1. මොයිස්ට් චොකලට් කේක්
චොකලට් කේක් කියන්නෙ වේලිලා කුඩු හැලි හැලි කන කේක් එකක් නෙවෙයි. හොඳ චොකලට් කේක් එකක මොයිස්චර් එකක් එහෙම නැත්නම් තෙත් බවක් තියෙන්න ඕන. මේ එහෙම කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කප් 3
- සීනි කප් 3
- කොකෝවා පව්ඩර් කප් 1 1/2
- බේකින් සෝඩා මේස හැන්දක්
- බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
- ලුණු තේ හැඳි 1 1/2
- ලොකු බිත්තර 4
- කිරි කප් 1 1/2
- දෙහි යුශ මේස හැඳි 1 1/2
- උණුසුම් වතුර කප් 1 1/2
- එළවළු තෙල් කප් 1/2
- වැනිලා තේ හැඳි 2
- කිරි වලට දෙහි යුශ එක් කර මිශ්‍ර කර විනාඩි 5ක් පමණ පසෙකින් තියාගන්න.
- පිටි, සීනි, බේකින් සෝඩා, ලුණු, බේකින් පව්ඩර් සහ කොකෝවා පව්ඩර් එකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
- බිත්තර, කිරි මිශ්‍රණය, තෙල්, වතුර සහ වැනිලා එකට එක් කර හොඳින් බීට් කරගන්න.
- එය පිටි මිශ්‍රණයට එක් කරමින් මද වේගයෙන් බීට් කරගන්න. නැත්නම් හෑන්ඩ් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
- සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් පමණ බේක් කරගන්න.
2. එග්ලස් චොකලට් කේක්
බිත්තර රස, සුවඳ එන නිසා කේක් නොකන වෙජිටේරියන් කට්ටියට තමා මේ කේක් එක. බිත්තර නොදා හදන නිසා බිත්තර නොකන කෙනෙක්ට හිතේ අවුලක් නැතුව කන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි මෙශරින් කප් 1 1/2
- කොකෝවා පව්ඩර් මේස හැඳි 3
- බේකින් පව්ඩර් තේ හැඳි 1 1/2
- බේකින් සෝඩා තේ හැඳි 3/4
- මිල්ක්මේඩ් කප් 1
- දිය කරගත් බටර් කප් 3/4
- වැනිලා තේ හැඳි 1 1/2
- වතුර කප් 3/4
- පිටි, කොකෝවා පව්ඩර්, බේකින් පව්ඩර් සහ බේකින් සෝඩා බෝල් එකකට දමා එකට මිශ්‍ර කරගන්න.
- දියකරගත් බටර් වලට මිල්ක්මේඩ් සහ වතුර එක් කර හොඳින් බීට් කරගන්න. වැනිලා එක් කර මිශ්‍ර කරගන්න.
- මේ මිශ්‍රණයට පිටි වලින් භාගයක් එක් කර වින්ස් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතිරි පිටි ටිකත් ටික ටික එක් කරමින් මිශ්‍ර කරගන්න.
- බටර් තවරා තෙල් කඩදාසි දමාගත් අඟල් 9ක රවුම් තැටියකට මිශ්‍රණය එක් කර සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න.
3. වන් බෝල් ඊසි චොකලට් කේක්
මේක වැඩි වැඩ නැති සිම්පල් රෙසිපි එකක්. හදිස්සියේ එන චොකලට් කේක් පෙරේතකම නැතිකරගන්න මේ වගේ ලේසි රෙසිපි එකක් දැනන් ඉන්න එක වටිනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- කාමර උෂ්ණත්වයේ තියාගත් බටර් 175g
- සීනි 175g
- ලොකු බිත්තර 3
- පිටි 150g
- කොකෝවා පව්ඩර් 50g
- වැනිලා තේ හැන්දයි
- බේකින් පව්ඩර් තේ හැන්දයි
- ලුණු පින්ච් එකක්
- සියළුම ද්‍රව්‍ය එකට එක් කර හොඳින් විස්ක් කරගන්න. තෙල් කඩදාසි දමාගත් අඟල් 7ක රවුම් තැටියක දමාගන්න.
- සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-40ත් අතර කාලයක් බේක් කරගන්න.
4. ෆ්ලාලස් චොකලට් කේක්
පිටි නැතුව කොහොමද කේක් හදන්නෙ කියල හිතුව නේද නම දැක්ක ගමන්? ඒක තමා මේකෙ විශේෂත්වය. පිටි නැති චොකලට් කේක්. හදලම බලන්නකො රස.
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාක් චොකලට් 225g
- බටර් කප් 1
- සීනි කප් 1
- බිත්තර 4
- බටර් සහ කුඩාවට කපාගත් චොකලට් ඩබල් බොයිල් කර මිශ්‍ර කරගන්න.
- එය ලිපෙන් ඉවත් කර, මදක් නිවුණු පසු බිත්තර සහ සීනි එක් කර හොඳින් විස්ක් කරගන්න.
- සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.
5. ඩෙත් බයි චොකලට්
නම දැක්කම බය හිතුනද 😉 මේ චොකලට් කේක් එක චොකලට් ෆ්‍රොස්ටින් එකකින් කවර් කරන් ග්‍රේට් කරගත්ත චොකලට් වලින්ම සරසන්න ඕන පින්තූරයේ වගේ. ඩෙත් බයි චොකලට් කියන්නෙ මේක ඒ තරම්ම චොකලට් රස කේක් එකක් නිසයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් කප් 3/4
- සීනි කප් 2 1/4
- කොකෝවා පවුඩර් කප් 3/4
- වැනිලා තේ හැඳි 2
- බිත්තර 3
- පිටි කප් 2
- බේකින් සෝඩා තේ හැඳි 1 1/2
- බේකින් පව්ඩර් තේ හැන්දයි
- ලුණු තේ හැඳි 3/4
- සාදාගත් ක්ෂණික කෝපි (සීනි රහිතව කප් 1 ½)
- කිරි කප් 1/4
- බටර් ටික ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම සීනි එක් කර වර්ණය ලා පැහැ වනතුරු බීට් කරන්න. එයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එක් කර බීට් කරගන්න.
- පිටි, ලුණු, බේකින් සෝඩා සහ බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරගන්න. කිරි වලට කෝපි එක් කරගන්න.
- පිටි මිශ්‍රණය සහ කෝපි මිශ්‍රණය ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එක් කරමින් හොඳින් කලවම් කරගන්න.
- සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක තෙල් කඩදාසි දමාගත් අඟල් 9 රවුම් කේක් තැටියක විනාඩි 30-35ක් බේක් කරගන්න.
- හොඳින් නිවුණු පසු ෆ්‍රොස්ටින් එක දමාගන්න.
Cover Image Source – ribbonsandbowscakes.com.au/ carveyourcraving.com
Leave a Reply