මේ ලිපියේ පැරණි කොටස් පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න!
පසු කොටස් –
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 5 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 6 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 7 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 8 කොටස
ඔන්න එහෙමනම් අපි අද කියවන්න යන්නේ කාම සූත්‍රයේ හතරවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ නාගරිකවෘත්ත ප්‍රකරණය කියලා. මේ කොටසෙන් වාත්ස්‍යායන කියන්නේ කාම සැපත විඳින්න සුදුසු පරමාදර්ශී පුද්ගලයෙක් කොහොම වෙන්න ඕනද කියන එක. හැබැයි ඉතින් මේ කොටස අද සමාජයට එතරම් ප්‍රායෝගික නැහැ.
අපි අර කලින් කියපු සූසැට කලාවන් ඉගෙන ගත්ත පිරිමියෙක්ට කරන්න සුදුසු රැකියාවන් හතරක් ගැන වාත්ස්‍යායන කියනවා.
1. ගොවි තැන
2. වෙළඳාම
3. වඩු කර්මාන්තය
4. යුද භටයෙක් වීම
මේ රැකියා කිරීමෙන් සහ පරම්පරාවෙන් ලැබෙන ධනයකින් තමන්ටම කියල නිවසක් හදා ගන්න පුළුවන්. මේ නිවසේ ස්වභාවය මෙන්න මෙහෙම වෙන්න ඕනලු.
- නැව් තොටක් තියෙන නගරයක, වනයෙන් වැසුණු කඳු ගැටයක් මත තමන්ගේ නිවස තැනිය යුතුයි
- මේ නිවසේ ඇතුළත කාමර, පිටත කාමර, නිදන කාමර ගබඩා සහ මුළුතැන්ගෙය වශයෙන් කොටස් කීපයකින් සමන්විය යුතුයි.
- ඇතුළු කාමර කාන්තාවන් සඳහා වෙන් විය යුතුයි.
පිටත කාමර සකසන්න ඕන විදිහ ගැන වාත්ස්‍යායන මෙහෙම කියනවා.
- කාමරය මැද සුවපහසු සයනයක්(ඇඳක්) තැබිය යුතුයි
- ඇඳ අසල කුඩා සෝපාවක් තියලා ඒක පුදසුනක් ලෙස සකස් කළ යුතු වෙනවා.
- ඒ අසල ම රාත්‍රී කාලයට ප්‍රයෝජනයට ගත හැකිය සඳුන්, විවිධ මල් වර්ග, බුලත්, සුවඳ විලවුන් වර්ග සහ බීමට වතුර තැබිය යුතුයි.
- බිත්තිවල විසිතුරු සිතුවම් සහ වීණාවක් එල්ලා තැබිය යුතුයි.
- කවි පොත් සහ කටරොඩු මල් පසෙකින් තැබිය යුතු යි.
- පලසක් එළා ඒ මත ගෘහස්ථ ක්‍රීඩා සඳහා අවශ්‍ය දාදු දහම් කැට වැනි දෑ තැබිය යුතුයි.
- කාමරයේ පිටතින් මිහිරි ගීත ගායනා කරන කුරුල්ලන්ගේ කූඩු තැබිය යුතු යි.
- ගෙවත්තේ ඔන්චිල්ලාවක් ද වඩුවැඩ වැනි දෑ සඳහා මඩුවක්ද තැනිය යුතුයි.
අපි මතක තියා ගන්න ඕන දේ තමයි වත්ස්‍යායන මේ දේවල් කියන්නේ එදා පැවතිච්ච බ්‍රහ්මණ සමාජයට ගැලපෙන්න කියන දේ. මේකෙන් අපිට ගන්න පුළුවන් දේ වෙන්නේ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්න නම් තමන් සාමාජීයවත් තෘප්තිමත් තත්ත්වයක ඉන්න ඕන කියන එක. නිකමට ගත්තොත් අපි ලිංගික ආස්වාදය ලැබීමෙන් පස්සේ අපිට වෙහෙස එන්න ඕන තවත් කාරණා තියෙනවා නම් අර ලබපු ආස්වාදයේ ප්‍රතිඵලය සියයට සියයක් අපට දැනෙයිද?
ඊට පස්සේ වත්ස්‍යායන විස්තර කරන්නේ ගෘහපතියෙක් සාමාන්‍ය දවස ගෙවිය යුතු ආකාරය
උදෑසන නැගිටීමෙන් අනතුරුව ශරීර කෘත්‍යයන් නිම කරලා මූණ කට සෝදා අනතුරුව සඳුන් ඇඟ ගල්වා ගත යුතු යි. ඊට පස්සේ තොල් පාට කරලා (තොල්වල පාට ආලේප කරන එක බ්‍රාහ්මණ සිරිතක්) ඇඳුම් පැළඳුම් ඇඳ ගත යුතු වෙනවා. ඊට පස්සේ බුලත් විටක් කෑමෙන් දවසේ කටයුතු ආරම්භ කළ යුතු වෙනවා.
සිරුර පිරිසිදු කරගත යුතු ආකාරය ගැන වත්ස්‍යායන කියන්නේ මෙන්න මෙහෙමයි.
දවසකට වරක් නාගැනීමත් දවසක් හැර දවසක් සිරුරෙහි සඳුන් අතුල්ලා නා ගැනීමත් දවස් හතරකට වරක් රැවුල බා ගැනීමත් පස් දිනකට වරක් ශරීරයේ රහස් ප්‍රදේශවල රෝම ඉවත් කර ගැනීමත් සිදු කළ යුතු වනවා. එහි දී ලිංග ප්‍රදේශය වගේම කිහිලි, ඉකිලි, කන්වලත් රෝම ඉවත් කළ යුතු වෙනවා.
තුන් වේලට ආහාර ගැනීමෙන් පසුව කුරුල්ලන් සමඟ කතා කිරීම පොර කුකුළන් කෙටවීම වැනි ක්‍රීඩා වල යෙදිය යුතු වෙනවා.
හවස් කාලයේ දී මිතුරන් සමඟ සම්භාෂණ පැවැත්වීමෙන් අනතුරුව අභිසාරිකාවන් පිටත කාමරය වෙත ගෙන්වා ගෙන කාම සැපත විඳිය යුතුයි. අවශ්‍ය නම් අභිසාරිකාවන් වෙත තමාම යා යුතුයි.
නාගරික වෘත්ත ප්‍රකරණය කොටස ටිකක් දිග කොටසක්. ඒ නිසා ඊලඟ සතියෙත් නාගරික වෘත්ත ප්‍රකරණයේ ඉතිරි කොටස ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ.
Leave a Reply