අද අපි කතා කරන්න යන්නේ කාම සූත්‍රයේ ’ප්‍රමාණ කාල භාව රතාවස්ථාපන ප්‍රකරණය’. මොකද්ද කිව්වේ කියලා තේරුම් නෑ නේද? දිගටම කියවගෙන යන්න එතකොට තේරෙයි.
මේ ලිපි මාලාවේ පැරණි කොටස් පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න
පසු කොටස් –
මේ කොටසෙදි ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය අනුව පුරුෂයන් වර්ග තුනක් වත්ස්‍යායන හඳුන්වලා දෙනවා. ඒ තමයි,
- ශශ
- වෘෂභ
- අශ්ව
ඒ වගේම ස්ත්‍රීන් වර්ග තුනකුත්.
- මෘගී
- වඩවා
- හස්තිනී
කුඩා ලිංගේන්ද්‍රයක් හිමි පුද්ගලයා ශශ පුරුෂයෙක් විදිහටත් මධ්‍යම තරමේ ලිංගේන්ද්‍රයක් හිමි පුරුෂයා වෘෂභ පුරුෂයෙක් විදිහටත් විශාල ලිංගේන්ද්‍රයක් හිමි පුද්ගලයා අශ්ව පුරුෂයෙක් විදිහටත් හැඳින්වෙනවා.
යම් ස්ත්‍රියකගේ යෝනිය කුඩා නම් ඇය මෘග ස්ත්‍රියක් ලෙසත් මධ්‍යම ප්‍රමාණ යෝනිය හිමිනම් වඩවා ස්ත්‍රියක් ලෙසත් ගැඹුරු යෝනියක් හිමිනම් හස්තිනී ස්ත්‍රියක් විදිහටත් හැඳින්වෙනවා.
වත්ස්‍යායන සමාන සම්භෝග තුනක් ගැන කියනවා.
- ශශ පුරුෂයා සහ මෘගී ස්ත්‍රිය සමඟ ඇති වන සම්භෝගය
- වෘෂභ පුරුෂයා වඩවා ස්ත්‍රිය සමග ඇති වන සම්භෝගය
- අශ්ව පුරුෂයා හස්තිනි ස්ත්‍රිය සමග ඇතිවාට සම්භෝගය
අසමාන සම්භෝග හයක් ඊට පස්සේ වත්ස්‍යායන දක්වනවා
- ශශ පුරුෂයා වඩවා ස්ත්‍රිය සමග ඇතිවන සම්භෝගය
- ශශ පුරුෂයා හස්තිනී ස්ත්‍රිය සමඟ ඇතිවන සම්භෝගය
- වෘෂභ පුරුෂයා මෘගී ස්ත්‍රිය සමඟ ඇතිවන සම්භෝගය
- වෘෂභ පුරුෂ හස්තිනී ස්ත්‍රිය සමග ඇතිවන සම්භෝගය
- අශ්ව පුරුෂයා මෘගී ස්ත්‍රිය සමග ඇතිවන සම්භෝගය
- අශ්ව පුරුෂයා වඩවා ස්ත්‍රිය සමඟ ඇතිවන සම්භෝගය
මේ අසමාන සම්භෝගවලදී පුරුෂයාගේ ලිංගේන්ද්‍රය විශාල වෙලා ස්ත්‍රියගේ යෝනිය ඊට නොගැලපෙනවා නම් ඒ සම්භෝගයට ‘විසම සහවාස සම්භෝග’ විදිහට හඳුන්වනවා.
ස්ත්‍රියකගේ යෝනිය අතිවිශාල නම් ‘උච්චතර සම්භෝගයක්’ විදිහට හඳුන්වනවා.
පුරුෂ ලිංගය කුඩා වෙලා ස්ත්‍රී යෝනිය මහත නම් ‘නීච සම්භෝගයක්’ විදියට හඳුන්වනවා.
ස්ත්‍රි යෝනිය අසාමාන්‍ය විදිහට පළල් ස්වභාවයෙන් යුතු නම් එය ‘නීචතර සම්භෝගයක්’ විදිහට වර්ග කෙරෙනවා.
මේ සම්භෝග අතරින් සමාන සම්භෝගය චමත්කාරජනකයි කියලා වාත්ස්‍යාන කියනවා. උච්චතර සහ නීචතර සම්භෝග පහත් බවත් අනෙකුත් සම්භෝග මධ්‍යම බවත් ඔහු කියනවා.
ශශ පුරුෂයා පිළිවෙලින් වඩවා හෝ හස්තිනී ස්ත්‍රිය සමගත්
වෘෂභ පුරුෂයා පිළිවෙලින් මෘගී හෝ හස්තිනී සමගත්
අශ්ව පුරුෂයා මෘගී හෝ වඩවා ස්ත්‍රිය සමගත්
ඇතිවන සම්භෝගය ‘විසමරත සම්භෝගය’ විදිහට හඳුන්වනවා
අශ්ව පුරුෂයා වඩවා ව සමගත් වෘෂභ පුරුෂයා මෘගී සමගත් ඇතිවන සම්භෝගය ‘උච්චතර සම්භෝගය’ විදිහට හඳුන්වනවා
අශ්ව පුරුෂයා මෘගී සමඟ ඇතිවන සම්භෝගය ‘උච්චතරත’ විදිහට හඳුන්වනවා.
වත්ස්‍යාන ලිංගික ආවේගයේ ස්වභාවය අනුව සම්භෝගය නැවතත් නව ආකාරයට බෙදනවා
පුරුෂ පාර්ශවය මද වේග, මධ්‍යම වේග සහ චණ්ඩ වේග විදිහට වර්ග කෙරෙනවා, ස්ත්‍රීනුත් නැවතත් මේ ආකාරයටම වර්ග කෙරෙනවා.
සම්භෝගය සඳහා ගතවන කාලය අනුවත් මේ ආකාරයටම සම්භෝගය නැවතත් කොටස් නවයකට බෙදෙනවා.
එහෙම නම් දැනට අපි කාම සූත්‍රය මේ ප්‍රකරණය කියවන එක ඊළඟ සතිය වෙනකල් නතර කරනවා. මේ ප්‍රකරණයේ ඊළඟ කොටසින් කතා වෙන්නේ සුරතාන්තය පිළිබඳව ඍෂිවරු අතර තියෙන මතභේද ගැන. වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක share කරන්න. ප්‍රසිද්ධියේ ශෙයා කරන්න අකමැතිනම් Whatsapp කියලා ජාතියකුත් තියෙනවා.
Leave a Reply