කොළඹ අවට වෙජිටේරියන් සහ වීගන් කඩ 7ක්

vegan n vegetarian restaurants in srilanka

මස් මාළු නොකන මිනිස්සු මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නෙ මොකද්ද? ලංකාවෙදි සාමාන්‍ය හෝටලයකට ගිහින් බත් කන්න තියෙන්නෙ මොනවද කියල ඇහුවොත්, වේටර් අංකල් ගත්තු කටටම කියන්නෙ මස්, මාළු, බිත්තර තියෙනව මහත්තය කියල. ඒකෙන් මස්මාළු නොකන පිරිස දැඩි අපහසුතාවයකට ලක්වෙනවා. අන්න ඒ නිසායි කෙනෙක් කන්න තියෙන්නෙ මොනවද ඇහුවම තියෙන එළවළු වර්ග උත්තරේ විදියට එන්න ඕන. මොකද මස්, මාළු, බිත්තර කොහොමත් තියෙන බව හැමෝම දන්නවනෙ. අන්න ඒ නිසායි වෙජිටේරියන් අයට සහ වීගන් අයට කෑමකට යන්න පුළුවන් වෙන අවන්හල් කිහිපයක් ගැන ලියන්න හිතුවෙ. ඒක මස් රසට ලෝලී අයත් ගිහින් ලැබුවට වරදක් නැති අත්දැකීමක් බව මේ වෙලාවෙම කියන්න ඕන.

 

1. Mathura Restaurant

vegan n vegetarian restaurants in srilanka

Source – tasty.lk

කොළඹට තියෙන ප්‍රසිද්ධම ‌ඉන්දියානු කෑම තියෙන කඩයක් විදියට මතුරා හඳුන්වන්න පුළුවන්. තැනත් ලස්සන, කෑමත් රස නිසා නිස්කලංකව ඉන්දියානු කෑම ටිකක් කන්න කියාපු තැනක් විදියට මතුරා හඳුන්වන්න පුළුවන්. වෙජිටේරියන් ඔප්ෂන්ස් අතරේ තියෙන බටර් නාන් වලට අපේ කැමැත්ත වැඩියි. ඒ වගේම වෙජි බිරියානි එකත් කිසිසේත් මගහැර ගත නොයුතු ආහාරයක් විදියට දක්වන්න පුළුවන්. ඒකෙන් පසුව අතුරුපසටත් විකල්ප බොහෝමයක් මතුරා සතුයි. ඉන්දියානු සංස්කෘතියට කැමති පෙම්වතියක් එක්ක ගිහිල්ල කන්න කියාපු තැනක් තමයි මේ. ඉන්දියන් මියුසික් පාරක් වදින අතරෙ, බිත්තිවල එල්ලපු පැරණි සිනමා නළු පින්තූර බොලිවුඩ් මතකයන් අවදි කරාවි. කට සැරට, දැවිල්ලට කන්න කැමති අයට දිවට හරියන රසට, බඩට හරියන ගාණට කාලා, හිතටත් ෂේප් ගාණක් ගෙවන්න කියාපු තැනක්.

 

2. Vasanta Bhavan

vegan n vegetarian restaurants in srilanka

Source – facebook.com

දකුණු ඉන්දියානු සහ උතුරු ඉන්දියානු කෑම පිරිච්ච වෙජිටේරියන් කඩේ කරන්නෙ පොන්නුසාමි චෙට්ටිනඩ් කඩේ කරන අයමයි. ඒක තියෙන්නෙ එහා පැත්තෙ. මස් මාංශ එක්ක කන්න කැමතිනං ඒකට යන්න පුළුවන්. නැත්තං මේකෙන් වාඩි වෙන්න. ප්ලේස් එක ෂෝක් වුනාට අතපය දිගෑරලා කන්න මේස පොඩි වැඩියි. මහත ‌දෙහෙත සිරුරු ඒ ගැන ටිකක් හිතන්න. පොන්නුසාමි නම ඉන්දියාවෙ ප්‍රකට කඩයක් නිසා බොහෝ අය මේ කඩේ හොයාගෙනම යනව. ගණං ටිකක් වැඩි වුනාට රසින් ඉහළයි. වසන්ත භවාන් ස්පෙෂල් කියන්නෙ මෙයාලගෙ ස්පෙෂල් බත් එකක්. හැබැයි සාමාන්‍යයෙන් සයිවර් කඩවලින් දකින්න ලැබෙන බත් එකම වඩා දියුණු විදියකට තමයි වැඩි රසකින් පිළිගැන්වෙන්නෙ. කිසිසේත්ම ඔබට එපා නොවෙන කෑමක්. කෑම නොකා බොන්න යනවනං හරියන්නෙ බටර්මිල්ක් එක තමයි. මොකද ඒකෙ තියෙන ක්‍රීමි බව කෑම කාපු බඩකට දරාගන්න අමාරුයි. කාපු කෑම කැපෙන්න බොනවනං සුපුරුදු පරිදි ලයිම් ජූස් එකක් බොන එක තමයි සෙට් වෙන්නෙ.

 

3. Milk & Honey Cafe

vegan n vegetarian restaurants in srilanka

Source – yamu.lk

කිරියි පැණියි විදියට සිංහලෙන් හඳුන්වන්නත් පුළුවන් මේ කඩේ වැඩිපුර ඉන්නෙ විදෙස් ජාතිකයොද කියලත් හිතෙනව. දකුණු ඉන්දියානු ආහාර තමයි තියෙන්නෙ. ඒ හින්දා කෑම එළඟි තෙලෙන් හැදිලා එද්දි අමුතු රසක් දිවට දැනේවි. හෝටන් පෙදෙසේ තියෙන මේ කඩේ මිල ගණන් සාමාන්‍යයෙන් ඒ පෙදෙසේ අවන්හල් මෙන් ඉහළ නොවුණත්, මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔබට බොහෝවිට වෙජිටේරියන් ඔප්ෂන්ස් විදියට ලැබෙන අල, කජු, කඩල, පාන් පිටි, එලඟි තෙල්, උඳු පිටි පිරි ආහාර වෙනුවට මෙතනින් ඔබට සිරුරට ගුණදායී වෙජිටේරියන් කෑම රාශියක් රස බලන්න පුළුවන් වීම. පැස්ටා වර්ගවල නියම රසක් අන්තර්ගත වුණු බව කිව යුතුමයි. නිස්කලංක තැනක් නිසා, නිස්කලංකව ඉඳල එන්න බලාගෙන යනවනම් වැදගත් වේවි. කන්න කියල රෙකමදාරු කරන්න පුළුවන් ‌දෙයක් තමයි චොකලට් බ්‍රවුනී එක. වෝටර්මෙලන් ලෙමනේඩ් ජූස් එකකුත් බොන්න.

 

4. Thalis

vegan n vegetarian restaurants in srilanka

Source – yamu.lk

තියෙන්නෙ පාක් රෝඩ් එකේ. ඉන්දියන් රසට කන්න ආසනං යන්න. ගණං හිලවු ටිකක් වැඩි වුණාට, රසින් ඊට වඩා ඔබේ හිත පිරේවි. මෙනූ එකම දිගාරින්න පුළුවන් හිත පිරෙන්න. බඩ පිරෙන්නෙ ගන්න කෑම එකට නෙමෙයි, ඒකට අනුපාන විදියට පිඟාන වටකරලා හම්බෙන කෑම සෙට්එකට. තැටිය මැද්දෙ බත් එක තියල ඒක වැහෙනව පත පපඩමකින්. පපඩමෙන් වැහිච්ච බත් එක වටේට දීසි 10ක කරීස් පිරිලා. පනීර් බටර් මසාලා එකත් නාන් එක්ක නියමෙට මැච් වෙන කෑමක්. මේ විදියට බල‌නකොට, මේ ඔක්කොම එක්ක දිව පිනන චායි එකක් බොන්නත් පුළුවන් නිසා ඉන්දියානු කෑම කන්න කැමති ඕන කෙනෙක් තාලීස් යා යුතුමයි කියල අපිට කියන්න වෙනව.

 

5. VOV Coffee Lounge

vegan n vegetarian restaurants in srilanka

Source – happycow.ne

මිල්ක් ෂේක් එකක් එළකිරිවලින් නැතුව ටේස්ට් කරන්න කැමතිනම් මෙතන මරු. සෝයා මිල්ක්වලින් විතරක් නෙමෙයි, නට්මිල්ක් වලිනුත් හදන බීම වර්ග මෙතන තියෙනවා. රස වෙනස් වගේම නියම චිල්ඩ්. වැල්ලවත්තෙ රාමක්‍රිෂ්ණා පාරෙ තමයි මේක තියෙන්නෙ. මේ අවන්හලේ තියෙන ආහාර ජාති එක්ක බලද්දි මේක කිසිසේත්ම අත්හැර නොදැමිය යුතු තැනක්. දැන් නමත් ඉස්සරට වඩා ටිකක් වෙනස් වෙලා. ඉස්සරනම් නියම රස ෆ්‍රෙෂ් ජූස්, රසම රස ස්පැනිෂ් ඔම්ලට්, චීස් කොත්තු, වෙජි බර්ගර් තිබුනා. මේ අය දැන් වෙජිටේරියන් පමණක් නෙමෙයි, එතනිනුත් එහාට ගිය වීගන් කඩයක්. එනිසා කිරි, චීස්, බිත්තර වගේ දෙයක්වත් මෙයාලා ගාව නෑ. ඒ වෙනුවට මෙයාලා හදාගන්න චීස්, බිත්තර ආදේශක එක්ක තමයි කඩේ රන් වෙන්නෙ. රසේ යම් වෙනසක් දැනුනත්, ඒක මේ කෑම රස බලන එක නවත්වන්න හොඳ හේතුවක් නෙමෙයි. මේකෙන් බර්ගර් එකක් කෑවොත් දරාගන්න බැරි වෙනවා සත්තයි. බර්ගර් එක වගේම හෝම්මේඩ් ෆ්‍රයිස් ටිකත් හීනි කූරු වගේ. ටිකක් කද්දි එපා වෙන්නෙත් නෑ ව‌ගේම ඇතිවෙන්න දාලත් තියෙනව.

