මේ ලිපි පෙළේ පැරණි ලිපි මගහැරුණානම් පහත ලින්ක් වලින් ඒවා කියවලාම මෙතැනට එන්න…
පසු කොටස් –
ඔන්න පහුගිය සතියෙ කියපු විදිහටම අපි අද කියන්න යන්නේ තොල් යුද්ධ කරන්නේ කොහොමද කියලා… අපි කිව්වට ඉතින් අපිම නෙමෙයි, මේක කියන්නේ වත්ස්‍යායන තමයි.
තොල් යුද්ධ කරන එක හරිම ලේසියි. මුලින්ම ඉස්සෙල්ලම ඔයාගේ තොල් අල්ල ගන්නෙ මමයි කියලා ඔට්ටු අල්ලන්න ඕන. ඊට පස්සේ එක්කෙනෙක් තමන්ගෙ තොලෙන් අනිත් කෙනාගේ තොල අල්ල ගන්න උත්සාහ කරන්න ඕන. එතැනදී ඉතින් අනිත් පාර්ශ්වය තොල් ඇල්ලීම වළක්වන්න උපරිම උත්සාහ කරන්න ඕන කියන එක කියන්න ඕනේ නෑනේ.
මුලින් ම තොල් අල්ල ගන්න කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. තෑග්ග විදිහට අල්ල ගත්ත තොල් ඉදිමෙනකල් උරා බොන්න අවස්ථාව ලැබෙනවා.
තොල් යුද්ධයෙන් පරාජයට පත්වන කාන්තාවන් ගේ හැසිරීම් ගැන වාත්ස්‍යායන මෙහෙම කියනවා. ඒ අවස්ථාවේ දී පරාජයට පත් වුණාම ස්ත්‍රියක් බොරුවට අඬනවා වගේ රඟපානවලු. ඒ වගේම පුරුෂයාට බොරුවට පහර දෙන්නත් උත්සාහ කරනවලු. පුරුෂයා විසින් අල්ලගත්ත තොල් මුදා ගන්නත් හදනවලු. ඒ වගේම පුරුෂයා හොර කරල දින්නා කියලා ආපහු ඔට්ටු අල්ලන්න කියලා තර්ජනය කරනවලු. ඒ වෙලාවට වත්ස්‍යායන නම් කියන්නේ ආපහු තරගය පටන් ගන්න ඕන කියලා. හැබැයි ජයග්‍රහණය කළොත් කලින් වතාවටත් වඩා වැඩි කාල සීමාවක් තොල් උරා බොන්න කියලා ඔහු කියනවා.
සමහර අවස්ථාවල දී කාන්තාවෝ පුරුෂයාගේ තොල් තමන්ගේ දත් අතර හිරකරගෙන ඉඳලා හිනා වෙන්නත් ගන්නවලු. එතැනදීත් ඇය තමන් ජයග්‍රහණය කළා කියලා රංගනයක යෙදෙනවලු.
ඔයාලටත් තොල් ක්‍රීඩාව කරද්දි මේ අත්දැකීම් වලට සමහරවිට මුහුණ දෙන්න වේවි…
මේ විදිහටම නිය සහ දත් ලකුණු තැබීමේ යුද්ධත් කරන්න පුළුවන්. නමුත් ඒවා නම් හැමෝටම සුදුසු නැහැ සහ ගැලපෙන සංසර්ග වේගයෙන් යුතු අයට සුදුසුයි කියලායි වත්ස්‍යායන කියන්නෙ.
මේ වගේ අවස්ථාවක දී සුදුසු චුම්බන වර්ග තුනක් ගැන වාත්ස්‍යායන ඊට පස්සේ විස්තර කරනවා.
- උත්තර චුම්බනය
ස්ත්‍රිය පුරුෂයාගේ තොල් දෙකම උරාබොද්දී පුරුෂයා ස්ත්‍රියගේ උඩුතොල පමණක් උරා බීම.
- සංඝටක චුම්බනය
ස්ත්‍රියකගේ තොල් දෙකම තමන්ගේ මුව ඇතුළට ගෙන පුරුෂයා විසින් චුම්බනය කරද්දී ස්ත්‍රිය පුරුෂයාගේ තොල් මතුපිට පමණක් චුම්බනය කිරීම.
- ජිව්හා යුද්ධ චුම්බනය
පුරුෂයා සංඝටක චුම්බනයේ යෙදෙද්දි ස්ත්‍රිය තමා ගේ දිවෙන් ඔහුගේ මුව ඇතුළත එනම් තල්ල, දිව, දත් පිරිමැදීම.
මේ ආකාරයට දතින් දත, දිවෙන් දිව ගැටීමට සලස්වන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ රුචිකත්වය මත සිරුරේ විවිධ ස්ථාන මේ විදිහටම සිප ගන්න පුළුවන්.
මීට අමතරව අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන් චුම්බන කීපයක් ගැන වත්ස්‍යායන මීළඟට කියනවා.
- චලිතක චුම්බනය
පුරුෂයා යම් දෙයක් කියද්දී, ඔහු තමන් සමඟ රණ්ඩු වෙන අවස්ථාවකදී, ඔහු ඉවත බලාගෙන ඉන්දැද්දි තමන් දෙසට හරවා ගනිද්දී හෝ ඔහු නිදිමතින් ඉද්දි එයින් වළක්වගන්න ස්ත්‍රිය බලෙන් සිදුකරන චුම්බනය මේ නමින් හඳුන්වනවා
-
ප්‍රතිබෝධක චුම්බනය
බොරුවට නිදාගෙන ඉන්න ස්ත්‍රිය අවදි කරවා ගන්න පුරුෂයා විසින් දෙනු ලබන චුම්බනය.
- භාව ප්‍රදර්ශන චුම්බනය
කණ්ණාඩියක හෝ වතුරේ අනෙකාගේ ඡායාව වැටී ඇති විට එය සිප ගැනීමට උත්සහ කිරීම.
- සංකාන්ත චුම්බනය
තමන් කැමති පුද්ගලයාට පෙනෙන සේ මලක් හෝ දරුවෙක් සිපගැනීම.
මිනිසුන් ගැවසෙන අවස්ථාවකදී අතැඟිලි සිපගැනීමත්, නිදාගත් විට පා ඇඟිලි සිපගැනීමත් කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා කියලත් වත්ස්‍යායන කියනවා.
ස්ත්‍රිය පුරුෂයෙකුගේ අත් පා මිරිකා සම්බාහනය කරනවිට බොරු නිදිමතක් පෙන්වමින් ඔහු ගේ කලවා මත හිස තියලා බොරුවට නිදාගන්න පෙළඹෙන අවස්ථා ගැනත් වත්ස්‍යායන කියනවා. ඒ වෙලාවෙදි ඇයව සිප ගැනීම ප්‍රතිචාරයක් විදිහට සිදු කළ යුතු වෙනවා කියලත් ඔහු කියනවා.
ඒ වගේම චුම්බන විකල්ප ප්‍රකරණය අවසානයේදී වත්ස්‍යායන අපිට වැදගත් උපදෙසක් දෙනවා.
ඒ තමයි කෙනෙක් දෙයක් කරොත් ඒකට ප්‍රතිචාර විදිහට ඒ දේම කරන්න ඕන කියලා. උදාහරණයක් ඇය අතින් ගැහුවොත් ඔබත් අතින් ගහන්න, ඇය ඔබව කෙනිත්තුවහොත් ඔබත් ඇයව කොනිත්තන්න, ඇය ඔබව සිප ගත්තොත් ඔබත් ඇයව සිප ගන්න.
Leave a Reply