සාමාන්‍යයෙන් මේ ලෝකෙ වයිෆ්ලා සම්බන්ධයෙන් කරන්න අමාරු දේවල් තියෙනවා. රණ්ඩු නොවී සිටීම, කන්නෙ මොනවද කියා දැනගැනීම, සතුටු කරවන්නට විදියක් සොයා ගැනීම ඒ අතරින් ප්‍රධානයි. මුල් ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න ලෝකෙ මහා ප්රාඥයොන්ටත් බැරි වෙච්ච නිසා අපි වැඩි මහන්සියක් නොදා ඉමු. තුන්වෙනි ප්‍රශ්නෙටනං ලාවට උත්තර හොයාගන්න පුළුවන්. හැම වයිෆ්ටම හැම උත්තරේම හරි නොගියත්, පොදුවේ වයිෆ්ලට හරියන උත්තර ටිකක් ලැයිස්තුවට දාගන්න අපිට පුළුවන් වුනා. හැබැයි ඉතිං මේ මොකුත් නැතුව වයිෆ් දේශනා කරන බණවලට සාවධානව ඇහුම්කන් දෙන්න පුළුවන්නං ඒකම ඇති වයිෆ් කෙනෙක් සතුටු වෙන්න. මොකද ඉතිං බිරින්දෑවරු හැමදාම චෝදනා කරන්නෙ තමුන් කියන දෙයක් මනුස්සය අහං ඉන්නෙ නෑ කියලනෙ.
1. පොල් ටිකක්

Image Source – youtube.com
හැමදාම උදේ පහට එලාම් තියාගෙන ඇහැරිලා ඔෆිස් යන්න දනිපනියෙ ව්‍යංජන තුනක් එක්ක බතක් මසක් උයන වයිෆ්ට, හබියත් පහට ඇහැරිලා පොල් ටිකක් ගාලා දුන්නොත් කොච්චර සතුටු හිතෙයිද? හැබැයි ඉතිං පරිස්සමට කරන්න ඕන. සමහර වයිෆ්ලා ඉන්නව අද පොල් ගාලා දුන්නොත් හෙට එළවළුත් කපන්න කියන. අන්න ඒ නිසා ඕක පුරුද්දකට නොයවා, වයිෆ්ගෙ හිතට සතුටක් පමණක් ගෙනෙන විදියට ටිකක් ලොකුවට පොල් කෑලි හිටින්න ගාලා දුන්නත් කමක් නෑ. ඒ වගේම සමහර වයිෆ්ලා කැමතිම නැත්තෙ වළං හෝදන්න. අන්න ඒ වගේ වෙලාවට ඒ සිනිඳු අත් රළු වෙන්න නොදී වළඳක් කාරිය හෝදලා දුන්නට හබියලට හෙණ ගහන්නෙ නෑ.
2. ලස්සන වෙන්න තෑග්ගක්

Image Source – lifebynaomi.com
බිරින්දෑවරු කියන ජාතිය ෆැෂන්වලට ආසයි. ෆැෂන් කිවුවම ඉතිං නානාප්‍රකාර ෆැෂන්. සමහරු ඇඳුම්. ඒකට ගැලපෙන බෑග්. ඒකට ගැලපෙන සපත්තු. ඊටත් හරියන මාල කරාබු. කොණ්ඩ විලාසිතා. මේකප්. ෆේස් එක ගෝල්ෆේස් එක වගේ හිටින්න දාහකුත් එකක් දේ කරන්න වයිෆ්ලා කැමතියි. හබියලා අහං හිටියෙ නැති වුනාට මගේ කොණ්ඩෙ කලර් කරානං හොඳයි, මූණට ට්‍රීට්මන්ට් එකක් කරගන්නත් බැරි වුනා කාලෙකින් වගේ කතා වයිෆ්ලා නිතර දෙවේලෙ කියනව. අන්න ඒ වගේ වචනයක් පිටවෙනකං ඉඳල, හරි යමං කියල එක්කගෙන යන්න. එයාට කොච්චර සතුටු හිතෙයිද බලන්න. ඒක වියදං වැඩියි වගේ දැනෙනවනං පොකට් එකට ෂේප්, සාරිවලට දාන රත්තරන් නොවෙන ෆැෂනබල් මාලයක් අරං ගෙනිහින් දෙන්න.
3. සප්‍රයිස් ඩේ අවුට් එකක්

Image Source – gottman.com
සතියෙ දවස්වල හම්බුකරලා නැහිලා නැහිලා ඇවිල්ල නිදියගන්නව. සති අන්තෙ බීලා ඇවිල්ල නැගිටගන්න පණ නැතුව නිදියගන්නව. වයිෆ් කෙනෙක් හීන දැක දැක ඉන්නෙ තමුන්ගෙ හබියා එක්ක අත්වැල් පටලගෙන හන්දියටවත් ගිහිල්ල එන්න. ඉඳලා හිටලා දවසක අන්න ඒ හීනෙවත් ඉෂ්ඨ කරන්න. ආයෙ ඉතිං සතුට දෙගොඩ තලා යයි. එහෙමයි කියල මහා පොෂ් තැන් හිතන්න ඕන නෑ. පොඩි වෝක් එකක් දාලා, ස්ට්‍රීට් ෆුඩ් කාලා, රෑ වෙලා ගෙදර එන්න. පහුවදා උදේට ඉන්නෙ කොච්චර හොඳ වයිෆ් කෙනෙක්ද කියල හබියලාට හිතාගන්න බැරි වේවි.
4. හවසට පැටිසක්

Image Source – twitter.com
මහ දේවල් ඕන නෑ. වයිෆ් කෙනෙක් කැමතියි තමුන්ගෙ හබියට තමුන්ව මතක් වෙනවට. සමහර වයිෆ්ලා හිතං ඉන්නෙ තමුන්ගෙ මිනිහට තමුන්ව මතක නෑ, පොර ගෙදර එනකංම වෙනිං ගෑණු එක්ක උකුළු මුකුළු කර කර තමයි ඉන්නෙ කියල. නිතරම එහෙම හිතන වයිෆ් කෙනෙක් තමුන්ගෙ හබියා තමුන් ගැන හිතනවා කියල දැනගන්න මාර ආසයි. අන්න එහෙම කෙනෙකුට හවසට යද්දි අරං යන්න පැටිසක්. පැටී එක අරං ගිහින් නිකංම ආහ් කියල දික් කරන්නෙපා. ඒකට ආදරේ මිශ්‍ර කතාවක් ගොතන්න. “අද ඔෆිස් එකේ බර්ත්ඩේ පාටියක් නිසා පැටිසක් හම්බුනා. මං ඒක ඔයාට ඔතාගෙන ආවා.” කිවුවම ඉඹියි බෙල්ල බදාගෙන.
5. ඇනිවසරිය

Image Source – oyehappy.com
වයිෆ්ලට ඇනිවසරියට තෑගි දෙන්න ඕන නෑ. ඕක මතක තිබ්බනං ඇති. තෑගි ඕන නෑ කිවුවට පොඩි තෑග්ගක් ඕන නැත්තෙමත් නෑ. එයා බලාපොරොත්තුවෙන් ඉන්න තෑග්ගක් දෙන්න. තමුන්ගෙ වියත් බව පෙන්නන්න හිතාගෙන බා ජින් ලියපු පවුල වගේ පොතක් තෑගි දෙන්නෙපා. කවුද දන්නෙ ඕව කියවයිද කියල. තිබුනනං හොඳයි කියල වයිෆ් නිතර කියන දෙයක් අරං දෙන්න. කුස්සියට බඩුවක් වුනත් කමක් නෑ, ආයෙ ඉන් රිටර්න් කුස පිරෙන්නෙත් හබියලාගෙමනෙ.
6. තමුන්ගෙ අතින් උයපු ආහාර වේලක්

Image Source – cookingchanneltv.com
හරි ඉතිං! හෙඩිම දැක්ක ගමන්ම මේ කොටස කියවන එක බොහෝ හබියලා විසින් අතාරීවි. හැබැයි එහෙම කරන්නෙපා. තමන්ගෙ අතින් උයපු කියල කිවුවට තමුන්ගෙ අතින් බෙදපු කියල කිවුවොත් තමයි හරි. බැරි මරගාතෙ උයල කිරි නැති කිරිබතුයි, ලුණුයි මිරිසුයි නැති ලුණු මිරිසුයි කන්න දෙනවට වඩා හොඳ දේවල් තියෙනව කරන්න. ගෙදර උයනව වගේ රසට රයිස් ඇන්ඩ් කරි තියෙන කඩයක් හොයාගන්න. ඒකෙන් තෝරලා ඔයාට උයාගන්න පුළුවන් කියලා හිතෙන කරීස් තුනක් ඕඩර් කරන්න. උදාහරණෙකට පරිප්පු, කරවල, අඹ. ඔන්න ඔය ව්‍යංජන තුනට පොල් සම්බෝලෙකුත් ඕඩර් කරලා දාලා, දීසිවලට බෙදලා, ගෙදර රයිස් කුකර් එකේ සම්බා බතක් ගහලා වයිෆ් ගෙදර එනකං වීරයා වගේ බලං ඉන්න.
7. පොඩි නිර්මාණයක්

Image Source – scarymommy.com
පෙම්වතියො කාලෙ වයිෆ්ලා කරපු වැඩ තමුන්ගෙ හබියා විසින් කරනවට වයිෆ්ලා ආසයි හුඟක්. පින්තූර ප්‍රින්ට් කරපු මග්, පුංචි කවි කෑලි, ලස්සන පින්තූරයක් ප්‍රින්ට් කරලා දෙන්න එයාලා ඒ කාලෙ කාපු කට්ට ඇස් පනාපිට එයාලට මැවී පෙනෙන අවස්ථාවක් විදියට ඒක හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ විදියෙ පොඩි දෙයක් හදලා එයාලගේ ඒ සතුටුදායක නොස්ටැල්ජියාව උඩට ඇදලා ගන්න. දවස් තුනකින් විතර පස්සෙ නැවතත් පරණ වයිෆ්ම බවට පත්වුනාට, දවස් තුනක් විතර යනකං ඉස්සර හිටපු ලාමක පෙම්වතිය බවට එයා පත්වේවි.
Cover Image Source – austinfamilycounseling.com/ blog.flpremaritalcourse.com/ chelseacrockett.blogspot.com
Leave a Reply