කාම සූත්‍රය සිංහලෙන් – ප​හළොස්වෙනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

 

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 11 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

 

අද ඉතින් අපි අලුත් ප්‍රකරණයක් කියවන්න යන්නේ. මේ ප්‍රකරණයේ නම තමයි.”නඛච්ඡේද්‍ය ප්‍රකරණය”. මේ කොටසෙන් වත්ස්‍යා​යන කතා කරන්නේ නිය සලකුණු තැබීම ගැන.

සංසර්ගයට පුරුදු පුහුණුවීමේදී නිය සලකුණු තැබීමත් වැදගත්, සංසර්ගය උච්චතම අවස්ථාවට යෙදෙන සලකුණු තැබීම ස්වයංක්‍රීයවම සිද්ධ වෙනවා.

නිය සලකුණු තැබීමට සුදුසු අවස්ථා හතරක් ගැන වත්ස්‍යා​යන අපිට කියනවා.

 

  1. පළමු හමුවීමේදී 
  2. විදේශ​යක සිට නැවත පැමිණි විට 
  3. යම් හේතුවකට තරහ වී නැවත මිතුරු වූ විට 
  4. ස්ත්‍රිය අනුරාගයෙන් මත් වූ විට 

 

දත් සලකුණු තැබීමත් මේ ආකාරයෙන්ම වන නිසා ඊට සුදුසු අවස්ථාව බලා දත් සලකුණු තැබිය යුතුයි කියලත් ඔහු කියනවා.

 

මෙම සලකුණු තැබීමට සුදුසු ස්ථාන කිහිපයක් ඊට පස්සේ වත්ස්‍යා​යන  සඳහන් කරනවා.

ඒ ස්ථාන තමයි 

 

  • කිහිලි 
  • දෙ තන 
  • බෙල්ල 
  • පිට 
  • උකුල 
  • කලව 

 

නමුත් ස්වර්ණාභ පඬිතුමා කියන විදිහට අනුරාගයෙන් මත් වුණාම නිය සලකුණු තියෙන නො තියන තැන් ගැන හිතන්න වෙන්නේ නෑ (ඒ කතාව නම් ඇත්ත නේද?).

සංසර්ගයේදී අධික වේගවත් කාන්තාවන්ගේ වම් අතේ නියපොතුවලින් සලකුණු තැබිය යුතුයි කියලා වත්ස්‍යා​යන ඊළඟට කියනවා. 

නමුත් ඔහු නැවතත් අවධාරණය කරනවා නිය සලකුණු තැබීම කියන්නේ ස්ත්‍රියට තුවාල සිදු කිරීම නම් නෙමෙයි කියලා.

හොඳ නිය සලකුණක ලක්ෂණ කීපයක් ගැන ඔහු ඊළඟට කියනවා.

 

  • නිය සලකුණ ලේ පාට විය යුතුයි.
  • බැබලීමෙන් යුක්ත විය යුතුයි. 
  • පැහැදිලිව පෙනෙන සේ තැබිය යුතුයි.
  • සම සිදුරු නොවිය යුතුයි.
  • කෝමලබවින් විය යුතුය.
  • සුන්දර විය යුතුයි. 
  • සිනිඳු බවින් යුක්ත විය යුතුයි.
  • දර්ශනීය විය යුතුයි.

 

ඊට පස්සේ වත්ස්‍යා​යන ඒ කාල​යේ සොළොස් මහා ජනපදවල වාසය කරපු පිරිස් අතර පැවති නිය සලකුණු තැබීම ගැන කෙටි විස්තරයක් කරනවා.

 

ගෞඩ දේශයේ වැසියන් විසින් තබන  නිය සලකුණු දිග ස්වභාවයෙන් යුක්තයි, ඒ වගේම සිත් ගන්නා සුළුයි. බොහෝ ස්ත්‍රීන් එම නිය සලකුණු වලට ප්‍රිය කරනවා.

 

දකුණු ඉන්දීය වැසියන්ගේ නිය සලකුණු කෙටි නමුත් ඉතා ප්‍රසන්න ස්වභාවයෙන් යුක්ත වෙනවා.

 

මහාරාෂ්ට්‍ර වාසීන්ගේ නිය සලකුණු මධ්‍යම ස්වභාවයෙන් යුක්ත වෙනවා.

 

එහෙම නම් ඊළඟ සතියේදී අපි තබන්න පුළුවන් නිය සලකුණු වර්ග ගැන දැන කියා ගනිමු. මේ ආටිකල් එක ෂෙයාර් කරලා සහයෝගයක් එහෙම ලබාදෙන්න කියලත් අපි ඉල්ලනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *