පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කරන පිරිස දෙකොටසකට බෙදෙනවනෙ. කට්ටියක් බස්. කට්ටියක් කෝච්චි. මේ කියන්න යන්නෙ බස්වල සීට් කොල්ලකන්න උත්සාහ කරන ආකාර කිහිපයක්. මේ විදියෙ සීට් කොල්ලකෑම්වලට ඔයාලත් ලක්වෙලා ඇති. කොහොමවුනත් මෙහෙම වෙලා නැත්තං මේ දේවල් දැනගෙනම බස් එකට නගින එක හොඳයි. නැත්තං නිකරුනේ අමාරුවෙන් ඉඳගෙන ෂපාන් එකේ යන බස් සීට් එක නිකංම පුදදෙන්න තමයි වෙන්නෙ.
1. සිනාසීම
බස්වල සීට් එකක් ගන්න ඕන වෙච්ච මැදිවියේ ඉහෙන් බහින ලෙඩක් නැති හෙන කඳයො වගේ ගෑණු සහ පිරිමි දෙගොල්ලොම සීට් එකක් ඕන උනාම කරන්නෙ හිනාවක් දාන එක. බස් එකට නගිනකං මොන ලෝකෙ සිහියෙන් ආවත් නැගපු ගමන් බලන්නෙ පිටිපස්සෙ සීට් එක. ඒකෙ පහක් හිටියොත් දානව හිනාවක්. මරුමුස් පෙනුම නැති, කිවුවොත් නැගිටින ටයිප් කොල්ලෙකුට හිනාව දැම්මොත් පස්ස තියාගන්න ඉඩක් ලැබෙන බව එයාලා දන්නවා. කොටිම්ම පස්ස නෙමෙයි සාරි පොට තියාගන්න ඉඩක් ලැබුනොත් ඒක වගා කරගන්න හැටි ඉස්සරහදි කියන්නං.
2. අමාරු බව පෙන්වීම
ඔන්න හිනාව වැඩ නොකළොත් දානව ඇක්ටිං පාර. සූටි බ්‍රේක් පාරවල් වලට ගවු ගණං විසිවෙනවා. හෑන්ඩ් බෑග් වට්ටනවා. කකුල කොර ගහනව. දිව ගොත ගහනව. සමහරු කෝල් අරගෙන පුතාට කියන්න වගේ කියනවා. ‘හොඳටම අමාරුයි පුතේ. සීට් එකක්වත් නෑ. ඉන්න හිටින්න බෑ. මං මැරෙයිද දන්නෙ නෑ’ වගේ ටෝක්. ඒකටත් අහු නොවෙන අයවළුන්ට තවත් ක්‍රම මෙයාලා ගාව තියෙනවා.
3. පානිය
මේක තමයි ගොඩක් අය අහුවෙන පොයින්ට් එක. මේක එන්නෙ අමුතුම විදියකට. ‘අනේ පුතේ මට හරිම අමාරුයි. පුතා නැගිටින්න ඕන නෑ. මට චුට්ටක් දුර යන්න චූටි ඉඩක් දෙන්න’ කියනවා. කොල්ලො හොඳට අරං ඉඩ දුන්නත් ඒ ඉඩේ වාඩි වෙන්නෙත් නැතුව අහිංසක මූණෙන් ඉන්නෙ. ඉතිං අර ඉඩ දීපු උන්ගෙ හිතේ මල්. මීටර් සීයක් යද්දි ගහන එක බ්‍රේක් පාරකින් ගැස්සිලා බලද්දි චුට්ටක් හිටපු ඇන්ටි ඇඟට බර වෙලා. පස්සෙ ඉතුරු මීටර් සීය යනකොට බ්‍රේක් පාරක් අතරෙ ඇන්ටි ඉන්නව මුළු පස්සම ඔබලා. හෝල්ට් දෙකෙන් බහිනව කිවුව ගෑණි කොන්දොස්තරගෙන් රුපියල් හතලිහක ටිකට් එකක් ගන්නව. අරගෙන නොදන්න ගාණට නිදියනවා.
4. වහෙන් ඔරෝ
‘පුතා මේ මහරගම දුරයිද? මං හොස්පිට්ල් එකට යනගමන් අද ක්ලිනික් දවසනෙ.’ ඒක එක බොරුවක්. ඔහොම කියන ඈයො බහින්නෙ තුම්මුල්ලත් පහුවෙලා. කොටුවෙන් 100ක නැගලා අහනව කළුබෝවිලට යන්න කොහෙටද ටිකට් ගන්න ඕන වගේ ප්‍රශ්නයක්. ඔවුව තමයි වහෙන් ඔරෝ කියන්නෙ. මේකෙදිත් අදාළ පාර්ශවය දැන් මෙයාට සීට් එකක් ඕන කියල තේරුං නොගත්තොත් එයා ගන්නව අර සුපුරුදු කෝල් එක. ‘මං මේ හොස්පිට්ල් එකට යන ගමන්. දනිස්සට වැඩිය බර දෙන්නත් එපා කිවුව ඉතිං’ වගේ පානියක් දානව.
5. කෙලිම්ම ලෙඩේ කීම
මේක කෙලින්ම හිඟා කෑම. මුං හින්දා ඇත්තටම අමාරුවෙන් බස් එකට නගින සීට් එකක් ඕන මිනිස්සුන්ටත් සීට් එකක් හම්බෙන්නෙ නෑ. කොටිම්ම මත්තෙගොඩ බස් එකට සල්ගස් හන්දියෙන් නගින බුවෙක් ඉන්නවා. කළු උස ඩයල්ස් එකක්. පොර නැග්ග ගමන් පිටිපස්සෙ සීට් එකේ තෝරාගත් ඩයල් එකකගෙ කනට කරලා කියනව ‘මට අමාරුයි. සීට් එක දෙනවද?’ කියල. කෙලිම්ම වාඩි වෙනවා. හැබැයි කිරුළපනින් බැහැලා පත බෑග් එකක් උස්සගෙන හෙන ගහන වේගෙකින් දුවන්නෙ. බස් එක අදාළ හෝලිටිං ප්ලේස් එකේ නොනැවැත්තුවොත් ඩ්‍රයිවර්ට බැනලා යන බස් එකෙන් පනින්නෙ. අමාරු කොහෙන් ගියාද නෑ.
6. ඕඩර්
මේක කරන්නෙ ආච්චිලා. කෙලින්ම ආවා කොල්ලෙක් ගාවට. ‘කෝ ඔය ළමයා නැගිටලා මට සීට් එක දෙන්න.’ දෙන්න පරක්කු උනොත් බනිනව මෙහෙම. ‘බලන්න හැබෑට පුදුම යක්කු මුන්ව මොක්කුද මන්දන්නෑ හැදුවෙ. වැඩිහිටියෙකුට සීට් එකක් දෙන්නෙ නෑ.’ අන්න එහෙම සීන් එකක එයාලා ඉන්නෙ. කොටිම්ම කොන්දොස්තර සල්ලි ඉල්ලුවත් පොරට බනිනව ‘මොකද තෝ අපි හොරු කියල හිතුවද?’ කියල.
7. එපා කරවීම
මෙහෙම බුවාස්ලා සහ බුවීලත් ඉන්නවා. ඒ අය කෙලින්ම වාඩි වෙලා ඉන්න එකාට සසර එපා කරවනවා. බෑග් හිර කරනවා. ඇඟට බර වෙනවා. කකුල පාගනවා. කොටිම්ම නැගිටලා පලයාං කියල නොකිය කියනවා. ඔරෝනව. සසර එපා කරවනවා. එහෙම කරලත් සීට් ලබාගැනීම එක්ස්පීරියන්ස් කරපු අය ඉන්න විත්තිය ඔෆිස් අවර්ස්වල බස් එකේ ගිය උන් ලොවෙත් දන්නවා.
Cover Image Source – idearebel.com
Leave a Reply