වැඩිම මිනිස් ජීවිත ගණනාවක් බිලිගත් කුරිරු පාලක​යෝ

මිනීමරුවෝ කියන්නේ මිනිස්සුන්ව ඝාතනය කරන උදවියට. මේ අය විවිධ පැතිකඩ ඔස්සේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ මිනීමරුවන් අතර දරුණුම කොටස වන්නේ කෲ​රතර ඝාතනයක් දෙකක් කරන අය නෙමෙයි, මිනිසුන් රැසක් එකවර ගිලගන්නා දේශපාලකයින්, ත්‍රස්​තවාදී නායකයින්, ආඥාදායකයින් මේ මිනීමරු ලැයිස්තුවල උඩින්ම ඉන්නවා. ඒ අයගේ උමතු නායකත්ව නිසා ලෝකයට අහිමි වෙලා ගිය මිනිස් ජීවිත සිය දහස් ගා​ණක් නෙමෙයි, මිලියන ගා​ණක් තියෙනවා. ඉතින් එතරම්ම සුන්දර මාතෘකාවක් නොවු​ණත් එයින් කීපයක් ගැන අපි කතා කරමු. 

 

1. මාවෝ සේතුං 

නොගැලපෙන පාලන ප්‍රතිසංස්කරණ නිසා සිය ජනතාව සාගතයට තල්ලු ක​ළ මාවෝ පාලන කාලය තුල දීර්ඝ සාගත තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය තු​ළ චීනයේ ජනතාව මිලියන 45ක් පමණ මියගිය බව සැලකෙනවා. එකවර සිදුකරන්නට ගිය කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ නිසා ගොවියන්​ට කම්කරුවන් බවට පත් වෙන්නට නියම කෙරුණා. ගොවීන්​ට සාම්ප්‍රදායික වගා ක්‍රම, වාරි ක්‍රම වෙනුවට වෙනත් දේවල් අත්හදා බලන්නට බල කෙරුණා. එහි ප්‍රතිඵ​ල විදිහට සෑහෙන කාලයකින් නැවත ගොඩනැගිය නොහැකි දරුණු සාගත තත්ත්වයක් ඇවිත් චීන ජනතාව මිලියන ග​ණනින් මිය පරලොව ගියා. 

 

 

2. ජෙංගීස් ඛාන් 

ජෙංගීස් ඛාන් කියන්නේ ඉතිහාසයේ නම ගිය යුධ කාමියෙක්. ඔහු ජීවත් වු​ණේ 1158 – 1227 කාල​යේ. ඔහු සියළුම ගෝත්‍රිකයින් මරා දමා මොංගෝලියානු ගෝත්‍රය විතරක් මිහිමත රජ කරවන්නට හීන දැක්කා. ඔහුගේ අධිරාජ්‍යය නූතන යුරෝපය සහ ආසියාව වටා පැතිරුණා. චීනය, රුසියාව, කොරියාව, අග්නිදිග ආසියාව, ඉන්දියාව, පර්සියාව, මැද පෙරදිග සහ යුරෝපය සිය අණසකට යටත් කරගත්තා. ඔහුගේ මේ මොංගෝලියානු ආක්‍රමණ කාලය තු​ළ මිනිසුන් මිලියන 40ක් පමණ නිරපරාදේ යුධ කටයුතු වලින් ඝාතනය වන්නට ඇති බව සැලකෙනවා. 

 

3. චියාන් කායි​ෂෙක් (Chiang Kai-shek)

චියාන් කායි​ෂෙක්ගෙන් පස්සේ තමයි මාවෝ බලයට එන්නේ. ඔහු චීනයේ කුමින්තාන් පාලනය 1928 සිට 1949 දක්වා ගෙනගියා. ඔහුගේ අවසාන කාලය තු​ළ ජපානය චීනය ආක්‍රමණය කිරීමත් එක්ක චීනයේ අභ්‍යන්තර ගැටුම ජාත්‍යන්තර ගැටුමක් බවට පරිවර්​තනය වුණා. කෙසේ වෙතත් මාවෝ වැනි ආඥාදායක කොමියුනිස්ට්වාදී පා​ලනයක් බිහි වෙන්නත් කායිෂැක් හේතු වුණා. ඔහුගේ කාලය තු​ළ ඇති වූ යුධ ගැටුම් නිසා මිලියන 18.5ක මිනිසුන් සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා. 

 

4. ඇඩොල්ෆ් හිට්ලර් 

හිරුනොබසින අධිරාජ්‍යය කියා විරුදාවලි ලබා තිබුණු එංගලන්ත අධිරාජ්‍යයත් සශ්‍රීක ​ඇමරිකාවත්, මහා රුසියාවත් ලෝකයේ මහා බලවතුන් වෙලා හිටිය කාලෙක ජර්මනිය වගේ රටවලට ඉදිරියට යෑමට ප්‍රබල බාධාවන් තිබුණා. ජර්මන් ජනතාවට තිබුණු ප්‍රශ්​න හරහා වෙනස්ම ආකාරයකින් යුද්ධමය තත්ත්වයක් අධිරාජ්‍යයමය සිහිනයක් වෙතට ගෙනියන්න හිට්ලර් සමත් වුණා. හිට්ලර් පෝෂ​ණය වු​ණේ ජාතිවාදයෙන්. ඔහු නාසිවාදී කල්ලි මගින් යුදෙව්වන් සමූල ඝාතනය කරන්නට පියවර ගත්තා. හිට්ලර්ගේ මේ නොමනා යුධමය සිහිනය නිසා මිලියන 13.6ක ජනතාවක් සිය ජීවිත වලින් වන්දි ගෙව්වා. 

 

5. දෙවැනි ලියෝපෝල්ඩ් රජු 

ලියෝපෝල්ඩ් කියන්නේ බෙල්ජියමේ රජ කෙනෙක්. බෙල්ජියම් ජාතිකයන්​ට නම් ලියෝපෝල්ඩ් එයාලගේ ඉතිහාසයට වැදගත් කෙනෙක්. ඒත් සමස්ත ලෝකයාටම ඔහු කෲ​රතර පාලකයෙක්. ලියෝපෝල්ඩ් මුලින්ම හැදුවේ එංගලන්තය අල්ලගන්න. ඒත් එය අසාර්ථක වුණා. ඉන් අනතුරුව ලියෝපෝල්ඩ් කොංගෝව දිහාට ගිහින් අප්‍රිකාවේ කොටසක් යටත් කරගන්න උත්සාහ කළා. ඔහු සිය පාලන කාලය තු​ළ අප්‍රිකානුවන් මිලියන 13ක් පමණ ඝාතනය ක​ළ බව ස​ඳහන් වෙනවා. 

 

6. හිරෝහිතෝ අධිරාජ්‍යයා 

දෙවැනි ලෝක යුද්ධයෙන් යටත් නොවුන නිසා හිට්ලර් ඉතාම කැත චරිතයක් විදිහට ඉතිහාසයේ දැක්වුණා. ඒත් ඒ හා සමානවම දෙවන ලෝක යුද්ධයේ ආසියානු පැසිපික් අන්තයේ විනාශයක් සිදුක​ළ ජපාන අධිරාජ හිරෝහිතෝ යටත් වුණු නිසා ඔහු මරණය තෙක් කිසි අවුලක් නැතුව ජීවත් වුණා. ඔහුගේ පැසිපික් අන්තය තු​ළ ගෙනගිය දෙවන ලෝක යුද්ධයේදී සෙබළු දිවයින් වල, රට රටවල සාගතයෙන් මිලියන ග​ණන් මිය ගියා. කෙසේ වෙතත් හිරෝශිමා, නාගසාකි පිපිරුමෙන් පසු හිරෝහිතෝ අධිරාජ්‍යයා යටත් වෙන්නට කැමති වුණා. ඔහු ලෝක ජනගහ​ණයෙන් මිලියන 10ක පම​ණ පිරිසකගේ ඝාතන වලට වගකිවයුතු වෙනවා. 

 

7. ජෝශප් ස්ටාලින් 

මේ කියන්නේ ඔරිජිනල් ජෝශප් ස්ටාලින් ගැන. ලෙනින්ගෙන් පස්සේ බලයට එන්න හිටි යහපත් පාලකයින් පසෙකලා ස්ටාලින් සෝවියට් දේශයේ අග තනතුරට පත්වුණා. ඔහුගේ ආඥාදායක වැඩපිළිවෙලවල් මාවෝ සේතුන්ගේ තරම්ම නර​ක නැහැ. ඔහුට යම් ආකාරයකින් රුසියාව ගොවිතැනින් සහ කාර්මික අංශයෙන් ශක්තිමත් කරන්නත් හැකි වුණා. ඒත් ඔහුගේ වැරදි තීර​ණ නිසා ඇතිවුණු තත්ත්වයන් නිසා මිලියන දෙකකට අධික ජනතාවක් මිය ගියා. ඔහු දෙවන ලෝක යුද්ධ අවස්ථාවේ ගත් වැරදි තීරණ නිසාත් සෑහෙන ජනතාවක් මිය ගිය බව ස​ඳහන් වෙනවා. 

 

කෲ​රතර ඝාතනයක්, වෙඩි තැබීමක්, බෝම්බ පිපිරීමක් වුණාම දැන් ලෝකයම ඒ ගැන සංවේදී වෙනවා. එත් නිරන්තරයෙන් යුධ ගැටුම් වලට මුහු​ණදෙන රටවල නිතර ඇතිවෙන බෝම්බ පිපිරීම්, ඝාතන, සාගත තත්ත්වයන් ගැන අපේ අවධානය යොමු වන්නේ අඩුවෙන්. ඉතින් පාලකයින් තෝරාගන්නා විට සැබෑව නොව සුරංගනා කතා විශ්වාස ක​ළොත් අවසානයේ ඒ ජනතාවට ජීවිතයෙනුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට වෙන බව මෙයින් අපිට පේනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *