අඳුරෙ ඉන්නව කියන එකට සමාජයෙන් තියෙන්නෙ දෙපැත්තටම තියෙන උත්තර. සමහරු කැමතියි ඔෆිස් එකේ ලයිට් අඩුවෙන් දාලා තියෙනවනං. සමහරු කැමතියි ඔෆිස් එකේ අහුමුළුවලත් ලයිට් දාලා තියෙනවට. ඒවට මිනිස්සු එක එක හේතු කියනව. කළුවරේ ඉද්දි ඇහැට සනීපයි කියල සමහරු කියනව. කළුවරේ ඉඳගෙන පරිගණක තිර දිහා බලාගෙන ඉන්න එක ඇහැට හොඳ නැහැ කියල අනිත් අය කියනව. කොහොමින් කොහොම වුනත් ගොඩක් අය අඳුරෙ ඉන්න කැමතියි. අඳුරේ හිටියම ආත්මාර්ථකාමී වෙනවලු, අඳුරෙ ඉන්න හදන්නෙ ස්ට්‍රෙස් වෙච්ච මිනිස්සුය කියල කතා තියෙනව. අපි දන්නෙ නෑ ඕවා. ඒ අඳුරට මනුස්සයා ස්වභාවයෙන්ම කැමති වෙන්නෙ සහ කැමති හිතන්නෙ ඇයි කියලයි අපි හොයාගෙන ගියේ.
1. ප්‍රශ්න තියෙන හිතට
මිනිස් හිත කියන්නෙ එහා මෙහා යන හිතක්. සුදු බිත්තියක් දිහා බලාගෙන වුනත් මියා කලීෆාගේ ඔඩොක්කුවට පනින්නත් බර්ජ් කලීෆා එකේ උඩටම නගින්නත් මිනිස් හිතට පුළුවන්. අනිත් ප්‍රධානම දේ තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. ප්‍රශ්න තොග පිටින් මිනිස්සුන්ගෙ කරපිටට හිර කරලා තියෙන්නෙ. ඒ ප්‍රශ්න දරාගෙන ඉන්න මිනිස්සුන්ට අවට ලෝකය පෙනෙන පෙනෙන අත දකින්න තියෙන්නෙ තමුන්ගේ ප්‍රශ්න මතක් කරවන සුළු ප්‍රස්තුත. අන්න ඒ නිසාමයි මනස කලම්බන ප්‍රශ්නයක් තියෙද්දි ඒ පුද්ගලයට කළුවර තැනක සිටින්නට අනිච්ඡානුගවම හිත්දෙන්නෙ.
2. වැඩ කරන්න ලේසියි
සාමාන්‍යයෙන් කළුවර තියෙන්න පුළුවන් ප්‍රධානම කාලය තමයි රාත්‍රී කාලය. නිකමට හිතන්න ඔෆිස් එකක රෑ හතෙන් පස්සෙ වැඩ කරන මනුස්සයෙකුට තියෙන වාසි. ඔෆිස් එකේ මිනිස්සු නෑ, ඔෆිස් එකේ ෆෝන් හැම තිස්සෙම රිංග් වෙන සද්දෙ නෑ. හැමෝම තමුන්ගෙ කීබෝඩ් එක්ක ඔට්ටුවෙන සද්දෙ නෑ. තනි සුදු ලයිට් එළියක් මුළු ලෝකෙම අරක්ගෙන ඉන්න හැඟීම නෑ, මිනිස්සු අඩු නිසා ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩියි, අන්න ඒ නිසාම කළුවරේ වැඩ කරන්න ලේසියි. ඕටී වෙලාවෙදි සේවකයො රැකියාවට කැපවෙන ප්‍රමාණය වැඩි වෙන්නත් ඒක හේතුවක්.
3. නිස්කලංක වීම
අපි සාමාන්‍යයෙන් ඇහැට විවේකයක් දෙන්න නිදාගන්නව කියලයි කියන්නෙ. අන්න ඒ නිසාම අඳුරෙදි ඇහැට හරිම පියවෙන සුළු පහසුවක් එනවා. ඒකත් එක්ක ප්‍රශ්න අමතක වීමයි නිස්කලංක බවයි හිතට කාවදිනව. ඒ වෙලාවට තමයි මධුවිත වීදුරුවක් තොල ගාන්න, ආසම ගීතයක් අහන්න, කෝපි කෝප්ප දෙකක් එක්ක තමුන් කැමතිම තමුන්ගෙ ජීවිතේ බෙදාගන්න කෙනා එක්ක කතා කරන්න හිතෙන්නෙ. ඒ නිස්කලංක වීම හැම රෑකම මිනිස් හිතකට එනවානම් ඒක වාසියක්.
4. රෑට ක්‍රියේටිවු
ගොඩක් ලියන්නො තමුන්ගෙ ලිවිල්ල රෑට කරන්න පෙළඹෙන්නෙ ඇයි? සංගීතඥයො තමුන්ගේ සාර්ථකම මියුසික් කම්පොසිෂන්ස් මහ රෑ නිපදවෙච්ච බව කියන්නෙ ඇයි? ඇත්තටම මේ මුළු ලිපියේම තේමාව වෙන්න ඕන ඩිස්ට්‍රෑක්ෂන් කියන එක. රෑට කෝල් අඩුයි, රෑට ඊමේල් අඩුයි, රෑට වාහන සද්ද, කුරුලු සද්ද, මිනිස්සුන්ගෙ බහින්බස් වීම් අඩුයි. ඒ වගේම රෑ කරුවලයි. ඉතිං රෑ කියන්නෙ තනි වාසියක්. අන්න ඒ වෙලාවෙ මොළයේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් එක්කම අපිට වෙනස් දේවල් කිරීමේ සහ හිතීමේ ඉඩ වැඩියි.
5. අපිව නොපෙනීම
මිනිස්සු සැබෑ ලෝකයෙන් මිදුනම තමුන් අවංකවම තමුන් විදියටම හැසිරෙන්න ගන්නව. ඒක වෙන්නෙ අපි අවට ලෝකෙට අපිව පේනවට ආසම විදියට ඉන්න ප්‍රිටෙන්ඩ් කරන හින්දා. අන්න ඒ නිසා අවට ලෝකයට අපව නොපෙනෙන මොහොතේදී අපි වඩා නිදහස් වෙන්න ගන්නවා. වටපිටාව අඳුරේ තිබීම ඒ දේට පහසුවක්. මොකද අපිව අඳුරේදි අවට ලෝකයට නිරාවරණය වෙන්නෙ අඩුවෙන්. ඒක හිතට විශාල පහසුවක්. කැමති විදියට ඉන්න පුළුවන්.
6. කෙටි නින්දට
මනසට විවේකයක් දෙන සාර්ථක සරළ ක්‍රමයක් විදියට කෙටි නින්දක් දක්වන්න පුළුවන්. ඒ කෙටි නින්දට අඳුරේදී පහසුවක් ලැබෙනවා. සාමාන්‍ය දිවා කාලයේ එළිමහනක හරි ලයිට් බොහෝමයක් සුදු පාටින් දිලෙන කාර්යාලයක හරි කෙටි නින්ද සුවදායක නොවෙන්නෙම අවට අධික එළිය නිසායි. අන්න ඒ නිසා අඳුරේ සිටින්නෙකුට ඇස්වල අපහසුවක් නොමැතිවම ඒ කෙටි නින්ද ඵලදායී විදියට ලබාගන්න පුළුවන්.
7. අවධානය සහ පිඹුරුපත්
කළුවරේදි බැරෑරුම් වැඩකට හිත යොමන්න ලෙහෙසියක් දැනෙනවා. සෙනග ගොඩක් අධික එළිය තැනකදි හිතන්න අමාරු දේවල්, සද්දබද්ද අඩු අඳුරෙදි මනසට ඉක්මනට වැටෙනවා. විශේෂයෙන්ම මේ අවධානය අවශ්‍ය වෙන්නෙ ප්ලෑන් සකස්කරන්නෙකුට තමයි. අදාළ වැඩේ ගැනම අවදානය තියාගෙන සම්පූර්ණ වැඩේ සාර්ථකව ප්ලෑන් කරන්නට මේ නිස්කලංක බව හොඳ හේතුවක්.
Cover Image Source – maybusch.com/thetempest.com/
Leave a Reply