දැන් ඒ ලෙවල් ඉවරවෙලා, එහෙම නැතිනම් කැම්පස් ෆයිනල් කිට්ටු වෙලා, රස්සාවකට එහෙම යන්නද හිතාගෙන ඉන්නේ? අලුතෙන්ම රස්සාවකට යන්න හිතන කෙනෙක්ට අවශ්‍යම වෙන දෙයක් තමයි හොඳ CV එකක් හදාගන්න එක. ඉස්සර නම් ඉතින් CV එකක් හදනවා කියන්නේ වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඕපන් කරලා තියෙන කොලිෆිකේෂන් ටික ලියාගෙන ලියාගෙන යන එකනේ. හැබැයි දැන් කාලේ එහෙම නෙවෙයි. දැන් කාලේ CV එකක් හදනකොට ඒ වගේ බේසික් ලෙවල් එකකට වඩා පොඩ්ඩක් හිතන්න ඕන. මොකද, ඉන්ටර්වීව් එකකට යනකොට අපේ CV එකේ තියෙන කොලිටි එකත්, අපිට රස්සාව ලැබෙන්න හොඳ හේතුවක් වෙනවා. අපි රස්සාවට ඇප්ලයි කරන තැන අපේ CV එක කියවන්නේ විනාඩියක් ඇතුළත වෙන්න පුළුවන්. හැබැයි ඒ CV එකේ කොලිටි එකෙන් ලබාදෙන ඉම්ප්‍රෙෂන් එක මුළු ඉන්ටර්වීව් එකටමත් වැදගත් වෙනවා. ආන්න ඒ නිසා තමයි, කොලිටි CV එකක් හදාගන්න එක වැදගත් වෙන්නේ.
දැන් කොලිටි CV එකක් හදනකොට, ඒකට ඕන කරන ඔන්ලයින් ටූල්ස් එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒ නිසා අපි හිතුවා, අන්න ඒ වගේ ඔන්ලයින් ටූල්ස් කීපයක් ගැන කියන්න. ඔය ටූල් එකක් පාවිච්චි කරලා, ලස්සනට කැටයම් දාපු කොලිටි ඒත් සිම්පල් CV එකක් හදාගන්න එක ගේමක්ම නෑ!
1. Zetery Resume Build
මේක බොහොම සරලව CV එකක් හදාගන්න පුළුවන් ඔන්ලයින් ටූල් එකක්. බ්ලෑන්ක් ටෙම්ප්ලේට් එහෙම මේකේ ඒ තරමට නෑ. තියෙන්නේ පහළොවක් විතර. හැබැයි ඒ පහළොවෙන් එකක් ඕනම විදියේ CV වර්ගෙකට ගැළපෙනවා. ගොඩක් දෙනෙක්, ඒ කියන්නේ මේ වෙනකොට ලක්ෂ දහයකට වඩා ප්‍රමාණයක් මේකේ තියෙන Cascade ටෙම්ප්ලේට් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කරන්න තියෙන්නේ ඕන ටෙම්ප්ලේට් එක තෝරගෙන, ඒ ටෙම්ප්ලේට් එකට අපිට ඕන කරුණු ටික පුරවන එක. ඒ කරුණු පුරවන එකටත් මේ ටූල් එක අපිට උදවු කරනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඩිසයින් එක ලස්සන කරලා, හැඩ කරලා ගන්න. එච්චරයි. ඊලඟට වර්ඩ් ඩොකියුමන්ට් එකක් හරි පීඩීඑෆ් එකක් හරි විදියට ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ.
2. LiveCareer
අපි CV එකක් හදනකොට, ඒක ඕනම කෙනෙක්ට ගැලපෙන නෝමල් එකක් විදියට හදන එක ඒ තරම් තේරුමක් නෑ. හැබැයි මේ වෙබ් ටූල් එකෙන් අපිට විශේෂීකරණය වුණු CV එකක් හදාගන්න පුළුවන්. මැතමැටිකල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක්ට ඒ විදියට, එතකොට ක්‍රියේටිව් ෆීල්ඩ් එකට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඒ විදියට. ඔය වගේ තමන් යන තැනට සෙට් වෙන විදියට CV එකක් මෙතනින් හදාගන්න පුළුවන්. මේකේ තියෙන ටෙම්ප්ලේට් විසිපහෙන් එකක් තෝරගෙන අපේ තොරතුරු පුරවනකොට, හරිම විදියට ඒ තොරතුරු ලබාදෙන්නේ කොහොමද කියලා අපිට කියන එක්ස්පර්ට් ටිප්ස් එහෙමත් මේක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ ස්පෙලින්ග්ස් එහෙමත් චෙක් කරලා දෙනවා.
3. Resume Genius
වඩාත් කැපිලා පේන විදියේ CV ඩිසයින් තියෙන වෙබ්සයිට් එකක් තමයි මේක. CV එකත් එක්කම, CV එකට මැච් කරලා කවර් ලෙටර් එකත් කරදරයක් නැතුව හදාගන්න පුළුවන්. හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ටූල් එකක් වීමත් වැදගත්. ඒ වගේම, ATS ෆ්‍රෙන්ඩ්ලි, ඒ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකකට රීඩ් කරලා පාස් කරන්න පුළුවන් විදියේ CV එකක් තමයි මේකෙන් හදලා දෙන්නේ. හැබැයි මේකේ සල්ලි ගෙවන සීන් එකනම් ටිකක් කරදරයි. ට්‍රයල් එක තෝරගෙන CV එක හදාගෙන, මතක ඇතුව සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කළොත් හරි.
4. MyPerfectResume
ඕනම කෙනෙක්ගේ වුවමනාව තියෙන්නේ පර්ෆෙක්ට් CV එකක් හදාගන්න එකනේ. මේ වෙබ් ටූල් එකෙන් ඔෆර් කරන්නෙත් පර්ෆෙක්ට් CV එකක් හදලා දෙනවා කියලා තමයි, මිනිත්තු ගාණකින්. විශේෂයෙන්ම ප්‍රොෆෙෂනල් CV එකක් මේ වෙබ් ටූල් එකෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම, CV එකට කරුණු තොරතුරු ඇතුළත් කරනකොටත්, එක්ස්පර්ට් ලෙවල් එකෙන් හදපු විශේෂ වාක්‍ය අනං මනං මේකේ සජෙස්ට් කරනවා. එතකොට ඒ අනුව අපේ තොරතුරු විතරක් ඇතුළත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම CV එකක් හදනකොට භාෂා දැනුම ප්‍රශ්නයක් වෙන අයට අන්න ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම, අපිට අවශ්‍ය ජොබ් ෆීල්ඩ් එක අනුවත් CV එක වෙනස් කරගන්න අපිට පුළුවන් මේ වෙබ් ටූල් එකෙන්! මේකත් ATS සපෝට් කරන CV එකක් තමයි හදලා දෙන්නේ.
5. ResumeLab
CV එකක් හදනකොට අපිට කලින් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ලියලා තියෙන CV එකකට අපේ තොරතුරු ඇතුළත් කරලා හදාගන්න පුළුවන් නම් ඒක ලොකු පහසුවක්, හා නැද්ද? එකෙන් අපිට ඒ පහසුකම ලබාදෙනවා. හැබැයි ඒක ඕනම CV එකකට පොදු නැහැ. මේකේ තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පහසුකම එක්ක, අපේ විදියට, අපේ හැකියාවන් හා සුදුසුකම් එක්ක, සහ අපි ඉල්ලුම් කරන ජොබ් ෆීල්ඩ් එකට අදාළව ප්‍රොෆෙෂනල් විදියේ CV එකකට අවශ්‍ය අන්තර්ගතයක් අපිට ලබාදෙනවා. එතකොට දෙන්නෙක්ට එකම CV එකක් හැදෙන්නේ නෑ. හැබැයි අපිට ලොකු භාෂා දැනුමක් නැතත්, CV එකක් හදන වැඩේ කොලිටියට කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපි ආස විදියට පාට, සෙක්ෂන් කඩලා තියෙන ඕඩර් එක, ස්කිල් රේටින් අයිකන්ස් අනං මනං වෙනස් කරගන්න තමයි. සරලයි, පහසුයි!
