අපි එක එක රටවල් වල රසින් කෑම හදාගන්න හැටි මීට කලින් ගෙනල්ලා තියනවා. ඉතින් අද ගෙනාවේ අප්‍රිකානු රසට කෑම ටිකක් හදාගන්න හැටි. එයාලා පාවිච්චි කරන කුළුබඩුම නැති උනත් අපි ආදේශක පාවිච්චි කරලා හරි අපේ විදියට එයාලගෙ කෑම පිසගන්න ට්‍රයි එකක් දෙමු. මේ රෙසිපි ටික ඔයාලටමයි….
01. African Chicken
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් චිකන් ග්‍රෑම් 500
මැරිනේට් කරගැනීමට :-
චිකන් කරි පව්ඩර් මේසහැඳි 1/2
මිරිස්කුඩු මේසහැඳි 1/2
ලුණු ස්වල්පයක්
කරි එකට :-
ඔලිව්තෙල් ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් ඉඟුරු මේසහැඳි 1
චොප්කරගත් සුදුළූණු බික් 3
මිරිස්කුඩු මේසහැඳි 1
කරි පව්ඩර් මේසහැඳි 2
චිකන් ස්ටොක් කෝප්ප 1
පොල්කිරි කෝප්ප 1
පීනට් බටර් කෝප්ප 1/4
ඔයිස්ටර් සෝස් කෝප්ප 1/4
බේ ලීව්ස් 2
කපාගත් අල ගෙඩි 5
කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගන්න. චිකන් වලට කරි පව්ඩර්, මිරිස්කුඩු හා ලුණු රස අනුව දාලා චිකන් ටික පැයක් මැරිනේට් කරගන්න. ඊළඟට පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා චිකන් ටික දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න. චිකන් ටික හොඳටම ෆ්‍රයි උනාම ලිපෙන් බාගන්න දැන් මේ පෑන් එකටම තව ඔලිව්තෙල් ටිකක් දාලා ළූණු ටික දාගන්න. විනාඩි 5ක් වගේ මැලවෙන්න තියලා මේකට චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. මේ ටික හොඳට ෆ්‍රයි වෙනකොට කරි පව්ඩර් හා මිරිස්කුඩු ටිකදාගන්න. හොඳට කලවම් කරලා චිකන් ස්ටොක් හා පොල්කිරි ටික දාගන්න. හැඳිගානගමන් පීනට් බටර් හා ඔයිස්ටර් සෝස් එකතුකරන්න. මේකට බේ ලීව්ස් ටිකත් දාගන්න. පීනට් බටර් ටික මෙල්ට් වෙනකල් හැඳිගාන්න. ටිකකින් කපාගත් අල, බෙල්පෙපර් හා චිකන් ටික දාගන්න. කලවම් කරලා විනාඩි 5කින් විතර බාලා අවන් එකට දාගන්න. චිකන් ටික හොඳට බේක් වෙනකල් විනාඩි 45ක් වගේ බේක් කරගන්න.
02. Moroccan Vegetable Tagine Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඔලිව්තෙල් ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
චොප්කරගත් සුදුළූණු බික් 10
කපාගත් කැරට් අල 2
කපාගත් අල ගෙඩි 2
කපාගත් බතල අල 1
ලුණු ස්වල්පයක්
චිලී පේස්ට් මේසහැඳි 1
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2
කපාගත් තක්කාලි ගෙඩි 5
කපාගත් වියළි ඇප්‍රිකට් කෝප්ප 1/2
වෙජිටබල් බ්‍රොත් කෝප්ප 1/2
තම්බාගත් කඩල කෝප්ප 2
දෙහි ගෙඩියක යුෂ
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා ළූණු ටික දාලා විනාඩි 5ක් වගේ ෆ්‍රයි කරගන්න. මේකට චොප්කරගත් සුදුළූණු හා කපාගත් අල වර්ග හා කැරට් ටික දාගන්න. මේකට කහකුඩු, ලුණු, කොත්තමල්ලි ටික දාලා චිලී පේස්ට් ටිකත් දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 7ක් වගේ වහලා පිසගන්න. ඊළඟට මේකට කපාගත් තක්කාලි ටික දාලා ඇප්‍රිකට් හා වෙජිටබල් බ්‍රොත් එකත් එකතු කරන්න. රස අනුව අවශ්‍ය නම් තව ලුණු එකතු කරගන්න. මද ගින්නෙ විනාඩි 10ක් වගේ පිසගෙන අඩු ගින්දරේ තවත් විනාඩි15ක් වගේ පිසගන්න. එළවළු හොඳට තැම්බිලාද බලලා තම්බාගත් කඩල ටික දාගන්න. තවත් විනාඩි 5ක් අඩු ගින්දරේ තියලා ලිපෙන් බාන්න කිට්ටුව ලෙමන් යුෂ හා පාස්ලි එකතු කරගන්න.
03. Shakshuka
අවශ්‍ය ද්‍රව්‍ය :-
බිත්තර 6
ඔලිව්තෙල් ස්වල්පයක්
චොප්කරගත් ළූණු ගෙඩි 1/2
චොප්කරගත් සුදුළූණු බික් 2
චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1
කපාගත් තක්කාලි ගෙඩි 10-12
ටොමැටො පේස්ට් මේසහැඳි 2
මිරිස්කුඩු තේහැඳි 1
සූදුරු කුඩු තේහැඳි 1
කෑලිමිරිස් තේහැඳි 1
සීනි පින්චක්
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
ටිකක් ලොකු පෑන් එකක් ලිපේ තියලා ඔලිව්තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට චොප්කරගත් ළූණු ටික දාගන්න. විනාඩි කිහිපයක් කලවම් කරලා සුදුළූණු ටික දාගන්න. ටිකකින් කපාගත් බෙල්පෙපර් ටික දාගන්න. තවත් විනාඩි 5ක් විතර හැඳිගාන්න. දැන් මේ ටික ටිකක් මැලවීගෙන එනකොට කපාගත් තක්කාලි ටික හා තක්කාලි පේස්ට් එක දාගන්න. තක්කාලි ටික චොප් වෙනකල් හැඳිගාලා ස්පයිසස් සියල්ලම දාගන්න. සීනි පින්චක් වගේ එකතු කරන්න. අඩු ගින්දරේ විනාඩි 7-8ක් හැඳිගාන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. දැන් පෑන් එකේ සෝස් අතරින් පොඩි ස්පේස් හදලා බිත්තර එකින් කඩලා ඒ තැන් වලට දාගන්න. දැන් වහලා අඩු ගින්දරේ විනාඩි 10ක් වගේ පිසගන්න. සෝස් එක හිඳීගෙන එනකොට පියන ඇරලා චොප්කරගත් පාස්ලි ටික දාලා ලිපනිවාගන්න.
04. Dukkah
අවශ්‍ය ද්‍රව්‍ය :-
වෝල්නට්ස් කෝප්ප 1/2
ආමන්ඩ් හෝ හේස්ල්නට් කෝප්ප 1/2
සෙසමි සීඩ්ස් මේසහැඳි 2
කොත්තමල්ලි කුඩු තේහැඳි 1
සූදුරු කුඩු තේහැඳි 1
කුඩුකරගත් සාදික්කා කුඩු තේහැඳි 1/4
කුඩුකරගත් කරාඹුනැටි 2
කුරුඳු කුඩු තේහැඳි 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
පෑන් එකකට ආමන්ඩ් හා වෝල්නට්ස් දාල බැදගන්න. විනාඩි 3ක් විතර බැදගෙන මේකට සෙසමි සීඩ්ස් එකතු කරන්න. සෙසමි සීඩ්ස් ගෝල්ඩර් කලර් එකකට එනකොට ලිප නිවාගන්න. මේක ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා ස්පයිසස් ඔක්කොම දාගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. මේ ටික තප්පර 10ක් වගේ ග්‍රයින්ඩ් කරගන්න. හොඳටම කුඩු වෙන්න දෙන්න එපා. පොඩි කෑලිගතියක් තියෙන්න ඕනෙ. මේක හොඳට වහලා සති 2ක් තියාගන්න පුලුවන්. පාන් එක්ක කන්න වගේම රෝස්ට් කරගත් එළවළු උඩින්ඉහලා කෑමට ගන්න පුලුවන්.
05. East African Mango and Cucumber Salad
අවශ්‍ය ද්‍රව්‍ය :-
පිපිඤ්ඤා ගෙඩි 1
ලියාගත් ළූණු ගෙඩි 1
ලුණු ස්වල්පයක්
චොප්කරගත් සුදුළූණු බික් 3-4
පීනට් ඔයිල් තේහැඳි 1
චොප්කරගත් තක්කාලි ගෙඩි 5-6
චොප්කරගත් බෙල්පෙපර් ගෙඩියක්
සූදුරු කුඩු තේහැඳි 1/4
කුරුදුපොතු කෑල්ලක්
කෑලි කපාගත් අඹ ගෙඩි 2
රෝස්ට් රටකජු මේසහැඳි 3
චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
පිපිඤ්ඤා ගෙඩිය හීනි පෙති කපාගන්න. මේකට ළූණු, සුදුළූණු, ලුණු දාලා කලවම් කරලා වතුර අයින් වෙන්න විනාඩි 20ක්තියන්න.
වෙනම බෝල් එකකට පීනට් ඔයිල්, තක්කාලි, බෙල්පෙපර්, සූදුරු, කුරුදුපොතු හා අඹ කෑලි දාලා කලවම් කරගන්න. දැන් මේකට පිපිඤ්ඤා මිශ්‍රණය දාලා කලවම් කරගන්න. අන්තිමට රෝස්ටඩ් පීනට්ස්, කොත්තමල්ලි කොළ හා ලෙමන් යුෂ දාලා කලවම් කරගන්න.
Leave a Reply