කාන්තාවන්ට වඩාත් ගැලපෙන කාර් 7ක් – 2 කොටස

මීට කලින් දවසකත් අපි මේ මාතෘකාව ගැන කතා කළා. අද ඒ කතාවේ දෙවෙනි කොටස තමයි අපි අරන් එන්නේ. අපේ පළමු ලිපිය මගහැරුණානම් පහල ලින්ක් එක ක්ලික් කරලා කියවන්න.

කාන්තාවන්ට වඩාත් ගැලපෙන කාර් 7ක්

ඉතින් කිහිපදෙනෙක් අහල තිබ්බා කාන්තාවන්ට කියල විශේෂ වෙන වාහන තියෙනවද කියල. අපි එහෙම දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. කාන්තාවක් වාහනයක් ගනිද්දී බලන එක එක විශේෂ දේවල් තියෙනවනේ. ඒ කියන්නේ ගොඩක් ගැහැණු අය කැමතියි ඔටෝ වාහන වලට. ඒ වගේම ගැහැණු අය ටිකක් Curvy ගතිය තියෙන වාහන වලට කැමතියි. ඒ වගේම තමයි එයාල ටිකක් හුරුබුහුටි වාහන වලට තමයි කැමති. ඔන්න ඔය ලක්ෂණ තියෙන වාහන ටිකක් ගැන තමයි අපේ මේ විස්තරේ. ඒ වගේම ඒ වාහන කාන්තාවන් විතරයි පදින්න ඕනෙ කියල කතාවක් මෙතන නෑ හොඳේ. ඒ වගේම ගැහැණු අය, පිරිමි අය කියල වෙනසක් නෑ සුක්කානම අතට ගත්තම හැමෝම විනයානුකූලව මාර්ගයේ ගමන් කරන්න ඕනෙ. එහෙනම් හැරෙමු කතාව පැත්තට.

 

 

1. Toyota Passo

ජනකාන්ත ටොයෝටා සමාගම 2004 දී නිෂ්පාදනය කරන්න පටන් ගත්තු පැසෝ කියන වාහනය ටොයෝටා එකෙන් පැසෝ කියල මාර්කට් කළාට මේ වාහනේම Daihatsu සමාගමෙන් නිෂ්පාදනය කරනවා Boon කියන නමින්. Daihatsu සමාගම සහ Toyota සමාගම අතර තියෙන සම්බන්ධය ගැන අපි මීට කලින් ආර්ටිකල් එකක කතා කළා. අන්න ඒ සම්බන්ධය නිසා තමයි එකම වාහනය නම් දෙකකින් මාර්කට් එකට දාන්නේ. මේ වාහනෙත් පුරුදු විදිහටම ඔටෝ වාහනයක් සහ මොඩල් දෙකක් එනවා 1000 සහ 1300 කියල. මේ වාහනේට ලස්සන පෙනුමක් එකතු කරනවා මේකේ පිටිපස්සේ නිමාව නිසා. ගොඩක් ගැහැණු අය පදින වාහනයක්. ඒ වගේම 2016 අවුරුද්දේ ඉඳල මේ වාහනේ තුන් වෙනි පරම්පරාවත් එලියට ආවා. තාමත් මාර්කට් එකේ මේ පරම්පරා තුනේම වාහන හොයාගන්න පුළුවන්.

 

 

2. KIA Sorento

ටිකක් බරපතල, SUV වාහනයක් පදින්න කැමති ගැහැණු කෙනෙක්ට වඩා සුදුසු වාහනයක් කියල මේ වාහනේ හඳුන්වා දෙන්න පුළුවන්. මේක ජීප් මොඩල් එකක්. ගොඩක් වෙලාවට විධායක ශ්‍රේණියේ කාන්තාවන් ගොඩක් මේ වාහනය පාවිච්චි කරනවා දකින්න පුළුවන්. කොරියානු සමාගමක් වෙච්ච කියා මෝටර්ස් සමාගම තමයි 2002 වර්ෂයේදී මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ. මේ වෙනකොට මේකේ තුන්වෙනි පරම්පරාවත් එලි බැහැල තියෙන්නේ. ඒ 2016 ඉඳලා. කියා වාහන ලංකාවේ එච්චර මි​ලකට මාර්කට් වෙන්නෙ නැතුවට මොකද වාහනයකින් අපි බලාපොරොත්තු වෙන හැම දේම මේ වාහන වලත් උපරිමේටම තියෙනවා. 2.2 වල ඉඳන් 3.3 වෙනකන් එන්ජින් ධාරිතාවයන්ගෙන් ඔටෝ මැනුවල් දෙකම මාර්කට් එකේ තියෙනවා. 

 

 

3. Honda Grace

Honda City කියන වාහනයේ වර්තමාන අනුප්‍රාප්තිකයා විදිහට මේ ග්‍රේස් කියන වාහනය හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ Honda City එකේ හය වෙනි පරම්පරාවේ වාහනයක් විදිහට තමයි ග්‍රේස් එලියට එන්නේ. ඉතාම වෘත්තීය මට්ටමේ පෙනුමක් තියෙන මේ වාහනේ විධායක ශ්‍රේණියේ කාන්තාවන්ට ඉතාම කදිමට ගැලපෙනවා කියල තමයි අපිට හිතෙන්නේ. 1.0 සහ 1.5 කියන ධාරිතාවයන් දෙකෙන්ම මේ වාහනේ මිලදී ගන්න පුළුවන් උනාට ලංකාවේ ගොඩක්ම 1.5 වාහනේ සුලබයි. වේග 7 CVT එන්ජින් එකකින් තමයි බලගන්වෙන්නේ. ඊට අමතරව ආරක්ෂාව සම්බන්ධ පරීක්ෂණ වලිනුත් ඉහළින්ම සමත් වෙච්ච වාහනයක්.

 

 

4. Daihatsu Mira

1980 ඉඳල ඩයිහට්සු සමාගමේ නිෂ්පාදනයක් විදිහට මාර්කට් එකට ආපු මීරා කියන මොඩල් එක 2018 දී ඒ සමාගම නිෂ්පාදනය නවත්වනවා. හැබැයි වාහනේ තියෙන ලස්සන සහ මිල ගණන් වල තියෙන පහසුව නිසා යම් ජනප්‍රියත්වයක් ලැබුවත් පාර්ට්ස් එහෙම හොයාගන්න තියෙන අමාරුකම සහ තෙල් වැඩ කිරීමේ අඩු පාඩු නිසා යම් ප්‍රමාණයකට මාර්කට් එක අඩු වාහනයක් මේ. නමුත් කාන්තාවන් අතරේ ටිකක් ජනප්‍රියයි. 650 සහ 1000 කියන ධාරිතා දෙකෙන්ම මේ වාහනේ මාර්කට් එකේ තියෙනවා. ඔටෝ මැනුවල් කියන දෙකමත් තියෙනවා උනාට කාන්තාවන් ගොඩක් කැමති ඔටෝ මොඩල් එකට. ලොකුවට පිකප් වීම සම්බන්ධව සැලකිලිමත් වෙන්නෙ නැති නිසා මේ එන්ජින් ධාරිතාවය ලොකු ගැටළුවක් ඇති කරන්නෙත් නෑ. 

 

 

5. Suzuki Spacia

මේ වාහනය අයිති වෙන්නෙ Kei වාහන කැටගරි එකට. Kei වාහන කියන්නේ ජපානයේ වාහන වර්ග වලින් එක පන්තියක්. ඒවායේ උපරිම එන්ජින් ධාරිතාවය 650. ප්‍රමාණයෙන් උනත් යම් නිර්ණායක කිහිපයක් තියෙනවා. අන්න ඒ සම්මතයන්ට අනුව නිෂ්පාදනය කරන වාහන තමයි Kei වර්ගයේ වාහන කියන්නේ. මේ වාහනේට අමතරව වැගන් ආර්, පහලින් ලියවෙන Hustler, Suzuki Alto මේ වර්ගයේ වාහන වලට උදාහරණ. කොහොම හරි මේ වාහනේ 2017  Tokyo Motor Show එකේදී තමයි හඳුන්වල දෙන්නේ. ඉතාම හුරුබුහුටි වාහනයක් කියල බැලූ බැල්මට පේනවා. 650 ඔටෝ එන්ජින් එකක් තමයි කලින් කිව්වා වගේ මේ වාහනේ එක්ක එන්නේ. 

 

 

6. Suzuki Hustler

මේ මාදිලියත් උඩ එක වගේම Kei වර්ගයේ වාහනයක් . ඒ වගේම ටිකක් Crossover SUV එකක් කියලත් කියන්න පුළුවන්. Kei කියද්දීම ඕගොල්ලෝ දන්නවනේ මේකේ එන්ජින් එකේ ධාරිතාවය කීයද කියල. ඔව් 650 තමයි මේකේ එන්ජින් ධාරිතාවය. ඒ වගේම ඔටෝ ගියර් සිස්ටම් එකක් තියෙන්නේ. මේකෙත් අපි අර ඉන්ට්‍රෝ එකේ පැහැදිලි කරපු විදිහට ලස්සන Curvy හැඩයක් තියෙනවා. ඒ නිසා ගොඩක්ම කාන්තාවන් විසින් පාවිච්චි කරන බවක් පේන්න තියෙනවා සහ කාන්තාවන්ට ගොඩක් ගැලපෙනවා.

 

 

7. Perodua Elite

සාර්ථක නමුත් ඉතාම කෙටි ගමනක් ආපු වාහන මාදිලියක් තමයි විවා එලයිට් කියල කියන්නේ. කොච්චර කෙටිද කිව්වොත් 2007 නිෂ්පාදනය පටන් අරන් 2014 දී නිෂ්පාදනය නවත්වනවා. හැබැයි 2012 වගේ වාහන තාම මාර්කට් එකේ හොඳ මි​ලකට අලෙවි වෙනවා. 650, 850, 1000 කියල එන්ජින් ධාරිතා තුනක් තිබ්බට ලංකාවට අල්ලලම ගියේ 1000 එන්ජින් එක තියෙන මොඩල් එක. කොහොම උනත් ඒ වාහනේ දැන් බ්‍රෑන්ඩ් නිව් එකක් විදිහට ගන්න නෑ කියල අපි කිව්වනේ. කොහොම උනත් දැනට තියෙන වාහන වලින් බොහොමයක් උනත් ගැහැණු අය තමයි පාවිච්චි කරන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *