කාම සූත්‍රය සිංහලෙන් – විසි දෙවෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 21 කොටස

 

අද අපි කාම සූත්‍රයේ ඊළඟ කොටස කියවමු. මේ කොටස වත්ස්‍යාය​න හඳුන්වලා තියෙන්නේ “ප්‍රහණන සීත්කාර ප්‍රකරණය” කියලා.

 

පුරාණ පඬිවරු සංසර්ගය දෙදෙනෙකු අතර ඇතිවන ද්වන්ද සටනක් විදිහට අර්ථ දක්වලා තියනවා. දෙදෙනාම එකිනෙකාට නොපරදින විදිහට තමන්ගේ ජයග්‍රහණය, ඒ කියන්නේ සුරතාන්තය වෙනුවෙන් සටන් වදිනවා. මේ නිසාම සුරතාන්තය ගැන විවිධ අදහස් සමාජය තුළ පැතිරිලා තියෙනවා. ඉතාමත් මෘදු විදිහට ආරම්භ වන සංසර්ගය කෙළවර වෙන්නේ ඉතාමත් ප්‍රවේගකාරී විදිහට. දත් සලකුණු, නිය සලකුණු ආදී ශාරීරික හානි සිදු වන නිසා ඇතැම් පඬිවරු කාමය අධම බවින් යුක්තයි කියලත් අදහස් පළ කරලා තියෙනවා.

සිරුරේ විවිධ තැන්වලට සෙමින් පහරදීම, එසේත් නැති නම් අදාළ ස්ථානවලට සෙමින් තට්ටු කිරීම සංසර්ග අවස්ථාවේදී ස්ත්‍රී පුරුෂයන් අතින් ස්වයංක්‍රීයම සිද්ධ වෙනවා. එවැනි තට්ටු කිරීම් සඳහා යෝග්‍ය ස්ථාන කීපයක් වාත්ස්‍යා​යන සඳහන් කරලා තියෙනවා.

ඒ ස්ථාන තමයි උර හිස, හිස, පපුව, පිට, උකුළ සහ දෙ ඇල යන ස්ථාන

 

මේ ප්‍රහණනය සිදු වන ආකාර හතරක් වෙනවා.

  1. අප හස්ත – පිටි අල්ලෙන් ගැසීම
  2. ප්‍රසෘතකය – ඇඟිලි නමා ගැසීම 
  3. මුෂ්ටික – මිට මොළවා ගැසීම 
  4. සමතලකය – අතුල් තලයෙන් ගැසීම 

 

ප්‍රහණනය හෙවත් අතින් තට්ටු කිරීම නිසා ඇති වන ඒ වේදනාව නිසා ස්ත්‍රීන් විසින් අනුරාගය මුසු වේදනාත්මක හඬක් පිට කරනවා. මේ වැනි හඬවලට සීත්කාරය යැයි කියනවා.

මේ අවස්ථාවල දී ස්ත්‍රීන් විසින් කිසිදු අර්ථයක් නොහැඟෙන ශබ්දත් “අම්මේ, හයියෝ, දැන් ඇති රිදෙනවා” වගේ ශබ්දත් පිට කරනවා.

 සංසර්ගය වඩ වඩාත් විචිත්‍රවත් කිරීම සඳහා පරවි,කොවුල් ආදී පක්ෂීන්ගේ ශබ්දද අනුකරණය කරමින් සීත්කාර නැගිය යුතුයි කියලා වත්ස්‍යාය​න නිර්දේශ කරනවා.

 

සංසර්ග අවස්ථාවේදී තමන්ගේ උකුලට ගත් ස්ත්‍රියගේ පිටට පහරදීම සිදුකළ යුතු වෙනවා. එවිට ඇය අවස්ථානුකූලව සීත්කාර නගමින් ප්‍රතිචාර දැක්විය යුතුයි.

එසේම සංසර්ග අවස්ථාවේදී ස්ත්‍රියකගේ පියයුරු අතරට අප හස්තයෙන් පමණක් ප්‍රතිචාර දැක්විය යුතු වෙනවා. එම සංවේදී ස්ථානයට වෙනත් ප්‍රහණන උචිත වන්නේ නැහැ.

ප්‍රහණනයද සෙමින් ආරම්භ කොට, අනුරාගය උච්ච වීමට ස්ත්‍රීන්ගේ උර හිස, හිස සහ උකුල යන ස්ථානවලට ප්‍රහණ​න ලබා දිය යුතුයි.

ප්‍රහණ​න සඳහා අපහාසය භාවිතා කිරීමේ දී ප්‍රතිචාර ලෙස දෙනු ලබන ශබ්දයේ විශේෂ නියම කිරීමක් වත්ස්‍යා​යන විසින් සිදුකොට නැහැ.

 

සංසර්ග අවස්ථාවේදී ප්‍රේමය සම්බන්ධ විවිධ මාතෘකා ගැන කතා කරමින් සිය පුරුෂයා සමඟ බොරු රණ්ඩුවක් ඇති කරන ස්ත්‍රියක ගේ හිසට හකුළුවාගත් ඇඟිලිවලින් ‘ථුත්’ නම් හඬක් නගින සේ ප්‍රසෘතක නම් ප්‍රහණනය යෙදී යුතු වෙනවා.

ඉඳුණු මසං ගෙඩියක් දියට වැටෙන විට ඇති වන ශබ්දයට සමාන ශබ්දයක් ථූත් ලෙස හැඳින්වෙනවා.

මේ අවස්ථාවේ පක්ෂියකු සේ සීත්කාර නැගීම සුදුසු යයි කියල වත්ස්‍යා​යන නිර්දේශ කරනවා.

 

ඒ වගේම ආලිංගනයේදී මෙන්ම චුම්බනයේදීත් සීත්කාර දීම සුදුසුයි කියලා වත්ස්‍යා​යන  තවදුරටත් සඳහන් කරනවා.

එහෙමනම් අපි ඊළඟ සතියෙ මේ ප්‍රකරණය කියවල ඉවර කරමු. වෙනදා වගේම මේ ආටිකල් එක හොරාට කියවන ගමන් ඔබේ  සීක්‍රට් ගෘප්වලත්මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් දාන්න ගොඩක් අය ලැජ්ජ නිසා අපි කමෙන්ට් දාන්න කියලා විශේෂ මතක් කිරීමක් නම් කරන්නේ නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *