කාම සූත්‍රය සිංහලෙන් – දහතුන් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

ඔන්න අපි කලින්  කිව්වා වගේම චුම්බන විකල්පන ප්‍රකරණය කියවන්නයි මේ යන්නේ ඉතින්. 

සිප වැළඳ ගැනීමට කාලයක් වෙලාවක් නෑ. ඒ වගේ ම නිශ්චිත ක්‍රමවේදයකුත් නෑ. ඔහොම කියලයි වත්ස්‍යා​යන මේ ප්‍රකරණය පටන් ගන්නේ. ඔහු කියන විදිහට දත්වලින් සහ නියවලින් ලකුණු තැබීමත් සිපගැනීම් වලටම අදාළ වෙනවා.

ඔහු කියන විදිහට කෙඳිරි ගෑම සහ රාගයෙන් මුසපත් වී පහර දීම වගේ දේවල් සංසර්ගය නිමා වුණාමත් කරන්න පුළුවන්. නමුත් සිප ගැනීම දත් සහ නිය වලින් ලකුණු තැබීම වගේ දේවල් සංසර්ග අවස්ථාවේදී වගේම ඊට ප්‍රවේශ වෙද්දිත් පාවිච්චි කරන්න පුළුවන්.

යුවලකගේ පළමු සංසර්ගය නිමාවෙන්න වැඩි වේලාවක් ගත නොවන නිසා, පළමු සංසර්ගයේදී සිප ගැනීම කියන දේට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙන්නේ නැහැයි කියලා වත්ස්‍යාය​න කියනවා.

නමුත් නැවත නැවතත් සංසර්ගයේ යෙදෙනවා නම් රාගයෙන් ස්ත්‍රීය කුල්මත් කරන්න චුම්බනය සහ අනෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න ඕන කියලා ඔහු නිර්දේශ කරනවා.

සිප ගත යුතු ස්ථාන 

වත්ස්‍යා​යන සිප ගත යුතු ස්ථාන විදිහට ශරීරයේ ස්ථාන අටක් හඳුන්වා දෙනවා 

නළල, කොපුල්, උරතල, පියවුරු, තොල්, මුව ඇතුළ, දිව සහ තල්ල මේ ස්ථාන අට වෙනවා.

ඊට අමතරව එවකට පැවති සොළොස් මහ ජනපද අතරින් එකක් වුණු ලාට රටේ වැසියන් කලවා, කලවා මුල, කිහිලි, නාභිය සහ යෝනිය සිප ගන්නවා කියලත් ඔහු සඳහන් කරනවා.

වත්ස්‍යා​යන වැඩිදුරටත් කියන්නේ රාගයෙන් මුසපත් වීම නිසා වගේම ඇතැම් රටවල දේශගුණික සාධක වගේ දේවල් නිසා චුම්බනය කිරීමට ස්ථාන මේ මේවා කියලා ස්ථිර වශයෙන්ම නියම කරන්න බැහැයි කියලා. නමුත් සංසර්ගයේදී චුම්බනයෙහි යෙදීමේදී යම් කිසි ශික්ෂණයක් තබා ගැනීම වැදගත් කියලා ඔහු කියනවා.

 

පළමුවරට සංසර්ගයට කැමති වුණු ස්ත්‍රියක් එහෙමත් නැත්නම් කන්‍යාවක් සමග භාවිතා කළ හැකි සිපගැනීම් වර්ග තුනක් කාම සූත්‍රය අපිට කියනවා 

 

1. නාමික හාදුව හෙවත් නිමිත්තක චුම්බනය 

පුරුෂයකු විසින් බලෙන් සිප ගැනීමක් කරද්දී කන්‍යාවක් හෝ ස්ත්‍රියක් තොල් පුරුෂයාගේ තොල් මත තැබීම පමණක් කරනවා නම් එය නාමික හාදුවක් වෙනවා.

 

2. වෙව්ලන හාදුව හෙවත් ස්ථුරිතක චුම්බනය 

යම්තාක් දුරකට ලැජ්ජාවෙන් තොර ස්ත්‍රියක් පුරුෂයා විසින් තමන්ගේ තොල් මත තොල් තැබූ විට ඇගේ යටි තොල පමණක් පුරුෂයාගේ තොල් මත තබා උඩු තොල නොසෙල්වයි නම් ඒ හාදුව, වෙව්ලන හාදුවක් වෙනවා.

 

3. ගැටෙන හාදුව හෙවත් ඝට්ටිතික චුම්බනය

ස්ත්‍රිය තමන්ගෙ තොල් වලින් පුරුෂයාගේ තොල් අල්ලාගෙන ඔහු ගේ දෑස් වසා තම දිවෙන් ඔහුගේ දිව ස්පර්ශ කරමින් සිප ගැනීම ගැටෙන හාදුවක් ලෙස හඳුන්වනවා.

 

මීට අමතරව චුම්බන වර්ග පහක් ගැන වත්ස්‍යා​යන  වැඩි දුරටත් සඳහන් කරනවා.

 

1. ඉදු හාද්ද හෙවත් සමග්‍රහණ චුම්බනය

දෙදෙනාම එක හා සමාන ලෙස දෙදෙනාගේ තොල් තදින් ඉරීම.

 

2. නැමි හාදුව හෙවත් තිර්යග් චුම්බනය

කුඩා දරුවෙක් සූප්පුවකින් කිරි බොන්නා සේ ස්ත්‍රියගේ තොල් උල් කළ පසුව එය උරා බීම.

 

3. හැර වුණු හාදුව හෙවත් උද්භ්‍රාන්ත චුම්බනය

හිස නිකට එකිනෙකා වෙත ඇද ගෙන තද කරගනිමින් සිප ගැනීම

 

4. තෙරපෙන හාදුව හෙවත් අවපීඩිතක චුම්බනය

අනෙකාගේ හිස තමන් වෙතට හරවා ගනිමින් එකිනෙකාට රිදෙන පරිදි සිපගැනීම අවපීඩිතක හාදුවක් නම් වෙනවා.

 

5. රිදවන හාදුව හෙවත් අවපීඩක චුම්බනය

කෙනෙකුගේ යටි තොල තම ඇඟිලි වලින් අල්ලා රවුම් හැඩයට සකස් කර දත් නොවදින සේ තොල් පමණක් උරාබීම අවපීඩක චුම්බනය නම් වෙනවා.

 

 

එහෙනම් අපි අද කියවපු චුම්බන වර්ග ප්‍රායෝගිකව පුහුණු වුණාට වරදක් නෑ, හැබැයි අනිත් පාර්ශවයේ කැමැත්තෙන්. එහෙමනම් මේ චුම්බන වර්ග පුරුදු පුහුණු වෙන අයට අපි ලබන සතියේ කියලා දෙන්නම් තොල්වලින් යුද්ධ කරන්නේ කොහොමද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *