කාම සූත්‍රය සිංහලෙන් – දාහත් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

 

ආයුබෝවන් යාළුවනේ, ඔන්න අද කාම සූත්‍රයේ අලුත්ම අලුත් ප්‍රකරණයක් කියවන්නයි හදන්නේ. මේ ප්‍රකරණයේ නම තමයි “දශනවිඡෙද්‍ය දේශ්‍යෝපචාර ප්‍රකරණය”. දන්න සිංහලෙන් කියනවනම් දත් සලකුණු තැබීම ගැන තමයි මේ ප්‍රකරණයෙන් කතා කරන්නේ

වත්ස්‍යා​යන  කියන විදිහට උඩු තොල, දිව සහ ඇස් හැර සිප ගැනීමට සුදුසු අනෙක් ඕනම ස්ථානයක දත් සලකුණු තැබීම සුදුසුයි.

නමුත් ලාට කියන පඬිවරයා නම් කියන්නේ කලව, අත් ගොබ සහ නාභිය මුල දත් සලකුණු තැබීම සුදුසුයි කියලා.

 

දත් සලකුණු තැබීමට සුදුසු සහ නුසුදුසු දත් වර්ග ගැනත් වත්ස්‍යායන කියලා තියෙනවා  කියලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඔව් වාත්ස්‍යා​යන එහෙම කියලා තියෙනවා

 

දත් ලකුණු තැබීම සඳහා සුදුසු දත් වල ලක්ෂණ මෙන්න මෙහෙමයි

 

  • සමව පිහිටීම 
  • ගොරෝසු ස්වභාවයක් නොගෙන සිනිඳු ස්වභාවයෙන් පැවතීම 
  • දීප්තිමත් බව 
  • බුලත් හැපීමෙන් යන්තම් රතු පැහැයෙන් යුතු වීම 
  • සාමාන්‍ය ප්‍රමාණයෙන් යුක්ත වීම 
  • දත්කුහර හෝ විවර නොතිබීම 
  • අති තියුණු ​නොවීම

දත් සලකුණු තැබීමේදී භාවිතා නොකළ යුතු දත් ගැන වත්ස්‍යාන  ඊළඟට කියනවා.

 

  • මොට වීම 
  • කුහර සහිත බව 
  • ගොරෝසු වීම 
  • අසාමාන්‍ය ප්‍රමාණයේ වීම 
  • අති තියුණු වීම
  • පළල් වූ ස්වභාවයක් ගැනීම 
  • විකෘතිතා සහිත දතක් වීම 

 

ඊට පස්සේ වත්ස්‍යායන විස්තර කරන්නේ දත් සලකුණු ගැන. එහිදී ඔහු සලකුණු වර්ග අටක් ගැන විස්තර කරනවා.

  1. ගූඪක

සම තුවාල නොවන සේ සමෙහි මදක් ලේ පාට ඇති වෙන පරිදි තබනු ලබන දත් සලකුණ.

 

2. උච්ඡුනක

තද ලේ පාට වන සේ තබනු ලබන දත් සලකුණ මේ නමින් හඳුන්වනවා.

 

3. බින්දු

ස්ත්‍රියකගේ යටි තොල පුරුෂයෙකුගේ උඩු සහ යටි ඇන්දේ දත් දෙකකින් අල්ලා ගෙන තෙරපීමෙන් ඇතිකරන සලකුණ බින්දු නම් වෙනවා.

 

4. බින්දුමාලා

දත් කීපයකින් ආධාරයෙන්  බින්දු සලකුණ යෙදීමට තැත් කිරීමේදී ඇතිවන දත් සලකුණ බින්දුමාලා ලෙස හැඳින්වෙනවා.

 

5. ප්‍රවාලමණී

උඩු ඇන්දේ දත් පමණක් භාවිතා කරමින් ස්ත්‍රිය ගේ යටිතොලහි ඇති කරන සලකුණ ප්‍රවාලමණී නම් වෙනවා.

 

6. මණිමාලා 

උඩු ඇන්දේ දත් භාවිතයෙන් වම් කොපු​ලෙහි තබන සලකුණ මණිමාලා නම් වෙනවා.

 

7. ඛණ්ඩාහ්‍රක

ස්ත්‍රියගේ පියවරු මත වක්‍රාකාරව තබනු ලබන දත් සලකුණ මේ නම් වෙනවා.

 

8. වරාහවර්විතක

පියයුරු මතම තද ලේ පැහැය ගන්න ​සේ තබ​න දත් සලකුණු මේ නමින් හැඳින්වෙනවා.

 

ඛණ්ඩාහ්‍රක සහ වරාහවර්විතක වඩාත් ගැලපෙන්නෙ සංසර්ගයේදී අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු පුද්ගලයන්ට කියලා වත්ස්‍යා​යන කියනවා.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න කියලා අපි කියන්නේ නෑ. මොකද අපිට ලැබිලා තියෙන දත්තව​ල විදිහට මේ ආටිකල් සීරිස් එක සෑහෙන්න ප්‍රමාණයක්  කියෙව්වට කමෙන්ට් කරන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. ඒ වගේම ප්‍රසිද්ධියේ ෂෙයාර් කරගන්නේ නැතුව සීක්‍රට් චැට් හරහා ෂෙයාර් කරගන්නවා කියලත් අපි දන්නවා. කොහොම කොහොම හරි මේ ආටිකල් සීරිස් එක බෙදාහදාගෙන කියවන ඔබ සැමට අපේ ස්තූතිය පළ කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *