“ඔයා හරිම අපිළිවෙලයි” මේ කතාව මේ ලිපිය කියවන ඔබටත් ඇහිලා ඇති. “අපිළිවෙල කියන්නේ ඉතින් මහා වැරැද්දක් නෙමෙයි” කියලා ඔබට හිතෙනවනම් ඒක මුළු ජීවිතේටම බලපානවා කියලා කියන්න වෙනවා. සමහර වෙලාවට ඔබේ අපිළිවෙල දැකලා පිට අයට විවිධ තීරණ ඔබ ගැන ගන්න හිතෙන්නත් පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ අපිළිවෙල පෙන්නන ඔබ කරන සමහර දේවල් කිහිපයක්.
1. කොණ්ඩේ අපිළිවෙලයි

Source – gettyimages.com
සමහරු හරි කැමතියි කොණ්ඩෙට පොඩ්ඩක් අතවත් තියන්න. තවත් සමහරුන්ට වෙලාව නෑ. ගෑණු ළමයිනම් ඉතින් බහුතරයක් කොණ්ඩෙට ආදරෙයි. ඒ හන්දා මේ කතාව ගොඩාක් දුරට අදාල වෙන්නේ කොල්ලොන්ට. එලියට යද්දී කොණ්ඩේ පීරලා, පුලුවන්නම් අඩුම තරමේ පිළිවෙලකට අතින් හරි හදාගෙන යන්න. අනික එලියට ගියාම හැමවෙලේම කොණ්ඩෙට අත තිය තිය පිළිවෙලට හදන්න උත්සාහ කරන්නත් ඕන නෑ. මේවා ඔබේ අපිළිවෙල පෙන්නන දේවල්. මහා අමාරු දෙයක් නෙමෙයිනේ කොණ්ඩේ පීරන එක.
2. ඇඳුම් මැදල ද..?

Source – patspeer.com
ඇඳුම් කියන්නේ ඉතින් අද විලි වසාගැනීමට වඩා විලාසිතා ලෙස භාවිත කරන දේවල්නේ. අනික ඔබේ ආකල්ප පෙන්නන එක මිම්මක් විදිහටත් ඇඳුම් භාවිතා වෙනවා. ඇඳුම් හෝදලා මැදලා නෙමෙයිනම් ඔබ පාවිච්චි කරන්නේ ඒක ඔබ අපිළිවෙල කෙනෙක් කියලා සමාජෙට පෙන්නන්න පුළුවන්. දුර ගමනක් උනත් සමහරු කරන්නේ වැඩේ කට ලඟට එනකං ඉඳලා ඊට පස්සේ අනවශ්‍ය කලබලයක් හදාගෙන අතට අහුවෙන ඇඳුමක් ඇඳගෙන එලියට බහින එක. එහෙම වෙන්නැතුව ගමනක් යන්න තියේනම් ඇඳුම් වේලපහින් ලේස්ති කරගන්න.
3. සාක්කු / බෑග්

Source – organiseme.wordpress.com
සාක්කු සහ බෑග් කියන්නේ අපිළිවෙල පෙන්නන තවත් දේවල් දෙකක්. ගොඩක් දුරට මේ සාක්කු කතාව අදාල වෙන්නේ පිරිමි ළමයින්ට. බෑග් කතාව ගෑණු ළමයින්ට. ඒ ඒ පාර්ශව වල ජංගම ගබඩාවල් විදිහට සාක්කු සහ බෑග් හඳුන්වන්න පුළුවන්. ඔබ සමහරවිට දැකල ඇති මෙහෙම සිදුවීම්. සාක්කුවේ තියෙන එක දෙයක් ගන්න සාක්කුවේ තියෙන අනිත් හැමදේම එලියට අදිනවා. හිතාගන්නවත් බැරි තරම් දේවල් ගොඩක් සාක්කුවේ තියෙනවා අන්තිමට බැලුවම. බෑග් තියෙන ගෑණු ළමයින්ටත් මේ කතාව මෙහෙමම වෙලා ඇති. ඉතින් මේ දේවල් පෙන්නන්නේ ඒ අයගේ අපිළිවෙල බව. අවශ්‍යම දේවල් එකක් හෝ දෙකක් පමණක් සාක්කුව තුල රුවා ගන්න. බෑග් එකේ එක දෙයකට එක ඉඩක් වෙන්කරන්න. එතකොට හැම දේම එලියට අදින්න වෙන්නේ නෑ.
4. කාමරේ පිළිවෙල

Source – clker.com
ඔබේ කාමරේ කියන්නේ ඉතින් අපිලිවෙලම තැන වෙන්න පුළුවන් ගෙදර තියෙන. “ඇඳුම් එක එක තැන වැටිලා, සෙරෙප්පු, සපත්තු එක එක තැන, දවස් ගණනකින් අතු ගාල නෑ, ඇඳුම් රැක් එකත් පුදුමාකාර තරම් අපිළිවෙලයි” ඔබේ කාමරේත් මෙහෙමද..? එහෙනම් ඔබට හැදෙන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. හිතන්නකෝ කවුරු හරි ඇවිත් ඔබේ අපිළිවෙල කාමරේ දැක්කොත් ඔවුන්ගේ හිතට යනවා අදහසක් “ඔබ අපිළිවෙලයි” කියලා. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි. සතියකට සැරයක්වත් කාමරේ අස් පරස් කරන්න අමතක කරන්න එපා. දවස් දෙකකට සැරයක්වත් කාමරේ අතුගාගෙන පිළිවෙලක් කරගන්න.
5. පොත් මේසය/ පොත් රාක්කය

Source – huffpost.com
පොත් මේසය කිවුවම ඉතින් ඉගෙන ගන්න අයට විතරක් නෙමෙයි ඉගෙන ගෙන අහවර වෙලා රැකියා කරන අයටත් ගොඩක් දුරට තමන්ගේ ලිය කියවිලි තියාගන්න තමන්ටම කියලා මේසයක් තියෙනවනේ. අන්න ඒ මේසය පිළිවෙලද..? පොතක් , ලියවිල්ලක් ඔනෑ උනොත් ඉක්මණට හොයාගන්න ඔබට පුලුවන්ද මේසය මතින්? බැරිනම් ඉතින් ඒ කියන්නෙත් අපිළිවෙලයි කියන එක තමයි. මේසය මත අවශ්‍යම දේවල් ටික විතරක් තියාගන්න. ඉතුරුවා පොත් රක්කයක් වැනි දෙයක පිළිවෙලට අඩුක් කරන්න. අනිවාර්යයෙන්ම මේ ක්‍රමය පොත් මේසය සහ රාක්කය පිළිවෙලට තියන්න හේතු වේවි.
6. ජීවිතය පිළිවෙලක් වෙලා නැද්ද

Source – imagepost.com
සමහර අයගේ ඔය උඩින් කියපු හැමදේම පිළිවෙලයි. ජිවිතේ වටිනාම දේවල් අපිළිවෙලයි. පෙම්වතියක් / පෙම්වතෙක් කියලා හරියට කෙනෙක් නෑ. ඒ කියන්නේ එක්කෙනෙක්ට වඩා ඉන්නවා. රැකියාවක් නිශ්චිතව නෑ. එක එක කාලෙට එක එක රැකියා කරනවා. සමහර අය කොච්චර අපිලිවෙලද කිවුවොත් එක එක කාලයට බිරිඳ / සැමියා පවා එක එක අය ඉන්නේ. ඉතින් පේනවනේ අපිළිවෙල කම පිළිලයක් වගේ ජීවිතය පුරාවටම පැතිරිලා ගියාම ලැබෙන විපාක. ඔන්න ඔය හන්ද තමයි තරුණ ළමයින්ට ඉඳලා හිටලා අම්මලා කියන්නේ “දැන්වත් පිළිවෙලක් වෙයන්” කියලා. ඒකෙන් සහකාරියක්/ සහකාරයෙක් සොයගනින් කියන කතාව විතරක් නොවෙයි, ජිවිතේ පිළිවෙල හදාගනින් කියලත් කියවෙනවා. අර උඩ කියපු විදිහට පිළිවෙල හදාගනින් කියලත් ඒ කතාවෙන් අම්මලා නොකියා කියනවා.
ඉතින් ඔහොම තමා පිළිවෙල ගැන ඔබට කියන්න වෙන්නේ. ඉතින් දැන් ඔබටත් කාලෙ හරි පිළිවෙලක් වෙන්න..!
අනිත් අයටත් දැනගන්න SHARE කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – hasse.com.sg
Leave a Reply