මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
පසු කොටස් –
පහුගිය සතියේ අපි නිය සලකුණු තැබීම ගැන කතාබහ ආරම්භ කළා. අද අපි ඒ ගැන තව දුරටත් කාම සූත්‍රය ඇසුරෙන් දැන කියා ගමු.
අපිට තබන්න පුළුවන් නිය සලකුණු වර්ග ගැන තමයි වත්ස්‍යායන මීළඟට අපිට කියලා දෙන්නේ.
- ආච්ඡුරිතක
අතේ ඇඟිලි පහම එකට භාවිතා කරලා ස්ත්‍රියකගේ සම සිදුරු නොවන පරිදි පිරි මදිමින් රෝමෝද්ගමනය ඇති කර (දන්න කියන භාෂාවෙන් කියනවා නම් මයිල් කෙලින් වෙන විදියට) ඇගේ දෙතන, ලමැද, කලව, තොල්, නිතඹ, තට්ටම් වැනි තැන්වල නිය සලකුණු යෙදීම මේ නමින් හඳුන්වනවා.
වත්ස්‍යායන කියන විදියට ආච්ඡුරිතකය යොදද්දී කාන්තාව සිහින් කෙඳිරියක් නංවනවලු.
ඒ වගේ ම ඔහු කියනවා කාන්තාවකගේ අත් පා පිරිමදින විටත් ඇගේ සමේ කුරුලෑ ආදිය කඩන අවස්ථාවෙදි වගේම ඇයව බිය ගන්වන්නට ඕනෑ විටත් ආච්ඡුරිතකය යොදන්න කියලා.
-
අර්ධ චන්ද්‍ර
බෙල්ල හා දෙතන මත වටකුරු ලෙස නිය සලකුණු යෙදීම මේ නමින් හඳුන්වනවා.
- මණ්ඩල
අර්ධ චන්ද්‍ර දෙකක් එකිනෙකට මුහුණලන පරිදි යෙදීම මණ්ඩල නම් වෙනවා.
මේ ලකුණු ස්ත්‍රියකගේ නාභිය ආශ්‍රිතව තට්ටම්වල සහ කලවාවල යෙදීම සුදුසුයි කියලා ඔහු වැඩිදුරටත් කියනවා.
මීළඟට වත්ස්‍යායන විස්තර කරන්නේ රේඛා ආකාරයට තියන්න පුළුවන් නිය සලකුණු ගැන.
ව්යඝ්රනඛ : තන පුඩුවේ පටන් ශරීරයේ ඉහළ කොටස පුරාවට යොදන නිය සලකුණු මේ නමින් හඳුන්වනවා.
මයුරපාද : තනපුඩුව ඉදිරියෙන් තබන නිය සලකුණු මෙනම් වෙනවා.
ශශ්ලූපත : අත ඇඟිලි පහේම නිය සලකුණු භාවිතා කරමින් තන පුඩුව වටා නිය සලකුණු යෙදීම මේ නමින් හැඳින්වෙනවා.
උත්පල පත්‍ර : පියයුරු සහ නිතඹ මත කොළයක හැඩයක් මැවෙන ආකාරයට තබන නිය සලකුණ උත්පල පත්‍ර නම් වෙනවා.
විදෙස් ගමනක යෙදෙන හෝ දුර බැහැරකට යන පුරුෂයකු විසින් තමන්ගේ ස්ත්‍රියට නිතර දැක බලා ගනිමින් ආස්වාදයක් විඳ ගැනීම සඳහා නිය සලකුණු කීපයක් තැබිය යුතුයි කියලා වත්ස්‍යායන නිර්දේශ කරනවා.
ඇය භාවිතා කරන මල් මාලා වැනි දේවලත් නිය සලකුණු තැබීම කරන්න පුළුවන් කියලා වත්ස්‍යායන මතක් කරනවා.
ඒ වගේම වත්ස්‍යායන තවත් දෙයක් කියනවා. ඒ තමයි කාම සූත්‍රය හෝ වෙනත් ග්‍රන්ථයක කුමක් සඳහන්ව තිබ්බත් අනුරාගයෙන් මත්වුණු කෙනෙක්ට නිය සලකුණු තැබීම සීමා කරන්න බැහැ කියන දේ.
ඒ වගේම වත්ස්‍යායන තවත් වැදගත් උපදේශනයක් ලබා දෙනවා. මේ උපදේශය අනිවාර්යෙන්ම ඔළුවට ගන්න ඕන උපදේශයක් කියලා අපි හිතනවා. ඒ තමයි තමන් නිය සලකුණු යෙදිය යුත්තේ තමන්ට පමණක් අයිති ස්ත්‍රියකට කියන දේ. උදාහරණයක් විදිහට යම් කෙනෙක් වෙනත් පිරිමියෙකු හා විවාහ වූ ස්ත්‍රියක් සමග සංසර්ගයේ යෙදීමේදී වැරදීමකින් හෝ නිය සලකුණු තැබුවොත් ඉන් විශාල ආරවුලක් ඇති වන්නට වුණත් ඉඩකඩ තියෙනවා.
යම් විදිහකින් එවැනි කෙනෙක්ට වුණත් නිය සලකුණක් තැබීම අත්‍යවශ්‍ය නම් කලවා මුල තට්ටම් වල වගේ ස්ථානවල නිය සලකුණු තැබීම සුදුසුයි කියලා ඔහු කියනවා.
නිය සලකුණු සහිත ස්ත්‍රිය තමන් සමග සම්භෝගයේ යෙදුණු පුරුෂයා පිළිබඳව සිහිපත් කරමින් සතුටු වෙනවා කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ විදිහට නඛවිච්ඡේද්ය ප්‍රකරණය නිමා වෙනවා. ලබන සතියේ අපි දත් සලකුණු තැබීම ගැන කතා කරමු.
Leave a Reply