කාම සූත්‍රය සිංහලෙන් – එකොළොස් වැනි කොටස

මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…

කාම සූත්‍රය සිංහලෙන් 1 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 2 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 3 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 4 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 5 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 6 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 7 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 8 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 9 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 10 කොට​ස

 

පසු කොටස් –

කාම සූත්‍රය සිංහලෙන් 12 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 13 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 14 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 15 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 16 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 17 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 18 කොට​ස

කාම සූත්‍රය සිංහලෙන් 19 කොටස

කාම සූත්‍රය සිංහලෙන් 20 කොටස

 

පහුගිය දවස් පුරාවට අපි කාම සූත්‍ර​යේ මුල් කොටස් ටික පිළිවෙළින් කියවගෙන ගියා. ගොඩක් දෙනෙක්ට කාමසූත්‍රය කිව්වම බලාපොරොත්තු වුණු දේවල් ඒ මුල් කොටස් වලින් ලබා ගන්න බැරිවුණා කියලා අපි දන්නවා. එහෙම බලාපොරොත්තු කඩ කර ගත්ත අයට සුබ ආරංචියක් කියන්න තියනවා. ඒ තමයි අද ඉඳන් අපි පිවිසෙන්නේ කාම සූත්‍රයේ ලිංගික සංසර්ගය ගැන කරුණු සඳහන් වෙන කොටසට කියන එක. මේ කොටස වත්ස්‍යා​යන හඳුන්වන්නේ ‘උපගුහන විචාර ප්‍රකරණය’ කියලා

 

වත්ස්‍යායන කියන්නේ මේ ප්‍රකරණයෙන් ඉඳන් තමන් පන්ජාබි කාම කලා හැට හතර විස්තර කරන්න පටන් ගන්නවා කියලා. පංජාබි ජාතිකයෝ ලිංගික සංසර්ගයට ශූර පුද්ගලයෝ කියලා ඔහු කියනවා. ඒ වගේම පංජාබ් පුරුෂයන්ගේ ලිංගේන්ද්‍රයන් දිගින් සහ මහතින් වැඩියි කියලත් වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ කාම කලා 64 හැදෙන්නේ මේ විදිහට 

 

1. ආලිංගනය  – ස්පර්ශ කිරීම්

2. චුම්භනය – සිප ගැනීම්

3. නඛවිච්ඡේදය – නියපොතුවලින් ලකුණු තැබීම් 

4. දශනවිච්ඡේදය – දත්වලින් ලකුණු තැබීම්

5. සංවේසනය – ලිංගේන්ද්‍රය ඇතුළු කිරීම්

6. සිත් කෘතය- අනුරාගික හඬ නැංවීම්

7. පුරුෂායිතය – කාන්තාව පුරුෂයෙකු මෙන් කටයුතු කිරීමේ විධි

8. උපරිෂ්ටකය-  ලිංගේන්ද්‍රය මුවට ගැනීමේ ක්‍රම

 

මේ කොටස් අට නැවතත් අනුකොටස් අටකට බෙදීමෙන් පන්ජාබි කාම කලා 64 ලැබෙනවයි කියලා වත්ස්‍යා​යන කියනවා.

නමුත් මේ කාම කලා හැට හතර කියන්නේ හුදු ව්‍යවහාරයක් විතරයි, ඇත්ත වශයෙන් ම මේ කාම කලාවන් තුළ තවත් දේවල් ඇතුළත් වෙනවා වගේම, මේ ප්‍රමාණය ඊටත් වඩා ඉක්මවා යනවා.

 මේ ගැන අපිට ඉදිරි ප්‍රකරණ වලින් වලින් කතා කරන්න පුළුවන්.

 

පළමු වරට මුණගැසුණු දෙදෙනෙක් අතර අනුරාගී හැඟීම් වර්ධනය කරගන්න උපකාරී වන ආලිංගන ක්‍රම හතරක් ගැන වත්ස්‍යාන ඊට පස්සේ කියනවා.

 

පළමුවැනි ආලිංගනය විදිහට ඔහු හඳුන්වා දෙන්නේ “ස්පෂ්ටකය”

තමන් කැමති තැනැත්තිය ළඟට ආපුවම ඇයට යමක් පෙන්නන ආකාරයට තමන්ගේ ශරීරය ඇගේ ශරීරය හා ස්පර්ෂ කිරීම තමයි ස්පෂ්ටකය විදිහට හඳුන්වන්නේ.

 

විද්ධක නමින් වත්ස්‍යාන දෙවැනි ආලිංගන ක්‍රමය හඳුන්වලා දෙනවා.

පුරුෂයා යම් කිසි අසුනක වාඩිවෙලා ඉන්න අවස්ථාවකදී ස්ත්‍රිය වැරදීමකින් ඔහුගේ ඇඟේ ගෑවෙනවා. විශේෂයෙන් පියයුරු ඔහුගේ ඇඟේ ස්පර්ශ කරනවා. ඊට ප්‍රතිචාර විදිහට පුරුෂයා ඇයව ස්පර්ශ කරනවා.

 

තුන්වෙනි ආලිංගන ක්‍රමය හඳුන්වලා තියෙන්නේ උද්ඝෘෂ්ටක කියන නමින්.

මිනිසුන් තෙරපෙන ස්ථානවල එකිනෙකාගේ ශරීර වලට ස්පර්ශ වෙමින් දිගු වේලාවක් සිටීම මේ නමින් හඳුන්වනවා. මේ ගැන කියවද්දි අපිට තේරෙන්නේ බස්වල ඉන්න ජැක්සන්ලා නොදැනුවත්ම කරන්නේ උද්ඝෘෂ්ටක කියන ආලිංගනය කියලා.

 

හතරවෙනි ආලිංගන ක්‍රමය හඳුන්වන්නේ “පීඩිතක” කියලා.බිත්තියකට හරි වෙනත් ආධාරයකට ස්ත්‍රීය හේත්තු වෙලා ඉද්දි පුරුෂයා ඇයව ඉදිරිපසින් තද කරගෙන ස්පර්ශ කිරීම මේ නමින් හඳුන්වනවා. මේ ආලිංගනය ගැනත් අපේ අය දන්නවා.හැබැයි මේක සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කොහොමද කියලා නම් අපි කියන්නේ යන්නේ නෑ.

 

එහෙම නම් ඊළඟ සතියේදී සංසර්ගයට ලෑස්ති වෙද්දි භාවිතා කළ යුතු ආලිංගන හතරක් ගැනැත් කියවලා උපගුහන විචාර ප්‍රකරණය ඉවර කරමු. මේ ආලිංගන ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *