කාම සූත්‍රය සිංහලෙන් – තුන්වෙනි කොටස

අද ඔන්න කාම සූත්‍රයේ තුන්වෙනි කොටස තමයි අපි මේ ගේන්නේ. මේ කොටසට වත්ස්‍යාන භාවිතා කරලා තියෙන්නේ “විද්‍යා සමුද්දේශ ප්‍රකරණය” කියන නම.

මේ කොටසෙන් කාම සූත්‍රය හැදෑරීමෙන් කාන්තාවන්ට ලැබෙන ප්‍රයෝජන ගැන අපිට කියලා දෙනවා. ඒ නිසා මේ ආටිකල් එක කාන්තාවන්ට අතිශයින්ම වැදගත් වෙයි. (මේ ආටිකල් එක කියවන පිරිමි අය දන්න කියන කාන්තාවන්ට මේක යැව්වට කිසි වැරැද්දක් නෑ 😛 )

අනෙකුත් කොටස් වල ලින්ක් මෙන්න

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් – 1 කොට​ස

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් – 2 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් – 4 කොට​ස

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් –  5 කොටස

කාම සූත්‍රය මුල සි​ට සිංහලෙන් –  6 කොට​ස

කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 7 කොට​ස

කාම සූත්‍රය මුල සිට සිංහලෙන් – 8 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

කාන්තාවන් කිසිම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනීමට විරුද්ධවන බමුණු සමාජයක හිටපු වත්ස්‍යාන කියන්නේ කාම සූත්‍රය හැදෑරීම කාන්තාවන් සිදු කරන්න ඕන කියලා. තමන් කියන දේ සාධාරණීකර​ණය කරන්න වත්ස්‍යාන අපූරු තර්කයක් ගේනවා.

ඒ තමයි තමන් ඉවෙන් වගේ භාවිතා කරන දේවල් ශාස්ත්‍රානුකූලව දැනගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ කියන එ​ක. උදාහරණයක් විදිහට නැකත් ගැන දන්නැති පුද්ගලයෙකු වුණත් සුබ කටයුත්තක් කරද්දී දන්න කියන කෙනෙක්ගෙන් නැකතක් බලා ගන්නවා. විද්‍යානුකූල හැදෑරීමක් නැති වුණත් ඇත්ගොව්වෝ ඇතුන්ව හික්මවන්න දන්නවා. කිසිදාක තමන්ගේ රජුව දැකලා නැති ගම්වැසියන්ට වුණත් රාජ නීතිය ගැන අවබෝධයක් තියෙනවා.

ඉතිං මේ වගේ දේවල් ගැන නිසි අධ්‍යාපනයක් ලබා දෙන එකේ වැරැද්ද මොකක්ද කියලා වත්ස්‍යාන අහනවා. ඒ වගේම මිනිසාගේ පැවැත්මට අවශ්‍ය වන “කාමය” ගැන ශාස්ත්‍රානුකූලව හැදෑරීමේ තියෙන වැරැද්දක් නෑ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. 

විවාහ නොවුණු තරුණියකට, ඒ කියන්නේ කන්‍යාවකට කාම ශාස්ත්‍රය ගැන කියලා දෙන්න සුදුසු කාන්තාවෝ පස් දෙනෙක්ව වත්ස්‍යාන නිර්දේශ කරනවා. ඒ පස් දෙනා වෙන්නේ 

 

1. කුඩා කාලයේ පටන්ම ඒකට හැදුණු යෙහෙළියක් (ඇය ලිංගිකව එක් වුණු තැනැත්තියක් විය යුතුයි)

2. දැරියගේ මවගේ සොයුරියක් 

3. විශ්වාසවන්ත මෙහෙකාරියක් 

4. කලක් සිට දන්නා කියන මවක් සමාන වැඩිහිටි කාන්තාවක් 

5. තමන්ගේම සහෝදරියක්

 

ඊට පස්සේ වත්ස්‍යාන කාන්තාවක් ඉගෙන ගන්න ඕන 64ක් වුණු කාම කලාවන් ගැන කියනවා. (64 මායම් කතාවටත් මේක වක්‍රාකාරයෙන් බලපාන්න ඇති) මේ හැටහතර කාම කලා මෙහෙමයි.

Image Source – tamilandvedas.com

1. ගී සිංදු කීම 

2. සංගීත භාණ්ඩ වාදනය 

3. නර්තනය

4. චිත්‍ර ඇඳීම 

5. තිලක තැබීම 

6. පූජා සඳහා විවිධ දෑ භාවිතා කර මාලා සෑදීම.

7. මල් යහන් සෑදීම.

8. ඇඳුම් පැළඳුම් සහ තමන්ගේ ශරීරය වර්ණ ගැන්වීම.

9. ගෙබිම අලංකරණය.

10 .නිවැරදි ලෙස ඇඳ සකස් කිරීම 

11. දිය බෙර ගැසීම 

12. ජල ක්‍රීඩා 

13. චිත්‍ර කලාවේ විවිධ අංශ 

14. මල් දම් ගෙතීම 

15. මල් වලින් කුඩ සහ හිස් පළඳනා සෑදීම 

16. කාලානුරූප ව විලාසිතා සිදු කිරීම 

17. කර්ණාභරණ සැකසීම 

18. සුවඳ වර්ග ගැල්වීම 

19. නිසි පරිදි ආභරණ තෝරා ගැනීම 

20. ඇස් බැන්ඳුම් සිදු කිරීම 

21. විවිධ උගතුන්ගේ උපදේශ 

22. කඩිසර වීම සහ හුරුබුහුටි බව 

23. සූප ශාස්ත්‍රය 

24. මැහුම් ගෙතුම්  පිළිබඳ දැනුම

25. ලණු භාවිතයෙන් ක්‍රීඩා කිරීම 

26. උඩැක්කි සහ වීණා වාදනයේ ප්‍රවීණත්වය

27. තේරවිලි 

28. අකුරු මාරු කොට කවි තැනීම

29. සංකීර්ණ කවි වටහා ගැනීම 

30. පොත් කියවීම 

31. රඟපෑම 

32. පිළිතුරු කවි කීම 

33. පැදුරු විවීම 

34. කැටයම් කැපීම

35. වඩු වැඩ 

36. ගෘහ නිර්මාණ ශිල්පය 

37. රත්තරන් හා මැණික් ගැන අවබෝධය.

38. ඛනිජ වර්ග පිළිබඳ දැනුම 

39. මැණික් කැපීම 

40. ගෙවතු වගාව 

41. සතුන් පොර කෙටවීමේ දැනුම 

42. සැළලිහිණි ගිරා ආදී සතුන් කතාවට පුහුණු කිරීම 

43. සම්බාහන විදි 

44. අක්ෂර වින්‍යාසය 

45. අතිරේක අකුරු භාවිතය 

46. ප්‍රාදේශීය ව්‍යවහාරය 

47. මල් වගාව 

48. නිමිති කීම

49. රථ වාහන පැදවීම 

50. මතක තබා ගැනීමේ ශාස්ත්‍රය.

51. යම් දෙයක් ඇසීමත් සමග මතක තබා ගැනීම

52. විවිධ විෂය​යන් ගැන යළි යළිත් මෙනෙහි කිරීම 

53. කවි රචනා කිරීම 

54. කෝෂ ග්‍රන්ථ ගැන දැනුම 

55. ඡන්දස් ශාස්ත්‍රය ගැන දැනුම

56. වෙස් මාරු කිරීම 

57. කවි විචාරය කිරීම 

58. ඇඳුම් නිසි පරිදි ඇඳීම 

59. සූදු කෙළීම

60. පංච දැමීම 

61. ළදරුවන්ගේ ක්‍රීඩා 

62. ආචාර ධර්ම 

63. යුද්ධ කටයුතු 

64. ශාරීරික ව්‍යායාම 

   

මේ සියලු කලාවන් දන්න කාන්තාවක් සෑම තැනදීම ප්‍රසාදයට පත් වෙනවයි කියලා වත්ස්‍යාන කියනවා. ඒ වගේම මේ ශාස්ත්‍ර වල නිපුණත්වයට පත්වුණු ගණිකාවක් වුණත් රාජ සම්මානයට පවා ලක් වෙනවලු.

සැමියා මිය ගියත්, විදේශ ගත වෙන්න වුණත් කාන්තාවක්ට ශිල්ප ශාස්ත්‍ර දන්නවා නම් රැකවරණයක් ලැබෙනවා.

මේ ශාස්ත්‍රය ගැන දන්න පුරුෂයකු වුණත් නන්නාදුනන ස්ත්‍රීන්ගේ පවා ප්‍රසාදයට ලක් වෙනවා කියලා වාත්ස්‍යාන “විද්‍යා සමුද්දේශ ප්‍රකරණය” අවසාන කරනවා.

 

අපි පටන් ගනිද්දි කිව්වා වගේම එහෙම නම් දන්න කියන කාන්තාවන්ට මේ ආර්ටිකල් එක ගැන කියන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *