ඔන්න අපි අද කාමසූත්රය අලුත්ම අලුත් කොටසකට යනවා. මේ කොටසෙ නම “නායක සහය දූත කරම විමර්ශන ප්‍රකරණය”. කාන්තාවක් එක්ක සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී සැලකිල්ලට ලක් කළ යුතු කරුණු වගේම උපක්‍රම යම්තාක් දුරට මේ පරිච්ඡේදයේ විස්තර වෙනවා.
මේ ලිපි මාලාවේ පැරණි කොටස් පහත ලින්ක් ක්ලික් කරලා කියවන්න
පසු කොටස් –
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 7 කොටස
කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 8 කොටස
කුලය සහ කාමය
කුලය කියන සාධකය වත්ස්‍යායන ජීවත් වුණු සමාජයේ ඉතා තදින් බලපෑවා. මේ නිසා ලෝක චාරිත්‍ර වලට අනුව විවාහ වීමේදී කුලය අත්‍යවශ්‍යයෙන්ම සලකා බැලිය යුතුයි කියලා කාම සූත්‍රය කියනවා. උදාහරණයක් විදිහට වෛශ්‍ය කුලයේ පුද්ගලයෙක් විවාහ විය යුත්තේ වෛශ්‍ය කුලයේම කාන්තාවක් සමඟමයි. යම් විදිහකට වෛශ්‍ය කුලයේ පුද්ගලයෙක් ශුද්‍ර කුලයේ කාන්තාවක් සමග විවාහ වුවහොත් එය නුසුදුසු විවාහයක්. නමුත් කාම සම්පත් ලැබීමේ දී කුලය පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍ය නෑ කියලා වත්ස්‍යායන කියනවා.
ස්ත්‍රීන් සහ කාමය
කාම සම්භෝගය ගැන සලකා බැලීමේ දී ස්ත්‍රීන් කන්‍යාව, වැන්දඹුව, වේශ්‍යාව විදිහට තුන් ආකාර වෙනවා.
මීට අමතරව විවාහක නමුත් දරුඵල නොලැබීම නිසා පුරුෂයා විසින් අත්හරින ලද ස්ත්‍රියක් සමගත් සම්භෝගයේ යෙදීම සුදුසු වෙනවා.
ඒ වගේ ම යම් ස්ත්‍රියක් විවාහයෙන් පසුවත් රිසිසේ වෙනත් පුද්ගලයන් සමග කාමාස්වාදය විඳී නම් ඇය සමග සම්භෝගයේ දීම සුදුසු වෙනවා.
දෙමව්පියන් ගෙන් පිටත වෙනත් කෙනෙකුගේ නිවසේ වාසය කරන කන්‍යාභාවය අහිමි කරගත් ස්ත්‍රියක් සමග සම්භෝගය සුදුසු වෙනවා කියලා වත්ස්‍යාන කියනවා.
පුද්ගලයන් වෙනත් කාන්තාවන් සමග සම්භෝගයේ යෙදීමට හොයාගන්න හේතු 12ක් වත්ස්‍යායන විස්තර කරනවා.
- තමන්ගේ හතුරෙකු සමඟ විවාහ වූ හෝ සම්බන්ධතා පවත්වන ස්ත්‍රියක් සමග සම්භෝගයේ යෙදීමෙන් ඇය මගින් ඔත්තු ලබා ගැනීම.
- තමන් සමග කෝපයට පත් පත් වුණු පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ හෝ සම්බන්ධතා පවත්වන ස්ත්‍රිය මගින් යළිත් පහදවා ගැනීමේ අරමුණ.
- බලවත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ඔහුගේ බිරිඳ හෝ සම්බන්ධතා පවත්වන ස්ත්‍රිය මගින් අවස්ථාවක් ලබා ගැනීම.
- යම් පුද්ගලයෙකුගේ ධනය ලබා ගැනීමට ඔහුගේ බිරිඳ හෝ සම්බන්ධතා පවත්වන ස්ත්‍රිය භාවිතා කිරීම.
- තමන් ගේ යහපත වෙනුවෙන් ස්ත්‍රියගේ ධනය භාවිතා කිරීම.
- තමන්ගේ රහස් දන්නා ස්ත්‍රියක් ඒ රහස් හෙළිකිරීමෙන් වැළක්වීම සඳහා.
- බොරු කේලම් කියන ස්ත්‍රියක් විසින් කියන බොරු මගින් තමන් ගේ ජීවිතය අවුල් වීම වළක්වා ගැනීම සඳහා.
- තවත් මිත්‍රයෙකුගේ බිරිඳක් සම්භෝග සැපය බලාපොරොත්තු වී එසේ නොකළ හොත් සැමියා සමග ඇති මිත්‍රත්වය නැති කරන බවට සැකයක් ඇති වූ විට.
- යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ බිරිඳ හෝ අනියම් බිරින්දෑවරු සමඟ සම්බන්ධතා පවත් වන විට ඊට පළිගැනීමක් වශයෙන් ඒ දේම සිදු කිරීම.
- යම් කිසි අපරාධයක් කළ පුද්ගලයෙකු අල්ලා ගැනීමට ඔහු ආශ්‍රය කරන ස්ත්‍රියක් භාවිතා කිරීමේදී.
- තමන් කැමති වෙනත් ස්ත්‍රියක් වෙත යෑමට අවස්ථාවක් ලැබීමට ඇගේ මිතුරියක් භාවිතා කිරීම.
- තමන්ට සතුරු පුද්ගලයෙකු යම් බලවත් පුද්ගලයෙකුගේ රැකවරණය ලබයි නම් එම රැකවරණය ඉවත් කිරීමට බලවත් පුද්ගලයාගේ බිරිඳ හෝ සබඳතා පවත්වන ස්ත්‍රිය භාවිතා කිරීම.
ඉහත කියපු කරුණු හින්දා සම්භෝගයට සුදුසු කාන්තාවෝ කීපදෙනෙක් ගැන තවත් පඬිවරු කීප දෙනෙක් මත පළ කරල කරලා තියෙනවා.
- රජුන් ආදී බලවත් පුද්ගලයන් සමඟ සමග සම්බන්ධතා පවත්වන වැන්දඹුව, චාරායණ පඬිතුමා මේ වගේ කාන්තාවන් සම්භෝගයට සුදුසුයි කියලා නිර්දේශ කරනවා.
- තමන්ගේ සැමියා තපසට යෑම නිසා තනිවුනු ස්ත්‍රිය සමග සම්භෝගයේ යෙදීම සුදුසුයි කියලා ස්වර්ණාභය පඬිතුමා කියනවා.
- පුරුෂයෙකු සමඟ සම්බන්ධතා නොපවත්වන ලද ගණිකාවකගේ දියණියක් සම්භෝගයට සුදුසුයි කියලා ඝෝටමුඛ කියනවා.
- වැඩි වියට පත් වුණු කාන්තාවන් විවාහයෙන් පසු වත් යම් හේතුවක් නිසා කන්‍යාවක්ව සිටිනවා නම් ඇය සමග සම්භෝගයේ යෙදීම සුදුසුයි කියලා ගෝනාර්දි පඬිතුමා කියනවා.
මීට අමතරව නපුංසකයෙක් සමගත් සංසර්ගයේ යෙදීම සුදුසුයි කියලා මතයක් තියෙනවා.
එහෙමනම් ඊළඟ සතියෙත් අපි “නායක සහය දූත කර්ම විමර්ෂණ” තව දුරටත් කියවමු.
Leave a Reply