කාම සූත්‍රය සිංහලෙන් – විසි පස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 22 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 23 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 24 කොටස

 

පහු ගිය සතියේ අපි පුරුෂායිත -පුරුෂෝපඍප්ත ප්‍රකරණය කියවන්න පටන් ගත්තා. අද අපි යොමු වෙන්නේ එම ප්‍රකරණයේ ඉතිරි කොටසට. මේ කොටසෙදි විස්තර කෙරෙන්නේ පුරුෂායිතයේ යෙදීමට පෙර සංසර්ගයේදී භාවිතා කළ හැකි උපක්‍රම ගැන.

මෙවැනි උපක්‍රම නමයක් ගැන වත්ස්‍යායන  පඬිතුමා කියනවා. අපි දැන් ඒ උපක්‍රම නමය එකින් එක විමසා බලමු.

 

1. උපඍප්තක: සුදුසු පරිද්දෙන් ලිංගේන්ද්‍රය ප්‍රාණවත්ව සහ සෘජු කරවා ගැනීම. මේ සඳහා ස්ත්‍රියට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. 

 

2. මන්ථනය: සාමාන්‍යයෙන් මන්ථනය කියන වචනෙ තේරුම වෙන්නේ හැඳිගෑම. මේ මගින් වත්ස්‍යායන පඬිතුමා අදහස් කරන්නේ පුරුෂ ලිංගය යෝනිය තුළට ඇතුළු කරලා කැලැත්තීම.

 

3. හුලය: පුරුෂයා විසින් ස්ත්‍රියගේ උකුල පහළට කරමින් තම සෘජු වූ ලිංගේන්ද්‍රයෙන් ඇයගේ යෝනි ප්‍රදේශය මුලට ඇනීම මේ නමින් හඳුන්වනවා.

 

4. අවමර්දන: සෘජුව ලිංගේන්ද්‍රයෙන් යෝනි තොල් සහ යෝනි කුහරයට වේගවත් ව ප්‍රහාර එල්ල කිරීම අවමර්දන ලෙස නම් කෙරෙනවා.

 

5. පීඩිතක: ලිංගේන්ද්‍රයෙන් යෝනියට වේගවත්ව ප්‍රහාරයක් එල්ලකිරීම රිද්මයානුකූලව සිදුකිරීම පීඩිතක නම් වෙනවා

 

6. නිර්ඝාත: පුරුෂ ලිංගය යෝනියෙන් බැහැරට ගෙන යෝනියේ පහත කොටසට වේගයෙන් ඇනීම මෙසේ හැඳින්වෙනවා.

 

7. වරාහඝාත: යෝනියේ එක් පාර්ශ්වයකට පමණක් ලිංගේන්ද්‍රය මගින් පහර දීම මෙසේ නම් කෙරෙනවා.

 

8. වෘෂාඝාත: යෝනියේ දෙපැත්තේම සමාන ආකාරයෙන් ගැටීම හැඳින්වෙන්නේ මේ ලෙසයි.

 

9. චටක විලසිත: යෝනියට ඇතුළත් කළ පුරුෂ ලිංගය ඉන් පිටතට නොරැගෙන එක දිගට වාර ගණනාවක් පහර දීම චටක විලාසිත ලෙස නම් කෙරෙනවා.

 

මේ සියලු උපක්‍රම අවසානයේ සිදු වන ශුක්‍රාණු පහ වීම සංපුට ලෙස නම් කෙරෙනවා.

 

මේ සියලු උපක්‍රම ඒ ඒ උපක්‍රමයට කැමති කාන්තාවක් උදෙසා භාවිතා කළ යුතු වෙනවා. මීට අමතරව පුරුෂායිතයේ යෙදෙන ස්ත්‍රීන් සඳහා සුදුසු විකල්ප තුනක් වත්ස්‍යායන පඬිතුමා සඳහන් කරනවා.

 

1. සංදශ: වෙළඹක් සංසර්ගයේ යෙදෙන ආකාරයට තාම යෝනිය මගින් පුරුෂයාගේ ලිංගේන්ද්‍රය දැඩිව ග්‍රහණය කර ගනිමින් එය ඇතුළට ඇදීම මගින් පුරුෂ ලිංගයට පීඩනයක් එල්ල කිරීම මේ නම් වෙනවා.

 

2. භ්‍රමණ: ලිංගේන්ද්‍රය යෝනියට ඇතුළත් කිරීමෙන් පසුව ස්ත්‍රිය සකපෝරුවක් මෙන් ලිංගේන්ද්‍රය ග්‍රහණය කර ගනිමින් කැරකීම, මේ ලෙස හැඳින්වෙනවා. නමුත් මේ සඳහා පුහුණු වීම අත්‍යාවශ්‍ය වන අතර පුරුෂයා විසින් තම ලිංගේන්ද්‍රය යෝනියෙන් පිටතට නොඑන සේ තද කරගෙන සිටින අතරතුර උකුල පැද්දිය යුතු වෙනවා.

 

3. ප්‍රෙංඛෝලිත: ඉහත සඳහන් කළ ආකාරයට පුරුෂයා විසින් උකුල පද්දන විට ස්ත්‍රිය යහනේ ඒ මේ අත රෝල් වෙමින් පුරුෂායිතයේ යෙදීම මේ ලෙස හැඳින්වෙනවා.

 

මේ අතරතුර දී ලිංගේන්ද්‍රය යෝනිය ඇතුළත තබාගෙනම මුවට මුව සහ නළලට නළල තබා වරින් වර විවේක ගැනීම සුදුසු යැයි වාත්ස්‍යායන පඬිතුමා කියනවා.

 

එසේ සිදු කිරීම අවසානයේ දී පුරුෂයා නැවතත් ස්ත්‍රිය මත නැගෙමින් සංසර්ගය ආරම්භ කළ යුතු වෙනවා. 

 

සාමාන්‍ය ජීවිතයේ දී ස්ත්‍රිය තමන්ගේ ආශාවන් සඟවා තබාගෙන කටයුතු කළත් සංසර්ග අවස්ථාවේදී ඇගේ ඇත්ත ස්වභාවය පිටතට පැමිණෙනවා.

ඇයගේ ආශාවන් නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය නම් පුරුෂයිතයේ යෙදීමට ඇයට අවස්ථාව ලබාදිය යුතු වෙනවා.

අවසාන වශයෙන් වත්ස්‍යායන පඬිතුමා ඔසප් වුණු තැනැත්තියත්, ගර්භනී ස්ත්‍රියත්, ආසන්න කාලයේදී දරුවන් වැදූ ස්ත්‍රියත්, බෙහෙවින් මහත ස්ත්‍රියත්, මිග වර්ගයේ ස්ත්‍රියත් යන අයට පුරුෂායිතය නුසුදුසු බවත් සඳහන් කරනවා.

 

මේ විදිහට කාම සූත්‍රයේ පුරුෂායිත පුරුෂෝපසෘප්ත  ප්‍රකරණය නිමා වනවා. ලබන සතියෙ ඉඳන් අපිට ඖපරිෂ්ටික ප්‍රකරණය කියවන්න පුළුවන්. එහෙමනම්  ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක අප්‍රසිද්ධියේ හරි ෂෙයාර් කරලා අපිට සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරන්න කැමතියි. ඒ වගේම ඉතිං කැමතිනම් අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *