Lifie අපි අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. අපි පහුගිය සතිවල කාම සූත්‍රය ගැන ආටිකල් කීපයක් පළ කරා. මේ ආටිකල්වලට ඔබගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බ. මේ නිසා අපි හිතුවා කාම සූත්‍රය ග්‍රන්ථය කොටස් වශයෙන් සිංහලෙන් Lifie හරහා ඔබට ගේන්න. හැබැයි කාමසූත්රය කියන්නේ සෙක්ස් විතරයි කියලා හිතාගෙන ඉන්න අයට මේක එච්චර වැදගත් වන එකක් නැති වෙයි. එහෙම කිව්වෙ මොකද කියලා ඔයාට මේ ආටිකල් සීරිස් එක ෆලෝ කරද්දි දැනගන්න ලැබේවි. ඒ වගේම මේ ආර්ටිකල් සීරීස් එකක්, කාම සූත්‍රය වචනයෙන් වචනයෙන් පරිවර්තනයක් නම් නෙමෙයි. මේ ආටිකල් සීරිස් එක කියවලා ඉවර වුණාම ඕගොල්ලන්ට කියන්න පුළුවන් “අපිත් කාම සූත්‍රය කියවපු කොල්ලෝ තමා හරිය” කියලා. ආහ් කෙල්ලන්ටත් පුළුවන්. මොකද වත්ස්‍යාන කියනවා කාන්තාවොත් කාම ශාස්ත්‍රය අනිවාර්යෙන්ම දැන ගන්න ඕන කියලා.
අනෙකුත් කොටස් වල ලින්ක් මෙන්න
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 2 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 3 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 4 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 5 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 6 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 7 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 8 කොටස
1. පරණ පොත් සහ ශාස්ත්‍ර සංග්‍රහ ප්‍රකරණය
මුලින්ම වාත්ස්‍යාන කාම සූත්‍රය ට කළින් පැවැති ග්රන්ථ කිහිපයක් ගැන සඳහන් කරනවා.මේ ග්රන්ථ අද වෙනකොට දක්නට ලැබෙන්නේ නෑ.
මේ ගැන සඳහන් වෙන කාම සූත්‍රයේ ආරම්භක කොටසට කියන්නේ “ශාස්ත්‍ර සංග්‍රහ ප්‍රකරණය” කියලා.
2. අර්ථ, ධර්ම සහ කාම
මනුස්සයෙක්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා තුනක් තියෙනවා කියලා වත්ස්‍යාන කියනවා. ඒ තමයි ධර්ම, අර්ථ, කාම කියන අවශ්‍යතා තුන.
මැවුම්කාර මහා බ්‍රහ්මයා මනුෂ්‍යයාව මවලා මේ අවශ්‍යතා සම්බන්ධයෙන් රීතී ලක්ෂ ගාණක් පනවලා තියෙනවා.
3. මහා බ්‍රහ්මයාගෙන් මිනිස් වර්ගයාට
මහා බ්‍රහ්මයා උගන්නපු ධර්මය සම්බන්ධ රීතී මනු විසින් “මනු ධර්මය” නමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
අර්ථ කාණ්ඩය වෙනම අරගෙන” බ්‍රහස්පති අර්ථශාස්ත්රය” නමින් බ්‍රහස්පති විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
නන්දි යන පුද්ගලයා කොටස් දාහකින් කාම ශාස්ත්‍රය ප්‍රකාශයට පත් කරලා තියනවා.
4. නන්දිගේ කාම ශාස්ත්‍රය දිග වැඩිවීම
නන්දි ලියපු කාම ශාස්ත්‍රය පොත දිග වැඩි නිසා ශ්වේතකේතු කියන පුද්ගලයා කොටස් පන්සියයකට ඒක සංශෝධනය කරලා තියෙනවා.
පස්සේ කාලෙක බ්රාභව්යය කියන පුද්ගලයා කොටස් 7 කින් සමන්විත වෙන විදියට නැවතත් ශ්වේතකේතුගේ ග්‍රන්ථය සංශෝධනය කරලා තියෙනවා. ඒ කොටස් හත මෙන්න මෙහෙමයි.
5. බ්රාභ්ව්යයගේ කොටස් හත
1.සාධාරණාධිකරණය
කාම ශාස්ත්‍රය පිළිබඳව කෙටියෙන් විස්තරයක් කරලා තියෙනවා
2.සම්ප්රයෝගිකාධිකරණ
ලිංගික සංසර්ගයට අදාළ සියලූ සියලූ දෑ විස්තර කරලා තියෙනවා.
3.කන්‍යා සම්ප්රමුක්තාධිකරණය
ලාබාල දැරියක් විවාහ කර ගැනීම සහ ස්වයංවර (තමන්ට රිසි කාන්තාවක් හෝ පුරුෂයෙක් තෝරා ගැනීම) විධි ගැන විස්තර කරලා තියෙනවා.
4.භාර්යාධිකාරිකාධිකරණ
භාර්යාවකගේ යුතුකම් පිළිබඳ විස්තර කරලා තියනවා.
5.පරදාරකාධිකරණ
අනුන්ගේ බිරිඳක් සමග සංවාසයේ යෙදෙන්න කැමැති අය කළ යුතු දෑ පිළිබඳව විස්තර කෙරෙනවා.
6.වෛශිකාධිකරණ
ගණිකාවන් සහ ගණිකාවන් ආශ්‍රය කිරීමට පෙළඹෙන අය පිළිබඳව විස්තර කෙරෙනවා.
7.ඖපනුෂදිකාධිකරණ
වාජීකරණය සහ වශීකරණය පිළිබඳව පිළිබඳව විස්තර කෙරෙනවා.
6. ඒ ඒ කොටස් වෙනවෙනම විස්තර කිරීම
මේ කොටස්වලිනුත් පළවෙනි කොටස චාරායන විසිනුත් දෙවැනි කොටස ස්වර්ණාභ විසිනුත් තුන්වෙනි කොටස ඝෝඨමුඛ විසිනුත් හතරවෙනි කොටස ගෝනර්දිය විසිනුත් පස්වෙනි කොටස ගෝණිකාපුත්ර විසිනුත් හයවෙනි කොටස දන්තක විසිනුත් අටවෙනි කොටස කෞමාර විසිනුත් වෙන් වෙන්ව සකස් කරලා තියෙනවා.
7. මේ සේරම එකතු කරපු කාම සූත්‍රය
බ්රාභව්යයගේ කෘතිය විශාල නිසාත් අනෙක් කොටස් අසම්පූර්ණ නිසාත් වත්ස්‍යාන ඒ ග්‍රන්ථවල සාරය අරගෙන තමන් විසින් කාම සූත්‍රය රචනා කරපු බව කියමින් “ශාස්ත්‍ර සංග්‍රහ ප්‍රකරණය” නම් කාම සූත්‍රයේ පළවෙනි පරිච්ඡේදය නිමා කරනවා.
අද පරිච්ඡේදයෙන් සමහරක් විට ඔයා බලාපොරොත්තු වෙච්ච දේ නොලැබෙන්න පුළුවන්, හැබැයි මේ ආර්ටිකල් සීරිස් එකක් දිගටම ෆ්ලෝ කරන්න. බලාපොරොත්තු වෙනවා ටත් වඩා දේවල් හම්බ වෙයි :D
Leave a Reply