කාම සූත්‍රය සිංහලෙන් – විසි නව වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 25 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 26 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 27 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 28 කොටස

 

මතකයිනෙ අපි ගිය සතියේ කියවන්න පටන් ගත්තේ රතිරම්භාවසනික ප්‍රකරණය. කලින් සතියේ කියපු දේවල් මතක් කළොත් මේ ප්‍රකරණය තුළ විස්තර කෙරෙන්නේ සංසර්ගයෙන් පස්සේ කළ යුතු දේවල්. මේ ප්‍රකරණය කියවීමෙන් පස්සේ ඔබට වැටහේවි ලිංගික එක්වීමකට පස්සේ ගොරොව ගොරෝ නිදා ගැනීමකට හෝ ඇඟපත හෝදාගෙන මාරු වීමකට වඩා දෙයක් කරන්න තියෙනවා කියලා. අපි එහෙනම් ප්‍රකරණය කියවන්න පටන් ගමු.

වත්ස්‍යායන තව දුරටත් සංසර්ගය අවසානයෙන් පස්සේ හැසිරිය යුතු ආකාරය ගැන විස්තර කරනවා.

ඔහු එහිදී පවසන විශේෂම දේ තමයි සංසර්ගය පටන් ගන්නා අවස්ථාවේදී වගේම අවසානයේදීත් එකලෙසම ආදරයෙන් සහ කුළුපගු ලීලාවෙන් ස්ත්‍රිය සමග කටයුතු කළ යුතුයි කියන දේ.

සංසර්ගය අවසානයෙන් පස්සේ බොරුවට තරහා වෙලා නැවතත් යාලු වීමෙන් ප්‍රීතිය දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් කියලා ඔහු කියනවා.

ඒ අතරතුරේදී නර්තනයේ යෙදීමෙන්, විවිධ ගීත ගායනා කිරීමෙන් කලින් සඳහන් කරපු ආකාරයේ අහසේ තරු දෙස දෙස බලමින් කථා ලතාවේ යෙදීමෙන් දෙදෙනා අතර බැඳීම වැඩි කර ගන්න පුළුවන්.

මුලින් හමු වුණු අවස්ථාවේදී පෙන්වනු ලබන ප්‍රීතිය මෙන්ම සංසර්ගයේ අවසානයෙන් පසුව ඇය නික්ම යන විට දුකක් වෙන්වීමක් පෙන්වීමක් කළ යුතු වෙනවා කියලා කාම සූත්‍රය කියනවා.

එම අවස්ථාවේදී නැවත නැවත එකිනෙකා වැළඳ ගැනීම සහ තදින් සිප ගැනීමෙන් තමන් දෙදෙනාට දැනෙන වෙන්වීමේ දුක ප්‍රදර්ශනය කරනවා සේම දෙදෙනා අතර බැඳීමද වැඩි කෙරෙනවා.

ඉන් පස්සේ වත්ස්‍යායන රාගය කොටස් කිහිපයකට බෙදා වෙන් කර පෙන්වනවා. ඒ කොටස් මෙහෙමයි.

 

ස්වභාවික රාගය 

පළමු  අවස්ථාවවේ දෙදෙනා දැකීමෙන් ඇති වන රාගය, දුර තැනකට ගොස් පෙරළා පැමිණෙන අනෙකා දැකීමෙන් ඇති වන රාගය සහ සිත් අමනාපකම් නිසාවෙන් වෙන් වුණු දෙදෙනකු නැවත මිතුරු වීමේදී ඇති වන රාගය ස්වාභාවික රාගය ලෙස හැඳින්වෙනවා. මේ සඳහා රාගවත් රාගය යන නම ද භාවිතා කෙරෙනවා.

 

ආහාර්‍යය  රාගය‍

රති ක්‍රීඩාව කෙරෙහි එතරම් ප්‍රියතාවයක් නොදක්වන අය ආයාසයෙන් උපදවා ගන්නා රාගය මේ ලෙස හැඳින්වෙනවා. අපි කලින් සඳහන් කරපු විවිධ උපක්‍රම භාවිතා කරලා මේ රාගය ඇති කර ගන්න පුළුවන්.

 

කෘත්‍රිම රාගය

වෙනත් අය කෙරෙහි සිත් බැඳී ඇති ස්ත්‍රී පුරුෂයන් තවත් අය සමග ලිංගික සංසර්ගයේ යෙදීමේදී ඇති වන රාගය මේ ලෙස හැඳින්වෙනවා. ඔවුන් තුළ ස්වාභාවික රාගයක් නොමැති නිසා මේ නම යොදා ගැනෙනවා.

 

ව්‍යවහිත රාගය

තම තමන් කැමති ස්ත්‍රී පුරුෂයන් සිහියට නංවා ගනිමින් වෙනත් අය සමග සංසර්ගයේ යෙදීමේදී ඇති වන රාගය මේ නම් වෙනවා.

 

පොටාරත රාගය

තමන් යටතේ සිටින සේවකයන් සමග සංසර්ගයේ යෙදීමේ දී ඇති වන රාගය මේ නමින් හැඳින්වෙනවා. බොහෝ විට මෙවැනි අවස්ථාවකදී සිප වැළඳ ගැනීම් සිදුවන්නේ නැහැ

 

බෙලරත රාගය

විවිධ ශිල්ප හැදෑරූ ගණිකාවක් සහ නූගත් ගැමියෙකු අතර සිදුවන සංසර්ගයත්, නූගත් ගැමි ලියක් සහ විද්වත් නාගරිකයෙකු අතර සිදුවන සංසර්ගයකදී ඇති වන රාගයත් මේ ලෙස හැඳින්වෙනවා. 

 

ආයන්ත්‍රික රාගය 

දැඩි විශ්වාසයකින් බැඳී සිටින පුද්ගලයන් සම්මත ක්‍රමෝපායන් වලට විරුද්ධව සිදු කරන සිදු කරන ලිංගික සංසර්ග වල දී ඇති වන රාගය මේ ලෙස හැඳින්වෙනවා.

 

කලින් සතියේ අපි හිතුවට මේ සතියෙන් මේ ප්‍රකරණය කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි  කියලා, ඒ වැඩේ කරන්න අමාරුයි වගේ. අපි ඊළග සතියේ මේ ප්‍රකරණය කියවල ඉවර කරමු. එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක කැමතිනම් ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *