මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
පසු කොටස් –
කලින් කාම සූත්‍රයේ කොටස් වලට ඔබ කොහොම ප්‍රතිචාර දැක්වුවත් පහුගිය කොටසින් ඒ කියන්නේ එකොළොස් වැනි කොටසේ ඉඳන් ඔබ ඉන්නේ නොඉවසිල්ලෙන් කියලා අපි දන්නවා. ඒක නිසා වැඩිපුර අනං මනං කතා කියවන්නේ නැතුව කෙළින්ම කාම සුත්‍රය කියවන්න පටන් ගමු.
අද අපි කතා කරන්න යන්නේ සංසර්ගයට මුල පුරන්න සුදුසු ආලිංගන ක්‍රම හතරක් ගැන. මේ ආලිංගන ක්‍රම හතර සඳහා වත්ස්‍යායන අපූරු නම් හතරක් යොදා ගෙන තියෙනවා
- ලතා වේෂ්ටිතක
- වෘක්ෂාධිරූඪක
- තීලතණ්ඩුලක
- ක්ෂීරනීරක
අපි දැන් මේ ආලිංගන 4 මොනවද කියලා විස්තරාත්මකව හොයලා බලමු.
- ලතාවේෂ්ටිතක
ලතාවක්, ඒ කියන්නේ වැලක් ගහක එතෙනවා වගේ ස්ත්‍රිය පුරුෂයාගේ ඇඟේ වෙලිලා සිප ගන්න එකයි මේ ආලිංගනයෙදි සිද්ධ වෙන්නේ. මේ ආලිංගනයේ දී පුරුෂයාගේ මුව පල්ලෙහාට, ඒ කියන්නෙ තමන්ගෙ දෙසට යොමු කරලා සිප ගැනීම සිද්ධ වෙනවා. මෙහෙම සිප ගනිද්දි විවිධ ශබ්ද නැගීම වගේම නිය සහ දත් භාවිතා කරමින් ලකුණු තැබීමෙනුත් අනුරාගය දෙගුණ තෙගුණ වෙනවා කියලා වත්ස්‍යායන කියනවා
- වෘක්ෂාධිරූඪක
මේ ආලිංගනයේ යෙදෙන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම ස්ත්‍රිය තමන්ගෙ පාදයක් වන පුරුෂයාගේ කකුල උඩ තියලා අනිත් පාදයෙන් ඔහුගේ කලවය මිරිකමින් එක් අතක් ඔහුගේ පිට හරහා තබාගෙන අනික් අතින් ඔහුගේ මුහුණ පහතට නවා ගෙන සිප ගැනීම සිදු කරනවා. මේ ආලිංගනයේදී අනුරාගය වැඩි කර ගන්නත් කලින් කිව්වා වගේම හඬ නැඟීම නිය සහ දත් ලකුණු තැබීම සිද්ධ කරන්න පුළුවන්. ගහකට නගිනවා වගේ මේ ආලිංගනය සිද්ධ කරන නිසයි වෘක්ෂාධිරූඪක කියන්න නම මේ ආලිංගනය සඳහා භාවිතා වෙන්නේ.
- තීලතණ්ඩුලක
මේ ආලිංගනය සිද්ධ කරන්න වෙන්නෙ යහන්ගත වෙලා. යහන්ගත වීමෙන් පස්සේ දෙදෙනා තමන්ගේ අත් සහ කලව එකිනෙකාගේ උකුල් මත රැඳෙන ආකාරයට වෙලෙමින් ආලිංගනයේ යෙදීම මේ විදිහට හඳුන්වනවා. තීලතණ්ඩුලක කියන වචනෙ තේරුම තමයි තලයි හාලුයි වගේ එකිනෙකට වෙනස්ව පෙනෙන වැළඳගැනීම කියන එක.
- ක්ෂීරනීරක
කිරියි වතුරයි එකට මිශ්‍ර වෙනවා වගේ මේ ආලිංගනය සිද්ධ වෙන නිසයි ක්ෂීරනීරක කියන නම මේ ආලිංගනය සඳහා භාවිතා වෙන්නේ. වත්ස්‍යායන කියන්නේ මේ ආලිංගනය සිද්ධ කරද්දී දෙදෙනාටම ශාරීරික පීඩා දැනෙනවා, නමුත් අනුරාගය වැඩි වීම නිසා එකිනෙකා ගේ සිරුරට ඇතුළු වෙනවා වගේ එකිනෙකාගේ උකුල් මත රැඳෙමින් මේ ආලිංගනය සිද්ද කරනවා කියලා
පළමුව කියපු ආලිංගන දෙක සාමාන්‍ය අවස්ථාවලදීත් දෙවනුව කියපු ආලිංගන දෙක අනුරාගය අධික වුණාමත් භාවිතා කරන්න ඕන කියලා බාභ්‍රවීයය පඬිතුමා කියලා තියෙනවා.
මේ දක්වා අපි සඳහන් කරපු ආලිංගන අටටම අමතරව ස්වර්ණාභ පඬිතුමා තවත් ආලිංගන හතරක් ගැන කියනවා
පුරුෂයකු විසින් ස්ත්‍රියකගේ කලව තමන්ගෙ කලවා අතර හිර කරගෙන වැළඳ ගැනීම ‘උරූපගුහන ආලිංගනය’ නමින් හඳුන්වනවා.
කෙස් කළඹ මුදාගත් ස්ත්‍රියකගේ උකුල තමන්ගේ උකුලෙන් තෙරපමින් නර්තනයක යෙදෙන ආකාරයට ආලිංගනයේ යෙදී ම ‘ජඝනෝපගුහන ආලිංගනය’ ලෙස හැඳින්වෙනවා
පුරුෂයකු විසින් තමන්ගේ ලැම පෙදෙස මගින් ස්ත්‍රියගේ ලැම පෙදෙස තෙරපමින් තමන්ගේ සිරුරේ බර ඇයට දෙමින් සිදු කරන ආලිංගනය ‘ස්තනාලිංගනය’ නම් වෙනවා.
මුහුණට මුහුණ, ඇසට ඇස, නළලට නළල තබන ආකාරයට තෙරපීම ‘ලාලටිකාලිංගනය’ විදියට හඳුන්වලා තියෙනවා.
සමහරු ඇඟපත මිරිකීම එහෙමත් නැත්නම් සම්බාහනයත් එක ආලිංගනයක් කියලා හැඳින්වුවත් සම්බාහනයෙන් දෙදෙනාම එක හා සමාන ආකාරයට අනුරාගයෙන් මත් නොවන නිසා සම්බාහනය ආලිංගනය විදිහට හඳුන්වන්න බැහැ කියලා වත්ස්‍යායන කියනවා.
තව දුරටත් වත්ස්‍යායන කියන්නේ තමන් ගේ කෘතියේ මොනවා සඳහන් වුවත් සංසර්ග අවස්ථාවේදී තමන්ට කැමති ආකාරයට ආලිංගනේ යෙදිය යුතුයි කියලා. අනුරාගය නොවැඩුණු අවස්ථාවකදී කාම සූත්‍රයේ සඳහන් වන ආකාරයට ආලිංගනයේ යෙදීමෙන් අනුරාගය වැඩි කරගන්න පුළුවන් වුණත් අනුරාගය උච්ච වුණාම කාම සූත්‍රය ගැන හිත හිත ඉන්න එකේ තේරුමක් නෑ කියලා ඔහු සඳහන් කරනවා.
මෙන්න මේ විදිහට උපගුහන විචාර ප්‍රකරණය නිමවෙනවා.
ලබන සතියේ ඉඳන් අපි චුම්භන විකල්ප ප්‍රකරණය කියවමු…
එහෙමනං ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ආලිංගන ගැන ඔබේ හිතේ බුර බුරා නැගෙන යම් අදහසක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply