මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
අද අපි ප්රහණන සීත්කාර ප්‍රකරණය කියවල ඉවර කරමු…
කලින් සඳහන් කළා වගේ ම සංසර්ගයේ වේගය වැඩි වෙද්දී “අම්මෝ, නවත්තන්න එපා, තව හයියෙන්, අනේ එපා” වගේ දේවල් කියමින් වගේම සීත්කාර නංවමින් සංසර්ගය තව තවත් රසවත් කරගන්න ඕන.
සුරතාන්තයට ආසන්න වෙද්දී උකුලට වගේම ශරීරයේ පහළ කොටස්වලට සමතල ප්‍රහාර පුරුෂ පාර්ශවයෙන් එල්ල වෙද්දී ස්ත්‍රිය විසින් පක්ෂීන්ගේ නාදයට සමාන සීත්කාර නැංවිය යුතු වෙනවා.
පුරුෂයා රළු බවින් යුක්ත වෙද්දී ස්ත්‍රිය ඔහුගේ රළුභාවය දරාගැනීමට නොහැකි තැනැත්තියක් වගේ හැසිරෙන්න ඕන.
වත්ස්‍යායන පඬිතුමා මේ අවස්ථාවේදී විශේෂ උපදෙසක් ලබා දෙනවා.
ඒ තමයි කාන්තාවකගේ පපුවේ උලකුත්, හිස ප්‍රදේශයේ කතුරකුත්, කම්මුල්වල රිටක් බඳු ආයුධයකුත්, පියයුරුවල අඬුවකුත් ඇති බව හිතාගෙන පහර දීම් වලදී පරිස්සම් වෙන්න ඕන කියන උපදේශය.
දක්ෂිණ දේශයේ යුවතියන් පපුවට පහර දීම් වලට බෙහෙවින් කැමති වුණත් ඒ ප්රහණන සාමාන්‍ය ප්‍රමාණයක් පමණක් යෙදිය යුතුයි කියලා වත්ස්‍යායන කියනවා.
විවිධ ප්‍රදේශවල ස්ත්‍රීන් ඇසුරු කිරීමේදී ඒ ඒ ප්‍රදේශවල ස්ත්‍රීන් ප්‍රිය කරන ප්රහණනවල යෙදිය යුතු නමුත් පමණ ඉක්මවා යෙදීමෙන් වළකින්න කියලා කියලාවත්ස්යායන මතක් කරනවා.
එවැනි අවස්ථා නිසා ඇති වුණු ඛේදවාචක කීපයක් ගැන වත්ස්‍යායන ඊළඟට සඳහන් කරනවා.
චෝල රජ කෙනෙක් විසින් පමණ ඉක්මවා සිදු කරන ලද ප්රහණනයකින් ගණිකාවක් ඝාතනය කිරීම
ශතකර්ණපුත්ර ශාතවාහන රජුගේ ප්‍රහාරයක් නිසා මලයවතී නම් දේවිය මියයෑම
කෘපාණි නම් රජුගේ නොඉවසිලිමත් බව නිසා නාටිංකාගනාවකගේ ඇසකට තුවාල වී ඇය කණ බවට පත් වීම.
අවසාන වශයෙන් වාත්ස්‍යායන ප්රහණනය ඒ ගැන මෙහෙම කියනවා.
සංසර්ග අවස්ථාවේ දී සිදු කරන ප්රහණන ප්‍රමාණය මෙපමණ යැයි කීමට අපහසුයි.
ඇතැම් අවස්ථාවල සංසර්ග අවස්ථාවේදී හිතට නැගෙන නැගෙන ආකාරයට සිදුකරනු ලබන සිප ගැනීම් සහ සංසර්ග විධි නිසා සමහර කෙනෙක් හීනෙන් වත් නොසිතූ දේවල් වන්නට පුළුවන්.
උදාහරණයකින් කියනවා නම් අධික වේගයෙන් දුවන අශ්වයෙකු වේගය නිසාම මාර්ගයේ හමුවන කිසිදු බාධාවක් ගැන නොතකා ගමන් කරනවා සේම රාගයෙන් අන්ධ වූ ස්ත්‍රීහු සහ පුරුෂයෝ සංසර්ග අවස්ථාවේදී සිතට නැගෙන දේ ක්ෂණිකව කරන අතර ඉන් සිදුවන ප්‍රතිඵල ගැන නම් ඔවුන් එතරම් නො සිතතිය කියා වත්ස්‍යායන කියනවා.
නමුත් කාම ශාස්ත්‍රය හදාළ තැනැත්තා තමන්ගේද තමාගේ සහකාරියගේද දුර්වලතා මෙන් ම ප්රබලතා ද හඳුනා ගෙන අවස්ථානුකූලව ක්‍රියා කරන බව ඔහු කියනවා.
නමුත් සෑම විටම එකම දේ කිරීම නිසා සංසර්ගය නීරස විය හැකි අතර එබැවින් අවස්ථානුකූල ව සිදු කරන දෑ කෙරෙහි අවධානයෙන් යුතුව සංසර්ගයෙහි යෙදිය යුතු වෙනවා.
ඔන්න ඔය විදිහට ප්රහණන සීත්කාර ප්‍රකරණය නිමා වෙනවා. ලබන සතියේ ඉඳන් අපි අලුත් ප්‍රකරණයක් කියවමු.
Leave a Reply