කාම සූත්‍රය සිංහලෙන් – හත් වැනි කොටස

අපි ගිය සතියේ නායක සහය දූත කර්ම විමර්ශන ප්‍රකරණය කියවන්න පටන් ගත්තා. නමුත් ඒ කොටස දීර්ඝ වීම නිසා එක ආටිකල් එකකින් විතරක් ඒ ගැන කතා කරලා ඉවර කරන්න බැරි වුණා. ඒ නිසා අද ආටිකල් එක වෙන් වෙන්නේ නායක සහාය දූත කර්ම විමර්ශන ප්‍රකරණයේ ඉතිරි කොටස වෙනුවෙන්

මේ ලිපි මාලාවේ පැරණි කොටස් පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් – 8 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

වත්ස්‍යාය​න ඊළඟට අපිට කියනවා සංවාසයට නුසුදුසු ස්ත්‍රීන් 15ක් ගැන.

  1. හොරි දද වගේ චර්ම රෝග වලින් පෙළෙන ස්ත්‍රීන් 
  2. මානසික රෝගවලින් පෙළෙන ස්ත්‍රීන් 
  3. කුලයෙන් පිටුවහල් කළ ස්ත්‍රීන්
  4. රහස් රැක ගන්න බැරි ස්ත්‍රීන්
  5. තමන්ගේ ලිංගික ආශාවන් පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන ස්ත්‍රීන්
  6. නිසි වයසට නොඑළඹුණු ස්ත්‍රීන්
  7. ඉතා සුදු පැහැති ස්ත්‍රීන් 
  8. ඉතා කළු පැහැති ස්ත්‍රීන් 
  9. සිරුරෙන් දුගඳ හමන ස්ත්‍රීන් 
  10. තමන් ගේ සහෝදරියන් සහ ලේ නෑකම් සහිත කාන්තාවන් 
  11. ළඟම මිතුරියන් 
  12. තාපස ජීවිත ගත කරන අය
  13. බිරිඳගේ යෙහෙළියන් 
  14. ගුරුවරුන්ගේ බිරිඳ/දියණිවරු 
  15. රජවරුන් ගේ බිසෝවරුන් 

 

මේ ලැයිස්තුවේ සඳහන් ස්ත්‍රීන් අතරින් යම් ස්ත්‍රියක් පරපුරුෂයන් පස් දෙනෙකු සම​ඟ සංසර්ගයේ යෙදෙනවා නම් ඇය සමඟ ඇසුර ගැටලුවක් නෑ කියලා බ්‍රාහචීව පඬිතුමා කියනවා. නමුත් මේ කොහොම වුණත් රජ බිසව, බිරිඳගෙ යෙහෙළියෝ සහ ගුරුවරයෙකුගේ බිරිඳ සමග සංවාසයේ නොයෙදිය යුතුයි කියලා ගෝණිකාපුත්‍ර පඬිතුමා කියනවා.

 

මීළඟට වත්ස්‍යාය​න තමන්ට ආශ්‍රය කිරීමට සුදුසු මිත්‍රයන් ගැන කියනවා. ඒ වගේ මිත්‍රයෝ වර්ග තුනක් ගැන ඔහු දක්වනවා.

1. කල්‍යාණ මිත්‍රයෝ 

  • වැලි කෙළියේ පටන් මිත්‍රත්වයෙන් බැඳුණු අය
  • කවර අවස්ථාවක හෝ කරන ලද උපකාරයක් නිසා මිත්‍රත්වයෙන් බැඳුණු අය
  • තමන්ට සමාන රුචි අරුචි කම්වලින් යුතු අය
  • එකට ඉගෙන ගැනීම කළ අය  
  • තමන්ගේ අඩුලුහුඩුකම් සහ රහස් දන්නා අය
  • තමන් සමග එකට වැඩුණු තමන්ව රැකබලාගත් දාසියගේ දරුවන් 

 

2. ගුණවත් මිත්‍රයෝ 

  • පරම්පරා කීපයක සිට මිත්‍රත්වයෙන් බැඳුණු අය
  • ලග්න පලාපල අනුව ගැලපෙන මිත්‍රයින්
  • කිසිදා වෙනස් නොවන පුද්ගලයින්
  • තමන්ට කීකරු පුද්ගලයින්
  • ලෝභ කමක් නොමැති පුද්ගලයින්
  • දුක සැප දෙකෙහි දී ම තමන්ව අත්නොහරින අය 
  • තමන්ගේ රහස් එළිදරව් නොකරන පුද්ගලයින්

 

3. ජාති මිත්‍රයින්

විවිධ හේතූන් නිසා උස් පහත් කම් වලින් තොරව ආශ්‍රය කිරීමට වන පුද්ගලයින් අට දෙනෙක්ව වාත්ස්‍යා​යන ජාති මිත්‍රයන් විදියට හඳුන්වලා දෙනවා.

  • තමන්ගේ රෙදි සෝදා දෙන රජකයා
  • හිස රැවුල කපන කරණවෑමියා 
  • සුවඳ විලවුන් සකසන්නා 
  • ගොපල්ලා 
  • යාචකයා 
  • බුලත් වෙළෙන්දා
  • රන් කරුවා 
  • පීඨ මර්ද, විට, විදූෂක ආදී පුද්ගලයින්

 

මීළඟට වත්ස්‍යාය​න විස්තර කරන්නේ යම්කිසි පුරුෂයකුට ස්ත්‍රීයක් කෙරෙහි සිතක් පහළ වුණාම ඒ ගැන එම ස්ත්‍රියට දැනුම් දීමට සුදුසු පුද්ගලයන් පිළිබඳව විස්තර. ඒ කියන්නේ දූතයෙකු පිළිබඳ විස්තර. දූතයෙකුට මේ ගුණ තියෙන්න ඕන කියලා වත්ස්‍යා​යන කියනවා.

  • කීමෙහි බිණීමෙහි බුහුටිබව
  • නිර්භීත බව
  • අනුන්ගේ ඉඟි දැන ගැනීමට සමත් බව 
  • අවස්ථාව ලද සැණින් ම අනෙකාව උනන්දු කිරීම 
  • වහා නිගමනයකට බැස ගැනීමේ හැකියාව 
  • කටයුතු සාර්ථකව නිම කර ගැනීමේ හැකියාව 
  • ගත යුතු උපාය මාර්ග හඳුනාගැනීමේ හැකියාව

 

අවසාන වශයෙන් වත්ස්‍යාය​න මෙහෙම කියනවා.

 

“ධර්ම අර්ථ කාම සම්පත් අත්පත් කර ගැනීමට වීර්යයත්, කල්‍යාණ, ගුණවත් සහ ජාති මිත්‍රයනුත්, නිසි පසුබිමක් ඇති පුද්ගලයෙකුට කිසිසේත්ම ලබාගත හැකියැයි විශ්වාස නොකරන ස්ත්‍රියක් වුවද ලබාගත හැකිය”

 

එහෙම නම් ඊළග සතියෙ ඉඳන් “ප්‍රමාණ කාල භාව රතාවස්ථාපන ප්‍රකරණය” කියවමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *