ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් වෙන එකේ වාසි මේවා තමයි!

දැන් කාලේ යූටියුබ් කියන්නේ සෑහෙන්න දෙනෙක් පාවිච්චි කරන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්නේ. වෙන එකක් තියා අපිට සිංදුවක් අහන්න ඕන වුණත්, කෑම රෙසිපියක් හොයාගන්න ඕන වුණත්, මොකක් හරි ගෙදර රෙපයාර් එකක් කරන විදිය හොයාගන්න ඕන වුණත්, වෙන එකක් තියා ඉගෙන ගන්න දෙයක් හොයාගන්න ඕන වුණත් අපි මුලින්ම යන්නේ යූටියුබ් එකට, හා නැද්ද? ඉතින් එතකොට අපිට යූටියුබ් එකේ තියෙන ඔය වාසිය වගේම, අපිට යූටියුබර් කෙනෙක් වීමෙත් ලොකු වාසි තියෙනවා. ආන්න ඒ වාසි ගැන තමයි අපි පොඩ්ඩක් කතා කරලා බලන්න හිතුවේ!

 

 

1. තමන්ගේ ආසාව තියෙන පැත්ත

සමහර වෙලාවට අපි කරන්න ආස දේවල් තියෙනවා. හැබැයි අපිට හැම වෙලේම රස්සාව විදියට අපි ආස දේවල් කරන්න ලැබෙන්නෙ නැහැනේ. ඒත් නිකමට හිතන්න, අපි රස්සාව කරන අතරතුරදීම අපි ආස දෙයක් කරන්න යූටියුබ් චැනල් එකක් පටන් ගන්න එක මොන වගේ දෙයක්ද කියලා. අර ආස කරපු, ඒත් කරන්න ලැබුණෙ නැති දෙයක් කරන්න ඒක හොඳ අවස්ථාවක්. උදාහරණයක් විදියට අපි හිතමු අපි ට්‍රැවල් කරන්න ආසයි කියලා. ඒක අපේ විනෝදාංශයක්. හැබැයි ඒ විනෝදාංශය කිසිම කරදරයක් නැතුව ‍යූටියුබ් චැනල් එකක් බවට හරවගන්න පුළුවන්. ඒකෙන් කීයක් හරි හම්බු කරන්නත් පුළුවන්. මේ එක උදාහරණයක් විතරයි. අපි ආස උයන පිහන වැඩවලට නම් කුකරි චැනල් එකක් පටන් ගන්න පුළුවන්. අත්කම් වැඩ වලට කැමති නම්, අපේ අත්කම් වැඩ පෙන්නන, අත්කම් වැඩ කරන්න කියලා දෙන චැනල් එකක් පටන් ගන්න පුළුවන්. ඇත්තටම යූටියුබ් චැනල් එකකින් අපි ආස, අපිට කරන්න පුළුවන් දේවල් අහස උසට තියෙනවා!

 

2. තමන්ගේම බිස්නස් එකක්!

තමන්ගේම බිස්නස් එකක් කියන එක ඇත්තටම හරිම ආකර්ෂණීය අදහසක්. එතනදී අපි උඩින් කියපු විදියට තමන් ආස දෙයක්, තමන් කැමති දෙයක් කරන්නත්, ඒ වගේම ඒකෙන් තමන්ට හොඳ මූල්‍යමය ලාභයක් ලබාගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම, තමන් ජොබ් එකකට ගිහින් ගාණක් අතට ගන්නවා නම්, ඒකේ තමන්ට ලැබෙන්නේ එක දිගට ලැබෙන පඩියක් විතරයි. ඕන නං කාලයත් එක්ක පඩි වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේම බිස්නස් එකක් කියන්නේ තමන්ගේ කැපවීම තියෙනවා නම් යන්න පුළුවන් උපරිමයටම ඩිවලොප් කරන්න, මහා ව්‍යාපාර සමූහයක් බවට වුණත් අවශ්‍ය නම් ගෙනියන්න පුළුවන් දෙයක්. එතකොට ඒකෙන් ප්‍රොෆිට් ලැබෙන එකත් ඒ වගේම තමයි. ඒ වගේම, තමන්ගේම බිස්නස් එකක් කරනවා කියන්නේ තමන්ටම හොඳ චැලෙන්ජ් එකක්. ඉතින් තමන්ගේම යූටියුබ් චැනල් එකක් බිස්නස් එකක් විදියට කරනවා කියන්නේ, තමන්ගේ ජිවිතේ හොඳ වෙනසක් ලැබෙන, තමන්ටම හොඳ අභියෝගයක් ලැබෙන, ඒ වගේම තමන්ගේ අතටත් හොඳ ගාණක් ලබාගන්න පුළුවන් වැඩක් තමයි. 

 

 

3. පාට් ටයිම් වුණත් ඕකේ

දැන් ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් වෙන්න නම් තමන් කරන රස්සාව අතෑරලා එන්න ඕනැද? ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. තමන්ට කැපවීම තියෙනවා නම්, ජොබ් එකක් කරන ගමන් වුණත් යූටියුබ් චැනල් එකක් කරලා, ඒක හිට් කරගන්න පුළුවන්. එතනදී තමන්ට අනවශ්‍ය රිස්ක් එකක් ගන්න ඕන වෙන්නෙත් නෑ. තමන්ට යැපෙන්න ජොබ් එකක් තියෙන අතරේම, සීරෝ රිස්ක් එකක්, සීරෝ ඉන්වෙස්මන්ට් එකක් යටතේ අපි ආස කරන දෙයක් කරන්න, කරලා පෙන්නන්න යූටියුබ් චැනල් එකක් පාට් ටයිම් පටන් ගන්න පුළුවන්. ඇත්තටම අද හිට් වෙලා ඉන්න සමහර යූටියුබ් තරු එතනට ආවේ ඔක්කොම අතෑරලා චැනල් එකක් පටන් අරගෙන නෙවෙයි. හැබැයි පාට් ටයිම් පටන් ගත්තු යූටියුබ් චැනල්ස් පස්සේ කාලෙක හොඳට ප්‍රොෆිට් කරන බිස්නස් බවට පත් වෙනකොට, අර තමන් කර කර හිටපු ජොබ් එක අතෑරලා ෆුල් ටයිම් යූටියුබර්ස්ලා වුණු අය ඉන්නවා. හැබැයි පටන් ගැන්මට එහෙම අවශ්‍යතාවයක් නෑ. මේක කරදරයක් නැතුව පාට් ටයිම් කරන්න පුළුවන් වැඩක්!

 

4. ඉගෙන ගන්න දේවල් තියෙනවා

දැන් කාලේ යූටියුබ් චැනල් කරන සමහරු ප්‍රමෝට් කරන දෙයක් තමයි, ඉගෙන ගෙන එහෙම වැඩක් නෑ, ඒ වෙලාවේ යූටියුබ් චැනල් එකක්, ඔන්ලයින් බිස්නස් එකක් එහෙම කරලා සල්ලි හොයන්න කියන එක. ඒක ඇත්තටම බොරු කතාවක්. අපි ඕනම කෙනෙක් හොඳ අධ්‍යාපනයක් ලබාගන්න ඕන. ඒක කවදාහරි අවශ්‍ය වෙන තැනක් තියෙනවා. හැබැයි ඉතින් අපිට යූටියුබ් චැනල් එකක් කරලා ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් වෙන්න මාකටින් ඩිග්‍රියක් අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ ඉගෙනීම තියෙන්නේ කොයි පැත්තකට වුණත්, අපිට අධ්‍යාපන සහතික නැතුවම යූටියුබ් චැනල් එකක් පටන් ගන්න හැකියාව තියෙනවා.

 

ඒ විතරක් නෙවෙයි, එහෙම දෙයක් කරනකොට, අපිට ඔන්ලයින් ඩිජිටල් මාකටින්, සෝෂල් වීඩියෝ මාකටින් වගේ දේවල් ගැන ඉගෙන ගන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒක ඉතින් තම තමන්ගේ කැපවීම. එහෙම යූටියුබ් චැනල් එකක් කරන ගමන් පළපුරුද්දෙන් වුනත් තව තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

 

5. ප්‍රසිද්ධිය ඕන නං ඒකත් ඕකේ!

අපි මියුසික් වලට ආස නම්, අපිට ගිටාර් එක ගහන්න පුළුවන් නම්, අපිට ගිටාර් උගන්නන, එතකොට සිංදු වල ගිටාර් කවර්ස් එහෙම කරන යූටියුබ් චැනල් එකක් පටන් ගන්න පුළුවන්. එහෙම ටිකක් කල් යනකොට අපිට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නැතිද? අපිට කවදාවත් ජොබ් එකත් එක්ක මියුසිෂියන් කෙනෙක් වෙන්න නොලැබුණත්, අපිට හැකියාව තියෙනවා නම් අපේ යූටියුබ් චැනල් එකෙන්ම හොඳ ගිටාර් වාදකයෙක් විදියට ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන්. නිකමට හිතන්න, තමන්ගේ යූටියුබ් චැනල් එකෙන් විතරක් ප්‍රසිද්ධිය ලබාගත්තු අය කොයි තරම් ඉන්නවද? ලංකාව ගත්තත් තමන්ගේම ටෙක් චැනල් එකක් කරලා, එහෙම නැතිනම් ෆන් වීඩියෝස් කරලා රටේම ප්‍රසිද්ධ වුණු යූටියුබ් තරු කොයිතරම් ඉන්නවද?

 

6. මාකටින් පාරකටත් ඕකේ!

යූටියුබ් චැනල් එකක් කරන එකේ තියෙන තවත් වාසියක් තමයි, තමන් කරන බිස්නස් එකක් එහෙම ප්‍රමෝට් කරගන්නත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වීම. උදාහරණයක් විදියට අපි හිතමු අපි ෂෙයාර් මාකට් එකේ ආයෝජනය කරන, අනික් අයගේ සල්ලිත් ෂෙයාර් මාකට් එකට දාලා, ඒ අයටත් ප්‍රොෆිට් අරගෙන දීලා අපිත් කට් එකක් තියාගන්න බිස්නස් එකක් කරනවා කියලා. එතකොට අපිට සයිඩ් එකෙන් යූටියුබ් චැනල් එකක් පටන් ගන්න පුළුවන්. ඒකෙන් අපිට ෂෙයාර් මාකට් එකේ ගේම ගහන විදිය, පොඩි පොඩි ටිප්ස් එහෙම කියලා දෙන්න පුළුවන්. ඒ වගේම, අපි කොහොමද ෂෙයාර් මාකට් එකේ ආයෝජනය කරන්න කැමති, හැබැයි ඒ ගැන ලොකු දැනුමක් නැති අයට සල්ලි දාලා ප්‍රොෆිට් ලබාගන්න උදවු කරන්නේ කියන එකත් ඒ ගමන්ම ඇඩ්වටයිස් කරන්න පුළුවන්. එතකොට අපිට අලුතෙන් ක්ලයන්ට්ස්ලා එන්නෙ නැතුව තියෙයි කියලා හිතනවද?

 

7. ඔෆිස් මොකටැයි?

ප්‍රොෆෙෂනල් බිස්නස් එකක් පටන් ගන්නකොට ඉස්සර නම් අපිට ඔෆිස් එකක්, අඩුම ගානේ ගරාජ් එකේ පැත්‍තක් හරි වුවමනා වෙලා තිබ්බනේ. හැබැයි දැන් වෙනකොට අපිට සල්ලි දාන්නේ නැතුව ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඔන්ලයින් බිස්නස් පටන් ගන්න හැකි වෙලා තියෙනවා. එතකොට යූටියුබ්? ඔව්, මුලින්ම කියලත් තියෙන විදියට යූටියුබ් කියන්නෙත් අවශ්‍ය නම් ඉතාම හොඳ බිස්නස් එකක් බවට හරවගන්න පුළුවන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඉතින් ප්‍රොෆෙෂනල් යූටියුබර් කෙනෙක් වෙන එකේ තියෙන ලොකු වාසියක් තමයි අපිට භෞතික අවකාශයක් නැතුව වුණත්, ඒක බිස්නස් එකක් විදියට කරගෙන යන්න පුළුවන් වීම.

 

එතකොට කෙනෙක් අහන්න පුළුවන්  යූටියුබ් වීඩියෝස් එහෙම ෂූට් කරන්න භෞතික ඉඩ අවකාශයක් අවශ්‍ය වෙන්නෙ නැද්ද කියන එක. ඇත්තටම එහෙම අත්‍යාවශ්‍ය නැහැ. ඒකට හේතුව, දැන් වෙනකොට යූටියුබ් වීඩියෝස් ෂූට් කරන්න අවශ්‍ය වෙන ස්ටුඩියෝස් එහෙමත් හිතනවට වඩා අඩු ගණන් වලට රෙන්ට් එකට ගන්න පුළුවන් වීම. අන්න ඒ නිසා, අවශ්‍ය මොහොතකදී ඒ වගේ ස්ටුඩියෝ එකක් අරගෙන, තමන්ට ඕන වීඩියෝස් කරගෙන වැඩේ ගොඩදාගන්න පුළුවන්. ඔෆිස් අවශ්‍යම නෑ!

 

එහෙම ස්ටුඩියෝ ස්පේස් එකක් රෙන්ට් එකට ගන්න එහෙම අවශ්‍ය නම්, ඒකටත් කන්ටැක්ට් එකක් අපි දෙන්න සූදානම්. කතා කරන්න 0777969298 (AM Studios) නම්බර් එකට. එහෙම නැතිනම් මේ අයගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් කන්ටැක්ට් කරගන්න.