6. ResumeNerd
මේ වෙබ් ටූල් එකෙන් CV එකක් හදාගන්න කොට, ඒ අය කරන්නේ සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට අපිව අරගෙන ගිහිල්ලා, ඒ ඒ සෙක්ෂන් පර්ෆෙක්ට් විදියට සම්පූර්ණ කරමින් සමස්ත CV එකම නිර්මාණය කරන එක. ඒක බැලූබැල්මට ලොකු දෙයක් නෙවෙයි. හැබැයි අලුතෙන්ම CV එකක් හදන කෙනෙක්ට එහෙම ප්‍රොසෙස් එකක යන එක ප්‍රයෝජනවත්. මේකෙත් කලින් ලියපු ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ අන්තගතයන් තියෙනවා. ඒවා තමන්ගේ තොරතුරු දාලා මොඩිෆයි කරගන්න එක තමයි තියෙන්නේ. අන්තිමට හදපු CV එක හොඳම කොලිටි එකට තියෙනවද කියලා හැමදේම චෙක් කරලා බලන පහසුකමත් මේකේ තියෙනවා. හැබැයි CV එකට ගැලපෙන විදියට කවර් ලෙටර් එක හදාගන්න පහසුකම නම් මේකේ නෑ. ඒක දෙන්නේ ප්‍රීමියම් වර්ෂන් එකේ විතරයි!
7. ResumeNow
මේ වෙබ් ටූල් එකට ගිහින් CV එකක් හදාගන්න හිතුවොත්, අපිට මුලින්ම හිතලා බලන්න වෙනවා, අපි CV එක දාලා ඇප්ලයි කරන ජොබ් ෆීල්ඩ් එක මොකද්ද කියලා. මොකද, මේකේ අපිට ටෙම්ප්ලේට් එකක් රෙකමන්ඩ් කරන්නෙත් අපි ඇප්ලයි කරන ජොබ් ෆීල්ඩ් එකට අනුව. ඕන නම් අපිට ඕන ටෙම්ප්ලේට් එකක් තෝරගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා, මේකෙන් රෙකමන්ඩ් කරන ටෙම්ප්ලේට් වලින් එකක් තෝරගන්න එක වඩාත් හොඳයි. මේකේ ටෙම්ප්ලේට් ඩිසයින් සෑහෙන්න නවීන තාලේ CV එකක් හදාගන්න උදවුවක් වෙනවා. ඒ වගේම, අනික් අපි කතා කරපු CV හදලා දෙන වෙබ් ටූල් වල වගේම, මේකෙත් අපේ තොරතුරු පුරවනකොට ප්‍රොෆෙෂනල් කොලිටි එකට ලියන්න උදවු වෙන පහසුකමක් තියෙනවා. ඒ වගේම, CV එකක ප්‍රින්ට් වර්ෂන් එකත් සෑහෙන්න කොලිටියකින් යුතු වෙන්න ඕන කියලා තමයි මේ අය කියන්නේ. ඒක මේ අයගේ CV වල තියෙනවා කියලත් ඒ අය කියනවා!
මේ කියලා තියෙන හැම CV බිල්ඩින් ඔන්ලයින් ටූල් එකක්ම සල්ලි ගන්නවා හැබැයි. ඒත් ඉතින් අපි මාසෙකට සැරයක් සීවී හදන්නෙ නෑනේ. අන්න ඒ නිසා, අපිට ට්‍රයල් වර්ෂන් එකට බොහොම පොඩි ගාණක් විතරක් ගෙවලා හරි, සල්ලි නොගෙවා හරි අපි ඇප්ලයි කරන්න ඉන්න ෆීල්ඩ් එකකට අදාළව CV එකක් හරි කීපයක් හරි හදාගන්න පුළුවන්.
එතකොට කීයක් වත් ගෙවන්නෙ නැතුව, නොමිලේම කොලිටි CV එකක් හදාගන්න පුළුවන් වෙබ්ටූල්ස් නැද්ද? අපොයි තියෙනවා. අපි වෙන දවසක අන්න ඒවා ගැන කතා කරනවා!
Leave a Reply