කාම සූත්‍රය සිංහලෙන් – විසි එක් ව​න කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

පහුගිය සති කීපයේදී අපි ස්වර්ණාභ, බ්‍රාභ්‍රවි වගේ පඬිවරු සංසර්ගය ගැන මොනාද කිව්වේ කියලා කතා කළා. අද කතා කරන්න යන්නේ සංසර්ගය ස​ඳහා භාවිතා කරන්න පුළුවන් විශේෂ ඉරියව් ගැන. කාම සූත්‍රයේ මේ සඳහා භාවිතා වෙන්නේ “චිත්‍රරත ආසන විශේෂ” කියන නම

ස්ත්‍රිය සහ පුරුෂයා ඔවුන්ගේ සිරුරු වල ආධාරයෙන් හෝ බිත්තියක ආධාරයෙන් මුහුණට මුහුණ යොමා සිටගෙන සිදුකරනු ලබන සංසර්ගය “ස්ථිතරත” ලෙස හඳුන්වනු ලබනවා.

 

පුරුෂයා බිත්තියට හේත්තුවී ස්ත්‍රිය තට්ටම් වලින් දෑතට ගෙන ඇය ඔසවා ගත් විට ස්ත්‍රිය තමන්ගේ දෙපා බිත්තියට හේත්තු කර පුරුෂයාගේ ගෙල වටා අත් යවමින් ඔහුව වැළඳ ගන්නවා. ඉන් පසුව ස්ත්‍රිය විසින් බිත්තියට පයින් අනිමින් පුරුෂයා සමඟ සංසර්ගයේ යෙදීම “අවලම්බීතක” ලෙස නම් කරනවා.

 

බැල්ලියක, එළදෙනක ආකාරයට ස්ත්‍රිය දෑත් පොළොවට තබා සිටින විට පුරුෂයා ඇය පිටුපසින් පැමිණ සංසර්ගයේ යෙදීම “ධේනුක” ලෙස නම් කරනවා.

 

ස්ත්‍රීන් දෙදෙනකු සහ තනි පුරුෂයකු සම්බන්ධ වී සිදු කරන සංසාර්ගය “සංඝාටක” ලෙස හැඳින්වෙනවා.

 

ස්ත්‍රීන් දෙදෙනෙකුට වැඩි පිරිසක් තනි පුරුෂයෙකු හා සම්බන්ධ වී සිදු කරන සංසර්ගය “ගොස්‍රධීක” ලෙස නම් නම් කරනු ලබනවා

ඇතුන් එළුවන් මුවන් ආදී සතුන් අනුකරණය කරමින් සමූහ වශයෙන් ලිංගිකව එක් වීම පිළිවෙළින් “වාරික්‍රීඩිතක, ඡාගල, මෛණ්‍ය” ලෙස හඳුන්වනු ලබනවා.

 

වාහ්ලී, ස්ත්‍රී රාජ්‍යය, ග්‍රාමනාරී දේශය යන රටවල දී ස්ත්‍රීන් විසින් තරුණයන් බොහෝ ගණනක් අන්තඃපුර ආකාරයට තමන් ගේ සුඛාස්වාදය සඳහා යොදා ගන්නවා.

මෙවැනි අන්තඃපුර වල දී ස්ත්‍රීන් විසින් පිරිමින් එක් අයෙකු හෝ කිහිප දෙනෙක්ව භාවිතා කරමින් සංසර්ගයේ යෙදෙනවා.

 

ස්ත්‍රියකගේ එක් තන පුඩුවක් පුරුෂයකු විසින් උරද්දි තවත් පුරුෂයෙකු තම ලිංගේන්ද්‍රය ඇගේ යෝනියට ඇතුළු කරමින් සංසර්ගයේ  යෙදෙනවා. එක් පුරුෂයෙකු ඇගේ නිය සලකුණු තබද්දී තවත් පුරුෂයකු ඇයව සිප වැළඳ ගන්නවා. බොහෝ ගණිකාවෝ ද මෙම ක්‍රමයට සංසර්ගයේ යෙදීමට ප්‍රිය කරනවා.

දක්ෂිණ දේශයේ ස්ත්‍රී පුරුෂයන් ගුද සංසර්ගයට බෙහෙවින් ප්‍රිය කරනවා. එය අධෝරත ලෙස හැඳින්වෙනවා.

අවසාන වශයෙන් වත්ස්‍යා​යන මෙහෙමත් කියනවා.

බුද්ධිමත් පුද්ගලයා සිව්පාවුන්ගේද පක්ෂීන්ගේද ඇතැම්විට විට පළගැටියන්ගේද පවා විලාස අනුකරණය කරමින් සංසර්ග අවස්ථාව රසින් රස ගන්වනවා. එවැනි විචාරශීලී පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන් වැඩි වශයෙන් ඇලෙනවා.

 

ඔන්න ඔය විදිහට “සංවේශන චිත්‍රරත ප්‍රකරණය” නිම වෙනවා.එහෙමනම් වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.