සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ කියන්නේ ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම උරුමයක්. සාහිත්‍යමය අතින් ගත්තම ලෝකයේ සාහිත්‍ය ඉතිහාසය තුළ ඉහළින්ම නම රඳවගන්න මෙම සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ සමත් වෙලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ අතරින් ඉහළම තලයේ කාව්‍ය ග්‍රන්ථ කීපයක් පිළිබඳව.
1. රාමායණය
විශිෂ්ටතම සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ විදිහට සමතැන ගන්න කාව්‍ය ග්‍රන්ථ දෙක අතරින් බොහෝ දෙනෙක්ගේ ගෞරවාදරය දිනා ගන්න සමත් වෙච්ච කාව්‍ය ග්‍රන්ථය තමයි රාමායණය. වාල්මිකී සෘෂිවරයා විසින් විෂ්ණු දෙවියන්ගේ එක අවතාරයක් වන රාම කුමාරයාගේ චරිත කතාව පාදක කරගෙන රාමායණය ලියලා තියෙනවා මේ රාමායණය ලංකාවේ අපිටත් එක අතකින් වැදගත් වෙනවා. ඒ මොකද කියන එක ගැන නම් අපි වැඩිදුරටත් කියන්න යන්නේ නැහැ. මොකද ඒකට හේතුව හෙළ යක්ඛ පුත්තු නිසා රාමායණය ගැන අහලවත් නැති අපේ රටේ සාමාන්‍ය මිනිස්සු පවා දන්න නිසා. රාමායණයේ බලපෑම දකුණු ආසියානු කලාපයේ ඉඳන් තායිලන්තය, කාම්බෝජය, මැලේසියාව වගේ රටවල් දක්වාම විහිදී යනව.
2. මහා භාරතය
රාමායණය හා සමාන මට්ටමින්ම ඉන්දියානුවන්ගේ ගෞරවයට ලක්වෙන අනිත් සංස්කෘත කාව්‍ය ග්‍රන්ථය වන්නේ මහා භාරතය. කෞරව සහ පාණ්ඩව රාජවංශ අතර ඇතිවූ මහා සංග්‍රාමයක් පදනම් කරගෙන ව්‍යාස නම් ඍෂිවරයා විසින් මේ මහා කාව්‍ය ග්‍රන්ථය රචනා කරලා තියෙනවා. ඇතැම් විද්වතුන්ට අනුව එතෙක් මෙතෙක් ලියැවුණු දීර්ඝතම කාව්‍ය ග්‍රන්ථය ලෙසත් මහාභාරතය සැලකෙනවා. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මහා භාරතයේ බලපෑමක් ලංකාවටත් තියනවා. ඒ ලංකාවේ ප්‍රබල කුලයක් වන කරාව කුලයේ සම්භවය මහා භාරතයේ සඳහන් වන කෞරව රාජ වංශයෙන් සිදු වූ බව ඔවුන් විශ්වාස කිරීම නිසා.
3. මේඝදූතය
මහාකවි කාලිදාස විසින් රචනා කර තිබෙන මේඝදූතය සැලකෙන්නේ සංස්කෘත සාහිත්‍යයට පමණක් නොව ලෝක සාහිත්‍යයටම නව තේමාවක් ලබාදුන්න කාව්‍ය ග්‍රන්ථයක් විදිහට. පණිවුඩකරුවකු අතේ පණිවිඩයක් යවන ආකාරයට පළමුවරට ලියැවුණු කාව්‍ය ග්‍රන්ථය වන්නේ මේඝදූතය. කුවේරගේ කෝපයට පත් වූ යක්ෂයෙක් සිය බිරිඳගෙන් වෙන්ව දුර බැහැරක සිරගතව කාලය ගතකරද්දී අහසේ දකින වළාකුළකට සිය බිරිඳ වෙත ගොස් තම දුක පවසන ලෙස පවසා සිටිනවා. ඇතැම් සාහිත්‍ය විචාරකයන් විශ්වාස කරන අන්දමට සංස්කෘත කාව්‍ය ඉතිහාසය තුළ රචනා වූ විශිෂ්ටතම කාව්‍ය ග්‍රන්ථය වන්නේ ද මේඝ දූතයයි.
4. භට්ටිකාව්‍යය
වර්ෂ 600 දී පමණ රචනා වූවායැයි සැළකෙන මෙම කාව්‍යය එහි කතුවරයා වන භට්ටාචාර්‍යතුමාගේ නමින් නම්කොට තිබෙනවා. එසේම ඇතැම් රසිකයින් මෙම කාව්‍ය කෘතිය සඳහා රාවණාවධ යන නමද භාවිතා කරනවා. මෙම කාව්‍යය තුළ ඇති අනෙක් විශේෂත්වය වන්නේ රාමායණ කතා පුවත පමණක් නොව පාණිනී ආචාර්යවරයාගේ ව්‍යාකරණ සම්ප්‍රදායත් මෙහි ගැබ්ව පැවතීමයි. මේ නිසා වර්තමාන විචාරකයන් නම් කාව්‍ය ග්‍රන්ථයක් ලෙස එහි වටිනාකම සාපේක්ෂව අඩු බව ප්‍රකාශ කර සිටියත්, සම්ප්‍රදායික සංස්කෘත උගතුන් නම් එම මතය පිළිගනු ලබන්නේ නැහැ.
5. නෛෂධචරිතය
ශ්‍රී හර්ෂ විසින් රචනාව කළා යැයි සැළකෙන මෙම කාව්‍ය ග්‍රන්ථය සඳහා පාදක වන්නේ සුප්‍රකට නලදමයන්ති කතා පුවතයි. පූර්ව කාණ්ඩය සහ උත්තර කාණ්ඩය ලෙස කොටස් දෙකකින් සමන්විත වන මෙම කාව්‍යයේ කතා පුවත මහා භාරතයේ එන නල දමයන්ති කතා පුවතට වඩා යම් තාක් දුරකට වෙනස් ස්වරූපයක් ගනු ලබනවා. එකිනෙකට වෙනස් ආකාරයේ විරිත් භාවිතා කිරීමත් ඒ විරිත්වලට ගැලපෙන පරිදි වචන භාවිතා කිරීමත් ශ්‍රී හර්ෂ සතු තවත් දක්ෂතාවයක්. එසේම මෙම කාව්‍ය ග්‍රන්ථය සඳහා භාවිතා කර ඇති භාෂාවෙහි කාව්‍යාත්මක ගුණය ඉතා ඉහළ අගයක් ගනු ලබනවා.
6. බුද්ධ චරිතය
මහාකවි අශ්වඝෝෂ විසින් රචනා කරන ලද බුද්ධ චරිත මහා කාව්‍යය සංස්කෘත කාව්‍ය ග්‍රන්ථ අතරින් මුදුන්මල්කඩ ලෙස ඇතැම් විචාරකයන් විසින් සළකනු ලබනවා. අශ්වඝෝෂගේ ආභාෂය මහා කවි කාලිදාසටටත් ලැබුණු බව මොවුන් දෙදෙනාගේ කෘති අධ්‍යයනය කළ පිරිස් පවසනවා. එපමණක් නොව බොහෝ බෞද්ධ රටවල පද්‍ය ග්‍රන්ථ වලට පමණක් නොව ගද්‍ය ග්‍රන්ථ සඳහාත් බුද්ධ චරිතය බෙහෙවින් බලපා තිබෙනවා.
7. රඝුවංශය
දිලීප රජුගේ පටන් රඝු වංශයේ අවසාන රජු වූ අග්නිවර්ණ දක්වා රජවරුන් පිළිබඳව විස්තර කරමින් මෙම මහා කාව්‍ය ග්‍රන්ථය රචනා වී තිබෙනවා. මහා කවි කාලිදාසයන්ගේ තවත් එක් විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථයක් වන මෙය මගින් උතුම් රාජවංශයක් එක් දුර්වල පුද්ගලයෙකු නිසා පරිහානියට පත්වීමේ ඛේදාන්තය මනාව විස්තර කිරීමට සමත් වනවා
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply