කාම සූත්‍රය සිංහලෙන් – පස්වැනි කොටස

අදත් ඉතින් අපිට කියවන්න වෙන්නේ නගරක වෘත්ත ප්‍රකරණයෙන් කොටසක්. මේ කොටස වෙන් වෙලා තියෙන්නේ එදා බ්‍රාහ්මණ සමාජයේ තිබුණු විවිධ උත්සව ගැන.

 

කාමසූත්‍රය සිංහලෙන් පෙර කොටස් පහත ලින්ක් ක්ලික් කර කියවන්​න.

 

කාම සූත්‍රය සිංහලෙන් – 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් – 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් – 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් – 4 කොටස

 

පසු කොටස් –

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් –  6 කොට​ස

කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 7 කොට​ස

කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 8 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

මාසයේ අන්තිම දිනයේ පැවැත්වෙන උත්සවය

වාත්ස්‍යා​යන කියන විදිහට සෑම මසකම අවසාන දිනයේ දී සරස්වතී මණ්ඩපයේ (දෙවියන්ට කැපවුණු පොදු ස්ථානයක, එහෙමත් නැත්නම් දේව මන්දිරයක දී) කලා උත්සවයක් පවත්වන්න අවශ්‍ය වෙනවා. මේ උත්සවයට බාහිර ශිල්පීන්ටත් සහභාගි වෙලා නගරවාසීන්ට තමන්ගේ දක්ෂතා හඳුන්වා දීමේ හැකියාව ලැබෙනවා. ඒ තුළින් අන්‍යෝන්‍යය සම්බන්ධතා දියුණු කර ගැනීම අපේක්ෂාව වෙනවා.

 

අබිසරු ලියන් ඇසුරු කිරීම 

තමන්ට සමාන වයසින් සහ උගත් කමින් යුතු අබිසරු ලියන් ගේ නිවෙස් වල කාව්‍ය කලා ආදිය ගැන සාකච්ඡා කළ යුතුයි කියලා වත්ස්‍යා​යන කියනවා. මේකෙන් අපිට පැහැදිලි වන දේ තමයි පැරණි භාරතයේ ගණිකාව කියන්නේ හුදෙක් ලිංගික තෘප්තිය ලබා දෙන තැනැත්තියක් පමණක්ම නෙවෙයි කියන එක. ඇය බොහෝ ශිල්ප ශාස්ත්‍රාදිය ගැන දැන උගත් තැනැත්තියක් කියන එක අපිට පැහැදිලි වෙනවා.

 

මධු සාද 

සෑම මාසයකම අන්තිම සතියේදී තමන්ගේ නිවෙස්වල හෝ ගණිකාවන්ගේ  නිවෙස්වල මධු සාද පැවැත්විය යුතුයි කියලා වත්ස්‍යා​යන නිර්දේශ කරනවා. විවිධ ප​ළතුරු වලින් පෙරාගත් මත්පැන් වගේම ප​ළතුරු වර්ග, කොළ ජාති, කැවිලි ජාති සමග සංග්‍රහයක් සකස් කළ යුතු වෙනවා.අවශ්‍ය නම් අබිසරුලියන් සමග උද්‍යාන ක්‍රීඩා වලට යා යුතු වෙනවා.

ග්‍රීෂ්ම ඍතුව උදා වීමත් එක්ක කිඹුලන් වගේ හානිදායක ජලචර සතුන් නොගැවසෙන පොකුණක හෝ වෙනත් ජලාශයක ජල ක්‍රීඩා එහෙමත් නාගරිකයන්ට කරන්න පුළුවන්.

 

ඉල් පෝය 

වසන්ත ඍතුවේ ආරම්භක දවස වන ඉල් මස පුර පසළොස්වක පෝය දවස අතිශය සුන්දර දිනයක් විදිහට වත්ස්‍යා​යන හඳුන්වා දීලා තියෙනවා. මේ රාත්‍රිය සූදු කෙළීමට ඉතා යෝග්‍ය වූ දවසක්. රාත්‍රියේ ඉඳන් පසු දින උදාවන තෙක් සුරාවෙන් සහ සූදුවෙන් කාලය ගත කිරීම සුදුසුයි කියා වත්ස්‍යා​යන කියනවා.

 

ප්‍රදේශවලට ආවේණික ක්‍රීඩා 

භාරතයේ එක් එක් ප්‍රදේශවලට ආවේණික ක්‍රීඩා කීපයක් ගැනත් වත්ස්‍යාන සඳහන් කරනවා. මේ ක්‍රීඩා තමන්ගේ ජීවිතයට සම්බන්ධ ක​රගත්තාට වරදක් නැහැ කියලා ඔහු කියනවා. මේ වගේ ක්‍රීඩා කීපයක් 

  • අඹ කැඩීම
  • අතුවල තිබෙද්දීම අඹ ගෙඩි පුළුස්සා කෑම 
  • නෙළුම් දඬු උදුරා කෑම 
  • ගහ කොළවල ඇති නව දළු පරික්ෂා කර ගැනීම 
  • හිඹුල් ගසක් අසලට වී ඒ මල් පැළඳ නැටීම 
  • කොළොම් මල් මාලා ගොතා දෙපිරිසකට බෙදී මල් වලින් ගසා ගැනීම 

 

උත්සව අවස්ථාවලට සහභාගි වෙන  පුද්ගලයන් වර්ග තුනක් ගැන වත්ස්‍යාන සඳහන් කරනවා.

 

  • පිඨමර්ඨ

 අබිසරු ලියන් ගේ ගෙදරවල නැවතී ඔවුන්ට සූසැට කලා උගන්වන අවිවාහක පුද්ගලයෙක්. උසස් කුල​යකින් සහ වැදගත් වටපිටාවකින් මෙවැනි අය පැවත එනවා.

 

  • විට

දරුවන් ලැබූ, කාම සම්පත් විඳින පුද්ගලයන් විට නමින් හැඳින්වෙනවා. ඔහුට නගරය තුළත් අබිසරුලියන් අතරත් මනා පිළිගැනීමක් තිබෙනවා.

 

  • විදූෂක 

විදූෂකට සිව්සැට කලා ආදිය පිළිබඳව ඇත්තේ මද අවබෝධයක්. නමුත් නිතර නිතර විහිළු තහළු කිරීම නිසා නගරවැසියන්ගේ වගේම අභිසාරිකාවන්ගේ විශ්වාසය ලබා ගන්න සමත් වුණු පුද්ගලයෙක්.

 

මේ පීඨමර්ඨ, විට සහ විදූෂක ආදී පුද්ගලයන් නාගරිකයන් හා ගණිකාවන් අතර සමගිය වගේම සමහර අවස්ථාවල මතභේද ඇති කරන්න කටයුතු කරනවා කියලා වත්ස්‍යා​යන කියනවා.

 

ඔන්න ඔය විදිහට නගරක වෘත්ත ප්‍රකරණය  අවසන් වෙනවා. අපි කාම සූත්‍රයේ ඊළඟ කොටසින් ආයෙත් හමු වෙමු.