 

6. Kumbuk Kitchen

vegan n vegetarian restaurants in srilanka

Source – yamu.lk

කැෆේ කුඹුක් කරන කට්ටියගෙ අලුත් වෙජිටේරියන් සහ වීගන් කඩේ. ටෝස්ට් කරපු පොල් සම්බෝල පාන් කාලා, සිලෝන් පන්ච් බීම එක බීලා බලන්නම ගියත් පාඩු නෑ මෙතනට. කොළඹ 7 රීඩ් පාරෙ තියෙන්නෙ. වෙනස් විදියෙ සැලඩ්, නමේ හැටියටම වෙජිටේරියන් බවේ සංකේතාත්මක ආහාර මේකෙ තියෙනව. කොටිම්ම කිවුවොත් ලංකාවෙ වෙජිටේරියන් කෑම කන අයට සයිවර් ඔප්ෂන්ස් නැති ඉහළ පෙළේ අවන්හලක්. ෂෝට් ඇන්ඩ් ස්වීට් කියනවනං ඉතිං පොෂ් ප්ලේස් එකක්. හොඳට ඉඩ තියෙන ප්ලේස් එක. එළිමහනෙ දිගඇදිල කන්න පුළුවන්. මස් මාළු නැතුව ‌ප්‍රධාන වේලක් නොගෙවෙන අයටත් මේ තැන කියාපු ප්ලේස් එකක්. උදේ ආහාරයට තමයි ගොඩවදින්න හොඳ. සාමාන්‍යයෙන් හොඳ ව්‍යායාමයකින් පස්සෙ වගේ. ධාන්‍ය වර්ග, පළතුරු, නැවුම් එළවළු, කොළ වර්ග දාපු සැලඩ් මෙතනින් ගන්න පුළුවන්. ඇඟට පොඩි කික් එකක් අරගෙන පිටවෙන්න කෝපි වර්ග කිහිපයකුත් මෙතන තියෙනවා.

 

7. Délicieux

vegan n vegetarian restaurants in srilanka

Source – greenqueen.com.hk

නමෙන් ඩිලීෂියස් කියන සද්දෙ ආවට අමුතු විදියට නම ලියලා තියෙන මේ කඩේ විශේෂත්වය වෙන්නෙ මෙතන බේකරියක් වීම. තියෙන්නෙ කොළඹ නවයෙ. නිකංම නෙමෙයි වීගන් බේකරියක්. ඒ කියන්නෙ සත්ව නිෂ්පාදන කිසිවක් අඩංගු නැහැ. චොකලට් පිරිලා, නැවුම් ස්ට්‍රෝබෙරි පියුරී එකෙන් පිරුණු මැද්දක් තියන, උඩින් ස්ට්‍රෝබෙරි හලපු කේක් එකක් ගැන මවාගන්නකො. බිත්තර, කිරි නැතුව හදන කේක්වල රස බලන්නනම් මෙතන කීයටවත් මගහරින්න එපා. වෙල්වට් කප්කේක්, ෆජ් බ්‍රවුනීස් ව‍ගේ කෑම මෙතන පිරිලා. ඒ වගේම ඔබට වීගන් රස හරියන්නෙ නැතිනම් වීගන් නොවන ලෙසින් හදපු කේක් වර්ගත් මෙතන තියෙනවා. කේක් ගැන වෙනස් රස, වෙනස් අත්දැකීම් තොගයක් ගන්න පුළුවන් කඩයක් විදියට ඩිලීෂියස් හඳුන්වන්න පුළුවන්. සොරි Délicieux!

තැන මෙතැන

වෙජිටේරියන් කෑම වලට උනන්දු නම්, අපි ලියපු කොළඹ අවට සයිවර් කඩ ගැනත් කියවලාම බලන්න.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *